Archive for the ‘බෞද්ධ පාලි ගාථා හා ඒවා සියල්ලේ සරල සිංහල තේරුම් රමණීය ගීයක් ලෙස සවන් දෙන්න’ Category
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
නියම බෞද්ධයෙක් වීමට නම් දවස ඇරඹිය යුත්තේ කෙසේදැයි පියවර 1 සිට ලිපි මාලාවක් අපි ඉදිරිපත් කලෙමු. එහි අඬංගු කාරණා සියල්ල සෑම දිනකම උදයේ වෙලාවක් වෙන් කරගෙන කරන්නේ නම් අන් දිනකට වඩා එවන් දින වල වෙනස අත් දැකීමෙන්ම විඳ ඔබ තේරුම් ගනු ඇත. ඉන්පසු ඔබව එයින් ඈත් කිරීමට කිසිවෙකුටවත් නොහැකි වනු ඇත. ප්රතිඵල එතරම්ම සහතිකය.
නමුත් කුමණ කාරණයකට හෝ ඔබට උදෑසන බුදුන් වැඳීම මඟ හැරුනේ යැයි සිතන්න. ඔබ රැකියාව කරා බසයෙන් යනවා විය හැක, වාහනයක් පදවනවා විය හැක. එසේත් නැතහොත් පයින් ගමන් කරනවා විය හැක. මේ කුමණ අවස්ථාවේදී වුවද උවමනාව ඇත්නම් ඔබට බුදුන් වැඳීම මඟ හැරීමෙන් වූ පාඩුව මකා ගැනීමට තවමත් අවස්ථාව ඉතිරිව ඇත. අද බහුතරයක් දෙනා අත ඇති ජංගම දුරකථන වල WMA වාදන හැකියාව ඇති බැවින් ඔබට අපි මේ පහත සපයන ගායනය සවන්දීම අභියෝගයක් නොවේ. තේරුමට හිත යොමු කරමින් හිතෙන් ඔබට බුද්ධ වන්දනාව කල හැක.
ඔබ උදෑසන බුදුන්ට මල් පහන් පූජා කලා මෙන්ම කුසලයක් මින් අත් වනවාද?
පහත විග්රහය අපගේ එකක් නොව පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්ථවීරයාණෝ සම්පාදිත බෝධි පූජාව පොතේ දොළොස්වන මුද්රණයේ පිටු අංක 25නි
පූජාව අයත් වන්නේද දාන නම් පින්කමටය. වස්තු පූජාව හා ස්තුති පූජාව යයි පූජාව දෙපරිදි වේ. මල් පහන් පූජාව වස්තු පූජාවයි. ගුණකීම ස්තුති පූජාවයි…….වන්දනා පූජා සඳහා සියළු ගාථා පිළියෙල කර ඇත්තේ ඉහත ස්තුති පූජාව සම්පූර්ණ කර ගැනීමටයි…..ස්තුති පූජාව පමණක් කලද එය බොහෝ අනුහස් ඇති පින්කමකි.
නැවත පිටු අංක 27න්
ත්රිවිධ රත්නයට වඳිමියි සිතීම සිතින් වැඳීම වේ. සිතින් වැඳීම සතර ඉරියව්වවෙන් ඕනෑම ඉරියව්වකින් කිසිදු බාධාවකින් තොරව, කිසිවෙකුටත් නොදැනී කර ගත හැකි මහා පින්කමකි. වන්දනා පූජා සඳහා ඇති සියළු ගාථා සිතීමෙන් ස්තුති පූජාවත් සිතෙන්ම සිදුවී ඔබට කුසල් බොහෝ සේ වැඩේ.
සපයා ඇති ගීතයේ අඬංගු වන්නේ නමස්කාරයේ සිට දෙවියන්ට පින් දීම දක්වා සියළු බෞද්ධ පාලි ගාථා හා ඒවා සියල්ලේ සරල සිංහල තේරුම්ය. විනාඩි 42 පමණ කාලයක් පුරා ස්තුති පූජා වශයෙන් ඔබට කුසල් සාගරයක් උපදවා දීමට සමත් මෙම රමණීය ගීය සෑම දිනකම බෞද්ධයන් වශයෙන් මුළින්ම සවන්දිය යුතුම පින් ආකරයකි.
නවතම ප්රතිචාර