Archive for the ‘අන්තරාභව මිථ්‍යාව නැසීම’ Category
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
බුද්ධ පරිනිර්වාණයෙන් පසුව අවුරුදු 100 ක් ගිය තැන ….නිකායන්තරිකයන් දෙපිරිසක් විසින් මෙම අන්තරාභවය නම් වාදයක් ඇති කරගෙන තිබුනා. ඒ අයගේ ඉගැන්වීම,… අන්තරාභවයක් ඇත. එහි තේරුම, මනු ලොවින් මිය පරලොව යන අය කෙලින්ම නරකාදියට යනව නම්, කෙලින්ම අරූප තලයට, අසංඤ තලයට යනව නම් ඒ ඇත්තන්ට අන්තරාභවයක් නැත, මනුෂ්‍ය ලෝකෙ උප්පත්තිය ලබන්නන්ට පමණක් මේ අන්තරාභවය ඇත කියල. මනු ලොවින් චුත වෙන කොට රූපයක් නොවන,..ඒ කියන්නෙ දිබ්බ චක්ෂු ඇති කෙනෙක් වාගෙ, එහෙම නමුත් දිව්‍ය චක්ෂුවක් නැතිව, සෘධි වන්තයෙක් වාගෙ, සෘධියක් නැතිව මව් පියන්ගේ එක්කාසු වීමක් බලමින්, අහසේ දින හතක් හෝ ඊට වැඩි කලක් සැරි සරමින්, ඒ ඇත්තො ඉන්න බවත්. රූපයක් නැති මනස පමණක් අහසේ අධි වේගයෙන් ගමන් කරමින්, එක් තැනක නොඉඳ, ඒ හා සමාන කෙනෙක් දුටුවොත් කථා කරමින්, ගන්ධය ආඝ්‍රාණය කරමින්, අහසේ ඇවිදිමින් සිටින බවත්. සුදුසු මව්පියන් දෙන්නෙක් දුටු කෙනෙහි, ඒ මව් පියන්ගේ සම්බන්ධයෙන් මවගේ කුසේ පටිසන්ධි ගන්න බවත් මේ අයගෙ පිළි ගැනීමයි.
මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ එම අන්තරාභව නමැති වාදය විසඳමින් ඉතා පැහැදිලි විස්තරයක් අන්තරාභව වාද විසඳුම හැටියට කථා වස්තු ප්‍රකරණයට ඇතුලත් කරල තියෙනව.
එහි සඳහන් වන්නේ ප්‍රශ්නෝත්තර වශයෙන්…
.
.
.
ඒ නිසා මේ දෙපිරිස විසින් කරල තියෙන්නේ බුද්ධ ශාසනයේ සර්වඤයන් වහන්සේට පහර දීමක්, ධර්මයට පහර දීමක්, නික්ලේෂී රහතන් වහන්සේලාට පහර දීමක්, ත්‍රී පිටක ධර්මයට පහර දීමක්, ඒ වගේම තමන්ට තමන් පහර ගසා ගැනීමක්, නොලැබූ ධ්‍යාන ලැබී යන්නෙ නෑ, නොලැබූ විපස්සනා ලැබෙන්නෙ නෑ, නොලැබූ මාර්ග ඵල ලැබෙන්නෙ නෑ. මේ බුදු සසුනේදී පිහිටක් නෑ, මතු සසරේ බුදුවරු දහසක් පහල වුනත් ඒ ඇත්තන්ට පිහිටක් නෑ, මේ මිථ්‍යා ධර්මයක් බිහි කිරීම නිසා, මිථ්‍යා ධර්මයක් ලොවට බෙදා දීම නිසා.
එම මිථ්‍යා ධර්මයම දැනට වසර 40 ක පමණ සිට නැවතත් ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශ වල බෞද්ධයන් අබෞද්ධයන් අතර පැතිරී ගිහින් තියෙනව, සාකච්ඡාවට භාජනය වී තියෙනව. ඒ නිසා මනුෂ්‍යයන් අතර මෙය කොටස් දෙකකට බෙදී ගිහින් තියෙනව අර මංගල ප්‍රශ්ණෙ වගේ…
.
.
.
සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…
030.Antharabhava Vada Visanduma.mp3
අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා සම්‍යක් දෘෂ්ටියේ පිහිටා, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා!
මෙම පූජනීය ස්වාමීන් වහන්සේගේම තවත් සාකච්ඡාමය දුර්ලභ දේශනා එකතුවක් මෙතැනින් ලබා ගත හැක.
නවතම ප්‍රතිචාර