ධර්ම නිධාන

Archive for the ‘පූජ්‍ය අහුන්ගල්ලේ ශ්‍රී විසුද්ධි හිමිපානන්’ Category

පරම අමා සුවය ලොවට දිය හැකි එකම සත්‍ය දහම බුදු දහම බව විවාදයක් නැත. ඒ සම්බන්ධයෙන් පානදුරාවාදය ආදී විවාද ඇතිවූ කාලයේ ජාත්‍යන්තරයට ප්‍රත්‍යක්ෂ වූ සත්‍ය පවා එයයි. ප්‍රතිඵලය වූයේ ඇමෙරිකාවේ ධන කුවේර සත්පුරුෂයන් පවා බුදු දහම වෙනුවෙන් ඉදිරිපත් වී සිය සංසාරගත ශ්‍රද්ධාව ප්‍රදර්ශනය කිරීමයි. හෙන්රි ඕල්කොට් උතුමා එවැන්නෙකි.

දුටු ගැමුණු රජ සමයේ එතුමාගේ පුරෝහිත මඩුල්ල මහරහතන් වහන්සේලාගෙන් සමන්විත විය. දේශපාලනය මහා සංගරත්නයට අකැප නම්, බුදු පියානන් වහන්සේ එවන් තහංචියක ඉඟියක් හෝ දී තිබුණි නම් කිසිවිට එම උතුමන් පුරෝහිත මඩුල්ලට හෝ එක් නොවනු ඇත. අදටත් අප රට බුදුදහමට පොතට හෝ සරු බිමක් වීමට එයත් හේතු වූයේ නැතිද? මහරහතන් වහන්සේලා දුටු ගැමුණු රජ සමයේ ඇමතිවරුන් නොවූ බව සැබවි. එසේ නොවී බැරිවන තරමට මහා සඟ රුවනට හිසේ ගින්නක් නොදීමට තරම් එකල පාලකයන් පින්වත් ප්‍රඥාවන්තයන් වූ බව අපි දනිමු.

අනුශාසනා කනකට නොගෙන කර අරිමින්, එවාට හාත්පසින් විරුද්ධ දේම කරමින් සසුනට මරණීය අනතුරු දෙන තරම් දේශපාලන තීරණ ගැනීම් එකල සිදු නොවිනි. බොදු සමාජයේ සජීවී මුදුන් මල්කඩ මහා සංඝරත්නයයි. උන්වහන්සේලා තුන් ආකාරයකින් උත්තම වේ. මාර්ගඵල ලාභී උතුමන් සේක හා අසේක ලෙස වර්ග කර ඇත. සේක යනු සෝවාන්, සකෘදගාමි හා අනාගාමී උතුමන්ය. තවදුරටත් කෙලෙස් මල ඉතිරි නැති මහරහත් උතුමන් අසේක ලෙස හැඳින්වේ. මෙම උතුමන් වර්ග දෙක හැරුණු විට විනයානුකූලව සසුනට පිවිස, බුදුදහමට හානි වනසේ පාප ධර්ම නොදෙසන තාක් එම සංඝරත්නයද සම්මුති වශයෙන් උතුම් මහා සංඝරත්නයම බව දත යුතුය. උන්වහන්සේලා කෝටියක් සංවර ශීලයම රැකගැනීමට නොසමත් විය හැකි නමුත්, පෘතග්ජන නමුත්, දක්ෂිණාවට, නමස්කාරයට, පූජාවට බුද්ධ දේශණය අනුවම සෑම අතින්ම සුදුසු බව දත යුතුය. මෙය අද කල බොදුනුවන් හරියටම නොදැන සිටීමද ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේම වරදකි. මෙයට දෝෂාරෝපනය යා යුත්තේ නිදහසින් පසු ලංකාවේ පාසැල් අධ්‍යාපනයේ බුදුදහමට කුඩම්මාගේ සැලකිළි දුන් සියලු පාපී කුමණ්ත්‍රණකාරීන්ටය. පැවිදි දිවියට සංවර ශීලය පමණක් නොව ගිහි දිවියේ සාර්ථකත්වයට සියළු උපදෙස් ඇති බුදු දහමේ අනන්ත ලෙස රසවත් හරය සහමුලින් සඟවා බුදුදහම පාසැල් තුල ඉගැන්වේ. අඩු තරමින් දහම් පාසැල් හෝ සිය විෂය නිර්දේශ වල අභිධර්ම රසය, ප්‍රායෝගික ජීවිතයට බුදුදහමේ ආලෝකය ලැබිය හැකි සූත්‍ර බොදු දරුවන්ට ලබා දීමට විෂය නිර්දේශ සකසන්නේ නම් එය මහත්වූ පින්කමකි.

අදවන විට ගෝත්‍රික භාෂාවක් තරමට නොදියුණු දෙමළ බස පාසැල් අධ්‍යාපනයේ අනිවාර්‍ය විෂයක් කර ඇති අතර බුදු දහම ඉගැන්වීමට නියමිත කාල පරිච්ඡේදයේදී සුදුසු ගුරුවරයෙක් සොයා ගැනීමට කිසිදු පාසලක ඇතිදැයි සැක සහිතය. ඊනියා දහම් දිවයිනක සැබෑ තත්වය එය බවට සියල්ලන් එකමුතු වී පත්කර ඇත. එවන් පසුබිමකින් ලොකුවන දරුවා බුදු දහම හඳුනන්නේ නමින් පමණි. එහි රත්න ස්වභාවය ගැන ඔහුට අවබෝධයක් නැත. පාලකයන් වන්නේද මොවුන්ය. එවිට මහා සඟ රුවන කොතරම් උතුම්දැයි ඔවුනට නොතේරෙයි. අද ලක්බිම මහා සංඝරත්නයේ අනුශාසනා වලට පාලක පක්ෂයේ ප්‍රතිචාර මේ සත්‍ය ඔප්පු කරමින් සිටී. අවාසනාවක මහත කොතෙක්දැයි යත් ත්‍රෛ නිකායික මහනාහිමි වරුන් පවා නිසි සාසන ඇල්මක් නැති අයම බව උන් වහන්සේලාගේ ක්‍රියාකලාප, පුවත් ප්‍රකාශ මඟින් ලොවටම කෑ ගසා කියමින් සිටී.

මේ සියළු ව්‍යසන මැද, සසර පුරා දිවි හිමියෙන් ලක් බිම සසුන වෙනුවෙන් පරමත්ත පාරමිතාව පුරන මහා සඟ රුවනක්ද ඉතිරිව සිටින බව අප තේරුම්ගත යුතුව ඇත. අතට පත් නිවන හෝ පසෙක තබමින් හෙළ බොදු අප වෙනුවෙන්, අපගෙන් හීන් සීරුවේ කපා දැමෙන බොදු අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන, එවන් උතුමන්ට චීවරය සහිතව දේශපාලනයට පිවිසීම, උද්ඝෝෂණ කිරීම, දුෂ්ඨ පාපී පොලිස් නිළදරුවන්ගේන් පහර කෑම දක්වා ගැහැට විඳීම හැර වෙන විකල්පයක් සමාජය තුල ඉතිරි කර නැත.

වරක් විජේදාස රාජපක්ෂ නම් පවිටු දේශපාලකයා තම පුද්ගලික පනතක් සේ භික්ෂූන් වහන්සේට දේශපාලනය තහනම් කිරීමට උත්සාහ කලේය. මන්ද සිය පාපි එක්සත් ජාතික පක්ෂයේ දේශද්‍රෝහී ක්‍රියා හිමිවරුන් අතින් කිසිවිට අනුමත නොවීම නිසයි. බොදු ජනතාව එකා වන්ව හිමිවරුන්ගේ සරණ යන නිසයි. එවිට ගොඩ නැගෙන හෙළ ජාතික බලය අති විශාල වන නිසයි.

සර්වාගම් පිළිකාවේ වර්තමාන ගිහි නියමුවෙක් වන රටේ දුර්දාන්ත අගමැති දි.මූ. විසින් වරක් ඉඟි කලේ තමන් භික්ෂූන් වහන්සේට දේශපාලනය තහනම් කිරීමට උත්සාහ කරන වගයි. එම අසත්පුරුෂයාට වන්දිභට්ට වූ සමහර නායක හිමිවරු අති පූජණීය ඕමල්පේ සෝභිත හිමිපානන්ට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරීම තුලින් කර ගත්තේ පාපී ගිහියෙකුගේ පැවැත්ම වෙනුවෙන් සංඝභේදයකට පවා අත වනන තරම් මහත් වූ පව්කමකි.

දැන් එහි ඊලඟ පියවර හීන් සීරුවේ ක්‍රියාත්මක වෙමින් යන බව පෙනෙයි. හෙළ උරුමයේ මහා සංඝරත්නය හෙළ බොදු ජනතාවගේ එකම පිහිටයි. සුපිරිසිඳු දේශපාලය, බුද්ධිය මොනවට යොදමින්, නිවැරදි ගිහි පැවිදි උතුමන් එක් කරමින්, වැරදි පාපී පුද්ගලයින් හලමින් ඉදිරියට යන එකම ජාතික හෙළ බොදු දේශපාලන බලකාය හෙළ උරුමය පමණි. බොදු බල සේනා සසුන වෙනුවෙන් පෙනී සිටියද, අවාසනාවකට එය දේශපාලන නොවන එකකි. සිංහල රාවයද අති උතුම් ජාතික ව්‍යාපාරයක නියුතු සංවිධානයකි. ස්වර්ණ හංස පදනම ආදී බොදු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සංවිධාන රටේ ඇත්තේ අතේ ඇඟිළි ගානටත් අඩු සංඛ්‍යාවකි.

සසුන වැනසීම සසුන තුලින්ම කර ගැනීම පාලක පක්ෂයේ කුමණ්ත්‍රණය අද දවසේ සියතට ගැනීමට තවත් නායක හිමිපානන් වහන්සේ කෙනෙක් මූලික වීම අපට නම් අදහා ගැනීමටවත් නොහැක. අපගේ පිළිගැනීම අනුව වීර යුග පුරුෂයන් වන් පූජණීය අතුරළියේ රතන හිමි, පූජණීය අක්මීමන දයාරත්න හිමි පවා ඇතුලත් වන අමරපුර සද්ධර්ම වංශික නිකායේ මහානායක පූජ්‍ය අහුන්ගල්ලේ ශ්‍රී විසුද්ධි හිමිපානන්ගේ මේ අදූරදර්ශී පියවර සසුනට කිරීමට යන විනාශය අපිට නම් හිතාගැනීමට වත් නොහැකි තරම් එකකි. බුරුමය හමුදා පාලනය ඇති බෞද්ධ රටේ භික්ෂූන් වහන්සේගේ දේශපාලන අයිතිය සහමුලින් කප්පාදු කල රටකි. එරට මහා සංඝරත්නයට කල හානිය හමුදාපාලනයක් නැති මෙරට භික්ෂූන් වහන්සේට කිරීමට උත්සාහ කිරීම පූජ්‍ය අහුන්ගල්ලේ ශ්‍රී විසුද්ධි හිමිපානන්ට කිසිවිට ගෙවා නිමකල නොහැකි පාප කර්මයක් වන බව අපගේ විශ්වාසයයි.

මේ එම හද කම්පා කරවන පුවතයි


අමරපුර සද්ධර්ම වංශික නිකායේ
භික්‌ෂූන්ට පෙළපාලි තහනමක්‌

චිමින්ද සිල්වා, ක්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි

අමරපුර ශ්‍රී සද්ධර්ම වංශික මහා නිකායේ භික්‌ෂූන් වහන්සේලාට නිකායේ පූර්ව අනුමැතියකින් තොරව උද්ඝෝෂණ පෙළපාලි හෝ දේශපාලන ක්‍රියාමාර්ගවලට ප්‍රවිශ්ටවීම තහනම් කිරීමට ඊයේ (24 වැනිදා) තීරණය කර ඇත.

අමරපුර ශ්‍රී සද්ධර්ම වංශික මහා නිකායේ මහානායක අහුන්ගල්ලේ ශ්‍රී විසුද්ධි හිමියන්ගේ නායකත්වයෙන් ඊයේ (24 වැනිදා) බලපිටිය සීමාමාලකයේ පැවැති විශේෂ රැස්‌වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

මින් ඉදිරියට නිකායේ භික්‌ෂූන් වහන්සේලා නිකායේ පූර්ව අනුමැතියකින් තොරව උද්ඝෝෂණ, පෙළපාලි හෝ දේශපාලන ක්‍රියාමාර්ගවලට ප්‍රවිශ්ට වුවහොත් පළමුව අවවාද කිරීම හා ඉන්පසු නිකායට අනුව විනය ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී තීරණය වී ඇත.

http://www.divaina.com/2014/02/25/news39.html

තවද දේශපාලනයට පිවිසෙන උතුම් හිමිවරුන් නිකායෙන් නෙරපීම තරම් දුරට යාමට පවා තමා පසුබට නොවන බවද පවසා තිබුණි. එතෙකින් නොනැවතී මේ හිමිපානන් විසින් අගමැතිගේ අතකොළු වන් අනකුත් මහානායක හිමිවරුන්ගේන්ට මේ අතිශය දුෂ්ඨ ඉල්ලීම කිරීමට යන බව ඉරිදා පුවත්පත්වල පල කරතිබුණි. එය හැරෙන තැපෑලෙන් අනුමත වන බව අපි කියන්නෙමු. එවිට සාසනනයේ හොඳම ආරක්ෂකයින් බොදු ජනතාවගෙන් ඉවත් කිරීම සම්පූර්ණ වනු ඇත. දුර්දාන්ත අගමැති විසින් කුමන්ත්‍රණයට පණ පෙවූ හිමිවරුන්ට සුදුසු පිරිකර ලබා දී සනසනු ඇත.

අති පූජණීය සෝම හිමිපාණන් ජාතියේ එක් ගැලවුම්කාර උතුමෙකි. උන්වහන්සේගේ දේශපාලන ආගමනයක් වූයේ නම් අදත් එතුමා ජීවතුන් අතර සිටින බව ඒකාන්තය. එකල උන්වහන්සේගේ දේශපාලන ආගමනයට සහමුලින් එරෙහි වූයේ එවකට වජිරඥාන මහානායක පූජ්‍ය මඩිහේ පඥාසීහ මාහිමි ය. අති පූජණීය සෝමහිමිව සසුනෙන් ඉවත්කිරීමට තර්ජණය කිරීමට තරම් උන් වහන්සේ සැහැසි වූ බව ප්‍රසිද්ධය. සාසන සේවය කෙසේ වුවත් එම පාපකර්මය තුලින් අන්‍යාගමිකයන්ට සෝම හිමි ගොදුරු කරවීමට පූජ්‍ය මඩිහේ මහනාහිමි අනියමින් සහය වූ බව අපගේ විශ්වාසයයි. රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරුන් අතරට උන් වහන්සේ එක් විය යුත්තේ එබැවිනි.

හෙළ මහ සඟ රුවටනට කිරීමට යන මේ පොළොව නුහුලන අපරාධය සලකා පූජ්‍ය අහුන්ගල්ලේ ශ්‍රී විසුද්ධි හිමිපානන්ද එම වර්ගයටම අයත් සේ සැලකීමට අපට සිදුව ඇත. ඔබට හැකි සෑම අයුරින්ම උන්වහන්සේ සම්බන්ධ කරගෙන මේ කිරීමට යන මහා විනාශය වළක්වා ගැනීමට උත්සාහ කරන්න. බොහෝ පැසසුම් ගලා එන බව පවසමින් පාපයෙන් මන්මත් වී සිටින උන් වහන්සේ පියවි සිහියට ගැනීමට උපකාරී වන්න.

ලඟ එන ඡන්දයේදී දේශපාලන වශයෙන් හෙළ බෞද්ධයාගේ එකම පිහිට ජාතික හෙළ උරුමය පමණි. එහි ගිහි පැවිදි උතුමන්ට පමණක් ඔබේ වටිනා ඡන්දය මින් මතු සෑම කල්හිම භාවිත කරන්න. ජාතික හෙළ උරුමය සංධාන ගත පක්ෂයක් බැවින් එසේ ඡන්දය දීමෙන් ඔබ ආණ්ඩු විරෝධියෙක් බවට කිසිවිට පත්නොවේ. හෙළ බෞද්ධයාගේ සැලකීම බෞද්ධ සාරධර්ම පමණක් යන පණිවිඩය ආණ්ඩුවට දීමට එකමුතු වන්න. මුස්ලිම් ජාතිකයා අන්තවාදී මුස්ලිම් කොංග්‍රසය දිනවමින් සිය ආගමික අයිතීන් කරා සාර්ථකව යන්නා සේම. ද්‍රවිඩ ජාතිකයා කොටි අනුගාමික TNA දිනවමින් සිය ආගමික අයිතීන් කරා සාර්ථකව යන්නාසේම, හෙළ බෞද්ධයාටත් යම් ජයග්‍රහණයක් උවමනා නම්  ජාතික හෙළ උරුමයම ජයග්‍රහණය කරවමින් පමණක් ඉල්ලීම් කරා සාර්ථකව යා හැකි බව සිහි තබා ගන්න. ආණ්ඩුවේ අති බියකරු සර්වාගම් පිළිලයට වර්ධනය වීමට ඉඩ නොදෙන්න.

 

හෙළ බෞද්ධයා මෝඩයාට අන්දවා සුළු ජාතිකයන්ට ඔටුනු පැලැන්දවීමට සියළු පාපී පක්ෂ වලට ඉඩ නොතැබීමට දේශයේ නියම උරුම කරුවන්ට මොළය පෑදේවා!


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 671 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ජනප්‍රියම ලිපි

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 448,907 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: