Archive for the ‘බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර ගාථාව’ Category
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
සම්මුති, සේක, අසේක ආදී ඕනෑම පූජණීය ස්වාමීන් වහන්සේ නමක් විසින් සිල් දීම අවසන් කිරීමෙන් පසු “අභිවාදන ශීලිස්සනිච්චං ….” ආදී වශයෙන් සිල් ලාභීන්ට සෙත් පැතීම සාමාන්‍ය සිරිතයි. මෙහිදී සිල් ලාභීන් සිය සිය නමස්කාර ඉරියව් වෙනස් කරමින් උන්වහන්සේ ඉදිරිපිට නළල, වැලමිට දෙක හා දෙදණ යන අංග 5 පොළොවේ ස්පර්ශ කර (හෙවත් පසඟ පිහිටුවා) මෙම ගාථාවෙන් එම උත්තමයන් වහන්සේට වන්දනා කිරීම කරනු ලැබේ. නමුත් අද දවසේ බොහෝ උපාසක උපාසිකාවන් මේ උතුම් ගාථා රත්නය ගැන දැනුවත් නැත. පාඩම් ඇති අය තේරුම හරියටම දන්නවාදැයි සැක සහිතය. එබැවින් සියළු දෙනාගේ සුභ සෙත සලකා පළ කිරීමට අදහස් කලෙමු. පාඩම් කරගන්න. තේරුම්ද සලකා ශ්‍රද්ධා පෙරදැරිව වන්දනා කර අපරිමිතව කුසල් රැස් කරගන්න.
ගාථාව:
සීලවන්තං ගුණවන්තං – පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං – පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදි ථේරානං – ආගතං පටිපාටියා
සද්ධා ශීලං දයා වාසං – බුද්ධ පුත්තං නමාමහං
තේරුම:
සිලවත් වූ ගුණවත් වූ – උත්තම පුඥ්ඥ ක්ෂේත්රයක් බඳු
දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ – පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ
සැරියුත් මහරහතන් වහන්සේ ආදී – උත්තමයන්ගෙන් පැවත එන්නාවූ
ශ්රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු – බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.
නවතම ප්‍රතිචාර