ධර්ම නිධාන

අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝකයා කවදා තේරුම් ගනීද?

Posted on: ජනවාරි 19, 2015

සිංහල බෞද්ධ හෙවණක
මේ රටේ හැම ජාතියකම රැකවරණය සහතිකයි

මෙරට දේශපාලනය තුළ බොදු බල සේනාවේ ක්‍රියාකාරිත්වයේa යම් බලපෑමක්‌ තිබෙන බව නොරහසකි. එහෙත් ඉකුත් සමයේ ඔවුන් වෙතින් එතරම් සක්‍රීය බවක්‌ නොපෙනුණි. ඒ අතර මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීම සම්බන්ධයෙන්ද බොදු බල සේනාව දෙසට ඇඟිලි දිගු නොවනවා නොවේ. මේ සියල්ල විමසීම පිණිස අප බොදු බල සේනාවේ ‘හඬ’ හෙවත් එහි ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි මුණගැසුණෙමු.

ප්‍රශ්නයඃ-ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වීමට බොදු බල සේනාව වගකිව යුතුයි කියලා ඇතැම් පාර්ශ්වයන් චෝදනා කරනවා…?

පිළිතුරඃ-පරාජයකදී එකිනෙකා දෙසට ඇඟිලි දිග වීම සාමාන්‍ය ස්‌වභාවයක්‌. අපිට එල්ල කරන චෝදනාව තමයි මුස්‌ලිම් ජන්ද ටික අනික්‌ පැත්තට ගියේ අපි නිසා කියන එක. පැහැදිලිව කියන්න ඕනේ අපි එරෙහි වුණේ මුස්‌ලිම් අන්තවාදයට මිසක්‌ සමස්‌ත මුස්‌ලිම්වරුන්ට නොවන වග. එතකොට තව මට අහන්න තියෙන්නේ, මෛත්‍රීපාල සිරිසේන මහත්තය අනිත් පැත්තට ගියේ අපි නිසාද? චම්පික රණවක මහත්තයලා අනිත් පැත්තට ගියෙත් අපි නිසාද? උතුරේ ජන්ද ටික නොදුන්නෙත් අපි නිසාද? ඒත් අපට ගණන් හදලා පෙන්වන්න පුලුවන් වෙනදා නොතිබුණු තරම් බෞද්ධ ජන්ද සංඛ්‍යාවක්‌ මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ශුද්ධ ලෙස ලබාගැනීමට හැකිවුණාය කියන එක. ඇත්තටම මේ පරාජයට වගකියන්න ඕනේ, වැඩක්‌ නොකරපු ආසන සංවිධායකවරු. මොකද පිටින් වගේම පක්‍ෂ අභ්‍යන්තරයෙත් කුමන්ත්‍රණයක්‌ තිබුණා කියන එක පැහැදිලියි. ආසන සංවිධායකවරු හිටියේ මඩේ හිටවපු ඉනි වගේ. ජන්දයෙන් පසුව අද වෙන දෙයින් එය ප්‍රත්‍යක්‍ෂ වෙනවා. නමුත් අපි ඇත්තටම කල්පනා කරන්නේ රටක්‌ හැටියට. ජාතියක්‌ හැටියට. මේ සිංහල නායකයෝ කල්ලි වශයෙන්, පක්‍ෂ වශයෙන් බෙදී වෙන්ව සිටීම නිසා රටක්‌ වශයෙන්, ජාතියක්‌ වශයෙන් විනාශයට පත්වන්නේ අපමයි. අපේ ඒ බෙදී යැමෙන් උපරිම ප්‍රයෝජනයක්‌ ගන්න සුළු ජාතීන්ට හැකියාව ලැබිලා තිබෙනවා. ඇත්තටම අවසානයේ කවුද දිනුවේ. අපි සිංහල දේශපාලනඥයන්ගෙන් මේ වෙලාඟෙ කාරුණිකව ඉල්ලා සිටින්නේ කඳවුරු වශයෙන් බෙදී ඉන්නේ නැතිව එක්‌කාසු වෙන්න කියන එක. මොකද වෙන් වෙන් වශයෙන් කඳවුරු බැඳගෙන සිංහල දේශපාලනඥයන් මේ කරගන්නා වූ අපරාධයට අනාගතයේ දවසක කාට කාටත් වන්දි ගෙවන්න වෙයි.

ප්‍රශ්නය-ඃ- සමාජ වෙබ් අඩවිවල පළවුණා මේ පරාජයෙන් පසුව, ඔබවහන්සේලාගේ සංවිධානය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක්‌වුණා කියලා…

පිළිතුරඃ- අවසාන මොහොතේ දේශපාලන වටපිටාව හැසිරෙන අකාරය දැකලා, අපි අපේ හෘද සාක්‍ෂියට අනුව තීරණයක්‌ ගත්තා මේ රට අද භුක්‌තිවිඳින යුද්ධයෙන් තොර නිදහස දිනා දීපු නායකයා වශයෙන් අපි එතුමාට කොන්දේසි විරහිතව අපේ සහයෝගය දිය යුතුයි කියලා. මැතිවරණයට පෙර එතුමා අපව මුණගැසුණෙත් නැහැ. මැතිවරණයෙන් පසුව මුණගැසුණෙත් නැහැ. යමෙකුට, යම් සංවිධානයකට පහර දෙන්න ඕනේ නම් අන්තර්ජාලය තුළ කැමැති කැමැති දේ ගොතලා දානවා. කිසිදු වගකීමක්‌ නැති, කිසිම පදනමක්‌ නැති හිතලුවලින් දැන් මේ සයිබර් අවකාශය පිරිලා. ඇත්තටම ඒවා බලන මිනිස්‌සු නිකං ඔළුව විකාර කරගන්න එක විතරයි කරගන්නේ.

ප්‍රශ්නයඃ- තවත් වසර 2ක්‌ කල් තිබියදී ජනපතිවරණය කැඳවීම ගැන ඔබ වහන්සේ මොකද හිතන්නේ.

පිළිතුරඃ- ‘බහු බුද්ධීං මරණං භවේ’ කියලා කියනවා. ඒ කියන්නේ බහු බුද්ධිය මරණයට හේතුවක්‌ කියලා. මහින්ද මහත්තයා වටේ හිටිය තුච්ජ ජ්‍යෙdතිර්වේදීන් ඇතුළු නා නා ප්‍රකාර උපදේශකයන්ගේ බහු බුද්ධිය තමයි මේ තීන්දු තීරණ සහ විනාශයන්ට හේතු වුණේ.

ප්‍රශ්නයඃ- ජාතික හෙළ උරුමයේ භූමිකාව ගැන ඔබවහන්සේගේ අදහස?

පිළිතුරඃ-හෙළ උරුමයට තිබුණු ගෞරවයේ වෙනසක්‌ නැහැ. ඔවුන් 2005 දී රාජපක්‍ෂ මහතාව බලයට ගෙනාවා. 2009 දීත් ඒ අය තමන්ගේ යුතුකම කළා. ඒත් මෙවර මැතිවරණයේදී ඔවුන්ගේ හඬට කන්නොදීමත් රාජපක්‍ෂ මහතාගේ පරාජයට හේතුවක්‌ හැටියට මම දකිනවා

ප්‍රශ්නයඃ- හදවතින්ම උත්තරයක්‌ අවශ්‍යයි. ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කරන්නට ඉදිරිපත් වීම, ඔවුන් පිහිටා සිටි ස්‌ථාවරයත් සමග සැසඳුවහම මූණ එක්‌ක තරහට නහය කපාගැනීමක්‌ නොවෙයිද?

පිළිතුරඃ- ඒකට කාලය විසින් උත්තරයක්‌ දෙයි.

ප්‍රශ්නයඃ- ‘ආගම් වාදී, ජාතීවාදී’ කියන ලේබලය තවදුරටත් ඔබ සංවිධානය මත අලවනවා. නමුත් ඔබ වහන්සේ එය භාරගන්න ලැහැස්‌ති නැහැ. එසේ නම් සියල්ලට පෙර ‘බොදු බල සේනාව’ කියන සංවිධානයේ සැබෑ ස්‌වරූපය, අරමුණ සමාජයට පැහැදිලිව කියා සිටියොත් හොඳයි නේද?

පිළිතුරඃ- අපි ජාතිය ගැන කතා කිරීම තමයි මේ ජාතිවාදය කියන්නේ. අපි උපන් රට, අපේ උතුම් ආගම වෙනුවෙන් කතා කිරීම ජාතිවාදය කියනවා නම් ඒක වැරදියි. අපට බණින මංගලලාවත්, අපව විවේචනය කරන ජනතා විමුක්‌ති පෙරමුණේ සහෝදරයොවත් සිංහලයන් වශයෙන් අපට සිදුවන අසාධාරණය, බෞද්ධයන්ට එරෙහිව සිදුවන සංස්‌කෘතික ආක්‍රමණය ගැන කතාකරන්නේ නැහැ. නමුත් අපි කතා කළහම වැරදියි. මේක ජාතියේ පුදුම අවාසනාවක්‌. පහුගිය රාජපක්‍ෂ ජනාධිපති ආණ්‌ඩු කාලෙවත් අපට අපේ සැබෑ මතය කියන්න කිසිම විද්යුත් මාධ්‍යයක ප්‍රමාණවත් අවස්‌ථාව දුන්නේ නැහැ. දුන්නා නම් ඒ මුද්‍රිත මාධ්‍ය විතරයි. ඇත්තටම අපිට මාධ්‍ය හරහා අපේ සැබෑ ක්‍රියාකාරිත්වය, අරමුණ ඉදිරිපත් කරන්න අවස්‌ථාව දුන්නා නම් රටට මෙයට වඩා විශාල සෙතක්‌ වෙන්න තිබුණා. අපිට අර කියපු ලේබලය ගහලා පැත්තකින් තැබුවා මිසක්‌ මේ කියන දේ වටිනාකම ලෝකයට තේරුම් ගන්න සැබෑ අවස්‌ථාවක්‌ දුන්නේ නැහැ. අපි කියන්නේ සිංහල බෞද්ධ සෙවණක මේ රට තිබෙන්න ඕනෑය කියන කාරණයයි. සිංහල බෞද්ධයා අන්‍යයන් තලාපෙලන ජාතියක්‌ නෙවෙයි. සිංහල බෞද්ධ සෙවණක මේ රටේ අන් සියලු ජාතීන්, ආගම් සුරක්‍ෂිතයි.

රැකවරණය සහිතයි. මෙයයි අපට කියන්නට අවශ්‍ය. මෙයයි අපේ අරමුණ. අද මෙයින් බැහැරවූ ලෝකයේ අනිත් රටවලට වෙලා තිබෙන දේ සමග සන්සන්දනාත්මකව හිතුවොත් ඔබට පෙනෙයි, සිංහල බෞද්ධ සෙවණක අන්‍ය ජාති ආගම්වලට තිබෙන සැනසිල්ල කොපමණද කියලා. අවාසනාවකට අපි මේ මුස්‌ලිම් මිනිස්‌සුන්ව මරන් කන්න ආපු සංවිධානයක්‌ විදිහට පෙන්නලා අපට පහර ගහනවා. මේ යහපාලනයක්‌ ගේන්න කියලා ආපු ආණ්‌ඩුවත් දැන් අපටමයි ගහන්නේ. මේ රටේ සැබෑ සැනසිල්ල, රැකවරණය ගැන අපි මේ කියන අදහස මොකද්ද කියල තේරුම්ගත්තොත් එතැන තමයි යහපාලනය තිබෙන්නෙත්.

