Archive for the ‘ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු’ Category
අපායේ උපදින අකුසල් මොනවාද?
Posted ජනවාරි 18, 2021
on:තෝරාගත් සදහම් ගැටළුවකට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
තෝරාගත් සදහම් ගැටළුවකට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
තෝරාගත් සදහම් ගැටළුවකට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
තොරාගත් සදහම් ගැටළු වලට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් ඉහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
තොරාගත් සදහම් ගැටළු වලට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
- In: 10. විනය පිටකයේ පරිදි දාන වස්තු මොනවාද? | 11. අභිධර්ම පිටකයේ පරිදි දාන වස්තු මොනවාද? | 12. සංඝ පරිභෝජනයට ආහාර කැප අකැප කාල මොනවාද? | 13. අෂ්ඨපාන පිළියෙල කරන්නේ කෙසේද? | 14. දන් දීමේදී සුදුසුම ප්‍රාර්ථනාව කුමක්ද? | 15. මල්- පහන්- සුවඳ දුම් බුදු පියාණන්ට පූජා කරන්නෙ ඇයි? | 9. දශ දාන වස්තු මොනවාද? | දශ දාන වස්තු | ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) | ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු
- ප්‍රතිචාරයක් ලබාදෙන්න
මෙම ධර්ම පත්‍රිකාව ඔබට පහත සියළු පැණයන්ට පිළිතුරු සපයයි.
9. දශ දාන වස්තු මොනවාද?
10. විනය පිටකයේ පරිදි දාන වස්තු මොනවාද?
11. අභිධර්ම පිටකයේ පරිදි දාන වස්තු මොනවාද?
12. සංඝ පරිභෝජනයට ආහාර කැප අකැප කාල මොනවාද?
13. අෂ්ඨපාන පිළියෙල කරන්නේ කෙසේද?
14. දන් දීමේදී සුදුසුම ප්‍රාර්ථනාව කුමක්ද?
15. මල්- පහන්- සුවඳ දුම් බුදු පියාණන්ට පූජා කරන්නෙ ඇයි?
15 ප්‍රශ්ණයට පිළිතුර තවත් සවිස්තර ලෙස පහත දක්වා ඇති ආකාරයට තේරුම් කල හැක
සුවඳ දුම් – බුදු පියාණන්ගේ සිල් සුවඳට උපහාර ලෙස
පහන් – බුදු පියාණන්ගේ ප්‍රඥාවට උපහාර පිණිස
මල්වල – සුවඳ(බුදු පියාණන්ගේ ශීල සුවඳට උපහාර ලෙස ) වර්ණය (බුදු පියාණන්ගේ සමාධියට උපහාර ලෙස) සුපිපුන ප්රබෝධය (බුදු පියාණන්ගේ ප්‍රඥාවට උපහාර ලෙස)
- In: 8. ගුරුත්වාකර්ෂණය ඍතු නියාමයට අයත්වන දෙයක් නොවේද? | අභිධර්ම පාඩම් | ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු | ශුද්ධාෂ්ඨකය අඩංඟු ඍතුජ රූප කලාප
- ගුරුත්වාකර්ෂණය ඍතු නියාමයට අයත්වන දෙයක් නොවේද?හි ප්‍රතිචාර වසා ඇත.
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
මෙම දහම් ලිපිය ලිවීමට අපට සිත්වූයේ නාලක නම් උපාසක මහතෙක් විසින් ප්‍රතිචාර ඔස්සේ කරන විමසීමක් නිසාය. ධර්ම නියාමය සම්බන්ධ අපගේ ලිපියට ඒ මහතාගේ පැනයට අපි පිළිතුරු සැපයූ නමුත් ඒ මහතා තව දුරටත් පහත පැණය යොමු කර සිටී. ඒ මහතාගේ උනන්දුව තව බොහෝ දෙනෙකුට සෙත සැලසිය හැකි බැවින් පිළිතුර වෙනම ලිපියක පළ කිරීමට තීරණය කලෙමු.
පැණය:
පැහැදිලි කිරීමට පින්, නමුත් ඉර පැයීම – බැසීම, මුහුදු සුලන් – ගොඩ සුලන් සෘතු නියාමය යටතට පත් කලත් ගුරුත්වාකර්ෂණය වැනි දේවල් එයට යටත් කරන්නේ කෙසේද ? සෘතු කාලය හා අවකාශය සම්බන්දිත වෙනස් කම් වන අතර එසේ නොවන දේවලුත් එය තුලට ඇතුලත් කිරීම නිවැරදිද?
අපගේ පිළිතුර:
ගුරුත්වාකර්ෂණය යනු හුදෙක් ස්වභාවිකව පවතින වස්තූන් (ස්කන්ධ ) දෙකක් අතර ක්‍රියාත්මක වන ලෙස විද්‍යාවෙන් හඳුනාගත් බලයක් පමණි. මෙහි එක් ස්කන්ධයක් මහ පොළොව වන අතර අනික් ස්කන්ධය මිනිසෙක් හෝ ඇපල් ගෙඩියක් ලෙස දැක්විය හැක.
ගුරුත්වාකර්ෂණයට ඍතුවේ ඇති සම්බන්ධය තේරුම් ගැනීමට නම් අපි එම ඕනෑම ස්කන්ධයක පරමාර්ථ ස්වභාවයටම එබී බැලිය යුතුය. ඕනෑම අචේතනික වස්තුවක කුඩාම ඒකකය විද්‍යාවට අනුව නම් ඉතා දළ මට්ටමක පවතින පරමාණුය, අති ගාම්භීර සම්බුද්ධ ඉගැන්වීම අනුව බැලූ කල එම පරමාණුවේ න්‍යෂ්ඨිය නම් කොටස පවා රූප කලාප දහස් ගනනක සංයුතියක් සේ තේරුම් ගත හැක. එවන් එක් රූප කලාපයක් සැලකූ විට කිසි අයුරකින් වෙන්කල නොහැකි සංඝටක 8කින් සෑදී ඇති අතර ඒවාට ශුද්ධාෂ්ඨකය යන කෙටි නම භාවිත වේ. එහි සංයුතිය පවා පැහැදිළිව දේශනා කර ඇති අතර එම කොටස් 8 මෙසේය
1. පඨවි
2. ආපෝ
3. තේජෝ
4. වායෝ
5. වර්ණ ( සියළුම රූප වලින් ඇසට ගෝචර වන එකම රූප වර්ගය )
6. ගන්ධ
7. රස
8. ඕජා (මෙයට ආහාර රූපය කියාද කියයි )
ඉහත දැක්වෙන්නේ 28 රූපය යටතේ ඉගැන්වෙන රූප 8කි, මෙහි සඳහන් නොකරන තවත් රූප 20 ක් සචේතනික වස්තු සැලකූ විට පැහැදිළි කල හැක.
උදාහරණයක් ලෙස දොඩම් ගෙඩියක් ගත් විට එහි තද ගතිය පථවි සංඝටකය නිසා උපදී, එහි ඇති දියර ගතිය, ආපෝ සංඝඨකය නිසාත්, දොඩම් ගොඩක් එකට ගොඩ ගැසූ විට ප්‍රකට වන උණුසුම ( මෙය බොහෝවිට ප්‍රකට නොවන නමුත් අනිවාර්ය සංඝඨකයකි ) එහි තේජෝ සංඝඨකය නිසාත්, පුෂ්ටිමත් පිම්බුන ස්වභාවය වායෝ සංඝඨකය නිසාත් බව පහසුවෙන් තේරුම් ගත හැක. ඉන්පසු දොඩම් වර්ණය “වර්ණ” සංඝඨකය නිසාත්, දොඩම් සුවඳ “ගන්ධ” සංඝඨකය නිසාත්, දෙඩම් රසය “රස” සංඝඨකය නිසාත්, දොඩම් ආහාරයට ගත් විට අප ශරීරයට අවශෝෂණය වන ගුණය “ඕජා” ( ආහාර ) සංඝඨකය නිසාත් බව සරලව තේරුම් කල හැකිය.
දොඩම් පමණක් නොව කළු ගලක් සැලකූ විටද මේ කොටස් අට ඊටම ආවේනික ආකාරයකින් එහි පවතී. බොහෝ දෙනෙක්ට එය තේරුම් ගත නොහැක්කේ සියළු සංඝඨක දොඩම් ගෙඩියක් මෙන් තම ඉන්ද්‍රියන්ට ප්‍රකට නොවීම නිසාය. තමන්ගේ ඉන්ද්‍රියන්ගේ හැකියාවෙන් පමණක් ළොවම තේරුම් ගැනීමට උත්සාහ කිරීමේ අවාසනාව මෙයයි.
සචේතනික දේ හෙවත් පණ ඇති ජීවීන් සැලකූ විට ශරීරයේ ඇති රූප කලාප ඉපදෙමින් පැවැත්ම පිණිස ප්‍රත්‍ය 4ක් අවශ්‍ය වේ. ඒවා කර්ම, චිත්ත, ඍතු, ආහාර ලෙස හඳුනාගත හැක. එනමුත් අචේතනික දේ වන, සිතක් චෛතිසිකයක් සම්බන්ධ නොවන ගස් ගල් සැලකූ විට ඒවායේ රූප කලාප ඉපදෙමින් පැවැත්මට අවැසි වන්නේ එකම එක දෙයකි, එය නම් “ඍතු” වයි. අඩංගු රූප කලාප වලට ඍතුජ රූප කලාප යැයි කියන අතර ඉහත සංඝටක 8 පමණක් එහි අන්තර්ගත වේ.
දැන් අපි ගුරුත්වාකර්ෂණය දෙස නැවත හැරී බලමු. අචේතනික වස්තු දෙකක් මොහොතකට සලකමු. හුදෙක් පොළොව නම් “ඍතුජ” රූප කලාප ගොඩට තවත් “ඍතුජ” රූප කලාප සමූහයක් දක්වන ආකර්ෂණ බලය මේ රූප කලාප කිසිවක් ගැන හසරක් වත් නොදන්නා විද්‍යාවට ගුරුත්වාකර්ණය බවට පත්වී ඇත. පොලොවට ඇද ගන්නා ඇපල් ගෙඩියක් , ගලක් වෙනුවට අපි සතෙක් , මිනිසෙක් සලකමු, සචේතනික මේ අයගේ ඝන ශරීර වල ප්‍රත්‍ය 4න්ම හට ගන්නා රූප කලාප විවිධ සංයූතීන් ලෙස ඇති නමුත්, 99.9% ක්ම රූප කලාප ඍතුජ රූප කලාප බව අති ශ්‍රේෂ්ඨ අභිධර්මාචාර්ය උතුමෙක් වන රේරුකානේ මාහිමි පැහැදිලිව සිය පොත් වහන්සේ තුල ( අභිධර්මයේ මූලික කරුණු, පිට 156 ) විස්තර කර ඇත. සත්වයෙක් ගේ 100% ක්ම ශරීර රූප කලාප ඍතුජ රූප කලාප බවට පත්වීම සිද්ධ වන මොහොත එම සත්වයා ප්‍රාණය නිරුද්ධ කරන මොහොතයි.
ඉහත විස්තර සියල්ලෙන්ම අපි පැහැදිලි කිරීමට උත්සාහ ගත්තේ ඔබට සම්බන්ධයක් සොයාගැනීමට අපහසු ඍතුවට ගුරුත්වාකර්ෂණයේ ඇති සම්බන්ධය පැහැදිළි කිරීමටයි. ඍතුව නොමැතිව සචේතනික හෝ අචේතනික ස්කන්ධයක් හට ගත නොහැක. ස්කන්ධ දෙකක් නොමැතිව ගුරුත්වයක් හට ගත නොහැකිය. මේ නිසා ගුරුත්වාකර්ෂණය පමණක් නොව, අනෙක් නියාම ධර්ම 4ට ඇතුලත් නොවන ඔබ සඳහන් කල/නොකල සියළු දේ අයත් වන්නේ ඍතු නියාමයටම බව මෙයින් පැහැදිළි වන්නේය. ලොව තත්වාකාරයෙක් තේරුම් ගැනීමට අවැසි නම් ඔබ අපි කවුරුත්, අතිශය ප්‍රාථමික විද්‍යාව පසෙක තබා අභිධර්මය උගත යුතු වන්නේය.
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
පහත දැක්වෙන්නේ අප අඩවියේ රසිකයෙක් විසින් නගන ලද දහම් පැණයකි. එම උපාසක තුමා අපෙන් ඉල්ලා සිටියේ පිළිපැදීම සඳහා මෙහි සඳහන් තද අකුරු වදන් පැහැදිළි කර දෙන ලෙසය. පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීනද්‍රයන් වහන්සේ සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය පොත් වහන්සේ අනුගමනය කිරීමේදී, තමාගේ ආරක්ෂාව සලසාගන්නා අයුරු එහි සඳන්ව ඇත්තේ මෙසේයි. පිළිතුරු අන් අයටද ප්‍රයෝජන විය හැකි බැවින් අඩවියේ පල කිරීමට අදහස් කලෙමු.
මේවා සියල්ල ලෞකික සරණගමනයේ ප්‍රභේද ලෙස හැඳින්වේ. පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීනද්‍රයන් වහන්සේ සම්පාදිත, බෞද්ධයාගේ අත්පොත, දහනම වන මුද්‍රණයේ පිටු අංක 29 හි, මේවා එකින් එක විස්තර කර ඇත්තේ මෙසේයි.
ඔබට හැකියාව හා පහසුකම් ඇතිනම්, ධර්ම පුස්තක සංරක්ෂණය සලකා එම මණ්ඩලයට (T.P. 034-2263958, Fax: 034-2265251) උපකාර වශයෙන් මේ වටිනා පොත් වහන්සේ මිළදීගන්න. ධර්ම දාන වශයෙන් මුද්‍රණ කටයුතු සඳහා හැකි උපරිමයෙන් ආධාර කරන්න. ධර්ම රත්නය අපි විසින්ම රැක ගත යුතු හෙයිනි. පරම පූජනීය රේරුකානේ චන්දවිමල උත්තමයාණන් වහන්සේගේ සියලු පොත් වහන්සේලා පරිහරණය කරමින් ඵල ලබන්න.
මුළා නොවන්න, පින හා කුසළය යනු එකක්මය. එපමණක් නොව තවත් වටිනා ධර්ම කරුණුත් අසා දැනගන්න.
Posted අගෝස්තු 21, 2011
on:මෙහිදී පිළිතුරු ලද ධර්ම ප්‍රශ්ණ සියල්ල පහත දැක්වේ
1. පින හා කුසළය යනු දෙකක්ද? එකක්ද?
2. ධර්ම පූජාවට මුදල් කැපද?
3. දානයේ අග්‍ර කොටසට සුදුස්සෝ කවුද?
4. නියම චීවරයක ලක්ෂණ මොනවාද?
5. විදර්ශනා භාවනාව යනු කුමක්ද?
6.මරණින් මතු ගන්ධබ්බ ස්වරූපයක් ඇතිද?
අසා දැනගන්න
නවතම ප්‍රතිචාර