Archive for the ‘නම් නොකල ජාතික වීරවරයෝ’ Category
අපායේ උපදින අකුසල් මොනවාද?
Posted ජනවාරි 18, 2021
on:තෝරාගත් සදහම් ගැටළුවකට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
තෝරාගත් සදහම් ගැටළුවකට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
තෝරාගත් සදහම් ගැටළුවකට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
තොරාගත් සදහම් ගැටළු වලට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් ඉහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
තොරාගත් සදහම් ගැටළු වලට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
- In: අති පූජණීය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ | අති පූජණීය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ | අසාද් සාලි | කාලීන ලිපි | ඡේ. ආර්. ජයවර්ධන | දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ | නම් නොකල ජාතික වීරවරයෝ | පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි | පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි | බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන | බොදුබල සේනා | මුස්ලිම් කෲරකම් | වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය
- 6 Comments
අප රටේ සිංහල ජනගහන අර්බුදයේ බරපතල කම වගකිවයුතු සියළු පාර්ශවයන් විසින් නොසලකා හරින්නේ හරියටම විය යුත්තක් සිදු වෙමින් පවත්නා ගානටය. 2013 වසරේදී අති පූජණීය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ දිවයින පුවතක් මගින් මෙහි අති භයංකාර භාවය පෙන්වා දෙන ලදි. පහත දැක්වෙන්නේ එම ලිපියයි. ඉතා දීර්ඝ නොවෙන එය මුලුමනින් කියවා බලන්න
බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා තියෙන
සිංහල ජාතිය මේ රටේ වඳවෙන ජාතියක් වෙලා
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි
මාතර – චන්ද්‍රදාස කොඩිතුවක්කු
බරපතළ ප්‍රශ්නයකට සිංහල ජාතිය මුහුණ පා තිබෙන යුගයක් තවත් වසර තිහක් හතළිහක් යන කොට ඔබට එය තේරෙයි. සිංහල ජාතිය මේ රටේ වඳවෙන ජාතියක් බවට පත්වෙලා තිබෙනවා යෑයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි මාතරදී පැවැසූහ.
මාතර සමාධි ප්‍රජා සංවර්ධන පදනමේ දහතුන් වැනි ශිෂ්‍ය කණ්ඩායමේ සිසුන් දහසක් වෙනුවෙන් සහතික පත්‍ර ප්රදානය කිරීමේ උත්සවය අමතමිනි. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ආරාධනාවෙන් උන්වහන්සේ මෙම උත්සවයට සහභාගී වූහ.
උන්වහන්සේ මෙසේද කීහ.
මේ කතාව කිව්වට සමහරු කියයි මම ජාතිවාදී කතාවක් කරනවා කියලා. එහෙම නැහැ. මම කියන ගාන හදලා බලන්න සිංහල මිනිස්සු තව කොපමණ කාලයක්ද මේ රටේ ජීවත් වෙන්නේ කියලා.
මෙම වතාවේ ජන සංගණනය එක්ක ගත්තාම අපට දැක ගන්නට ලැබුණා සිංහල මිනිස්සු එක්කෝටි තිස් ලක්ෂයක් මේ රටේ ඉන්නවා කියලා. එක්කෝටි තිස් ලක්ෂයෙන් සියයට හැටක් ඒ කියන්නේ ලක්ෂ 80 ක් ඉන්නේ වයස අවුරුදු 40 පැනපු අය. කාන්තාවෝ ගත්තොත් දරුවන් නහදන සහ නොහැදෙන අය ලෝක ධර්මතාවය මත තව වසර 40 ක් ඇතුළත ලක්ෂ 80 ක් මියයා යුතුයි. ඉතුරුවන්නේ ලක්ෂ පනහයි. මෙම ලක්ෂ පනහ අතරේ සිටින අවුරුදු 39 කෙනෙක්ට තවත් වසර 40 කින් අවුරුදු හැත්තෑනවයක් වෙනවා. මෙම ලක්ෂ පනහෙන් භාගයක් ඉන්නේ පිරිමි කියලා හිතුවොත් කාන්තාවන් ඉන්නේ ලක්ෂ 25 යි. ඒ ලක්ෂ විසිපහෙනුත් ලක්ෂ පහක් විතර මේ වන විට වඳ සැත්කම් කරගෙන. රටේ නීතිය මත වයස අවුරුදු 26 ක් ඉහළ විවාහක කාන්තාවන්ට එල්. ආර්. ටී. සැත්කම කරන්න පුලුවන්. ඒ කියන්නේ ලක්ෂ විස්සයි කාන්තාවන් ඉන්නේ.
කාන්තාවන් ලක්ෂ විස්සෙනුත් ලක්ෂ දහයක් ඉන්නේ අවුරුදු 20 ට අඩු අය ඒ කියන්නේ විස්සට වැඩි අය ඉන්නේ ලක්ෂ දහයයි. එක්කෝටි තිස් ලක්ෂයක් සිංහල මිනිසුන්ගෙන් ලක්ෂ දහයයි දරුවන් හදන්න පුලුවන් මට්ටමේ සිටින කාන්තාවන් ඉන්නේ. ඔය ලක්ෂ දහයෙන් කී දෙනෙකුටද දරුවෝ ලැබෙන්නේ. දරුවන් හදා ගන්න දවසට කාන්තාවන් කීදෙනෙක් චැනල් කරනවද? ඒත් දරුවන් නැහැ. එතකොට දරු ඵලදාව තිබෙන අය ඉන්නේ ලක්ෂ 8 යි. ඒ විදියට ගත්තම වසර හතළිහක් තුළ ලක්ෂ අසූවක් මැරෙන්න ඉන්නවා. එතකොට එක කාන්තාවක් දරුවන් දහයක් බිහිකළොත් පමණයි යන්තම් සිංහල ජාතිය දැන් සිටින ගාන පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නේ.
ලක්ෂ අටක් දරුවන් හදන්න පුලුවන් කියන යථාර්ථයක් එක්ක හෙට දවසේ ලක්ෂ අසූවක් මැරෙනකොට ලක්ෂ පනහක් නාකිවෙලා ඉන්න කොට එක්කෙනා දරුමල්ලන් පස්දෙනා ගානේ හැදුවත් ලක්ෂ හතළිහයි හදන්න පුලුවන් වන්නේ. ඒ කියන්නේ මියගිය ලක්ෂ අසූවෙනුත් භාගයයි උපදින්නේ. මේ නිසා සිංහල ජාතියට ඉදිරියේදී විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මෙය වහාම තේරුම්ගත යුතුයි.
src: http://www.divaina.com/2013/05/30/news28.html
1977 න් පසු මුස්ලිම් ලේ නෑකම් සහිතව ජනපති වූ ජේ. ආර්. ජයවර්ධන නම් පාලකයා මේ හෙළ බොදු රටේ චීවරයට ඇති පිළිගැනීම වහා නැසිය යුතුය යන ආකල්පයෙන් ක්‍රියා කල අයෙකි. අදටත් පවතින විනය වර්ධන නම් පවිටු ගිහි පැවිදි එකමුතුව ඔහුගේ සංකල්පයකි. ආරම්භයේදී ගිහියන් විසින් පූජණීය භික්ෂූන් වහන්සේගේ ශීලයේ අඩු පාඩු සොයමින් ගැරහීමත් ඒවා ප්‍රසිද්ධ කිරීමත් යහමින් සිදුවිය. උපසපන් භික්ෂූන් වහන්සේට කෝටියක් සංවර ශීලය රැක ගැනීමට නොහැකි වූයේ නම් විපාක එන්නේ එතුමන්ටය. පංච ශීලයවත් නොරකින, සසුනට ඇතුලත් නොවූ ගිහියන්ට පැවිදි උතුමන් ශීලය සඳහා විවේචනය කිරීම කොතරම් සුදුසුද යන්න පැහැදිලි කරගත යුතු කාරණයකි.
සසුනේ අවසානය වසර පන්දහසකින් සිදුවන බව ප්රකටය. එවක් වනවිට භික්ෂූන් වහන්සේ කෙසේද යත් ගිහියන්ගෙන් වෙන්කොට හැඳිනීමට පළදින්නේ අතේ කහ නූලක් පමණි. දරු පවුල් රකින රැකියා කරන නමුත් සම්මුති මහා සංඝරත්නයට එතුමන් ඇතුලත් බව ඔබ දැන සිටියාද? බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශණයට අනුව, එම කසාකණ්ඨක භික්ෂූන් වහන්සේ නමකට සැදැහැ සිතින් දෙන දානයත්, බුදුන් දවස අගසව් සැරියුත් මහ රහතන් වහන්සේට දෙන දානයත් එකම ඵල එකම ආනිසංශ වේ. භික්ෂූන් වහන්සේ සසුන අවසන් වනතෙක්ම උපාසක උපාසිකාවන්ට පින්කෙත වන්නේ මේ අයුරිනි. වෙන කිසිම දානයකින් එවන් ආනිසංස නොලැබෙන බව නොකිව මනාය.
සසුන විනය රැකීම අතින් පිරිහීම බුදුන් විසින් පවා දුටු සත්‍යයකි. බුදු දහම හා සසුන වැනසීමට කුමන්ත්‍රණ කරන්නවුන්ට එය ආවුධයක් කර ගැනීමට බොදුනුවන් කිසිසේත් ඉඩ නොදිය යුතුය. කෙසේ නමුත් විනය රකින්නන් සේ රඟ පාමින් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයට වින කරන අසපු ගාමී කල්ලි (රටපුරා මහමෙව්නා හා බෙල්ලන්තොට හන්දියේ සමන්තභද්‍ර) බිහිවන විට ඒවාට එරෙහිවීමට නම් සිව්වනක් පිරිස නොපැකිලව ඉදිරිපත් විය යුතු බව අපි නොයෙක් වර පෙන්වා දුන්නෙමු.
මීට අමතරව හෙළයාගේ ජාති මාමක්ත්වයට හේතු සොය බැලූ එම පාලකයා ,වීර හෙළ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නරපතියන් හේතුව බව දැක, ඉතිහාසය මුළුමනින්ම වලලා දැමීම පිණිස පාසැල් විෂය ධාරාවෙන් එය ඉවත් කරන ලදි. වීර දුටු ගැමුණු රජු ගේ ශ්‍රේෂ්ඨත්වය විශේෂයෙන් සඟවා දමන ලදි.
ඡේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථික යුගය තුල රටේ සිටි වඩාත්ම ජනප්‍රිය බෞද්ධ භික්ෂුව පමණක් නොව වඩාත්ම ජනප්‍රිය චරිතය වූයේද අති පූජණීය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ පිළිබඳවත් උන්වහන්සේගේ බෝධි පූජා පිංකම් පිළිබඳවත් ප්රවෘත්ති කිසි විටෙකත් පුවත්පත්වල පළ නොකරන ලදී. ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය නොකරන ලදී. කියවන්න එම ශ්‍රේෂ්ඨ චරිතයේ වීරකම් හා අභිරහස් අපවත් වීම .
http://www.divaina.com/2016/05/22/feature01.html
“නහී වේරේන වේරානි” ආදි වශයෙන් තම දිළිසීම උදෙසා බෞද්ධ ඉගන්වීම් ලොවටම කියාපාමින් ඡේ. ආර්. ජයවර්ධන නම් මුස්ලිම් එකාධිපතියා බුදු දහමට කළගුණ සැලකූවේ ඒ අයුරිනි.
එම පාලකයා හෙළයට කල හානි එය පමණක් නොවේ. කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් මේ රටේ ජන පදනම විකෘති කිරීමට අඩිතාලම දැම්මේද ඔහුමය. මැදපෙරදිග රටවල් ලොවම ඉස්ලාම් කිරීමේ සිහිනයෙන් මත්ව පවුල් සැලසුම් සිය ආගමිකයන්ට තහනම් කිරීමත් අනෙක් ආගම් හා ජාතීන්ට තම වියදමින් නොමිළේ කරදීමත් එකල ආරම්භ කල ජාත්‍යන්තර කුමන්ත්රණයකි. තම මැදපෙරදිග නෑසියන්ගේ එම කුමණ්ත්‍රණයේ මෙරට හවුල්කරු වූයේ ජේ. ආර්. ජයවර්ධන නම් පාලකයායි. “පුංචි පවුල රත්තරං!” යන්න ඔහුගේ හෙළය නැසීමේ ව්‍යාපාරයයි. අද වනවිට අප එහි ගොදුරක් වී හමාර බව ඉහත අති පූජණීය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ගේ ලිපියෙන් මොනවට පැහැදිළි නොවන්නේද?
කල මෝඩකම් මොනවා වුවත්, ලිඳේ වැටුනු මිනිහා ළිං කටින්ම ගොඩ විය යුතුය. වර්ථමානයේ විවාහ දිවියට පත්වන සිංහල යුවලවල් අතර දරු උපත් ඉතා විරල බවට පත්වී ඇත. ඒ අතරම ආර්ථික අපහසුකම් ඇති පවුල් අතර සමහර අවස්ථාවල දරුවන් 7 පවා දැකීමටද ඇත. මෙසේ ජාතියට සිංහල බොදු දරුවන් පුදන පවුල් ජාතියක් වශයෙන් එක්ව අප රැකිය යුතුය. ඔවුනට උපරිමයෙන් අත දී දිරිමත් කල යුතුය. දරුවන් රහිත යුවලවල් මෙය තමාගේ විශේෂ වගකීමක් කරගත යුතු වන්නේ තමාට කල නොහැකි වූ ජාතික සේවය එම පවුල් විසින් ඉටු කරන බැවිනි. හෙළ ජාතිය වඳ වූ දාට කිසිවෙකුගේ ජීවිතය සුන්දර නොවනු ඇත. කර්කෂ ඉස්ලාම් නීති මනුෂ්‍යත්වය සහමුලින් අකාමකා මිහිමත අපාය මනුලොව බිහි කරනු ඇත. එම ගෝත්රිකවාදයේ වර්ථමාන නිදසුන් ISIS ම්ලේච්ඡත්වය තුලින් අප දකිනවා නොවේද? බොදු දහමේ කරුණාවෙන්ම රැකෙමින් එය අගය කරනවා වෙනුවට අපගේ පූජණීය උතුමන් මරාගෙන මැරීමට උවමනාව ඇත්තේ ඉස්ලාම් ආගමිකයන්ට පමණි. එම ගෝත්‍රිකයන් මහියන්ංගනයේදී බෞද්ධ කොඩි පිළිස්සුවේ ගෙරි මස් නොකෑම පිළිබඳ බණට එරෙහිවය. මාධ්‍ය වාරණ තුලින් ජනතාවෙන් වසන්කල එම අපරාධ මේ ලිපියෙන් හෙළිවන අයුරු බලන්න. ඉස්ලාම් වටපිටාවේ අපි කෙසේ නම් විසිය යුතු වෙයිද?
http://www.divaina.com/2016/07/08/news26.html
එමනිසා සැදැහැවත් බෞද්ධ ඔබගේ නොමසුරු මාසික ආධාරය මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීමට හැකි පමණින් දායක කරන්න. රු 10, 20 වේවා 500, 1000 වේවා පස්වී දිරි දරු අඩවියේ සඳහන් ගිණුමට බැර කිරීමෙන් උපරිම ආත්ම තෘප්තියක් ලැබෙන සාසන මාමක ව්‍යාපාරයක හවුල් කරුවකු වන්න. වඳ වීම ආරම්භ වී ඇති අපගේ සිංහල ජාතිය වෙනුවෙන් ඔබගේ යුතුකම් කොටස ඉටු කරන්න. ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න, දැනටම ප්රතිලාභ ලබන පවුල් බලා සිත් පහදවා ගන්න.
http://pasawi.com/index.html
https://www.facebook.com/PASAWI/
“පස්දරු සිංහල පවුලක් සොයා ගැනීම කලුනික සොයනවාටත් වඩා අපහසුයි”
– පස්දරු සිංහල පවුලක්
එල්. පී. ඩී. බන්දුරත්න
පස්දරු සිංහල පවුලක්
සිංහල ජාතියේ අනාගතය සුරැකීමට ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි පසවි දිරිදරු අරමුදලක් ආරම්භ කර ඇත.
එම අරමුදල මගින් දරුවන් 5 ට වැඩි පවුල් සඳහා දිරි දීමනාවන් ලබාදේ. 2013 වසරේ හෝ ඊට පසු පස්වන දරුවකු ලක්මවට දායාද කරන පවුල් සඳහා මාසිකව රුපියල් පන්දහසක මුදලක් වසර 17 ක් පුරාවට ලබාදේ.
දිනෙන් දින පරිහානියට පත්වන සිංහල ජාතිය ගොඩගැනීමේ උතුම්වූ අරමුණ පෙරදැරි කරගෙන 2013 ජුනි මාසයේ ආරම්භ කළ මෙම අරමුදල මගින් පවුල් 14 කට දායකත්වය ලබාදේ.
පසුගියදා මීටියාගොඩ නවගම දක්ෂිණාරාම විහාරයේදී වතුරවිල පදිංචි එස්. එම්. ශ්‍රියානි යන අයට බැංකු පොත ලබාදීම විහාරාධිපති නාකුළුගමුවේ ඥනවිමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඇල්පිටිය හිපන්කන්ද විෙද්‍යාaදය පිරිවනේ ඇඹිලිපිටියේ රාහුල හිමිගේ ශිෂ්‍ය හිමි නමක් අදහස් දක්වමින්.
රටේ දැවෙන ආර්ථික ප්‍රශ්න හමුවේ සිංහල මිනිසුන් පුංචි පවුල රත්තරං කියමින් දරුවන් 1-2 සීමාකර තිබීම ජාතියේ අවාසනාවක් වන අතර රට ජාතිය ගොඩ ගැනීමට දැන්වත් දායක වන ලෙසත් මුස්ලිම්, දමිල ජනයා ඉදිරියේදී මහ ජාතිය බවට පත්වන ලකුණු පහළවී ඇති බැවින් අපේ මිනිසුන් අනුකරණවලට රැවටෙමින් වඳ සැත්කම සිදුකරන බැවින් ඉතාම කල්පනාවෙන් තීරණ ගන්නා ලෙසත් ඉදිරියේදී සිංහල ජාතිය ගොඩගැනීමට දායක වන ලෙස පැවැසීය.
ඇල්පිටිය හිපන්කන්ද පරිවේනාධිපති ඇඹිලිපිටියේ රාහුල හිමි, බානගල පොල්හුන්නාවේ ජගත්, අනුර මහතුන්ගේ මග පෙන්වීමෙන් මෙම පසවි දරුවන්ට ආලෝකයක් ලබාදුනි.
සිංහල ජාතිය ගොඩගැනීමේ උතුම් මෙහෙවරට පසවි දිරිදරු අරමුදල ශක්තිමත් කිරීමට දායක වන ලෙසත් කොළඹ 7 ග්‍රෙගරි පාරේ සම්පත් බැංකුවේ ගිණුම් අංක 007006000144 පසවි දරු දිරි අරමුදලට දායක වීමට කැමති පින්වතුන් 0712224450 විමසන ලෙසත් සංවිධායකවරුන් පැවසීය.
http://www.divaina.com/2014/02/26/provin04.html
ඔබත් මෙළොව පරලොව සියළු සම්පත් ලබා දෙන බුදු දහමේ වටිනාකම තේරුම් ගත් හෙළ බොදුනුවෙක් නම් මසකට රුපියල් 5කින් හෝ මේ අරමුදලට දායක වී හෙළ බොදු සමාජය ගොඩ ගැනීමේ කුසලට දායක වන්න. බුදු පියාණන්ගේ දහම රැකීමට උන්වහන්සේගේම තෝරා ගැනීම වූ හෙළ බොදු ජනතාව වර්ධනයට මෙම අරමුදලෙන් පමණක් නොනැවතී දැයට තව තවත් බොදු දරුවන් දායාද කිරීමෙනුත් උපරිමව ඔබේ දායකත්වය සපයන්න.
මෙම විචිත්‍ර ධර්ම පොත් වහන්සේ මුද්‍රණය කර කියවන්න, තවත් බෞද්ධ හදවත් ශ්‍රද්ධාවෙන් ආලෝකමත් කිරීමට ධර්ම දානය කරගන්න. සියළු සම්පත් ලබා දෙන්නා වූ උතුම් කුසල් ඔබත් රැස් කරගන්න.
අතිශය ඛේදනීය වූ බෞද්ධයාගේ අනාගතය
Posted ජනවාරි 7, 2013
on:
බොදු විරෝධී බලවේග හා බෞද්ධයාගේ අනාගතය
අක්මීමන – කේ. මතිලාල්
2012 ජන සංගණනයේදී ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන සංඛ්‍යාව 61% ක් බව සඳහන් කර ඇත. 20 වැනි සියවසේ මැද භාගය වනවිටත් මේ සිංහල දේශයේ බෞද්ධ ජන සංඛ්‍යාව 80% ක් වී තිබිණි.
මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් බුදු දහම වැළඳගත් දේවානම්පියතිස්ස රජතුමා ශ්‍රී ලංකා ධරණීතලය බුදු දහමට පූජා කළ දින සිට සිරිලක රාජ්‍යාගම වූයේ බුදු දහමයි.
1505 දී පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණ බෞද්ධයන් පවුල්පිටින් ඝාතනය කර වෙහෙර විහාර විනාශ කර සංඝයා වහන්සේලා ද මරා දමා සඟසතු දේපළ කොල්ලකා ගත් අන්දම මෙහිදී සිහිපත් වේ. බෞද්ධ පතපොත විනාශ කරමින් පිරිවෙන් මූලිකව තිබුණු අධ්‍යාපන ක්‍රමය ද විනාශ කර දැමීය. පෘතුගීසීන්ගෙන් පසු ලන්දේසීන්ද, ඊට පසු බ්‍රිතාන්‍යයන් ද මේ රට පාලනය කරමින් බුද්ධාගම විනාශ කර දැමීය.
කිතුනු දහම ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කරන්නට විය. ඒ අඳුරු යුගය ශ්‍රී ලංකාව බුදු දහමින් ඈත් කරන්නට විය. තාන්න මාන්න වරප්‍රසාද හමුවේ බුද්ධාගම්කාරයෝ පරගැති දහම් වැළඳ ගත්හ.
1972 ජනරජ ආණ්ඩු ව්‍යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයේ 6 වැනි වගන්තියේද 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයේ 9 වැනි වගන්තියේද ශ්‍රී ලංකාවේ බුද්ධාගමට ප්රමුඛ ස්ථානයක් ලැබී තිබේ. ව්‍යවස්ථාවන්හි එසේ වුවද බුද්ධශාසනය සුරක්ෂිත කිරීම ගැන රජයේ වගකීම දියාරුවී ඇති අන්දම දැකිය හැකියි. සර්ව ආගමික සංකල්පයක් කෙරෙහි නෙත් සිත් යොමු වී තිබේ.
දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයිනි, සිංහල බෞද්ධයනි. සියලුම රටවැසියනි, ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ගැන සිත් යොමු කරන්නට කාලය පැමිණ තිබේ.
පන්සිල් රැක්ක ජන සමාජයක් පස්පව්වලට යොමුවී ඇති අන්දම දිනෙන් දින වැඩි දියුණු වේ. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සොරකම් අතින් මේ දහම් දිවයින ලෝකයේ මුල්තැනකය. සැමියා බිරිඳ හා දරු දෙදෙනා මරා දැමීම, තාත්තා දියණිය දූෂණය කිරීම වැනි සාපරාධී ආරංචි නිතරම ඇසේ. හිරගෙවල් පිරී ඇත. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළය. මේ අන්දමට සමාජ සංස්ථාවම කණපිට හැර වූයේ බුදුදහමේ නිර්මල ප්රතිපත්තිවලින් ඈත් වූ බැවින්ය.
මෙම විනාශකාරී පසුබිම ගැන කතා කරන්නට කෙනෙක් නැත. බෞද්ධ දේශපාලන නායකයන් ද මහා සංඝයා වහන්සේලා ද ඉතා දැඩිව සිත් යොමු කළ යුතුව ඇත. 1980 දශකයේ ආරම්භ වූ දෙමළ ඊලම් භීෂණ සමයේ මුවාවෙන් අපේ රටට ඇතුළු වූ කිතුනු මූලධර්මවාදීන් විසින් නඩත්තු කරන ස්වෙච්ඡා සංවිධාන සමාජ සේවාවේ මුවාවෙන් ඈත ගම්වල තම බලය ව්‍යාප්ත කර ගෙන ඇත. විවෘත ආර්ථිකයේ ආශිර්වාදයෙන්ද බුද්ධාගමට විනයක් සිදුවිය.
සුනාමි ව්‍යසනයෙන් පසුවද ඵල නෙළා ගත්තේ මූලධර්මවාදීන්ය. අහිංසකත්වයේ මුවාවෙන් අනුකම්පාව පෙරදැරිව අපේ දේශයේ ආර්ථික බෙලහීනත්වයට උදව් කර ආගම වැනසීය. ඔවුන් ක්‍රියාත්මක කරන්නේ පුළුල් සැලසුමකි. මෙවැනි බෞද්ධ විරෝධී වැඩ ගැන සොයා බලා කටයුතු කරන්නට තවදුරටත් ප්‍රමාද නොවිය යුතුයි. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය, තරුණ බෞද්ධ සමිති පමණක් නොවේ. ගම් මට්ටමින් ඇති විහාරස්ථ දායක සභා, කුලඟන සමිති ද බුද්ධාගම රැක ගැනීම සඳහා ගරුතර මහා සංඝයා වහන්සේලා සමග පෙරමුණ ගෙන කටයුතු කළ යුතුව ඇත.
මේ අතර මුස්ලිම් ජන අනුපාතය ද දිනෙන් දින වැඩි වේ. දැන් කොළඹ 50% ක් මුස්ලිම් ජනතාවය. ප්‍රධාන නගරවලද මෙම ව්‍යාප්තිය වැඩිය. සිංහල අය කුඩා පවුල රත්‍රං යෑයි කියනවිට මුස්ලිම් හා දෙමළ අය වර්ගයා බෝ කර ගනිsති. මුස්ලිම් මූලධර්මවාදී කොටස් ද ඉස්ලාම් භක්තිකයන්ගේ සංඛ්‍යාව වැඩි කර ගෙන ඇත.
සිංහල බෞද්ධ දේශය විනාශ කරන්නට විදේශීය බලපෑම් ද දේශීය වශයෙන් විවිධ අය ද පෙරමුණ ගෙන සිටිති. දේශීය වශයෙන් කෙරෙන කෙනෙහෙළිකම් අප්‍රමාණය. අනන්තය. අපට සිටින්නේ සිංහල බෞද්ධ රාජ්‍ය නායකයෙකි. එය යම් තරමක හෝ සැනසීමකට හේතුවකි. රාජ්‍ය නායකයාණෝ සෑම ආගමකටම එක සමාන අන්දමට සලකති. ඒ අල්ල පනල්ලේ රාජ්යාගමට වින කරන්නට මාන බලන අවස්ථාවාදීන්ගෙන් මේ මව්භූමිය බේරා ගත යුතුව ඇත.
නිර්මල බුදුදහම අදහන රටවල් අතර ශ්‍රී ලංකාවට ලෝකයේ ඇත්තේ මුල් තැනකි. බටහිර රටවලට ද බුදු දහම ව්‍යාප්තව ඇත. මේ ධර්මද්වීපයෙන් විදේශීය රටවල්වලට ධර්ම ප්රචාරක කටයුතු සඳහා වැඩම කර ඇති බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාවද ඉතා විශාලය. ජාත්‍යන්තරව පිළිගත් ආගමකි, බුද්ධාගම. ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන සංඛ්‍යාවේ ප්‍රතිශතය දිනෙන් දින අඩු වීම ගැන නම් සතුටු විය නොහැකිය. තත්ත්වය මේ අන්දමට පැවතියහොත්, අද 61% ක් වන බෞද්ධ ජන සංඛ්‍යාව ඊළඟ සංශෝධනයේදී 51% ක් විය හැකිය. 2032 වර්ෂයේදී පවත්වන ජන සංගණනයේදී බෞද්ධ ජන අනුපාතය 40% ක් විය නොහැකිද? තවත් ශත වර්ෂයක් ගත වන විට බුදු දහම අදහන කෙනෙක් ගැන කතා කරන්නට නම් කල්තියා අද පවතින තත්ත්වයට පිළියම් යෙදිය යුතුයි.
යටත්විජිත පාලන සමයේදී රාජ්‍ය බලය හා මිෂනාරී අධ්‍යාපනය උපයෝගී කර ගනිමින් ගෙන ගිය උපායශීලී සැලසුම් මගින් බෞද්ධ බලවේග අකර්මන්‍ය කළහ. එහෙත් අද කෙරෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් අන්දමට බෞද්ධ ජනතාව බිලීබා ගැනීමකි. ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල, නොයෙකුත් මූලධර්මවාදීන්ගේ ආගමික සංවිධාන පමණක් නොවේ. ශ්‍රී ලාංකිකයන් බුරුතුපිටින් විදේශ රටවලට අධ්‍යාපනය සඳහා පිටත්ව යැම යනාදී කරුණු ද බුදුදහමේ නිර්මල දහම් කොටස් කඩ කිරීමට හේතුවී තිබේ.
බුදුන් වහන්සේගේ ප්‍රතිමාවේ සිරස කුඩු කර දමා චෛත්‍යයේ කොත ගලවාගෙන භික්ෂුන් වහන්සේද ඝාතනය කර යැමට තරම් දරුණු අපරාධකරුවන් අප රටේ සිටී. මේ අය මේ තරම් දරුණු වෙන්නේ නිර්මල බුදුදහම අදහන අයගේ සංඛ්‍යාව අඩුවී ඇති බැවිනි. දහම් පාසල් අධ්‍යාපනය ගැන ද නිතර කතා කරති. දහම් පාසල්වල ඇත්තේ කුඩා දරුවන් පමණි. ලොකු ළමයින් ටියුෂන් පංතිවලය. තරගකාරී අධ්‍යාපන ක්‍රමය නිසා ආගම දහමට තැනක් නොමැත. පාසල් විෂය මාලාවේ වුවද ආගම විෂයට ඇත්තේ සුළු ඉඩකඩකි. බෞද්ධ අධ්‍යාපනය මිෂනාරී අධ්‍යාපනයක්ව යටත්විජිත කාලයේදී විනාශ වූවාටත් වැඩියෙන් වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ ද විනාශ වී ඇති අයුරු දැකිය හැකියි.
යටත්විජිත පාලන සමය තුළ ක්‍රියාත්මක වූ බෞද්ධ විරෝධී බලවේගයන්ට ඔවුන්ගේ උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවූයේ එදා අතිපූජ්‍ය වැලිවිට සංඝරාජ හිමියන් වැනි සංඝපීතෘවරුන් බෞද්ධ ජනතාව සමග එක්වී කටයුතු කළ නිසාය. අද මහනාහිමිවරුන් බොහෝ වෙති. බුදුදහමට විරෝධී බලවේග පාලනය කරන්නට පෙරමුණ ගන්නා කෙනෙක් නොමැත. ශ්‍රී ලංකාවේ බෞද්ධයන් සදාචාර විරෝධී කූට උපක්‍රම මගින් අන්‍යාගම්වලට හරවා ගැනීම පිළිබඳ පරීක්ෂා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තවදුරටත් ප්‍රමාද නොවිය යුතුව ඇත.
මෙය ජාත්‍යාලයෙන් කරන වැඩක් මිස ආගම්වාදී හැඟීමක් නොවේ. සමාජයේ යහපැවැත්ම උදෙසා කරන්නකි. සමාජය මේ අන්දමට විනාශ වී ගියහොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර අන් රටවල් කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නම් විනාශ වී යනු නොඅනුමානය.
http://www.divaina.com/2013/01/05/feature01.html
මෙසේ බෞද්ධ ජනතාවට, නිර්මල බුදු දහමට එරෙහි බලවේග කොතෙකුත් හිස ඔසවන අතර සසුනේ තවත් කඳ පණු වහන්සේ කෙනෙක් වන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිට දැවෙන ප්‍රශ්ණය වී ඇත්තේ කුමක්ද? ලංකාව කැබලි කර වනසා දැමීමට සිය තානාන්තරය භාවිත කිරීමට නින්දිත උත්සාහයක යෙදුනු අති දූෂිත ස්ත්‍රිය ශ්‍රියානි බණ්ඩාරනායකගේ ඉරණමයි. එතුමා ක්‍රියාත්මක වී ඇත්තේ ඇය වෙනුවෙන් සිය වසල අනුගාමික ශ්‍රාවක පිරිස උසි ගැන්වීමටයි. වරක් මෙතුමා වියරු හමුදා නායකයෙක් වෙනුවෙන් මහා සංඝරත්නය පාවා දීමට ක්‍රියාත්මක විය. මෙවර පවිටු ස්ත්‍රියක් වෙනුවෙන් එයම කිරීමට සැරසේ.
http://www.divaina.com/2013/01/07/news36.html
මෙම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත කඳ පණුවා එකමුතු වී ඇති පිරිස දෙසම බලන්න, ඉතිහාසය පුරාම බුදු සසුනට වෛර බඳින පල්ලියේ නියෝජිත පියතුමන්ලාද, අති දූෂිත එක්සත් ජාතික පක්ෂ දේශපාලකයන්ද, සිංහල බෞද්ධ නායකයෙක් රටේ ජනපති සේ පිළිගැනීමට අකමැති සියළු පාපතර ගුණමකු බලවේගද පමණක් ඒ තුල දැක ගත හැකිය. සාසන ලැදි ඔබ මෙවන් හවුල් දෙස ඉතා ප්‍රවේශමෙන් බැලිය යුතුය. හැකි උපරිමයෙන් මෙවන් කුමණ්ත්‍රණ ව්‍යර්ථ කර දැමිය යුතුය. දිනෙන් දින බෝ වෙමින් වැඩිවන කඳ පණුවන් හඳුනා ගෙන සසුනෙන් පන්නා දැමීමට පෙල ගැසිය යුතුය.
නවතම ප්‍රතිචාර