Archive for the ‘රත්නමාලී ගාථා’ Category
කවි කලාව, චිත්‍ර කලාව හා අති උතුම් රත්නත්‍ර වන්දනාවේ සංකලනය හෙවත් ලොව අග්‍රගන්‍ය කලා නිමැවුම – රත්නමාලී ගාථා මණ්ඩලය
Posted සැප්තැම්බර් 26, 2014
on:කවි නිර්මාණයක උසස් බව එහි පේලියෙන් පේලිය අගට එකම වචනය එන පරිදි නිමැවීමෙන් හා අරුත්බර වීමෙන් සම්පූර්ණ වේ. කවිය අලංකාර කරන එයට එළිවැට කියා කියයි. කවි නිර්මාණ කරුවාට මෙය ඉතා ඉහල අභියෝගයකි. බලන්න රත්නමාළී ගාථා තුන. එහි පේළියේ අග පමණක් නොව මුළට පවා එළිවැට පිහිටා ඇත.
මෙය පෘතග්ජන කවි නිර්මාන කරුවෙකුට නම් කිසිසේත් ලඟා විය නොහැකි ඉලක්කයක් බව එම එළිවැට දෙකත් සමඟ පවා ඉතා උතුම් අරුතක් එයට තිබීමෙන් සිතා ගත හැක. සිංහල තේරුම තුලින් එහි අරුතේ උතුම් බව පැහැදිළි වේ.
එයින් නොනැවතී චිත්‍ර කලාව හා කවිය සංකලනය කර ඇති අයුරු විශ්මය ජනක නොවේද? රමණීය රතු බෝල නෙළුම් මලක පෙති මත මනහර රටාවකට අක්ෂර පිහිටන සේ රත්නත්‍ර වන්දනා ගාථා තුන අනන්ත ලෙස ඇතුලත් කර ඇත්තේ කවියේ සෑම පේලියක්ම් මලේ මැදින් පටන්ගෙන, පළමු පෙති වලල්ල පසුකරන් , අවසන් පෙත්ත වටේ ගොස්, මැදි පෙති නැවතත් විරුද්ධ අතට පසුකරන් මැදට පැමිණෙන විට සම්පූර්ණ වන සේය. පහත නිල් හී සලකුණ මෙය නිරූපනය කරයි.
මැද පෙති වලල්ලේ අක්ෂර ඉදිරියට හා පසුපසට යන දිශා දෙකටම වෙනස් අරුත් ඇති වචන සාදන අන්දම සිතා ගැනීමටවත් නොහැකි දස්කමකි. පහත නිරූපණයේ ඉහත අක්ෂර දෙකද අතුළුව එසේ ඉදිරි හා පසුපස දිශාවන්ට අක්ෂර භාවිතා වී ඇති අන්දම වෙනස් වර්ණයන්ගෙන් ඉදිරිපත් කර ඇත.
කවි පේළියේ දෙවරක් යෙදෙන එළිවැට රූපය තුල එක් වරක් පමණක් සිටින සේ යොදා ඇත්තේ නිර්මාණයේ ඔපය ඉහලම තත්වයට ඔසවමිනි. සකල කලා වල්ලභ ආර්ය උත්තමයන් වහන්සේ නමක් මෙය නිමවන්නට ඇතැයි සිතිය හැක්කේ මේ නිසාය. අනුරපුර යුගයේ ගැමි කතකට මිරිස් වේලීමට නොහැකි තරම් හෙවනැලි වැටෙන සේ රහතන් වහන්සේ අහසින් වැඩි බව සත්‍යයකි. දන්නෝ බුදුන්ගේ ගීතය මෙය ඉතා අලංකාරව ඉදිරිපත් කරයි. මෙසේ සිරිලක හිඟ නොවූ උතුම් රහතන් වහන්සේ නමක් මෙම අසමසම කලා නිර්මාණය කලා වන්නට පුළුවන.
Video
ඔබගේ නිවසේ, ජංගම දුරකථනයේ, රථයේ, ව්‍යාපාරික ස්ථානයේ වාදනය කිරීමට වඩා සුමිහිරි ගායනාවක් ලෙස පහත යොමුවලින් ලබාගෙන උපරිම ඵල ලබන්න. බෙදා හැර කුසල් රැස් කර ගන්න.
.MP3 Fromat (3.65MB)
සුමිහිරි රත්නමලා ගාථා සජ්ඣායනා.MP3
.Wav Format (87.59MB)
සුමිහිරි රත්නමලා ගාථා සජ්ඣායනා.Wav
මුද්‍රණය කර බෙදා හැර කුසල් රැස් කර ගැනීමට රත්නමාලී යන්ත්‍ර රාජයා

පෝස්ටර් ප්‍රමාණය තෙක් විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න
පස් පවින් වැළකි පිරිසිදු වී උදේ සවස බුදුන් වැඳීමෙන් පසුව රත්නමලා ගාථා හත් වර බැගින් සජ්ඣායනා කරන්න. මෙයින් සෙත සැලසෙන්නේ කිසිදු නොදන්නා බලයකින් නොවේ. මේ ගාථා හරහා ඔබ වන්දනාවට ලක් කරන රත්නත්‍රයේ සූවිසි මහා ගුණ බලයෙනි. එම බලයෙන් ඔබට මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපද්‍රවයන්ද ඉවත් වී මෙලොව ජිවිතය නිරෝගීව වාසනාවන්තව ගතකිරීමට ඉඩ සැලසේ. තවද වන්දනාව/ධර්ම දානය තුලින් ඔබ රැස් කරන සියළු සම්පත් ලබාදෙන්නා වූ කුසල් බලයෙන් ඔබට, ඔබේ පවුලට, නිවසට, ව්‍යාපාරයට කර්මාන්තශාලාවට ඒකාන්ත දියුණුව හා ආරක්ෂාව සැලසේ.
නවතම ප්‍රතිචාර