ධර්ම නිධාන

Archive for the ‘ආචාර්ය පූජණීය කිරම විමලජෝති හිමි’ Category


බෞද්ධ දරුවනේ… නුඹලාට අයිති රටේ ජීවනාලිය
ඉන්දියන් සාගරයේ කඳුළ බවට පත්වී ගෙන යනවා

බොදුබල සේනා වාර්ෂික සමුළුවේදී ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ කියති

හලාල් ගැන යළි කතා කරන්න වෙලා

පුත්තලම රෝහලේ මුස්‌ලිම් සෞඛ්‍ය සේවිකාවන්ට සම්මත නිල ඇඳුම නැහැ

කෑගල්ල – එම්. බී. පහළවත්ත, කොටියාකුඹුර – රම්‍යපාල, බුලත්කොහුපිටිය – වසන්ත සමරවර්ධන

බෞද්ධ දරුවනේ නුඹලා තමයි මේ රටේ ජීවනාලිය. නුඹලාට අයිති මේ රට ඉන්දියන් සාගරයේ කඳුළ බවට පත්වී ගෙන යනවා. එය රැකගන්න සුජාත දූ පුතුන් ඕන කරන යුගයක්‌ මේක. ඒ නිසා දුටුගැමුණු වීර මද්දුම බණ්‌ඩාරලා වගේ දරුවන් හදාපල්ලා. අපේ මුතුන් මිත්තන් ආකාශයේ වාතලයේ සිට ඒ පරපුර ඉල්ලා සිටිනවා යෑයි බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

කෑගල්ල නගර මධ්‍යයේ දහස්‌ සංඛ්‍යාත ගිහි පැවිදි බොදුණුවන්ගේ සහභාගිත්වයෙන් මෙම බොදු මහා සමුළුවේ වාර්ෂික සමුළුව පවත්වන ලදී.

සතර කෝරළයේ ප්‍රධාන සංඝනායක රංවල විහාරාධිපති සුමංගල නාහිමියන් පිරිස පංච ශීලයෙහි පිහිට වූ අතර බොදුබල සේනා ප්‍රධාන කිරම විමලජෝති හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයට බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පහන් පූජාකොට කොරියානු බෞද්ධ විහාරාධිපති ලියන්වල ශාසනරතන හිමියන් බුද්ධ වන්දනාව සිදුකළහ. පිළිගැනීමේ කතාව මාඑළියේ විජිත ස්‌වාමීන්වහන්සේ විසින් සිදුකරන ලදී.

ඉන් අනතුරුව බොදු සමුළුව ඇමතූ ඤාණසාර හිමියන් වැඩිදුරටත් මෙසේද පැවසූහ.

අපට අද කෙළවරක්‌ නැති චෝදනා. දේශපාලනඥයන්ගේ නොපනත්කම් ඒවාගේම අදූරදර්ශී අවලාදාත්මක තක්‌කඩි මාධ්‍ය භාවිතයේ නොපනත්කම් තියෙද්දී අපේ කිරම හාමුදුරුවන් සමග මඩපිට මඩ වලට මුහුණදී දිවා රෑ අප වෙහෙසෙන්නේ අපිට සැපවත් ජීවිතයක්‌ අවශ්‍ය නිසා නොවෙයි. අපේ පන්සල් හදාගන්න නොවෙයි. වෙනත් දේවල් අපට එකතු කර ගන්න නොවේ. මේ මඩ කන්නේ ඉතාමත් සැපවත් ජීවිත ගෙනයන්න පුළුවන්කම තියෙද්දියි. ලෝකයේ ඕනෑම තැනක අපේ නායක හිමියන් ඇතුළු පිරිසට ඉතාමත් සැපසේ රස ආහාර වළඳමින්, සැපවත් ජීවිත ගත කරන්න පුළුවන්. එසේ තියෙද්දී තමුන්නාන්සේලා වෙනුවෙන්, ඊළඟ පරම්පරාව වෙනුවෙන්, කෑගල්ල පුරවරයේ සමහර ස්‌වාමීන් වහන්සේලා හා තරුණයන් එකතු වී වැඩ කරපු අපේ තරුණ මහත්වරු එකතු වෙලා කෑගල්ලේ බොදුබල සේනා රැස්‌වීමක්‌ තියන්න අවශ්‍යයි කියලා කටයුතු සංවිධානය කළා. ඒ අතරදී නොයෙක්‌ අඩන්තේට්‌ටම් ආවා මේ සමුළුව කඩාකප්පල් කරන්න. ඒ සියලුම පව්කාර බලවේග නැති කරලා අපි සමුළුව පවත්වනවා.

පසුගිය මාසේ අපි ලංකාවේ සිටියේ නැහැ. ඇමරිකා එක්‌සත් ජනපදයේ සංචාරයක ගිහිල්ලා පෙරේදා තමයි ආවේ. අපි එනවිට බොදුබල සේනා සංවිධානය දෙකඩ වෙලාය, නායකයෝ විසිරිලාය. දැන් ඒ ගමන ඉවරයි කියලා උදම් ඇනුවා ඇතැම් කල්ලි. ඔවුන්ට අපිට උත්තර දෙන්න තිබෙනවා. ඒ වගේම හලාල් පිළිබඳ නැවත කතා කරන්න සිදුවෙලා තිබෙනවා. කුරුණෑගල සිද්ධිය පිළිබඳ කතා කරන්න අවශ්‍යයි. සම්බන්ධීකරණය ගැන හෙළිදරව් කරන්න අවශ්‍යයි. පසුගිය කාලේ දරුණු මුස්‌ලිම් අන්තවාදය ගැන කතා කළා.

විමල් වීරවංශ ඇමැතිවරයා හැමදාමත් දේශප්‍රේමය ගැන කතා කරනවා. මම දන්නේ නැහැ මේ දේශය වෙනුවෙන් උන්නැහේ මොනවාද කර තිබෙන්නේ කියා. බොදුබල සේනාව පසුගිය අවුරුද්ද තුළ කරපු ටික ඇමැතිකම් දරාගෙන කරන්න බැරිවූ ඉරිසියාවට දහස්‌ ගණනක්‌ එන සෙනඟ දැකලා කකුල් වෙව්ලන්න ආවා. අපේ ගමන විනාශ කරන්න නොයෙක්‌ විදියේ තොවිල් නැටුවා.

බොදුබල සේනාව දෙකඩ වී ඇති බවටත්, නෝර්වේ ආධාර ලැබෙන බවටත් කියන එක ඇමැතිවරයෙක්‌ අද මේ සංවිධානය නැති කරන්න තමන්ගේ මුදල් වියදම් කරලා සංවිධානය වී සිටිනවා. විලි ලැඡ්ජාවක්‌ නොමැතිව අද ඔවුන් ඒ තරම් තත්ත්වට පත්වෙලා තිබෙනවා. ඒ අයගේ දේශපාලනය බංකොළොත් කර ගෙන තිබෙන අයයි. අපි අධිෂ්ඨානයෙන් ඒ ගමන යන බව ඔවුන්ට කියන්න කැමතියි.

සංවිධානය දෙකඩ වෙයි කියා හිතාගෙන ඉන්න අයට කියන්න තියෙන්නේ අපි එළුවාගේ කතාවයි. එහි නරියාට වෙච්ච දේයි ඒ අයටත් වෙන්නේ.

අපි හලාල් ගැන කතා කරනකොට එක්‌ අයෙක්‌ මහා වීරයෙක්‌ වගේ කතා කළා. අද ජනාධිපතිගෙන් සමාව ගෙන පූස්‌ පැටියෙක්‌ වාගේ එළියට ආවා. අපිටත් කනගාටුයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමය පිළිබඳව.

1994 අෂ්රොµa ඉතා අන්තවාදීව කටයුතු කළ වරාය හා පුනරුත්ථාපන ඇමැති වෙලා නැගෙනහිර ඉඩම්වලට කරපු හරිය, අන්තවාදීව ඔහුගේ පාරේම යන ඇතැම් මුස්‌ලිම් නායකයන් යෑයි කියා ගන්නා අන්තවාදීන් අද මේ රටේ යුද්ධයෙන් බැට කාලා දුක්‌ විඳින දෙමළ සහෝදරයන්ගේ ඉඩම් ටික කොල්ල කනවා. ඒවා සොයන්න කෙනෙක්‌ නැහැ.

අංක 1807 ගැසට්‌ පත්‍රයේ ෂරියා නීතිය ගේන්න හදනවා. රාජ්‍ය නොවන සංවිධාන දෙකක්‌ ස්‌ථාපනය කරන්න කියා සමාගම් දෙකක්‌. කෝ පංචායුධ කාරයෝ. සිවුර අස්‌සේ අත ගාන්න එන්න එපා. පාර්ලිමේන්තුවේ 225 න් 180 ක්‌ සිංහල අය. ඔවුන්ට මේවා තේරෙන්නේ නැහැ. රටට එකම නීතියක්‌ තිබෙන්න ඕනෑ.

පුත්තලම රෝහලේ සෞඛ්‍ය සේවිකා මුස්‌ලිම් අයට සම්මත නිල ඇඳුම නැහැ. යකෝ මේක හරි මඟුලක්‌. එකම නිල ඇඳුම අඳින්න මුස්‌ලිම් අයට බැරිලු. එක රටේ නීති දෙකක්‌. ඒ නිසා සෞඛ්‍ය ඇමැතිතුමාට කියනවා. තමුන්නාන්සේගේ කල්වාරි ඇඳුම නොවේ සෞඛ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න බැරිනම් කරුණාකර ගෙදර යන්න. හරිම ලැඡ්ජයි එක රටක එක නීතියයි.

බොදුබල සේනාවේ පූජ්‍ය කිරම විමලජෝති හිමි – අපි මේ සමුළුව සංවිධානය කළේ යුද්ධයට යන්න නොවේ. අප අවුරුදු 2500 ක්‌ තුළ ආගම හඳුනා දෙන්න ප්‍රචාරය කරන්න ලේ බිඳුවක්‌ සොලවළා නැහැ. අපි මෙත් සිත් පතුරලා වැඩ කළා. අපි ආගම්වාදීන් හෝ ජාතීවාදීන් නොවේ. අපේ රටට අපේ සිංහල ජාතියට ආදරෙයි. ඒ නිසා ලොකු වෙහෙසක්‌ අරන් මෙය සංවිධානය කරන්නේ. විදුලකර විද්‍යාලංකාර, විෙද්‍යාaදය පන්සල් වලින් ගමට ගොස්‌ බෞද්ධාගමට හැරෙව්වා ධර්මපාලතුමා මෙය දැක්‌කා කරන හානිය. අපිට තරම් පෞඪ ඉතිහාසයක්‌ තිබෙනවා. පොඩි හාමුදුරුවන්ට කය මහණ කළාම සිත මහණ කළේ නැහැ. මේ සුන්දර රටේ බුද්ධාගම අවුරුදු 2500 ක්‌ ගෙවුන මේ දේශපාලකයන්ගෙන් අපිට හොඳ දෙයක්‌ වෙයි කියා හිතන්න බැහැ. මූලස්‌ථානවලින්ද බැහැ. මම ජීවත් වෙලා හිටියොත් ඇති කියා සිතන්නේ. මේ පොඩි අයට රට ඉතිරි කරන්න ඕනෑ රට බෙදන්න අපි කැමැති නැහැ. මේ දේශපාලකයෝත් රට බෙදන්න හදන්නේ යෑයි පැවසූහ.

http://www.divaina.com/2013/05/13/news32.html

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න

2013 පෙබරවාරි 17 වැනි ඉරු දින ප.ව.2.30ට මහරගම නගරයේ දී පැවැති බොදු බල සේනා මහ සමුළුවේ දී ය.

මෙලොව බිහි වූ ශ්‍රේෂ්ඨත ම ශාස්තාවරයාණන් වහන්සේ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ෂයෙන් තෙවරක් පාරිශුද්ධත්වයට පත්ව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් ධර්මද්වීපයක් බවට පත්වූ වැවත්, දාගැබත්, ගමත්, පන්සලත් මත පදනම් ව බිහි වූ ඓතිහාසික ශිෂ්ටාචාරය පෙර අපර දෙදිග විවිධ සතුරු උපද්‍රව හමුවේ ආරක්ෂා කළා වූ ද මෙම පුණ්‍ය භූමියහි ඓතිහාසික ජාතිය වූ සිංහල බෞද්ධයන් තම පැවැත්ම පිළිබඳ දෘෂ්‍යමාන මෙන්ම අදෘෂ්‍යමාන බලවේග හමුවේ අද වනවිට අසහනයට පත්ව ඇති බව නොරහසකි.

ශ්‍රී ලාංකීය බිම මත අන්‍ය ශිෂ්ටාචාරයක් ගොඩනැඟූ ඓතිහාසික ජාතිය වන සිංහල බෞද්ධයන් ඉතිහාසය පුරාම ප්‍රදර්ශනය කළ සහනශීලී, සහජීවන ප්‍රතිපදාවෙන් සුරැකුණු සාමකාමී පරිසරයට ඇතැම් අන්තවාදී බලවේගයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා හානි ගෙන දී ඇති බැවින් ද සිංහල ්‍බෞද්ධ අයිතිය පිළිබඳ අනනුලංගනීය කොන්දේසි හා යෝජනා මාලාව ජාතියේ මුර දේවතාවුන් වූ ගරුතර මහ සඟරුවන හා දස දහස් සංඛ්‍යාත බෞද්ධ ජනතාව ඉදිරියේ මෙම මහරගම පුරවරයේ දී ඉදිරිපත් කර සිටිම්හ.

01) ජම්මියතුල්ලා උලමා සංවිධානය මඟින් මෑතක සිට නීති විරෝධී, සදාචාර විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ද පාරිභෝගික භාණ්ඩ සඳහා ඉස්ලාම් ආගමික සම්ප්‍රදායට අනුව යැයි පවසමින් හලාල් සහතික නිකුත් කිරීමට ක්‍රියාකර තිබේ. පාරිභෝගික භාණ්ඩවලට තත්ත්ව සහතික ලබා දීමේ නීතිමය බලය ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයට පමණි. එබැවින් නීතිවිරෝධී ලෙස මුදල් අයකරමින් හලාල් සහතික නිකුත් කිරීම වහාම නතර කළ යුතු ය.

02) මෙරට 91%කට ආසන්න බෞද්ධ – හින්දු සහ කතෝලික – ක්‍රිස්තියානි පාරිභෝගික ප්‍රජාව නොසලකා හරිමින් පාරිභෝගික භාණ්ඩ හලාල් කිරීම මඟින් මෙරට ව්‍යාපාරික ආයතන ඉස්ලාම් නොවන ජනතාවට අයුක්ති සහගත මෙන්ම අසාධාරණ බලපෑමක් කර තිබේ. එබැවින් සාතිශය බහුතරයක් වූ පාරිභෝගිකයන්ට සිදුකරන මෙම බලපෑම නතර කිරීමට සියලු ව්‍යාපාරික ආයතන කටයුතු කළ යුතු ය. 2013 සිංහල අළුත් අවුරුද්ද වනවිට ආගමික බලහත්කාරයෙන් තොර වූ භාණ්ඩ නිදහසේ මිලදී ගැනීමට හැකිවන පරිදි වෙළඳපොළට නිකුත් කළ යුතු ය.

03) හලාල් ඉස්ලාම් බැතිමතුන්ට පමණක් බලපාන්නා වූ ආගමික ප්‍රමිතියක් වන බැවින් බෞද්ධ – හින්දු සහ ක්‍රිස්තියානි – කතෝලික ජනතාව හලාල් බදු ගෙවිය යුතු නැති බැවින් එම භාණ්ඩ මිලදී ගැනීමෙන් ඔවුන් වැළකිය යුතු ය.

04) මැදපෙරදිග ප්‍රමුඛ ව විදේශ රටවලින් පැමිණෙන මුදල් මඟින් පල්ලි ඉදිකිරීම, ව්‍යාපාර අත්පත් කරගැනීම, ඉඩම් මිලදී ගැනීම ඇතුළු රටේ ආරක්ෂාවට හා සංහිඳියාවට තර්ජනයක් වන්නා වූ සියලු ක්‍රියා වහා නතර කළ යුතු ය. මෙරටට ගලා එන උක්ත මුදල් පිළිබඳ රාජ්‍ය නියානයක් කළ යුතු ය.

05) සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ නීති විරෝධී ව ආගමික ප්‍රචාරක කටයුතුවල යෙදී සිටිනා සියලු විදේශිකයන් මසක් ඇතුළත එනම්, 2013 මාර්තු 17 වනදා වන විට සම්පූර්ණයෙන් ම මෙරටින් පිටුවහල් කළ යුතු ය.

06) සාමය හා සංහිඳියාවට බාධා පමුණුවන ආගමික මූලධර්මවාදී සහ අන්තවාදී කණ්ඩායම්වල කියාකාරීත්වය පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඒවා තහනම් කළ යුතු අතර නීතිය සැමට සමාන වියයුතුය යන මූලධර්මය උල්ලංඝනය කරමින් ආගමික හා ජනවාර්ගික පදනමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ක්‍රියාත්මක කරනා නීති අහෝසි කළ යුතු ය.

07) මෙරට ජනගහණ වර්ධනය හා පාලනය පිළිබඳ නිසි රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති බැවින් විදේශ අරමුදල් මඟින් සැපැයෙන සැකකටයුතු රාජ්‍ය නොවන සංවිධාන සිංහල ජනතාවගේ වර්ධනය පාලනය කිීඹ සඳහා LRT වඳ සැත්කම් පසුගිය කාලය පුරා ක්‍රියාත්මක කර ඇත. එබැවින් මෙම රාජ්‍ය නොවන සංවිධානවල පසුගිය කාලය පුරා ක්‍රියාකාරීත්වය පිළිබඳව ආරක්ෂක අංශ මඟින් නිසි වාර්තාවක් ලබාගත යුතු අතර ජනගහණ වර්ධනය පාලනය කිරීමට ආගමික හෝ රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම තහනම් කළ යුතුය. ජනගහන වර්ධනය පාලනය කිරීම පිණිස සියලු ජනවර්ගයන්ට බලපාන්නා වූ පොදු රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ නොහැක්කේ නම් රාජ්‍ය නොවන ආයතන ද එම ක්‍රියාදාමයන්ගෙන් ඉවත් වියයුතු වේ.

08) මැදපෙරදිග ගෘහ සේවා සඳහා කාන්තාවන් යැවීම මෙරට අභිමානයට විශාල කැලලක් වන බැවින්ද, මෙරට සමාජීය ගැටලු රාශියක් පැනනඟින බැවින්ද, ආදාල කාන්තාවන් අනාරක්ෂිත තත්ත්වයකට ඇද වැටෙන බැවින්ද, මැදපෙරදිග සඳහා කාන්තාවන් යැවීම වහා නතර කළ යුතු ය.

09) බෞද්ධ සිද්ධස්ථාන මෙන් ම, ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානවල අනාරක්ෂිතභාවය තුරන් කළ යුතු ය. උතුරු සහ නැගෙනහිර බෞද්ධ හා පුරාවිද්‍යාත්මක ස්ථාන වහා ම නිර්ණය කොට ආරක්ෂා කළ යුතු ය.

10) බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම මෙරට ඓතිහාසික වගකීමක් වූ බැවින් ද, 1815 උඩරට ගිවිසුමෙන් ද, 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය නිරවුල් ව අර්ථ නිරූපණය කර නොමැති බැවින් “බුද්ධ ශාසනය” යන්න හා “බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය දී සුරක්ෂිත කොට පෝෂණය කිරීම” යන්න නිර්වචනය කොට 1959 නොවැම්බර් මස ලංකාණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කරන ලද බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය නීති රෙගුලාසි සම්පාදනය කිරීමට කටයුතු සම්පාදනය කළ යුතු ය.

අස්සන් කළේ:

පූජ්‍ය කිරම විමලජෝති හිමි
බොදු බල සේනා ප්‍රධානී
දෙහිවල – නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ හා බෞද්ධ ග්‍රන්ථ කේන්ද්‍රයේ නිර්මාතෘ/අධ්‍යක්ෂ
කොළඹ – තුම්මුල්ල 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ හා බෞද්ධ ග්‍රන්ථ කේන්ද්‍රයේ නිර්මාතෘ/අධ්‍යක්ෂ

රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි
බොදු බල සේනා මහලේකම්
රාජගිරිය සද්ධර්මරාජික විහාරස්ථානයේ විහාරාධිපති
අමාවැස්ස නිර්මාතෘ
සඟ සමුළු / බොදු සමුළු සංකල්පයේ නිර්මාතෘ

(මෙදින මහරගම ඓතිහාසික ප්‍රකාශනය ශ්‍රී ලංකා ජනරජයටත්, සමස්ත ලක්වැසි ලෝ වැසි ජනතාවටත් ඉදිරිපත් කරනු ලැබූයේ බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් විසිනි.)

වැඩිදුර ‍තොරතුරු‍‍ http://www.panchanajayasinghe.blogspot.com/2013/02/blog-post_17.html#more

ඡායාරූප https://www.facebook.com/media/set/?set=a.274164489380650.65159.100003613049121&type=3

එක රොදකට එකා මෙන් – රට දැය සමය වෙනුවෙන් — with Bodu Bala Sena Jalaya.


ශාසනය රැකගන්න අපි දිවි හිමියෙන් කැපවෙනවා
බුදු දහමට වින කරන මිත්‍යාදෘෂ්ටිකයන් නවත්වන්න වහා නීති ගෙන ආ යුතුයි

ආචාර්ය පූජණීය කිරම විමලජෝති හිමි

වඳුරඹ මිත්‍යාදෘෂ්ටිකයාගේ ආරාමයේ සිටි අන්‍ය ජාතිකයෙක්‌ හිමි නමකට පොල්ලකින් ගැහුවා
පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි

සිරිමන්ත රත්නසේකර

බුදු දහම විනාශ කරමින් මිත්‍යාදෘෂ්ඨික මත වපුරන මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ ක්‍රියා කලාපය නතර කිරීමට අවශ්‍ය නීති රීති වහා සම්පාදනය කිරීමට ආණ්‌ඩුව ක්‍රියා කළ යුතු යෑයි බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ බොදු බලසේනා සංවිධානයේ ප්‍රධානි ආචාර්ය කිරම විමලජෝති හිමියෝ අවධාරණය කළහ.

බුදු දහම ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් මිදීමට ආණ්‌ඩුවට නොහැකි යෑයිද අවධාරණය කළ උන්වහන්සේ බුදු දහම ආරක්‍ෂා කිරීම ආණ්‌ඩුවේ යුතුකමක්‌ සහ වගකීමක්‌ බවත් පැවැසූහ. ආචාර්ය කිරම විමලජෝති හිමියන් එම අදහස්‌ පළ කළේ පසුගිය (26 වැනිදා) තිඹිරිගස්‌යාය සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කිරම විමලජෝති හිමියෝ මෙසේද පැවැසූහ.

බොදු බල සේනා සංවිධානය සිව්වනක්‌ පිරිසගේ එකමුතුවෙන් ගොඩනගා තිබෙන්නේ දැයේ සසුනේ ආරක්‍ෂාව සහතික කිරීමටයි. බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව උදෙසා අපි ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට කැපවී සිටිනවා. අප බොදු බල සේනා සංවිධානයේ අරමුණ බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම මිස අන් යමක්‌ නොවෙයි.

වඳුරඹ ප්‍රදේශයේ මිත්‍යාදෘෂ්ඨිකයකුගේ ක්‍රියා කලාපය පිළිබඳව එම ප්‍රදේශයේ ස්‌වාමින් වහන්සේලා අපව දැනුවත් කර එය නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලීම් කළා. ඒ නිසා බෞද්ධ ධර්මය විකෘති කරන එම මිත්‍යාදෘෂ්ඨිකයන් පිළිබඳ තීරණයක්‌ ගැනීමට අපට සිදුවුණා. ඒ නිසයි අප ගරුතර ස්‌වාමින් වහන්සේලා ඇතුළු උපාසක උපාසිකාවෝ එම ප්‍රදේශයේ බෞද්ධ රැස්‌වීමක්‌ පැවැත්වීමට කටයුතු කළේ. ඒ සඳහා ස්‌වාමින් වහන්සේලා එකසිය පනහකට වැඩි පිරිසක්‌ සහ උපාසක උපාසිකාවෝ පන්දහසකට අධික පිරිසක්‌ එක්‌වුණා.

අපට අවශ්‍ය වුණේ වඳුරඹ ප්‍රදේශයේ සිටින මිත්‍යාදෘෂ්ඨික සිරිවර්ධන නමැත්තා විසින් බුදුදහමට කරන විනාශය පිළිබඳ පැහැදිලි කර ඔහුව ඒ පිළිබඳව දැනුවත් කර ඔහු කරන විනාශයෙන් බුදු දහම බේරා ගැනීමටයි. නමුත් අපගේ බෞද්ධ රැස්‌වීම කඩාකප්පල් කිරීමට සිරිවර්ධන නමැත්තා සූක්‍ෂමව කටයුතු කර තිබුණා. ඒ පිළිබඳ අපට මුලදීම කරුණු දැනගැනීමට හැකියාවක්‌ ලැබුණා. අපගේ ස්‌වාමින්වහන්සේලා ඉතාමත් කල්පනාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කළා.

මෛත්‍රී බුදුන් යෑයි කියාගන්නා සිරිවර්ධන නමැති මිත්‍යාදෘෂ්ඨිකයා වටා එක්‌වී සිටින්නේ අහිංසක බෞද්ධයන් පිරිසක්‌ සහ බුදු දහම විනාශ කරන්න කුමන්ත්‍රණ කරන පිරිසක්‌ බව අප දැනගෙන සිටියා. අපට අවශ්‍ය වූයේ ඔවුනට සත්‍ය පැහැදිලි කර දීමටයි. ඒ සඳහා අප සිරිවර්ධන නමැත්තාගේ ආරාමය ආසන්නයට යනවිට අපගේ ගමන නතර කිරීමට කැරලි මර්දන ඒකකය අදාළ ස්‌ථානයට කැඳවා තිබුණා. අපි පොලිසියට කරුණු පැහැදිලි කළා. ගැටුමක්‌ නිර්මාණය කිරීමට කටයුතු කළේ මිත්‍යාදෘෂ්ඨිකයන් යොදවා සිටි සංවිධානාත්මක පිරිසක්‌. මේ හෙයින් ස්‌වාමින්වහන්සේලා පොලිස්‌ නිලධාරින් ඇතුළු කිහිප දෙනකුට තුවාල සිදු වුණා. ඒ පිළිබඳ අප බොහෝ කනගාටු වෙනවා.

බුදු දහම ආරක්‍ෂා කරන්න සිටින බලධාරීන්ගේ උදාසීනභාවය නිසයි මෙහෙම සිද්ධීන් වන්නේ. ඔවුන් ඔවුන්ගේ වගකීම නිසි ලෙස ඉටුකරන්නේ නැහැ. පැවැති රජයන් මෙන්ම වත්මන් රජයත් බුදුදහම ආරක්‍ෂා කිරීමට කටයුතු කරන්නේ නැහැ. මෙවැනි මිත්‍යාදෘෂ්ඨිකයන් සිටින්නේ වඳුරඹ පමණක්‌ නොවෙයි. මෙවැනි පුද්ගලයන් විස්‌සක්‌-තිහක්‌ පමණ පිරිසක්‌ ගැන අපට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන්ගෙන් බුද්ධ ශාසනයට වන හානිය වළක්‌වා ගැනීමට අප දිවි පරදුවට තබා කටයුතු කරනවා.

බුද්ධ ශාසනය විනාශ කරන මෙවැනි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔවුන්ට එරෙහිව ක්‍රියාකරන්න නීතිරීති ප්‍රමාණවත් නැතිනම් අලුතින් නීති සම්පාදනය කිරීම රජයේ යුතුකමක්‌ සහ වගකීමක්‌. බුදු දහම ආරක්‍ෂා කිරීමට ආණ්‌ඩුව බැඳී සිටිනවා. බුදුදහම පිළිබඳ විකෘතිතා ඇති කිරීමට ඉඩදිය නොහැකියි.

බුදුදහම විකෘති කරන මිත්‍යාදෘෂ්ඨිකයකු වන සිරිවර්ධන නමැත්තා වෙත මිලියන ගණන් මුදල් එන්නේ අනවසර කටයුතු සිදුකරන්නේ කෙසේද යන්න රජය සොයා බැලිය යුතුයි. එය රජයේ වගකීමක්‌. මෙවැනි පුද්ගලයන්ට තවදුරටත් කටයුතු කිරීමට ඉඩදිය යුතු නැහැ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඤණසාර ස්‌වාමින් වහන්සේ මෙසේ පැවැසූහ.

බුද්ධ ශාසනයට එරෙහිව ඇති සියලු බලවේග පරාජය කිරීමට භික්‍ෂුන් වහන්සේලා පෙරමුණ ගෙන ක්‍රියාකළ යුතු බව 2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති සංවත්සර ජනාධිපති කමිටු 13 වැනි යෝජනාවේ සඳහන්. බුද්ධ ශාසනයට එරෙහිව යමක්‌ සිදුවෙනවා නම් භික්‍ෂුන් පෙරට ආ යුතුමයි.

ශාසනයට හානියක්‌ වන්නේ නම් ඒ පිළිබඳ පැමිණිලි කිරීමට ඇති ආයතනය නිද්‍රdශීලී නම් අපි කුමක්‌ කරන්නේද? බුද්ධ ශාසන අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ශාසනය ආරක්‍ෂා කිරීමට නිසි ලෙස කටයුතු කරන්නේ නැහැ. පොලිසියත් තමන්ට කළ හැකි දේ කරන්නේ නැහැ. බුද්ධ ශාසනය රැකගන්න ඉදිරිපත්වන පිරිස භික්‍ෂුන් පමණක්‌ වී තිබෙනවා. අපට ඇති අයිතිය අනුව අපට කළ හැකිදේ ක්‍රියාවට නංවනවා. වඳුරඹ සිදුවීමත් එලෙසමයි.

වඳුරඹ මිත්‍යාදෘෂ්ඨිකයාගේ ආරාමය වෙත භික්‍ෂුන් වහන්සේලා සහ උපාසක උපාසිකාවන් පාගමනින් ගිය අවස්‌ථාවේදී ආරාමයේ සිටි අන්‍ය ජාතිකයෙක්‌ අපගේ ස්‌වාමින්වහන්සේ නමකට පොල්ලකින් පහර දුන්නා. එම සිදුවීම අපගේ අනෙකුත් භික්‍ෂුන් වහන්සේලා සහ පිරිස දුටුවා. උපාසක උපාසිකාවෝ ප්‍රකෝප වුණේ ඉන් පසුවයි. නමුත් අප ගැටුමකට ගියේ නැහැ.

ගමේ පන්සල ආරක්‍ෂා කරන්නත් කවුරුත් නැහැ. නමුත් මිත්‍යාදෘෂ්ඨික ආරාමයට පොලිස්‌ ආරක්‍ෂාව හිමිව තිබෙනවා.

මෙම අවස්‌ථාවට පූජණීය විතාරන්දෙනියේ නන්ද හිමි,  පූජණීය මහමිතව පඥ්ඥාරතන හිමි ඇතුළු පූජණීය භික්‍ෂුන්වහන්සේ කිහිප නමක්‌ එක්‌වූහ.

http://www.divaina.com/2012/06/29/news36.html


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 671 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ජනප්‍රියම ලිපි

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 448,907 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: