Archive for the ‘පූජ්‍ය දඹර අමිල හිමි’ Category
පූජ්‍ය දඹර අමිල හිමි සැදැහැවත් බෞද්ධයා විසින් සහමුලින්ම ප්‍රතික්ෂේප කල යුත්තේ ඇයි?
Posted මැයි 22, 2012
on:Click here to Read Full screen or Download this Sinhala article in PDF format
සිංහල බෞද්ධයාට, පිරිසිඳු බුදු දහමට එරෙහිව අද දිනයේ සිදුකරණුලබන සංහාර වලට සූදානම් විද්‍යුත් මාධ්‍ය ඕනෑ තරම් තිබේ. YA TV නම් මෙම රූපවාහිනී නාලිකාව සුළු ජාතික අයිතීන් පමණක් නියෝජනය කරන එකකි. දහම ගැන පැහැදිළි අවබෝධයක් නැති නම් විකාශය කරන්නන්ගේ පසුබිමින් හෝ මොවුන් ගේ කුමන්ත්‍රණ ගැන සිතා ගැනීමට තරම් බෞද්ධයා ප්‍රවේශම් විය යුතුය. අපි දැන් මේ ස්වාමීන් වහන්සේ දහම විකෘති කරමින් මේ රටේ සිංහල බෞද්ධයාට එරෙහිව කල හපන්කම විමසා බලමු. පුද්ගලික ලාබ සත්කාර වෙනුවෙන් සිය සසරම විනාශකරගන්නා මේ භික්ෂූන් වහන්සේ ගේ ක්‍රියාකලාපය නිසා එතුමා සමඟ වෛර නොබඳින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. කල යුත්තේ මෙතුමා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමයි. නුසුදුසු භික්ෂූන් වහන්සේ කෙරේ අපි පිළිපැදිය යුතු ආකාරය අප තිලෝගුරු බුදුපියාණන් අපිට පැහැදිළිව දේශනා කර ඇත. ඒ අනුව පමණක් පිළිපැදීමට අපි ප්‍රවේශම් විය යුතුය.
පූජ්‍ය දඹර අමිල හිමි සිය ධර්ම සංහාරය පටන් ගන්නේ මුලින්ම අති උතුම් බුද්ධ රත්නයට අති දරුණු පහරක් දීගෙනය, බුදුන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා තනිව අවබෝධකරගත් අති ඝාම්භීර අනන්ත සර්වඥතා ඥාණය, මෙතුමාට අනුව හුදෙක් ඉන්දියාව තුල කලින් පැවති මිසදිටු දහම් සියල්ල ඇසුරෙන් හොඳම එක ගලපා සකසාගත් ‘ක්‍රීම්’ එකක් පමණි. මෙය මෙතුමන් භාගයවත් වූ අරහත් වූ අප සම්බුදුසමිදානන්ට කල දරුණු අපවාදයකි. සම්මා සම්බුද්ධත්වය ප්‍රතික්ෂේප කිරීමකි. ඒකාන්තයෙන්ම මේ තුලින් පූජ්‍ය දඹර අමිල හිමි නිවන් වලකන උපවාදාන්තරාවට හසුවෙන බව පැහැදිළිය.
ධර්මයේ අපරිමිත ගුණ 6ක් බුදුන්වහන්සේ විසින් දේශනාකරනලදි. පූජ්‍ය දඹර අමිල හිමිට අනුව ධර්මයට ඇත්තේ ‘ඒහිපස්සිකෝ’ පටන් ඇති ගුණ තුනක් පමණි. එතුනත් එතුමා පැහැදිළි කරන්නේ එකක් වශයෙනි. එතනින් එහාට කිසිවක් නැතැයිද කියයි.
ඉන්පසු හීන්සීරුවේ මෙතුමා පිවිසෙන්නේ කාලාම සූත්‍රය හරහා කරන ධර්ම සංහාරයටයි. එම සූත්‍රය දහම සංහාරය කිරීම සඳහා යොදාගත හැකි ආකාරය අපගේ කලින් ලිපියෙන් සවිස්තරව පෙන්වා දී ඇත්තේ පූජ්‍යපාද පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි උතුමාණන්ට පින්සිදු වන්නටය. සියළු බෞද්ධයෝ එම ලිපිය ඉතා හොඳින් කියවා මේ ස්වාමීන් වහන්සේගේ දහම් සංහාර චේතනාවේ බරපතලකම තේරුම්ගත යුතුය.
බුද්ධිය සිත ආශ්රිත දෙයකි. බුදුදහමට අනුව සිත සම්බන්ධව පවතින්නේ මොළයට නොවන බව ඔබ දන්නවාද? සිත සම්බන්ධවන්නේ අභිධර්මයේ පරමාර්ථ ධර්ම 28න් වස්තු රූපය නම් ශූක්ෂම රූපයකටයි. මෙම රූපය පවතින්නේ හෘදය වස්තුවේ අඩපතක් පමණ වන පිරිසිඳු ලේ ආශ්‍රිතවය, මෙතුමා ඒ මූලික කරුණ හෝ නොදැන මොළයක් ගැන දේශනා කරන්නේ සියල්ල දන්නා බවක් මවා පාමිනි. එය තවත් ධර්ම සංහාරයකි.
එතනින් එහාට ඇත්තේ නිවේදකයාට වුවමනා පිළිතුරු ගැනීම පිණිස මෙතුමා හා කරන සම්ප්‍රපලාප සමූහයකි. බුදුපිළිම වලින් රැස් විහිදීම ධර්ම නියාමයට අනුව සිදු වූවක් මිස එයට එරෙහි තර්ක කිසිවකින් විස්තර වන දෙයක් නොවේ. මාවිල් ආරු සටන අවසාන වීමට ආසන්නයේ සිරිලක පුරා බුදුපිළිම රැස් විහිදවීම මේ පින්බිමේ අනාගත ජය සංකේතවත් කල සිදුවීමකි. එය හුදෙක් බුදුපිළිම වල කහ හා තැඹිළි වර්ණ සංකලනයෙන් වූවානම් අදත් සිදුවිය යුතුය, ඊට පෙරත් සිදුවිය යුතුය. මේ දේඅකාරයෙන්ම සිදුනොවූ බව රහසක් නොවේ. එපමණක් නොව, කහ හෝ තැඹිළි වර්ණ කිසිවක්ම නැති සුදු බුදු පිළිමද අඩු නැතිවම මේ රැස් විහිදීම සිදු කලහ.
තුන්කාලයටම සිය බල පරාක්‍රමය විහිදන බුදුවරුන්ගේ අධිෂ්ඨාන බලයන් නිසා සිදුවියහැකි ප්රාතිහාර්ය කිසි ජගතෙකුට විස්තර කල හැකි නොවේ. ධාතු පරිනිර්වානයේදී වීමට නියමිත ප්රාතිහාර්ය තවම සිදු වී හෝ නොමැත. සුනාමි ව්‍යසනයේදී මැටි, සිමෙන්ති ලෙස මේ හිමියන්ගේ අපහාසයට ලක්වන අපගේ අති පූජණීය උද්දේශික චෛත්‍යයෝ මහ රළපහරින් කිසිදු උපද්‍රවයක් නොමැතිව තනි කණුවක් මත පවා වැඩ උන්නේ බුදුගෙය පිහිටා තිබූ සමස්ථ නිවාසයම පොළොවටම සමතලාවී ඇති තැන් වලය. මේ විද්‍යාත්මක හේතු සොයන්නන් ඒවා ගැන සඳහනක් හෝ නොකරන්නේ මන්ද? මදකට සිතා බලන්න. අන් ආගමකට සම්බන්ධ මෙවන් දෙයක් වූවා නම් ඒ වෙනුවෙන් වෙනම වැඩසටහන් සති පුරා විකාශනය කරනු ඇත. සිංහල බෞද්ධයා අවාසනාවන්ත ලෙස සිය දහමේ ප්රාතිහාර්යම නොසලකා හරිමින් ඒවා යේ වටිනාකම නසා දැමීමට පවා ඉදිරිපත් වේ.
මේ හිමිනම ගේ මෙහෙයවීමෙන් නිවේදකයා බෞද්ධයාට බොරු චෝදනා පවා කරන්නේ බුදුන්වහන්සේගෙන් පිහිට අපි යදිමින් යාඥා කරනවා නිරූපනය කරමිනි. ඔහුට ‘යාඥා’ වචනය පිටවී නැවත ගිලගන්නේ තමා බොරුවක් කියන බව තමාම දන්නා නිසා නොවේද? ඒ වෙනුවට ඔහු සිය දෙ අත් යාචකයෙක් සේ අල්ලාගෙන රඟපෑමක් කරයි. බෞද්ධ ගාථා වල එකදු යාඥා ගාථාවක් ඇත්නම් පෙන්වා දෙන සේ අපි මේ හිමිනමගෙන් හා නිවේදකයාගෙන් ඉල්ලා සිටින්නෙමු. මෙය බොරු හා ද්වේෂසහගත බෞද්ධ සමාජීය ප්‍රහාරයක් විනා අන්කිසිවක් නොවේ. කිසිදු බෞද්ධයෙක් පන්සලට ගොස් යාඥා නොකරයි. තෙරුවන් සරණ යෑම හා එසේ සරණ යන්නාට තෙරුවන් පිහිටවීම නොවැරදීම සිදුවන්නේ තෙරුවන්ගේ ඇති සූවිසි මහා අනන්ත ගුණ බලය නිසාමය. යාඥා යනු මේ නිවේදකයාගේ ලබ්ධියේ හා ඔහුත් හිමිනමත් එක්වී රට දැය සමය පාවාදීමට කුමණ්ත්‍රණය කරන ලබ්ධීන්වල ඒකාන්ත ලක්ෂණ පමණි. එනිසා එයට සමච්චල් කිරීමෙන් මේ නිවේදකයා කර ගත්තේ උඩබලාගෙන කෙළගසා ගැනීමකි. එය මේ මහා මෙහෙයුම වෙනුවෙන් තමාට මුදල් ගෙවන්නාටද කල සමච්චලයකි.
සියළු කෙලෙස් හා කර්ම ප්රහාණය කිරීමෙන් අති ඝාම්භීර ලෙස පිරිණිවන් පෑවා වූ බුදුන් වහන්සේ ‘මලා’ ‘මියගියා’ , ‘මිනිහෙක්’ යනුවෙන් මේ හිමිනම නැවත නැවත කියමින් අප බුදුපියාණන්ට පෘතග්ජන මරණයක් ලබා දීමට පවා වෙහෙසෙන්නේ මොන තරම් ද්වේශයක් බුදුසමිදාණන් හා සිතේ දරාගෙනද? ඒ හිමිනම ඉන්පසු යොදා ගන්නා වචන අතිශයින් නින්දාසහගතය. මේ අපහාසය වෙනුවෙන් බරපැන සැපයූ අන්‍යාගමිකයන් සතුටින් පිනායැවීමට මේ ටිකම ප්‍රමාණවත් වන්නට ඇත.
මේ වහන්සේට අනුව “උඹ” “උඹලා” “අදුරගනින්” සුමිහිරි වචන භාවිතය නිසාම සුගත වූ මහාකාරුණික බුදුන්වහන්සේගේ වචන වේ. මේවා යොදා ගනිමින් පැහැදිළි කරන බණද සහමුලින් බුදුන්වහන්සේට කල දෝෂාරෝපනම බව දුක නිපාතය අනුව තේරුම්ගත යුතුය.
බුද්ධ දේශිත දුක නිපාතයේ පහත දේශනය ඇතුලත් වේ.
බුදු සමය නසන සියළු ජාතීන් ආදරයෙන් වැළඳගැනීම නම් ධර්මය පිළිපැදීමයි. යන්තම හෝ දහමේ ගුණක් කියයි නම් ඒ බෞද්ධයා අන්‍යාගමික මර උගුල දෙසට තල්ලු කිරීමටම පමණි. බුදුන් වහන්සේ “කට්ට කෑවා” කියාද කිසිම බරක් පතලක් නැතිව කියා දමයි. මෙය අසමසම බුද්ධ රත්නයට එරෙහි වචී දුෂ්චරිතයයි. මේවා අසමින් නිවේදකයා සතුටින් ඉපිල යන ආකාරය බලා සිංහල බෞද්ධ අපි හඬමුද? සිනාසෙමුද?
මේ හිමිනමට අනුව දඹුල්ල අනවසර මුස්ලිම් පල්ලිය සිංහල බෞද්ධ මහජනතාවගේ ප්‍රශ්නයක් නොවේමය. මුස්ලිම් පල්ලිය විසින් විහාරයේ ඉඩම් අල්ලාගැනීමට එරෙහිව කල නුසුදුසු විරෝධයකි. දේශපාලන ප්‍රයෝගයකි. තමන් කියන්නේ කුමක්දැයි කියාවත් හරියට සිතාගැනීමට නොහැකිව, තමන්ට මුදල් ගෙවූ අන්තවාදීන්ගේ උපක්‍රමම හෙළිවනසේ පිළිතුරු දීමේදී නිවේදකයා අප්‍රසන්න භාවයක් ඇතිව බලා සිටින්නේ මේ හිමිනම කෙරෙහිද නැතිනම් සිංහල බෞද්ධ අපි කෙරෙහිද යන්න පැහැදිළි නැත.
හොඳම අනුරාධපුර පාළකයා එළාර බව මේ හිමිනමගේ මතයයි. මෛත්‍රී බුදුහිමිගේ අගසව් වීමට පෙරුම්පුරන දුටුගැමුණු උතුමාටත් වඩා එළාර උසස් බව කියයි. වීර පරාක්‍රමබාහු හෙළ රජ උතුමාටත් වඩා උසස් බවද කියයි. එය සිංහල බෞද්ධ ඔබ පිළිගන්න සූදානම්ද? මේ හිමිනමගේ මතයට අනුව අට්ටකථා සියල්ල ලියා ඇත්තේ දෙමළ හිමිවරුන් විසිනි, බුදු පුතුන් ලෙස ආර්ය වංශයට ඇතුලත් වූ පසු ජාතිය කිසිකලෙකත් උපන් ජාතිය නොවේ. එය ආර්ය වංශයයි.එතුමන්ගේ නම් පවා අති පිරිසිඳු ආර්ය නම් නොවේද? එවිට එම හිමිවරුන්ට දෙමළ යැයි කීම කිසිසේත් සුදුසු නොවේ. මෙය අප සසුනට අදටත් එරෙහි දෙමළ ජාතියට නුසුදුසු තැනත් උපයා දීමට මේ හිමිනම කරන ප්‍රයෝගයක් බව අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආගම රැකීම අන්තිම වැරදි වැඩක් බව මේ හිමිනම කියා සිටියි. එය මේ රටේ ශිෂ්ඨාචාරය ගොඩ නැගූ මහජනතාවගේ දෙයක් නෙවෙයි, පෞද්ගලික කාරණයකි. රජයට අදාල දෙයක් නෙවෙයි. ජාතිවාදය සියළු සුළු ජාතීන්ට හිතුමතේ සිය අරමුණු කරා යන්න තියෙන දෙයක් මිසක් මහ ජාතියට සුදුසු දෙයක් නෙවෙයි. මහ ජාතියෙ ජාති/ආගම්වාදය ඉතා අශිෂ්ඨ දෙයක් බවත් එතුමාගේ අදහසයි.
එම හිමිනම මේ වෙනුවෙන් කුමණ ප්‍රමාණයක ගෙවීමක් ලැබුවත් අවීචිගත වීමට තරම් පාපකර්ම කරගනිමින්, මෙතේබුදුන් කිසිකලෙකත් නොදැකීමට තරම් අවාසනාවන්ත වෙමින් සංසාරයේ තමා ලත් පරාජයේ තරමත් එයින්ම තීරණය වන බව දත යුතුය. සිංහල බෞද්ධයන් වශයෙන් අපි, පිරිසිඳු බුදු දහමට අනුව පූජ්‍ය දඹර අමිල හිමි ගේ නිවන් නොදකින අති බිහිසුණු අනාගත ඉරණම ගැන අනුකම්පාවෙන් යුතුව බලා සිටින්නෙමු! සතුරෙකුටවත් එවන් දුකක් නොමවේවා යැයි පතමු!
නවතම ප්‍රතිචාර