ධර්ම නිධාන

Archive for the ‘දුක්ඛ ලක්ෂණය’ Category

<<සබ්බේ සංස්කාරා අනිච්චා!

 

“සබ්බේ සංස්කාරා අනිච්චා!” බව අභිධර්මානුකූලව තේරුම් ගත යුතු ආකාරය අපගේ කලින් ලිපියේ සවිස්තරව පෙන්වා දුන්නෙමු, එය අතපසු වූවෝ  මුලින්ම එය බලත්වා!

ත්‍රී ලක්ෂණයේ ඊලඟට ඇත්තේ දුක් ස්වභාවයයි. එය අභිධර්මානුකූලව තේරුම් ගත යුත්තේ කෙසේද? මෙම උත්සාහය පිළිගත් භාවනා වාක්‍යක් දක්වා එය තේරුම් කර ගැනීමයි.

අපට පෙනෙන පහසුවෙන් තේරුම්යන දේ කුමක් වුවත් ලොව පරමාර්ථ ධර්ම 82ක් ඇති බව දැන් අපි දනිමු. ඒවායින් සසර සිරවූ සියළු සත්වයාගේ පරාසය පරමාර්ථ ධර්ම 81කි. එනම් අසංඛත වූ නිවන හැර සියල්ලයි. අප විසින් තේරුම් ගත යුත්තේ මේ 81 දුක් සහිතද නැතිද යන්නයි. කලිනුත් පෙන්වා දී ඇති පරිදි මේ 81 අයත් වන්නේ

  1. චිත්ත
  2. චෛතිසික
  3. රූප

සේ වර්ගකල හැකි ගොඩවල් තුනකටය, මේවායින් පිට සසරක් නැත. එබැවින් අපි මේවා එක එකෙහි දුක්ඛ ස්වභාවය දත යුතුය. එවිට මුළු සසරම දුක්ඛ වන අයුරු අපිට පැහැදිළි විය යුතුය.

මෙලොව වසන කාගේත් සියළු ආකාර දුක් වර්ග දෙකකි,

  1. කායික දුක්
  2. මානසික දුක්

මේම දුක් උපරිම ලෙස ප්‍රසාරණය කල විට පද දොලහකට බෙදා දැකිවිය හැක. මේවා දොලහට අයත් නොවූ දුකක් ලොව නැත. මේවාට දොළොස් පද දුක්ඛ කියා ද කියයි.

  1. ජාති -කායික දුකකි
  2. ජරා -කායික දුකකි
  3. ව්‍යාධි -කායික දුකකි
  4. මරණ -කායික දුකකි
  5. දුක්ඛ -කායික දුකකි
  6. දෝමනස්ස -මානසික දුකකි
  7. ශෝක -මානසික දුකකි
  8. පරිදේව -මානසික දුකකි
  9. උපායාස -මානසික දුකකි
  10. අප්‍රියෙහි සම්ප්‍රයෝග -මානසික දුකකි
  11. ප්‍රියෙහි විප්‍රයෝග -මානසික දුකකි
  12. පංච උපාදාන ස්කන්ධය – තනි පුද්ගලයෙකුට අයත් ඔහු/ඇය ගේ සසරම ඇතුලත් අනන්ත කායික හා මානසික සම්පූර්ණ විශ්වය.

ඉහත වර්ග කිරීමේ ඇති කායික දුක් සියල්ල සිදු වන්නේ කයින් හෙවත් රූපයෙනි, මානසික දුක් සියල්ල සිදුවන්නේ චිත්ත හා චෛතිසික වලිනි. කොටින්ම කියන්නේ නම් පරමාර්ථ ධර්ම 81නි. එනම් අපි පරමාර්ථ ධර්ම 81 පරාසය තුල සිරවී සිටින තාක් කල්, ලැබූ භවය අනුව ඉහත 12 පද දුක්ඛයන් විඳිය යුතුමය. ඕපාතික වූ දේව ප්‍රතිසන්ධි ගැනීමේදී ජාති දුක්ඛය තාවකාලිකව මගහැරිය හැක. ඔවුන් අප මෙන් මාස ගණනක් මව්කුස සිරවී අපා දුක් නොවිඳින බැවිනි. එනමුත්  එකොළොස් ගින්න දෙව් මිනිස් සියල්ලෝම දැවෙමින් පැසෙන ගින්නකි. තරාතිරම නොබලා අප සැම දවමින් නගින ගින්නකි. එකොළොස් ගින්න සවිස්තරව අපගේ කලින් ලිපියකින් පැහැදිළි කලෙමු. එය කියවා බලත්වා. දෙළොස් පද දුක්ඛයන්ගේ නෝතේරෙන පද පවා එහි විස්තර කර ඇත.

පුද්ගලයෙකුගේ ආයු කාලය සලකූ විට, කොතරම් ඉහල තරාතිරමක වූ අයෙක් වුවත්, කොතරම් අකමැති වුවත් වැඩිපුරම අත්විඳිය යුතු වන්නේ දොළොස්පද දුක්ඛයමය. සමස්ත දුකට සාපේක්ෂව සලකූ විට ඉතා කලාතුරකින් සැප යයි සම්මත වූ මායාවන් රස විඳින නමුත් පරමාර්ථ ලෙස ඒවාද දුක් සහිත බව නුවනැත්තා වටහාගනී.

පරමාර්ථ ධර්ම 81 දුක් සහිත බව පැහැදිළි කිරීම අනිත්‍ය ලක්ෂණය තරම් සංකීර්ණ නොවේ. හොඳින් සිතා බලන්න ඉහත ඕනෑම් දුකක් අපට අතිවූයේ තත්පරයෙන් දහසෙන් පංගුවකදී පමණක් නම් එය අප කාටවත් අඩු තරමින් මතකයේ හෝ නොරැඳෙන සේ මඟ හැරෙනවා නොවේද? එසේනම් අප පෙලන දුකේ ඇත්ත ම හේතුව කුමක්ද?

ඕනෑම දුකක් අපව පෙලන්නෙ අනිත්‍ය ලක්ෂණයට අනුව බිඳී යාමෙන් පරම්පරාව අවසන් නොවන නිසාය. නැවත නැවත ඉපදෙන නිසාය. මෙය සැබෑවක් දැයි 12 පදයෙන් කීපයක් ගෙන විමසා බලමු

  1. ජාතිය නම් මිනිස් , දෙව්, අපා හෝ ඕනම් භවයක රූප පරම්පරාවේ පළමු පහල වීමයි. හේතුව කලින් භවයේ අප චුත වන විට තිබූ භව තෘෂ්ණාවයි. මව්කුස පිළිසිඳ ගැනීමේ පටන් අප 12 පද දුක්ඛයේ ගොදුරු බවට පත්වන්නෙමු. එබැවින් දුක ගෙනාවේ රූප පරම්පරාවේ අභිනව උපතමය.
  2. ජරාව නම් මහළු වීමයි. මෙය කායික දුකකි. තරුණ වියට පත් කිසිවෙකුත් මහළු වීමට අකමැතිය. නමුත් එය නිරායාසයෙන් සිදුවන්නේ කෙසේද? අප සිරුරේ තරුණ රූප කලාප චිත්තක්ෂණ 17කට වරක් නිරුද්ධ වී, වඩා මහළු රූප කලාපයක් ඒ වෙනුවට ඉපදීම සිදුවේ. මේ අනුවද අප පෙළීම සිදු කලේ මහලු වූ රූප කලාපයන්ගේ ඉපදීමමය.
  3. ව්‍යාධි නම් රෝග පීඩායි, ශාරීරික රෝග පවතින තාක් රෝගී රූප කලාප ශරීරයේ නැවත නැවත ඉපදෙමින් අප පෙළීම සිදු කරයි. මානසික ලෙඩෙක් නම් චිත්ත වීථි අපිළිවෙලට නැවත නැවත ඉපදීමෙන් පෙළීම සිදු කරන බව තේරුම් ගත හැක. ව්‍යාධිය දුකක් වූයේ එම ඉපදීම් නිසාය
  4. මරණය නම් නිරුද්ධයයි, එය දුකක් වන්නේ කෙසේද? දිවි නසාගන්නා අය එසේ කරන්නේ එය සැපක් යැයි සිතාගෙනය. ඇත්තෙන්ම අප මුහුන දෙන මරණය සම්මුති මරණයක් පමණි. සැබැවින්ම නම් අපි චිත්තක්ෂණ වේගයෙන් සිතෙන් මරණයට පත්වෙමින් උපදින්නෙමු, ගතින් චිත්තක්ෂණ 17කට වරක් මරණයට පත්වෙමින් උපදිමින් ජීවත් වන්නෙමු. මේවා ක්ෂණික මරණ සේ හැඳින්වේ. පරමාර්ථ ලෙස සිදුවන බැවින් සැබෑම මරණ මේවායි. ඊට අමතරව මේ භවයේ අවසන් සිත චුති සිතයි, පෙර පසු වීමක්, කිසිදු ප්‍රමාදයක් නැතිව ඊලඟ භවයේ ප්‍රතිසන්ධි සිත ක්ෂනිකව කර්මානුකූලව අහිනව භවයේ පහල වේ. ගන්ධබ්බයින් කියා මිත්‍යාවන්ට කිසිදු ඉඩක් එහි නැත.තෝරා ගැනීමේ පහසුකම කිසිවෙකුටත් ඉතිරි නොවේ. මිනිසෙක් ලෙස චුත වන්නෙක් සුගතියක පත් වීම ඉතාම විරලය. වීමට වඩා කෝටි ප්‍රකෝටි ගුණයෙන් නොවීමට ඉඩ ඇති දෙයකි. මරණයට පෙර පවා එයට බියවීම සිහිමුලා අයගේ ප්‍රකට ලකුණකි. මරණයට පෙර එයට බියවන සිත් ඉපදීම නිසාද මරණින් මතු නොනවතින රූප පරම්පරාවේ ඉපදීම නිසාද අප පෙලීමට ගොදුරු වන්නෙමු. පෘතග්ජනයාගේ මරණය අවමගුලක් වීමට හේතුව ඉන් පසු ඉතිරිව ඇති උපතයි. අරහත් උතුමාගේ පිරිනිවීම මගුලක් වන්නේ ඉතිරි නොවූ තෘෂ්ණාවේ බලයෙන් ක්ෂය කල උපතයි. උපත නිසා යම්තාක් දුක් වලට අපි ගොදුරු වේද, පිරිනිවීම නිසා ලබන සැපය ඒ සියල්ලෙන්ම නිදහස් වූ එකකි. අනන්ත දුක් ඇති සසරෙන් එපිට පමණක් අනන්ත සැපය පිහිටයි.
  5. දුක්ඛ යටතට අයත් දරුණු කැපුම් තුවාලයක දැඩි වේදනාවක් උපදී, අභිධර්මාණුකූලව එය සිදු වන්නේ පංච ඉන්ද්‍රියන්ගෙන් ශරීරය, සම පුරා ඇති කාය ප්‍රසාදයට කැපුම අරමුණු වී දුක්ඛ සහගත කාය විඥාන සිත පහල වීමෙනි. එම සිතේ ආයු කාලය චිත්තක්ෂණ එකකි. තත්පරයෙන් අනන්තයෙන් එකකි. එම සිත එපමණකින් නිරුද්ධ වූවා නම් අපට කිසිම වේදනාවක් ඇති නොවේ. නමුත් කාය ප්‍රසාදයට කැපුම අරමුණු වන තාක් නැවත නැවත එළඹෙන චිත්ත වීථි වල එම සිතම උපදී, සුවවනතාක් එම සිත අඩුවන තීව්‍රතාවයක් සහිතව නැවත නැවත උපදී. වේදනාව අපට දැනෙමින් අප පෙළන්නේ මේ නැවත ඉපදීම නිසාය. එය කායික දුක මානසික සම්බන්ධතාවයත් ඇතුව පැහැදිළි කිරීමකි.
  6. දෝමනස්ස හෙවත් මානසික දුක්ද
  7. ශෝක හෙවත් සිතේ හැඬීම
  8. පරිදේව හෙවත් කඳුළු සලමින් හැඬීම
  9. උපායාස හෙවත් දුකටම එක්වර මියයාම

හා ඉතිරි සියළු දුක්ද අප පෙලන්නේ ඉහත ආකාරයෙන්ම ඒ ඒ නාම රූප ධර්මයන්ගේ ඉපදීම නිසා බව විමසා තේරුම් කර ගැනීමට ඔබට හැකි විය යුතුය.

කායික මානසික වූ සැප යැයි සිතාගත් අරමුණු ඉපදීම දුකක් විය හැකිද? එය වන්නේ එම සැප යැයි සිතාගත් නාම /රූප ධර්ම නැවත ඉපදීම ක්‍රමයෙන් අඩුවන තීව්‍රතාවයෙන් සිදුවීම නිසාය. එයට අපට කල හැකි කිසිවක් නොමැත. එබැවින් එවන් ඉපදීමක්ද දුකකි.

එබැවින් සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ස්වභාවය අපි මෙනෙහි කල යුත්තේ මෙසේය

“ගංගා ජලයක් සේද, ප්‍රදීපාලෝකයක් සේද, වැල නොකැඩී පරම්පරා වශයෙන් බිඳෙමින්, ඉපදෙමින් අප රිදවන බැවින් නාම/රූප ධර්මයෝ දුක්ඛයෝය”

යනුවෙන් ඇස ගැටෙන , මනසේ ගැටෙන විශ්වයේ ඇති නිවන හැර අනික් පරමාර්ථ ධර්ම 81ම දුක්ඛයට නැගිය හැක.
අද පටන් උත්සාහ කර බලන්න. සංඛත වූ පරමාර්ථ ධර්මයන්ගේ අනාත්ම ලක්ෂණ‍ය, අපි විසින් මතු ලිපියකින් පැහැදිළි කරනතෙක් අනිත්‍ය හා දුක්ඛ ලක්ෂණ දෙකම කරමින් පුහුණුවන්න. ත්‍රී ලක්ෂණය අවබෝධයෙන් කිරීම නිවන් පතන බොදුනුවෙක් ඒකාන්තයෙන්ම කල යුත්තකි එය මේ ආකාරයෙන් අනිත්‍ය හා දුක්ඛ ලක්ෂණයන්ගෙන් අරඹා බලන්න.

 

<<සබ්බේ සංස්කාරා අනිච්චා!- 


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 671 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ජනප්‍රියම ලිපි

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 448,907 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: