අන්තරාය නිවාරණ පිරිත හා එහි සුන්දර සිංහල තේරුම
Posted මාර්තු 31, 2015
on:මෙම මහ බල ඇති ගාථා රත්නය ශ්‍රී ලංකාව ප්‍රධාන කොට බුදු දහම පවතින සියලුම පටිරූප (රත්නත්‍රය ජීවමානව වැඩසිටින) දේශයන්හී භාවිතයට ගැනෙන්නෙකි. ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවාදරයට ලක් වු මෙම ගාථා රත්නය භාවිත කිරිමෙන් මේ උතුම් දහම් දිවයින වසා පැතිරෙන දෙමළ/ඉස්ලාම් අන්තවාදී න්ගේ රූකඩයක් වූ අති විනාශකාරී යහපාලන මාරබලවේගය දූරී භූත වේවා! ජනතා ප්‍රසාදය පවා නැතිව රටේ විධායක බලයට කෙළ හලන අන්‍යාගමික රනිල් වික්‍රමසිංහ නම් බොදු විරෝධී අගමැති ගේ දුෂ්ඨ අපේක්ෂා සුණු විසුණු වේවා!
බුද්ධානං ජිවිතස්ස – නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං චබ්බන්න රං සී නං – නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං ද්වත් තිංස මාහා පුරිසලක්කනානං – නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං අබිහට චතුන්නං පච්චයානං – නසක්කා කේනචි අන්තරායෝ කාතුං
ඉමෙසං චතුන්නං අජ්ජරියානං – නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
එතෙන සච්ච වච්චෙන අන්තරායෝ අසේනසතෝ – මාරාදයෝ විනස්සංතු ජය සිද්දි බවංතු මේ
අන්තරාය නිවාරණ පිරිතේ සිංහල අනුවාදය
බුදුරජාණන් වහන්සේගේ ජිවිතයට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය,
බුදුරජාණන් වහන්සේගේ සවනක් ඝන රශ්මි මාලවන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය, බුදුරජානන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජාණන් වහන්සේ වෙත පමුනුවන ලද සිව්පස යන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙම සතර අද්භූත ධර්මයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙ සත්‍යක්‍රියා බලයෙන් සියලු අනතුරු මාර බල සියල්ල සහමුලින්ම දුරුවේවා. සියලු ලෝ වැසියන්ට ශාන්තිය උදාවෙවා!
මෙම ගාථා මුද්‍රණය කර එදිනෙදා භාවිතා කිරීමට හැකි වන සේ පත්‍රිකාවකට ඇතුලත් කොට අපගේ පිරිත් පිටුවේ අඩංගු කර ඇත.
2 Responses to "අන්තරාය නිවාරණ පිරිත හා එහි සුන්දර සිංහල තේරුම"

බොහෝම පින්…තෙරුවන් සරණයි..

ජූලි 5, 2019 at 8:37 පෙ.ව.
බොහෝම පිං.මෙවැනි ධර්ම දානයන් තව තවත් කිරීමට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි