ධර්ම නිධාන

Archive for the ‘MP3 ධර්ම දේශනා (බෙදා හරින්න)’ Category

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

රහතන් වහන්සේ අහසේ වැඩ ඉඳගෙනයි කමටහන් දෙන්නෙ,  ඉතින් මේ ආජීවක තුමා අහුවා, “ස්වාමීනී මේ සත්තු මොන සත්තුද මම දැකල නෑ සමහර සත්තු” ඉතින් මේ රහතන් වහන්සේ පෙර ජාතිය ගැනත් සොයා බලා මොහු දාර පිඹුරා කාලෙ ඇසූ බණ පදයක් ඉදිරිපත් කලා. “ඇවැත්නී ඔය තමයි පංචස්කන්ධය කියන්නෙ, ඔය තමයි දොලොස් ආයතන කියන්නෙ, ඔය තමයි අටලොස් ධාතු කියන්නෙ, ඔය තමයි ද්වාදශාංග පටිච්ච සමුප්පාද කියන්නෙ”. ….මේ කියනකොට මේ මනුෂ්‍යයාගේ අර පූර්ව චරිතය අනුව දහම් පද සිහි වුනා, එහේම වාඩි වෙලා කිව්වා, “අනේ ස්වාමීනී මට දැන් තේරුනා, ස්වාමීනී මං මහණ කර ගනු මැනව, මට භාවනා කමටහන් දෙනු මැනව”කියල.  ඒ මොහොතේ මහණ වුනා, ඒ මොහොතේ භාවනාවක් ලබා ගෙන ගහක් මුලට ගිහිං වාඩි වුනා. පුදුමෙයි කියන්නේ, එදා දාර පිඹුරා වෙලා ඇසූ, දහම් පද කෙරේ චිත්ත ප්‍රසාදයෙන් පසුව ඇති කර ගත් ඥාන සම්ප්‍රයුක්ත ( ත්‍රිහේතුක ) ප්‍රතිසන්ධිය නිසා, එකම ආසනයේදී, ත්‍රී විද්‍යා, සත් අභිඤ්ඤා, සිව් පිළිසිඹියා ඥාන සහිතව ( සියළු යට මාර්ග ඵල අනුපිළිවෙලින් පසුකරමින් ගොස්) අරහත්වය ශාක්ෂාත් කලා

ආශ්චර්යයි නේද?..ඒ නිසා අපි සෑම දෙනාම, ලොකු කුඩා සියළුම දෙනෙකුට, මේ අභිධර්මය පිළිබඳ පුලුවන් තරම් දැනුම ලබා දීම වැදගත්. සෑම ගෙදරකම අභිධර්මය විනාඩි 15 හරි කථා කරන්ඩ පුරුදු වෙන්නට ඕනෙ.

බුරුම රටේ නම් කුඩා දරුවෝ පවා අභිධර්මය පිළිබඳව දැනුම තේරුම ඇති කරගෙනයි යන්නෙ. භික්ෂූන් වහන්සේලා ඒ රටේ අභිධර්ම පිටකයම කටපාඩම් කරනව……….අපි පහුගිය කාලේ 1991, බුරුම රටේ වන්දනාවකට ගියා, ඒ වෙලාවේදී අපි එන්ඩ කිට්ටුව, “මන්ඩලේ” නුවර මහා විශුද්ධාරාම වාසී, ගරු කටයුතු “අග්ගී” කියන ස්වාමීන් වහන්සේ අපිව යොමු කලා සැදැහැවත් බෞද්ධ ගෙදරකට. ඒ ඇත්තන්ට පිරිත් අහන්ඩ ඕනෙ සිංහල හාමුදුරුවන් ගෙන් කියල. ඉතින් අපේ සිංහල ස්වාමීන් වහන්සේලා 4 නමකුයි, අපේ සියාඩෝ ස්වාමීන් වහන්සේයි පස් නම වඩම්ම ගෙන, කළින් සූදානම් කරගත් මල් පූජාවක් කලා. ඊලඟට අපි නිවසට වඩම්මලා අපිට ආසන පනවලා අනික් පිරිස ඔක්කොම බිම වාඩි වුනා. ඉතින් පැයක පිරිත් දේශනයක් පැවැත්වුවා

ඔය අතරේ මව් කෙනෙක් වයස අවුරුදු තුනේ, හතරේ , පහේ කුඩා දරුවෝ දහ පාළොස් දෙනෙක් ඉස්සරහ ගෙනල්ල වාඩි කොරෝල වැන්දෙව්වා. ඔවුන්ට වැඳීමේ වාක්‍ය කියන්න කිව්වා…ලස්සනට කිව්ව. ඊ ලඟට ඒ අම්ම කිව්ව එක දරුවෙකුට “දරුව පට්ඨානය කියන්න” කියල.  මේ වයස තුනක තරම් කුඩා දරුවෙක්, අපි මේ ආගන්තුක සංඝයා කියල කිසීම වෙනසක් නෑ, බොහෝම ලස්සනට සන්සුන්ව වැඳගෙන “හේතු පෙස්සියෝ, ආරම්මණ පෙස්සියෝ කිය කිය කියන්න පටන් ගත්තා විසි හතරම. මං  හොඳට කන් දිහාන හිටියෙ එක අකුරක් හරි එක වචනයක් හරි මාරු වෙයිද කියල. මොනවක්වත් නෑ බොහෝම ලස්සනට කිව්වා…

සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…

Abhidhamma Saacachchawa.mp3

අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා!

මෙම පූජනීය ස්වාමීන් වහන්සේගේම අභිධර්ම දේශනා රාශියක් මෙතැනින් බාගත කර ගත හැක

බෞද්ධයන් විසින් දැනගැනීමට ඉතා වටිනා, අනන්ත විශ්වයම අතැඹුලක් සේ දැනගන්න – ලොවේ එකම ඉගැන්වීම – අභිධර්මය ඉතා රසවත් ආකාරයන්ගෙන්, වර්ණ නිරූපන ආකාරයට සකසා. මොළයේ ධාරණ ශක්තියට උපකාරී වනසේ සියළු පාඩම් රූපානුසාරයෙන් ඉදිරිපත් කිරීමට අපි නව පිටුවක් ඇරඹුවෙමු. අභිධර්මයට පමණක් නොව ශ්‍රි ලාංකික බුද්ධ සාශනයටම කණ කොකා හඬන මේ කාලයේ, සාශනයේත්, ධර්මයේත් චිර පැවැත්ම උදෙසා ඔබගේ මෙහෙය ඉටු කරන්න. ශක්ති පමණින් මෙම දුර්ලභ නිරූපන සියල්ල වර්ණ මුද්‍රණය කර ඔබ යන එන පන්සලට, පිරිවෙනට, දහම් පාසලට, එක කට්ටලය බැගින්, සියල්ලන්ට පෙනෙන ස්ථානයක් තෝරා ප්‍රදර්ශනය කරවන්න. සැදැහැවත් ඔබ සමූහයක් එක්වී හෝ මෙම පුණ්‍ය කර්මය සිදු කර ගන්න. ඔබ පූජනීය ස්වාමීන් වහන්සේ නමක් නම් දායකයන් උනන්දු කරවා මෙය සිදු කර ගන්න. මේවා බැලීමෙන් අභිධර්මය ඉගෙනීමට උනන්දු වන සැදැහැවතුන් විසින් අපිට ශාසන ආරක්ෂාව සලසා ගැනීමට අවැසි පිරිස් බලය, ඥාන බලය ගොඩ නැගෙනු ඇත.

මාර්ගය හෙළි කර දුන් ඔබටත්, ඉගෙනගත් එම සැදැහැවතුන්ටත්, නිසැකවම, අනන්ත ලෙස ප්‍රනීත වූද, ශාන්ත වූද, ගෙවී අවසන් නොවන්නා වූද නිර්වාන ධාතුව සුවසේ ලඟා වේවි.

මහා පෘථිවියට එකම රජ වන සක්විති රජ කමටත් වඩා, දිව්ය ලෝක හයෙ උප්පත්ති වීමටත් වඩා, මුලු ලෝකයටම අධිපතිව බ්‍රහ්ම රාජ වෙනවටත් වඩා සෝවාන් ඵලය ශ්‍රේෂ්ඨයි…..
…..පූර්ව භවය ගැන පෙනීමේ නුවණක් නැති නිසා, අපි ඉතින් සන්තෝසෙන් ඉන්නව, නමුත් පූර්ව භවය ගැන හොන්දින් දැක ගන්න නුවණක් පහල වුනා නම්, හිස ගිනි ගත්තෙකු පමා නොවන්නා වගේ මේ භවයෙන් එතෙර වීමට කටයුතු කර ගැනීමට අප්‍රමාද වෙනව…

නිර්වානය පිළිබඳ උසස්, සවිස්තරාත්මක වර්ණනාවක්ද මෙහි අඩංගු වේ

සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…
Sotapatti-pala Vannana .mp3

අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා!

අති පූජනීය නා උයනේ අරියධම්ම මහිමිපානන් වහන්සේ

පැහැදිලිව වර්ගීකරණය කරන ලද අති පූජනීය නා උයනේ අරියධම්ම මහිමිපානන් වහන්සේගේ ඝාම්භීර, රසවත් Mp3 දේශනා විශාල සංඛ්‍යාවක් දැන් ඔබගේ ප්‍රයෝජනය පිනිස ලබා ගත හැක.

අපගේ නවතම පිටුව බලන්න.

ධර්ම දානය උතුම්ම දානය බැවින්, ඔබගේ මව් පියන්ට, ඤාතීන්ට හිතමිතුරන්ට නව වසරේදී තිළිණ කල හැකි උසස්ම තෑග්ගක් ලෙස මෙම පිරිසිඳු තථාගත ශ්‍රී සද්ධර්මය සලකන්න. බාගත (Download) කර, තැටි (MP3 CD) ගත කර නිවන් පතාගෙන දානය කරගන්න. ආනිශංස මෙතෙකැයි කියා නිම කල නොහැක.

මෙම උතුමන් වහන්සේගේ පින්තූරද අති විශාල ප්‍රමාණයෙන් සපයා ඇත. එවා මත Click කර බාගත (Download) කර ගන්න. නව වසරේදී තිළිණ කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා!

සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…
kaayagathaasathi.mp3

මෙම ධර්ම දේශනයට අදාලව බෞද්ධයන් විසින් දැනගැනීමට ඉතා වටිනා, අප ශරීරයේ 42 ක් වූ සියලු ධාතු කොටස් සිංහල නම් හා විස්තර සහිතව වර්ණ නිරූපන මෙතැනින් බලා ගත හැක.

මෙම ස්වාමිපාදයාණන් වහන්සේ විසින්ම සම්පාදිත සතිපට්ඨාන ධාතු මනසිකාර භාවනා කමටහන් පොත් වහන්සේගේ පිටු සමූහය ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

බෞද්ධයන් වශයෙන් නිතර සලකන භාවනා කර්මස්තාන සතරක් තියෙනව සිව් බඹ විහරණ කියල…

ඒ කාරණා හතර ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ තරම් අංග සම්පූර්ණව භාවිත, බහුලීකෘත කල වෙන ශාස්තෲවරයෙක් ලෝක ධාතුවේ නෑ…

මෛත්‍රී, මුදිතා, කරුණා, උපේක්ෂා හතර තමයි සිව් බඹ විහරණ කියල හඳුන්වන්නෙ….

සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…

Sathara Bamba Viharana.mp3

අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා!

මෙම කාරණා හතර ඤාණ වන්තයන් විසින්  අනුගමනය කරනව, ඒනිසා උසස් බවටද පත්වෙනව, ප්‍රසංශාවටද ලක් වෙනව.

ඒ කාරණා හතර මනුෂ්‍ය ලොකයේ දක්නට නොලැබුනහොත්, දරුවන් නිසා මව් තුමියවත්, දරුවන් නිසා පිය තුමාවත් උපකාර අනුග්‍රහ නොලබන්නෝ වෙනව.

දරුවන් විසින් මව් පියන්ට කල යුතු සතර සංග්‍රහ වස්තුවක් තියෙනව, මව් පියන් විසින් දරුවන්ට කල යුතු සතර සංග්‍රහ වස්තුවකුත් තියෙනව…..

සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…

Sathara Sangraha Vastu.mp3

අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, දරුවන්ගෙන් මෙලොව ජය ගනිත්වා! හෙළය බබලවන දරු පරපුරක් බිහි කරත්වා!


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 649,148 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