ධර්ම නිධාන

Archive for the ‘අභිධර්ම පාඩම්’ Category

ලක් ඉතිහාසයේ ප්‍රථම වරට භික්ෂු සංහතියටම මහා කළු පැල්ලමක් සසුනේ තවත් කඳ පණුවෙක් විසින් එක් කරන ලදි. ඒ පොළොව කම්පා වන තරමේ හද ගැස්මක් බොදුනුවෙකුට ඇතිකරවිය හැකි මේ පුවත නිසාය.

news-2007-12-images-newsbishop_and_priest

 

සිවුරු හැර අලුගෝසු වැඩේ කරන්න සමිත හිමි සූදානම්

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

යාපනයේ කයිට්‌ස්‌ දූපත්වලදී සමූහ දූෂණය කොට ඝාතනය කරනු ලැබූ පාසල් සිසුවියගේ ඝාතකයන්ට අධිකරණය මගින් මරණ දඬුවම් ලබාදුනහොත් සිවුරු හැරලා අළුගෝසුවා කාර්ය කිරීමට තමන් සූදානම් බැව් දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් ඊයේ (07 දා) දකුණු පළාත් සභා රැස්‌වීමේදී පැවසූහ.

පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්‌වෙමින් සමිත හිමියෝ මෙසේ ද පැවසූහ.

දරුවන් වෙනුවෙන් මා අළුගෝසුවාගේ කාර්ය භාරය කරලා හිත හදාගෙන සිවුරු හැරලා වනගත වෙලා භාවනා කරනවා. මා භික්‍ෂුවක්‌. කාටවත් වෛර කරන්නේ නැහැ. අපේ රටේ එල්ලුම්ගහ දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. එල්ලුම් ගහට අළුගෝසුවන් තෝරාගත්තත් ඔවුන් රාජකාරිය කරන්න කැමැති නැහැ. ඉවත්වෙලා යනවා. නමුත් යාපනයේ කයිට්‌ස්‌ දූපත්වලදී සමූහ දූෂණයට ලක්‌කොට ඝාතනය කරනු ලැබූ වින්ද්‍යා දැරියගේ ඝාතකයන්ට අධිකරණයෙන් මරණ දඬුවම නියම වුවහොත් දරුවන්ගේ නාමයෙන් මා අළුගෝසුවාගේ කාර්ය කරනවා.

අධිකරණයෙන් ඒ තීන්දුව ලැබුණහොත් සහතික වශයෙන්ම මා ඒ කාර්ය කරනවා. ඒ සඳහා මට අවසර ලබාදෙන්න. ඊට පස්‌සේ මගේ ජීවිතය නැති වුවත් කමක්‌ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයට ගිහිල්ලා එම දැරියගේ ඥතීන්ට ප්‍රකාශ කළා විශේෂ අධිකරණයක්‌ මගින් මේ නඩුව අහනවා කියලා. ඒ ගැන ජනාධිපතිතුමාට ප්‍රශංසා කරනවා යෑයි ද සමිත හිමියෝ පැවසූහ.

සභාපති කේ. ඒ. සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා රැස්‌වීම ගාල්ල කලේගානේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

http://www.divaina.com/2015/07/08/news22.html

කාටවත් වෛර නොකරන බව පවසන මෙහිමිනම අළුගෝසු වැඩය කිරීමට යෑම සහමුලින් පරස්පර තත්වයකි. කිසිදා ගැලපිය නොහැකි, ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක් සමානයි කීම වැනි සහගහන මුසාවකි. ඒ කෙසේදැයි අප අභිධර්මානුකූලව විමසා බලමු.

බුදු සසුනේ සිව්වනක් පිරිසට නිවන් කරා යන ගමනේ නැතිවම බැරි කුසල චෛතිසිකයකි “සම්මා කම්මන්ත”. මෙය අප විසින් කලින් ලිපියකින් පැහැදිළි කල පරමාර්ථ ධර්ම 82න් විශාලම කොටස වන  දෙපණස් චෛතිසික නිරූපන තුල බොදු අපිට වැදගත්ම එකකි.

මිනිසෙක්ට කල හැකි  පව්කාර කම් දහයක් ඇත. සිතෙන් පව්කම් තුනක්, කයින් පව්කම් තුනක් හා වචනයෙන් පව්කම් හතරක් ලෙසිනි . මෙයින් කයින් කරන පව්කම් 3 : සතුන් මැරීම (අළුගෝසු කම ඇතුළුව )- සොරකම් කිරීම – පරදාර සේවනය යන තුනයි. එය වැලකීමේ බලය ඇති චෛතිසිකය “සම්මා කම්මන්ත” නම ඇති අතර, කිසිවිටෙක ඉහත පව්කම් කරන සිතක් හා නොබැඳෙ. කුසල් සිත් වුවද හැම එකේම නැති හෙයින්, උත්සාහයෙන් උපදවාගතයුතු හෙයින් “අසාධාරණ ශෝභන” ලෙසින් වර්ග කර ඇත.

ඉහත පව්කාරකම් 10න් කිසිවක් ඒ ඒ පව්කාරකම් කිරීමේ චේතනා බලයෙන් තොරව ඉටු නොවේ.

උපමාවකින් කියන්නේ නම් මොන තරම් බලසම්පන්න යන්ත්‍රයක් වුවද ඉන්ධන රහිතව ක්‍රියා නොකරනවා මෙනි. බැකෝ යන්ත්‍රයකට “ඉන්ධන” නොමැතිනම් “නියමුවෙක්” ඇතත්, කැලෑ වැනසීම නම් විනාශය කල නොහැක. එබැවින් “ඉන්ධන” ඈත් කර තැබීම විනාශය වැළකීමට උපකාරී වේ. මේ ආකාරයටම “සම්මා කම්මන්ත” තුලින් අපි පව්කාර කම් සමඟ මිශ්‍රවන “චේතනා” ඈත්කර තබා ගන්නේ නම් අපි විසින් පව්කම් (පව්+කර්ම) සිදු නොවේ. එබැවින් එම “චේතනා” බලයට “කර්මය” කියාද කියයි. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කලේ ඇයිදැයි ඔබට දැන් වැටහෙනවා ඇත.
අප කලින් සඳහන් කල “සම්මා කම්මන්ත” දෙපනස් චෛතිසික වල එකක් වූවා සේම මෙම “චේතනා” යන්න තවත් චෛතිසිකයකි. එබැවින් මේ වනවිට අපි පනස් දෙකක් වන මුළු ප්‍රමාණයෙන් චෛතිසික දෙකක් ගැන සැකෙවින් අප අසා ඇත්තෙමු.

සිත රහිතව අපේ සිරුර දර කඩක් හා සමාන බව මූලික සත්‍යයකි. මියගිය විට මේ බව අපිට දැකිය හැක. සිතක් රහිතව කිසිදු ක්‍රියාවක් සිදුකල නොහැකි වන්නේ සෑම ක්‍රියාවක්ම සිත නම් නියමුවා විසින් කරවන බැවිනි.මෙසේ සිත විසින් අපේ සිරුර නියමුවෙක් මෙන් මෙහෙයවීමේදී, එම සිතේ සහයට ඒ හා ඉපදීමට ඉඩ ඇති සහයකයන් 52ක් ඇත. චෛතිසික කියා කීවේ මේවාටය. තේරුම් ගත යුත්තේ මේ 52කම කිසිදා කිසිම සිතකට එකවර සම්බන්ධ නොවන බවයි. එය පංච නියාම ධර්ම වලින් එකක් වන චිත්ත නියාමයේ මූලික කරුණකි.

බැකෝ උදාහරණය ගත් විට, එහි නියමු අසුනේ සිට ක්‍රියාකරවන්නා “සිත” යයි ගන්න. එහි පාලක පැනලයේ ඇති සංකීර්ණ පාලක යතුරු ලීවර සියල්ල මේ සහායකයින්ගෙන් කොටසක් යැයි සිතන්න. මොනයම් හෝ වැඩක් යන්ත්‍රයෙන් කිරීමට නම් “ඉන්ධන” සහිතව එය පණ ගන්වා තිබිය යුතුය. එය උපමාකල හැක්කේ සර්ව චිත්ත සාධාරණ චෛතිසික 7ටය. චිත්ත නියාමයෙන් සිදුවන මේවා 7න් තොර සිතක් ලොව ජීවත්වන කිසිවෙකුටත් නූපදී. අප විස්තර කිරීමට පෙරම එම සර්ව චිත්ත සාධාරණ චෛතිසික 7න් එකක් ඔබ දැන් ඉන්ධන උපමාව තුලින් හඳුනාගත්තා නොවේද?

ඔබ සැක කල ලෙසම “චේතනා” නම් ඉන්ධන ඉන් එකකි. තවත් තම තමාට නියමිත සහයන් නිරන්තරයෙන් සියළු සිත්වලට ලබාදෙමින් ඒකාන්තයෙන් උපදින චෛතිසික 6ක් ඇත. අතිශය රසවත්, ඔබේ මනස පුළුල් කරවන එම කාරණා පිළිබඳ විස්තර ඔබට , පරම පූජණීය රේනුකානේ චන්දවිමල මාහිමි සම්පාදිත අභිධර්ම මාර්ගය පොතේ 74 සිට 77 දක්වා පිටුවලින් කියවා තේරුම් ගත හැක. මෙහි නොයොදන්නේ මාතෘකාවෙන් පිට නොයාමටය.

චෛතිසික 52න් ඉහත 7 ඉවත් වූ විට 45ක් ඉතිරි වේ. එම 45 ද චිත්ත නියාමයට අනුව එකවර කිසිම සිතකට සම්බන්ධ විය නොහැක. චෛතිසික 52නිරූපන ඔබ බලන්නේ නම් ඉතා පැහැදිළිව ඒවා වර්ග කර ඇත්තේ විවිධ සිත් සමඟ එවා සම්බන්ධවීම/නොවීම අනුවය.

6-Depanas Chaithisika

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

 

ඒ අනුව ඉතිරි 45න් 25ක්ම ශෝභන රාශිය වන අතර, චිත්ත නියාමයට අනුව ඒවා කුසල් සිත් වෙනුවෙන්ම පමණක් වෙන්වී ඇත. අදෝස හෙවත් අවෛරය= මෛත්‍රිය ද මේ අතර ඇත.

සමිත නම් චීවරධාරියා කිසිවෙකුට වෛර නොකරනවා යයි කියන්නේ ඔහුට මේ අදෝස චෛතිසිකය ඇති බවය. එය කුසල් සිත් වලට පමණක් වෙන් වූ දෙයකි.

කෙසේ වුවත් 45-25 = 20ක් වූ ඉතිරි චෛතිසික විවිධ කාණ්ඩ වලට බෙදෙයි, ඉන් අකුශල රාශියට අයත් 14 ද කිසිවිට කුසල් සිත් හා නොබැඳේ. දෝස හෙවත් වෛරය ද මේ අතර ඇත.

සමිත නම් චීවරධාරියා මොන නිදහසට කාරණාවක් පෙන්වා හෝ අළුගෝසුවා වීමට නම්, ඔහු උපදවාගත යුතු සිතට ප්‍රාණඝාත චේතනාව තිබිය යුතුමය. ප්‍රාණඝාතය සම්පූර්ණ වීමට ඉටුවිය යුතු කාරණා පහ තුල මෙය මනාව පෙන්වා ඇත.

1. පණ ඇති සතකු වීම – විද්‍යා ඝාතනයේ සැකකරුවෝ
2. පණ ඇති සතකු බව දැන ගැනීම – ඔවුන් තවම සිර දඬුවම් ලබන බව
3. මරණු කැමති සිත – සමිතගේ අළුගෝසු චේතනාව
4. මරන්නට උපක්‍රම කිරීම – ජනාධිපති ලවා විශේෂ අධිකරණ තීන්දුව ගෙන සිවුරු හැර අළුගෝසුවා වීම
5. එම උපක්‍රමයෙන් මැරීම – තවම සිදුවී නොමැත

අළුගෝසු චේතනාව ඉපදෙන්නේ අකුසල සිතකම පමණි. විනෝදයට සතෙක් දඩයම් කලත්, අශ්වරේස් ආදිය අතරතුර අබාධ වන අශ්වයින් වෙඩි තබා මැරීමද, අකුසල ප්‍රීතිය නම් ප්‍රකීර්ණක චෛතිසිකයද එක්ව සත්වයාගේ ජීවිතය හා ද්වේෂයෙන්, වෛරයෙන් (දෝස චෛතිසිකයෙන් ) කාරණා සියල්ල සම්පූර්ණ වී අකුසල සිතකින්ම පමණක් සිදුවේ. කිසිවිට අදෝස චෛතිසිකයෙන්=මෛත්‍රියෙන් එය කලා යයි කියන්නේ නම්, බුදු වරයෙක්ට හෝ වෙනස් කල නොහැකි චිත්ත නියාමය තමන් වෙනස් කලා කීවා හා සමානය.
රාමසාන් නම් උපවාසය අවසන් කර තව දින කීපයකින් එලඹෙන ලක් පොලොව අසරණ එළු, කුකුල්, හරක් ආදී සතුන් මිලියන ගණනකගේ රතු ලේ ධාරාවන්ගෙන් තෙත් කරවන දීපව්‍යාප්ත හජ් සත්ව ඝාතනයට ඉස්ලාමිකයන් සතුන් මරන්නේද මේ බොරුව සමාජගත කරමින් බැවින් අපගේ මේ තේරුම් කිරීම කාගේත් ඇස් ඇරවීමට ඉතා ප්‍රයෝජනවත් බව අපි සිතමු.

168000_1426089790512_1780815581_799564_6951928_n1-437x500

හජ් සත්ව ඝාතන පින්කමක් සේ දක්වා හුවමාරු වූ මේ ලිපිය බලන්න

1378525_673112369396250_742066725_n
ඔබත් සාසන හිතකාමී නම් බද්දේගම සමිත වන්, දේශපාලන වාසි සොයමින් සසුන අතුලතින් වනසන කඳ පණුවන් දුටුවිට අසුනෙන් නැගී නොසිටින්න, වන්දනා නොකරන්න, කිසිදු පිරිකරක්, දනක් පිළිගන්වා ඔහුගේ පව් වලට සම්මාදම් නොවන්න. අතුරලියේ රතන, මාදුළුවාවේ සෝභිත ආදී ජාති/ආගම්/දේශ ද්‍රෝහී හිමිවරුන් සේම බද්දේගම සමිත පිළිකුලෙන් බැහැර කිරීමට කල හැකි සියල්ල කරන්න.

විවිධ දේශපාලකයන්ට දේශපාලනය කරන්න එපාය, තවත් අයට ඉඩ දෙන්නය කියමින් නුහුරටම දේශපාලන අනුශාසනා කරන මහ නායක හිමිවරුනි, තම සසුන තුල හිඳිමින් එය වනසන මෙවන් චීවරධාරීන් ගැන ඔබවහන්සේලා කිසිම ශබ්ධයක් නොනගන්නේ දහම කුමක්දැයි නොදන්නා නිසාද? නැතිනම් තමාගේ න්‍යායපත්‍රයට ඔවුන් වැඩ කරන නිසාද? තිස්තුන් කෝටියක් දෙවිවරුනී, ලක්බිම බුදු සසුනට ඔබගේ රැකවරණය පමණි.

 

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

මෙම දහම් ලිපිය ලිවීමට අපට සිත්වූයේ නාලක නම් උපාසක මහතෙක් විසින් ප්‍රතිචාර ඔස්සේ කරන විමසීමක් නිසාය. ධර්ම නියාමය සම්බන්ධ අපගේ ලිපියට ඒ මහතාගේ පැනයට අපි පිළිතුරු සැපයූ නමුත් ඒ මහතා තව දුරටත් පහත පැණය යොමු කර සිටී. ඒ මහතාගේ උනන්දුව තව බොහෝ දෙනෙකුට සෙත සැලසිය හැකි බැවින් පිළිතුර වෙනම ලිපියක පළ කිරීමට තීරණය කලෙමු.

පැණය:

පැහැදිලි කිරීමට පින්, නමුත් ඉර පැයීම – බැසීම, මුහුදු සුලන් – ගොඩ සුලන් සෘතු නියාමය යටතට පත් කලත් ගුරුත්වාකර්ෂණය වැනි දේවල් එයට යටත් කරන්නේ කෙසේද ? සෘතු කාලය හා අවකාශය සම්බන්දිත වෙනස් කම් වන අතර එසේ නොවන දේවලුත් එය තුලට ඇතුලත් කිරීම නිවැරදිද?

අපගේ පිළිතුර: 

ගුරුත්වාකර්ෂණය යනු හුදෙක් ස්වභාවිකව පවතින වස්තූන් (ස්කන්ධ ) දෙකක් අතර ක්‍රියාත්මක වන ලෙස විද්‍යාවෙන් හඳුනාගත් බලයක් පමණි. මෙහි එක් ස්කන්ධයක් මහ පොළොව වන අතර අනික් ස්කන්ධය මිනිසෙක් හෝ ඇපල් ගෙඩියක් ලෙස දැක්විය හැක.

ගුරුත්වාකර්ෂණයට ඍතුවේ ඇති සම්බන්ධය තේරුම් ගැනීමට නම් අපි එම ඕනෑම ස්කන්ධයක පරමාර්ථ ස්වභාවයටම එබී බැලිය යුතුය. ඕනෑම අචේතනික වස්තුවක කුඩාම ඒකකය විද්‍යාවට අනුව නම් ඉතා දළ මට්ටමක පවතින පරමාණුය, අති ගාම්භීර සම්බුද්ධ ඉගැන්වීම අනුව බැලූ කල එම පරමාණුවේ න්‍යෂ්ඨිය නම් කොටස පවා රූප කලාප දහස් ගනනක සංයුතියක් සේ තේරුම් ගත හැක. එවන් එක් රූප කලාපයක් සැලකූ විට කිසි අයුරකින් වෙන්කල නොහැකි සංඝටක 8කින් සෑදී ඇති අතර ඒවාට ශුද්ධාෂ්ඨකය යන කෙටි නම භාවිත වේ. එහි සංයුතිය පවා පැහැදිළිව දේශනා කර ඇති අතර එම කොටස් 8 මෙසේය

1. පඨවි
2. ආපෝ
3. තේජෝ
4. වායෝ
5. වර්ණ ( සියළුම රූප වලින් ඇසට ගෝචර වන එකම රූප වර්ගය )
6. ගන්ධ
7. රස
8. ඕජා (මෙයට ආහාර රූපය කියාද කියයි )

ඉහත දැක්වෙන්නේ 28 රූපය යටතේ ඉගැන්වෙන රූප 8කි, මෙහි සඳහන් නොකරන තවත් රූප 20 ක් සචේතනික වස්තු සැලකූ විට පැහැදිළි කල හැක.

උදාහරණයක් ලෙස දොඩම් ගෙඩියක් ගත් විට එහි තද ගතිය පථවි සංඝටකය නිසා උපදී, එහි ඇති දියර ගතිය, ආපෝ සංඝඨකය නිසාත්, දොඩම් ගොඩක් එකට ගොඩ ගැසූ විට ප්‍රකට වන උණුසුම ( මෙය බොහෝවිට ප්‍රකට නොවන නමුත් අනිවාර්ය සංඝඨකයකි ) එහි තේජෝ සංඝඨකය නිසාත්, පුෂ්ටිමත් පිම්බුන ස්වභාවය වායෝ සංඝඨකය නිසාත් බව පහසුවෙන් තේරුම් ගත හැක. ඉන්පසු දොඩම් වර්ණය “වර්ණ” සංඝඨකය නිසාත්, දොඩම් සුවඳ “ගන්ධ” සංඝඨකය නිසාත්, දෙඩම් රසය “රස” සංඝඨකය නිසාත්, දොඩම් ආහාරයට ගත් විට අප ශරීරයට අවශෝෂණය වන ගුණය “ඕජා” ( ආහාර ) සංඝඨකය නිසාත් බව සරලව තේරුම් කල හැකිය.

දොඩම් පමණක් නොව කළු ගලක් සැලකූ විටද මේ කොටස් අට ඊටම ආවේනික ආකාරයකින් එහි පවතී. බොහෝ දෙනෙක්ට එය තේරුම් ගත නොහැක්කේ සියළු සංඝඨක දොඩම් ගෙඩියක් මෙන් තම ඉන්ද්‍රියන්ට ප්‍රකට නොවීම නිසාය. තමන්ගේ ඉන්ද්‍රියන්ගේ හැකියාවෙන් පමණක් ළොවම තේරුම් ගැනීමට උත්සාහ කිරීමේ අවාසනාව මෙයයි.

සචේතනික දේ හෙවත් පණ ඇති ජීවීන් සැලකූ විට ශරීරයේ ඇති රූප කලාප ඉපදෙමින් පැවැත්ම පිණිස ප්‍රත්‍ය 4ක් අවශ්‍ය වේ. ඒවා කර්ම, චිත්ත, ඍතු, ආහාර ලෙස හඳුනාගත හැක. එනමුත් අචේතනික දේ වන, සිතක් චෛතිසිකයක් සම්බන්ධ නොවන ගස් ගල් සැලකූ විට ඒවායේ රූප කලාප ඉපදෙමින් පැවැත්මට අවැසි වන්නේ එකම එක දෙයකි, එය නම් “ඍතු” වයි. අඩංගු රූප කලාප වලට ඍතුජ රූප කලාප යැයි කියන අතර ඉහත සංඝටක 8 පමණක් එහි අන්තර්ගත වේ.

දැන් අපි ගුරුත්වාකර්ෂණය දෙස නැවත හැරී බලමු. අචේතනික වස්තු දෙකක් මොහොතකට සලකමු. හුදෙක් පොළොව නම් “ඍතුජ” රූප කලාප ගොඩට තවත් “ඍතුජ” රූප කලාප සමූහයක් දක්වන ආකර්ෂණ බලය මේ රූප කලාප කිසිවක් ගැන හසරක් වත් නොදන්නා විද්‍යාවට  ගුරුත්වාකර්ණය බවට පත්වී ඇත. පොලොවට ඇද ගන්නා ඇපල් ගෙඩියක් , ගලක් වෙනුවට අපි සතෙක් , මිනිසෙක් සලකමු, සචේතනික මේ අයගේ ඝන ශරීර වල ප්‍රත්‍ය 4න්ම හට ගන්නා රූප කලාප විවිධ සංයූතීන් ලෙස ඇති නමුත්, 99.9% ක්ම රූප කලාප ඍතුජ රූප කලාප බව අති ශ්‍රේෂ්ඨ අභිධර්මාචාර්ය උතුමෙක් වන රේරුකානේ මාහිමි පැහැදිලිව සිය පොත් වහන්සේ තුල ( අභිධර්මයේ මූලික කරුණු, පිට 156 )  විස්තර කර ඇත. සත්වයෙක් ගේ 100% ක්ම ශරීර රූප කලාප ඍතුජ රූප කලාප බවට පත්වීම සිද්ධ වන මොහොත එම සත්වයා ප්‍රාණය නිරුද්ධ කරන මොහොතයි.

ඉහත විස්තර සියල්ලෙන්ම අපි පැහැදිලි කිරීමට උත්සාහ ගත්තේ ඔබට සම්බන්ධයක් සොයාගැනීමට අපහසු ඍතුවට ගුරුත්වාකර්ෂණයේ ඇති සම්බන්ධය පැහැදිළි කිරීමටයි. ඍතුව නොමැතිව සචේතනික හෝ අචේතනික ස්කන්ධයක් හට ගත නොහැක. ස්කන්ධ දෙකක් නොමැතිව ගුරුත්වයක් හට ගත නොහැකිය. මේ නිසා ගුරුත්වාකර්ෂණය පමණක් නොව, අනෙක් නියාම ධර්ම 4ට ඇතුලත් නොවන ඔබ සඳහන් කල/නොකල සියළු දේ අයත් වන්නේ ඍතු නියාමයටම බව මෙයින් පැහැදිළි වන්නේය. ලොව තත්වාකාරයෙක් තේරුම් ගැනීමට අවැසි නම් ඔබ අපි කවුරුත්, අතිශය ප්‍රාථමික විද්‍යාව පසෙක තබා අභිධර්මය උගත යුතු වන්නේය.

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

අපි මේ අඩවිය හරහා බොහෝ ධර්ම කාරණා බෙදා හරින්නෙමු. ඒවා සියල්ල කිරීමට පෙර මුලින්ම ඇසිය යුතුව තිබූ පැණයක් තිබුණි. කෙසේ හෝ එය අපට අතපසු විය. දැන් අපි එම අවස්ථාව ලබා ගන්නෙමු.

ඉහත පැණය කොතරම් අප භාවිතයට හුරු වී ඇති දැයි අපි තේරුමක් පවා නොදැන එය භාවිතා කරන ප්‍රමාණයෙන්ම සිතා ගත හැක. මෙම යෙදුම හෙළයෝ භාවිතා කරන්නේ දළ වශයෙන් පින්-පව් නොදන්නා කුඩා දරුවන් වෙනුවෙන් බව අපට අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ.  එසේ නම්  පින්-පව් හා මේ ඉලක්කම් දෙක අතර සම්බන්ධය ඔබ මොහොතකට හෝ සිතා බැලුවාද?

වයස 7ට අඩු ඕනෑම දරුවෙක් වෙනුවෙන් මෙය භාවිත කිරීම 100% නිවැරදි වේ. ධර්මාවබෝධයේ ආරම්භක කඩ ඉම සත් හැවිරිදි විය වන බැවිනි. අප ශ්‍රේෂ්ඨ සාසනයේ සත් හැවිරිදි රහතන් වහන්සේලා වැඩ සිටියේ ඒ නිසාවෙනි. එසේ නමුත් අද දවසේ මේ මූලික දැනුම හෝ නොගෙන නියම මිසදිටුවන් සේ වයසට ගොස් මියයන බෞද්ධයන් ගණන නිමක් නැති බව අපි පිළිගත යුතුය.

මිය යන ඕනෑම පුද්ගලයෙක් මේ භවයෙන් චුත වීමේ චුති සිත පහල වීමත් සමඟ, ඊලඟ චිත්තක්ෂණයේදී පහල වන්නේ ප්‍රතිසන්ධි සිතයි. මේවා අතර කිසිදු අවකාශයක් නැති අතර අන්තරාභවය, මනෝකාය ආදිය මිසදිටු මනස්ගාත බව අපි කලින් ලිපි ඔස්සේ පැහැදිළි කර ඇත්තෙමු. 31 ප්‍රතිසන්ධි තල වලින් එකක කර්මානුරූපව පහල වීම ප්‍රතිසන්ධි සිතෙන් ඉටු කරන ක්‍රියාවයි.

31 භූමිතලය යැයි අපි සවිස්තරව හඳුන්වන්නේ කෙටියෙන් තුන්ලොව, ත්‍රයිලෝකධාතුව යැයි හඳුන්වන එක සක්වලකි. එයට තුන්ලොව යැයි කියන්නේ එහි ආකාර තුනක ලෝක පැතිරී ඇති නිසාය

  1. කාමාවචර භූමිය (සිත කය දෙකම ඇති දුගති සුගති ප්‍රතිසන්ධි තල – සියල්ල 11 කි)
  2. රූපාවචර භූමිය (කයක් ඒකාන්තයෙන් ඇති (රූප ) බඹලොව  – සියල්ල 16 කි)
  3. අරූපාවචර භූමිය (සිත මිස කය නැති (අරූප) බඹලොව  – සියල්ල 4 කි)

ලොව පහල වන ඕනෑම බුදුන්වහන්සේ කෙනෙක් නායක වන්නේ එකකට නොව මේ තුනටමය. උන්වහන්සේට තිලෝගුරු යැයි අපි ගෞරවයෙන් අමතන්නේ මේ නිසායි.

දැන් අපගේ පැහැදිළි කිරීමට එමු. “හය – හතර නොතේරෙනවා” යන යෙදුමේ ඉහත තුන් ලෝකයෙන් පළමු වර්ගය වන මුළු කාමාවචර ප්‍රතිසන්ධි තල 11ම ආවරණය වන තේරුමක් ඇති බව ඔබ දැන සිටියාද?  විශේෂ ධර්මානුධර්ම ප්‍රතිපදාවක් නැතිව, එදිනෙදා කුසල් අකුසල් කරන සත්වයෝ අති බහුතරයක් සසර සැරිසරන්නේ මේ කාමාවචර ප්‍රතිසන්ධි තල 11 තුලයි. එක ජීවිතයක් නොව භවයෙන් භවය භාවනා කිරීමෙන් පවා බ්‍රහ්ම තල වල ප්‍රතිසන්ධි ගන්නෝ ඉතා විරල වීම ප්‍රායෝගික යථාර්තයයි. එය එතරම් අපහසු මනස සියුම් කිරීමක ප්‍රතිඵලයක් බැවිනි.

31 භූමි තලයේ කාමාවචර භූමි නිරූපණය දෙස පමණක් නැවත බලමු.

වඩ වඩා විශාල වීම සඳහා පින්තූර මත නැවත නැවත Click කරන්න

මෙයින් පළමු ප්‍රතිසන්ධි තල 4 එනම් දුගති 4 හෙවත් සතර අපා ඉහත ජන වහරේ එන හතර යන්නේ තේරුමයි. ඉන්පසු 5 වෙනුව ඇත්තේ පහළින්ම පිහිටි සුගතිය හෙවත් අපි මේ ප්‍රතිසන්ධි ගෙන සිටින මිනිස් ලොවයි. අපි මේ ලොවේ සිට භාවිතා කරන යෙදුමක් හෙයින් අපගේ ලොව එහි සඳහන් කල යුතු නොවේ. මිනිස්ලොවින් උඩට යොදුන් 42000 බැගින් ඉහලින් ඉහලට පිහිටා ඇත්තේ දෙව්ලොව 6 යි. ඉහත ජන වහරේ එන එන හය යන්නේ තේරුම මෙයයි. එවිට  “හය – හතර නොතේරෙනවා” යන්නෙහි සරල තේරුම පැහැදිළි වෙනවා නේද? ” සුගතිගාමී කුසල්  මොනවාද හා  අපාගාමී අකුසල් මොනවාද නොදන්නාකම” යන්න අති සරල ලෙස හෙළ ගැමි වහරට එකතුවී ඇති අපූරුව බලන්න. අපගේ හෙළ ගැමි ප්‍රඥාවට අපි මෙතෙක් නිසි ගෞරවය දී ඇතිදැයි බලන්න.

පෙර කල හෙළ ජන විඥානයේ,  අති ගැඹුරු අභිධර්ම අවබෝධයක් තිබූ බවට මීටත් වඩා සාක්ෂි අවැසිදැයි අපිම විමසා බැලිය යුතුය. මේ දහම් දිවයිනේ අද දින බෞද්ධ බහුතරයගේ හය හතර නොදන්නා කම ගැන අපි ඉතාම සංවේගයට පත්වන්නෙමු.

අධ්‍යාපන අමාත්‍යංශයේ බෞද්ධ පාසැල් විෂය නිර්දේශයෙන් අති උතුම් අභිධර්මය සහමුලින් කපා ඉවත්කර ඇත. එබැවින් මේ ලිපිය ලියන අපි පවා පාසැල් සමය තුල දුටු බුදු දහමේ විචිත්‍රත්වයක් නැත. හෙළ ජාතික විරුවන් ලෙස වහාම නම්කල යුතු සංඝ පීතෲන් වහන්සේලාගේ කරුණානුභාවයෙන් පමණක් අපටද ඒ දහම් රසය විඳ ගැනීමට අවකාශ ලැබුණි. උසස්පෙළ කලා අංශයෙන් සිංහල විෂය හදාරන්නාට, බුද්ධ දේශිත 550 ජාතක කථා සියල්ල හුදෙක් ජාතකකථා කරුවෙක් විසින් කල ප්‍රබන්ධ වේ. මෙය බුදු සමයට හා බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශණයට දුන් අති දරුණු පහරකි. 550 ජාතකකථාවේ අභිධර්මයට පටහැනි කිසිම දෙයක් නැත. සතුන් මිනිස් බසින් කථා කිරීමට ඇති එකම බාධාව ප්‍රඥාව පමණි. ස්වරාලය, දිව, තල්ල, ස්වරතන්තු යන මේවා සියල්ල අඩු නැතිව එම සතුනට තිබේ. ගිරවුන් කථා කරන්නේ මේවා භාවිත කර නොවේද? පෙරුම් පුරන බෝධි සත්වයන් තිරිසන් භවයේ ප්‍රතිසන්ධි ගත්තද ප්‍රඥාවේ කිසිදු අඩුවක් නැත. එබැවින් සතුන් මිනිස් බසින් කථා කිරීමේ කිසිදු අරුමයක් නැත. ජාතක කථා වල ඇති පෙළහර සියල්ල මෙවන් ඒවායි. ඊට අමතරව අති දුර්වල පදනමක පිහිටන නවීන විද්‍යා ඇසින් බුදු දහම දෙස බලා එය විද්‍යාවට අනුගත කිරීමට බුදුදහමේ නොයෙක් කොටස් තමාට රිසි රිසි අර්ථකථන දීමටද ඇතමුන් පෙළඹී දහම විනාශ කරයි.

මෙසේ එම අවාසනාවන්ත තත්වයට වගකිව යුත්තන් මෙතෙකැයි කීමට නොහැකි තරම් සිටියද, අපි ඔවුනට ද්වේෂ කරමින් සිට ඵලක් නොවේ. වහාම හැකි පමණින් අපි වරද නිවරද කර ගත යුතුය. පාසැලෙන් විචිත්‍ර බුදු දහම අපට නොදේ නම් එය අපි සොය සොයා ගොස් උගෙන සියල්ල දැනුවත් කල යුතුයි. මේ ලිපිය කියවීමෙන් ඔබත් හය – හතර තේරෙන බෞද්ධයෙක් වූයේ නම් එය අපිට සැනසීමකි. හැකි සියල්ල දැනුවත් කර නිවන් පතා කුසල් රැස් කිරීම ඔබගේ යුතුකමකි.

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

ලොව හා  අනන්ත විශ්වය

විශාල වීම සඳහා පින්තූර මත Click කරන්න

මෙය බෞද්ධ ආගමිකව සොයා බැලීමට පෙර විද්‍යාව ලෙස අපි හඳුන්වන දෙය තුලින් යම් විග්‍රහයක් කර බලමු.

පරමාණුක වාදය සොයා ගැනීම්ට පදනම් වූයේ ලෝකය නිර්මාණය වී ඇති කුඩාම දෙය කුමක්ද යන මිනිසාගේ ස්වභාවික කුතුහලයයි. ඒ ඔස්සේ ක්‍රියාත්මක වූ භෞතික වාදියො පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන හරහා නොයෙකුත් මතවාද ගොඩ නගා ගත්හ. මෙසේ විද්‍යාව හරහා සොයා ගත් සියල්ල හුදෙක් වාදයන්ම ලෙස පමණක් පිළිගැනීමට හේතුව කිසිවෙකුටත් එවා එසේම පමණයි යන්න ප්‍රත්‍යක්ෂ ලෙස කීමට ඇති නොහැකියාවයි. උදාහරණයක් ලෙස, පරමාණුක වාදය, අදටත් වාදයක්ම මිස පරමාණුක සත්‍ය ලෙස පිළිනොගනී. එය හෙට කරනා විප්ලවීය විද්‍යාත්මක සොයා ගැනීමකින් සම්පූර්ණයෙන්ම කණපිට හැරවීයාමට පවා ඉඩ කඩ ඇති එක්තරා පිළිගැනීමක් පමණි.

අද ලෝකය භෞතික වාදීන්ගෙන් ගහන තැනක් නිසා, අපි මොහොතකට ඔවුන්ගේ ඇසින් ලොව දෙස බලමු. පරමාණුක වාදයට අනුව යමක් ගොඩ නැගී ඇති කුඩාම ඒකකය පරමාණුව ලෙස පිළිගැනේ. එහි න්‍යෂ්ඨියේ නියුට්‍රෝන හා ප්‍රෝටෝන ඇති අතර, වලාවන් ලෙස පවතින කක්ෂ වල ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතී. පරමාණු විවිධ රටා වලට එක්වීමෙන් අණු උපදී, අණු වලින් නොයෙකුත් සංයෝග ගොඩ නැගේ. නොයෙකුත් සංයෝග මිශ්‍ර වෙමින් භෞතික වස්තු ගොඩ නැගේ. මේ අනුව ඕනෑම පණ නැති ද්‍රව්‍යයක් සැලකූ විට එය පරමාණු සමූහයකින් ගොඩ නැගී ඇති බව පැහැදිළි වේ.

ඕනෑම පණ ඇති සත්වයෙක්ගේ ශරීරය සලකා බැලූවද එම සත්වයාගේ ගොඩ නැගීම කැල්සියම්, ප්‍රෝටීන් ආදී රසායනික සංයෝග රාශියක එකතුවක් බව පැහැදිළිය. එනම් එම සංයෝග නොයෙකුත් අණු බවත්, කුඩාම ඒකක ලෙස පරමාණු දක්වා යා හැකි බවත් තේරුම් ගත හැක. මේ අනුව ව්ද්‍යාව හිස මුදුනේ තබා පුදන්නාටත් එකඟ විය හැකි සත්‍ය වන්නේ, මේ ලෝකයේ පණ ඇති, පණ නැති සියළු භෞතික දේවල් හුදෙක් පරමාණු සමූහයක් පමණයි යන්නයි. එවිට ලොව පමණක් නොව මුළු විශ්වයම ඉතාම සරල ඒකකයක් මත ගොඩ නැගුනු මායාවක් බව මොනවට පැහැදිළි වේ. මුළු විශ්වයේම සංකීර්ණත්වය, පරමාණුවේ ඇති යම් සංකීර්ණත්වයක්ද?… එයම පමණි.

විද්‍යාව කොතරම් දියුණු වුවත්, කොතරම් බාහිර උපකරණ උපකාරයට ගත්තත්. අපට පෙනීම ලබා දෙන ඇස මගින් කරන නිරීක්ෂණ මත පමණක් ඊනියා විද්‍යාත්මක නිගමන වලට එළඹේ. සත්ව වර්ගයාටම පොදු යම් දුර්වලතාවක් ඇසේ ඇත්නම් එය කෙලින්ම නිගමන වලට බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. විද්‍යාව කෙතරම් දියුණු වුවත්, හිත යන දෙය මෙසේ ඇසට හසුවීමෙන් වළකින එක් ධර්මතාවක් පමණි. අඳුරේ අතගාන අන්ධයෙක් මෙන්, උඩු හිත,යටි හිත ආදී අතිශය බොළඳ, කිසි සේත් අපගේ අත්දැකීම් හා එකඟ නොවන විකාර මතවාද හැරුනු කොට හිත ගැන කිසිම පිළිගත හැකි විග්‍රහයක් කිරීමට අදටත් විද්‍යාව අපොහොසත් වීමට හේතුවත් මෙයම පමණි.

මිනිස් අපට උපතින් හිමි වන්නේ ඉහත පැහැදිළි කල ආකාර ඉතා පටු සීමාවන්ගෙන් යුත් මෙම රූප දකින ඇස් 2 පමණක් නොවේ.  කලාතුරකින් අයෙක් හැරුණ විට නියම බලය කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැකි. දෘෂ්ඨි පරාසයේ නිම් හිම් නැති තම තමා විසින් කඩ තුරා ඉවත් කර ගැනීමෙන් පමණක් ප්‍රයෝජනයට ගත හැකි අති බල සම්පන්න තවත් ඇසක් සහිතවයි. එම ඇසට මන+ඇස හෙවත් මනස යන කෙටි නම භාවිත කරයි. ලොවේ මෙතෙක් විසූ කිසිදු විද්‍යාඥයෙක් මෙම රූප දකින ඇස් 2 හි පරාසය ඉක්මවන සේ එම ඇස භාවිත කල බවට කිසිම සාධකයක් නැත. භෞතික සොයා ගැනීම්ම පමණක් මිස කිසිදු අධ්‍යාත්මික සොයා ගැනීමක් විද්‍යාඥයන්ට කරගත නොහැකි වී ඇත්තේ මේ නිසාය. මරණය නම් කිසිවෙකුටත් වැළකිය නොහැකි සේ මුහුණදිය යුතු ලෙඩට බෙහෙත කුමක්දැයි කිසිවෙකුටත් සොයා ගත නොහැක්කේ මේ නිසාය. කොහොම නමුත් විද්‍යාව නම් හරිම දියුණු බව කාගෙ කාගෙත් පිළි ගැනීමයි.

හිත දැක ගැනීමට යමෙක්ට අවැසි නම් එයට ඇති ඇසත් හිතම පමණි. එය තමාට තේරුම් ගැනීමට පමණක් නොව අන් අයෙක්ටත් කිසිදු අඩු පාඩුවක්, නොගැලපීමක් නොමැතිව පැහැදිළි කර දීමට අවැසි නම් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පමණ වත් සමතිස් පෙරුම් පුරමින් මනස තියුණු කල යුතුය. කොටින් කියන්නේ නම් සම්මා සම්බුද්ධත්වයට පත් විය යුතුය. පිරිසිඳු ගෞතම බුදු සසුනේ පහස ලබන බෞද්ධ අපි, එම ලොව්තුරා බුදු පියාණන්ගේ ශ්‍රාවකයන් වීමේ ආනුභාවය නිසා, එතරම් කලක් භවයෙන් භවය දුක් විඳිමින් එම අති බලගතු ඇස අවදි කරගැනීමට වෙහෙස විය යුතු නොවේ. මහා කාරුණිකයාණන් වහන්සේ විසින් කිසිදු අඩු පාඩුවක් නැතිව, ලොවේ මෙතෙක් පහල වූ කිසිදු විද්‍යාඥයෙක්ට යන්තමින් හෝ හෙළි කර ගත නොහැකි වූ එම සිත පිළිබඳ සියළු රහසුත්, පරමාණුක වාදය මෙන් අවිනිශ්චිත නොවී, පරම සත්‍ය ලෙස මේ මුළු භෞතික විශ්වයත් කිසිදු අඩු පාඩුවක් නොමැතිව සිය අනන්ත ඥාණ බල මහිමයන්ගේන් ප්‍රත්‍යක්ෂ ලෙස දැක දැන වදාරා තිබේ.

එබැවින් අන්ධයා ඇතා අත පත ගා කුමක්දැයි සිතාගත් සේ මේ භෞතික ලෝකය වත්, සිත වත් කුමක්දැයි තවත් අපි වැනිම අන්ධයන්ගෙන් අසා මුළා නොවිය යුතුය. අති ඝාම්භීර වූ අභිධර්මය ඔස්සේ මේ සියල්ල බුදු පියාණන් දෙසූ ලෙසම අවබෝධ කර ගැනීමට උත්සාහ කල යුතුය.

ඉතා සරලව පටන් ගන්නේ නම්. මේ ලොවෙහි පමණක් නොව අනන්ත විශ්වයේම පරමාර්ථ ධර්ම හෙවත් සත්‍ය ලෙසම පවතින දේවල් ඇත්තෙ තුනක් පමණි. එය මෙම පළමු වර්ග කිරීම යටතේ නම් කිසිසේත් සංකීර්ණ නොවේ.
1. නාම (සිත හා එයට අදාල සියළු දේ)
2. රූප (පණ ඇති පණ නැති සියළු භෞතික දේ)
3. නිර්වාණය

විද්‍යාවෙන් කිසිදු හසරක් නැති ඉහත පළමුවැන්න ක්‍රමයෙන් ඇතුලට සොයා ගිය විට චිත්ත, චෛතසික ලෙස තවත් විස්තරාත්මක බෙදීම් 2ක් ලැබේ එවිට සියල්ල 4 කි
1. චිත්ත (සිත 1)
2. චෛතසික (  සිත හා ඇමිණෙන විවිධ චෛතසික 52 කි ))
3. රූප (පණ ඇති පණ නැති සියළු භෞතික දේ)
4. නිබ්බාන (1)

විද්‍යාවේදී එකම පරමාණුවකට ලඝු කරන ලද රූප ලෙස මෙහි ඇති අංක 3. සත්‍ය ලෙසම එකිනෙකට ඉතා පැහැදිළිව වෙන්කොට දැක්විය හැකි වෙනස් රූප 28 කි.එය අපි කවුරුත් අසා ඇති භූත රූප 4 වන පඨවි, ආපෝ, තේජෝ, වායෝ  හා අමතරව උපදා රූප ලෙස හැන්දින්වෙන තවත් රූප 24 කි. එවිට වර්ග කිරීම් 4 එහි සියළු අනු කොටස් සමඟ පහත දැක්වේ.
1. චිත්ත (සිත 1)
2. චෛතසික (  සිත හා ඇමිණෙන විවිධ චෛතසික 52 කි  = දෙපනස් චෛතසික )
3. රූප (පැහැදිළිව වෙන්කොට දැක්විය හැකි වෙනස් රූප 28 කි = විසිඅට රූපය.)
4. නිබ්බාන (1)

දැන් ඉහත සියළු සංඛ්‍යා එකතු කර බලන්න (1+52+28+1 = 82). ලොවේ පරමාර්ථ ධර්ම ලෙස සත්‍ය ලෙසම ඇති දේවල් සංඛ්‍යාව 82 ක් බව ඔබට පෙනී යනු ඇත. හොඳින් සිහි තබා ගන්න, මුළු විද්‍යාවම පදනම් වී ඇති අපි මේ රූප දකින ඇස් දෙකට ඝෝචර වන්නේ මෙම මුළු පරමාර්ථ ධර්ම 82 න්ම එකම එක රූපයක් පමණි. එයට විසිඅට රූපය යටතේ ඇති වර්ණ රූපය කියා කියනු ලැබේ. බලන්න අපි රූප දකින ඇසේ දුර්වලතාවය හා නවීන විද්‍යාවේ පදනමේ සිමා මායිම. එය එසේ වුවද, අප ඔබට පෙන්වා දුන් ඔබ තුලමත් අඩුපාඩුවක් නොමැතිව ඇති අති බලසම්පන්න අමතර ඇස හෙවත් මනස ට මෙම ධර්ම 82 දෙකම අඩු නැතිව අරමුණු වන බව ඔබ දන්නවාද?. එය එසේම බව නොවරදින, සර්වඥ වූ බුදු වදනයි.

අති ඝාම්භීර අභිධර්මයේ පළමු පාඩම මෙයයි. නැවත නැවත සිහි කරමින්, මෙම පරමාර්ථ ධර්ම 82 කිනම් වර්ග කිරීම යටතේ ඇතිදැයි ලෙහෙසියෙන් සිහි කරගැනීමට හැකි වනසේ පුහුණු වන්න. එය අප දක්වා ඇති පිළිවෙලටම ඔබගේ මනස හෙවත් අපි පෙන්වාදුන් බල සම්පන්න ඇසින් බලමින් ක්‍රමයෙන් වර්ධනය වූ අයුරු මෙනෙහි කරන්නේ නම් ඔබට මේ සියල්ල මතක තබා ගැනීමට කිසිදු අපහසුවක් නොමැති වනු ඇත.


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 671 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ජනප්‍රියම ලිපි

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 448,932 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: