Archive for the ‘සසුන අතුරුදන් කිරීම ගැන බුදු වදන්’ Category
සසුන අතුරුදන් කිරීම ගැන බුදු වදන් හා සසුනට එරෙහි කුමණ්ත්‍රණ ගැන තවත් පුවත්
Posted පෙබරවාරි 2, 2012
on:Click here to Read Full screen or Download this Sinhala article in PDF format
ඉහල ජාතික සේවයක් කරමින් සිටින http://www.lankacnews.com/ අඩවිය පලකල අගනා ලිපියක් අප වෙත ලැබී තිබේ. එම අඩවියේ සොයාබැලීමේ පහසුකම සපයා නැති බැවින් අපට යොමුව (URL) සොයා ගැනීමේ අපහසුතාවක් ඇතිවිය. කෙසේ නමුත් සියල්ලන් එක්වී කරන සාසන විනාශය ගැන බුදු වදන ඉතා පැහැදිළිව එහි විස්තර කර තිබේ. (එහි සඳහන් කොසොළ් රජු දුටු අපගේ ඉරණම අප අඩවියේ සම්පූර්ණයෙන් නිරූපණය කර ඇත. ) මෙ එම ලිපියේ පිටපතකි.ශක්ති පමණින් බෙදා හරින්න.
බුදු පියාණන්ගේ අනාගතය දැකීමේ ඥාණය මොන තරම් අසිරිමත්ද? උන් වහන්සේගේ සර්වඥ බවට තවත් සාධක කුමටද? ධර්ම සංවේගය ඇති අපි හදවතින් හඬා වට්ටවන්නට එය සමත් වී නැතිද? මේ වන විටත් අඩු වැඩි වශයෙන් ප්‍රතිවේධ හා ප්‍රතිපත්ති අන්තර්ධානය සිදු වෙමින් පවතී. හොඳින් විමසා බලන්න. පය්ර්ප්ති අනතර්ධානය යටතේ මුලින්ම අභිධර්මය අන්තර්ධාන වන බව බුද්ධ වචනයයි. මෙය එළිපිටම සිදු කරන්නේ කවුද? අන් කිසිවෙකුත් නොව චීවරයක් පවා දරණා පූජ්‍ය කිරිබත්ගොඩ හිමිපාණන් නොවේද? සැදැහැවත් බෞද්ධයා තව දුරටත් මේ සත්‍ය වන, අප හඬවන බුදු වදන් හමුවේ නිහඬ වෙනවාද? නැතිනම් එම හිමිනම හා කල්ලිය මෙත් සිතින් යුතුව සහමුලින් ප්‍රතික්ෂේප කරනවාද? වහාම සිතා බලා ක්‍රියාත්මක විය යුතුයි නේද?
නොවරදින බුදු වදනට අනුව, යහපත් චේතනාවෙන් ධර්මසංවේගයෙන් යුතුව කරන මේ ප්රතික්ෂේපය එකාන්තයෙන්ම මහා ආනිසංස දෙන කුසල් බව අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ. බුදුන් වැඩ සිටි කලම ඇතිවූ සංඝ කෝලාහලයක් විසඳීමට බුදු පියාණෝ දුන් අවවාද දිගින් දිගටම එම අසමගි වූ සංඝයා වහන්සේ දෙපිරිස නොපිළිගත් බැවින් උන් වහන්සේ පාරිලෙයිය වනයට තනිවම වැඩම කළහ. එම කාලය තුල පාරිලෙයිය ඇත් රජා පමණක් උන් වහන්සේට අතවැසි වූහ. මෙයින් කලකිරීමට පත් දායකයෝ සංඝයා වහන්සේ සහමුලින් ප්‍රතික්ෂේප කලහ. එය ඉවසා ගැනීමට නොහැකි වූ කල පමණක් සංඝයා වහන්සේ නැවත බුදුන් කල එළඹ සමාව ගෙන සමගියේ පිහිටියහ. බලන්න බුද්ධ ශ්රාවකයා සංඝ සාමග්‍රිය වෙනුවෙන් සිය දායකත්වය එදා ලබා දුන් ආකාරය. අතුරුදන් වන සසුන වෙනුවෙන් එම උපකාරය බුදු සසුනට කිරීමට සැදැහැවත් ඔබ අකමැතිද? පැකිලෙනවාද?
පූජනීය හිමිනමක් විසින් ඉරිදා පුවත්පතක පලකල ලිපියකි මේ. එම ලිපියේද ඉහත කල්ලිය ගැන පැහැදිලි ඉඟි ඇතුලත් වේ.
අද දවසේ සිදුවන රත්නත්‍ර සංහාර ගැන නිවැරදි අවබෝධයක් සියල්ලෝ මේ පුවත් තුලින් ලබා ගනිත්වා. සසුන 5000 ට 10,000 ක් කල පවතිනසේ අපිට කල හැකි සියල්ල වෙනුවෙන් කැපවීමට සිතට ගනිත්වා!
නවතම ප්‍රතිචාර