ප්‍රශ්නයඃ- නව පාලනය යටතේ දූෂණ, අක්‍රමිකතා විමර්ශනය කරන්න යනවා. ඔබ වහන්සේලාගේ සංවිධානයත් පහුගිය කාලයේ ඉකුත් රජයේ සමහරක්‌ ඇමැතිවරුන්ට දූෂණ චෝදනා එල්ල කළා. දැන් ඔවුන් මේ රජයේත් බලවන්තයින්. ඔන්න දැන් ඒ µයිල් ඉදිරිපත් කරන්නත්, මේ රජයේ විමර්ශනයේ සාධාරණ බව විමසන්නත් ඔබට අවස්‌ථාවක්‌ ඇවිත්.

පිළිතුරඃ- මේ දූෂණ විමර්ශනවලට කියන්නේ මහත්තයෝ හොරු සමග හෙළුවෙන් කියලා. අමුඩයක්‌ විතරක්‌ ඇඳගෙන ඉන්න එකා අනිත් කෙනාගෙ නිරුවත ගැන කතාකරනවා. නිරුවතින් ඉන්න කෙනා අනිත් එකා අමුඩයක්‌ විතරක්‌ ඇඳන් ඉන්න එක ගැන කථාකරනවා. අවසානයේ වැඩි හරියක්‌ සිංහලයම ලෝකය ඉස්‌සරහ රෙදි ගලවාගන්නවා. අපි කියන්නේ වංචා දූෂණ ගැන විතරක්‌ නෙමෙයි, පුළුවන්නම් මේ රටේ සිංහල බෞද්ධයාට එරෙහි කුමන්ත්‍රණ, අනෙකුත් සංස්‌කෘතික විනාශයන්, සිංහල බෞද්ධයාව අපහසුතාවට පත්කරපු සැබෑ අන්තවාදී හැසිරීම් ගැන සොයන්නත් ස්‌වාධීන කොමිසම් පත්කරන්න කියලා.අළුත්ගම බේරුවල සිදුවූ සිදුවීම් ගැන හොයන්න වහාම කොමිසමක්‌ දාන්න කියලා අපි ඉල්ලනවා.

ප්‍රශ්නයඃ- ඉකුත් ජනාධිපතිවරණයේ ජන්දය ප්‍රකාශ වූ ආකාරය ගැන බැලීමේදී පැහැදිලිවම පේනවා රටේ සුළු ජාතීන් විසින් ජාතියක්‌ ලෙස එකතුව තම ජන්දය තීරණය කළාය කියන කරුණ. ඇයි ඔබවහන්සේලාට බැරි අන්‍ය ජාති, ආගම්වලින් මේ ජාතියට එන අතුරු ආන්තරා පස්‌සේ පන්නන්නට පෙර, ජාතියක්‌ වශයෙන් එක මතයක සිට තීරණ ගන්නා තැනකට මෙය මෙහෙයවන්න.

පිළිතුරඃ- අපි ඉතා වගකීමකින් කියනවා, මේ බොදු බල සේනා සංවිධානය පිහිටු වූවේ මහින්ද රජපක්‍ෂ මහතා විසින්වත් ඒ මහතාගේ පවුලේ අය හෝ ඒ ආණ්‌ඩුව විසින්වත් නෙමෙයි. අපේ සිංහලයෝ අරමුණක්‌ නැතිව කඩාවැටෙන හැටි, නන්නත්තාර වන හැටි, නිර්වින්දනය වී සිටින හැටි අප දුටුවා. සංවිධාන රාශියක්‌ විසින් බෞද්ධයාව සංස්‌කෘතික වශයෙන් ඝාතනය කරන හැටි අප දැක්‌කා. ඒ අනුව නව බොදු පුනරුද ව්‍යාපාරයක්‌ ලෙසයි, අප මෙය ආරම්භ කළේ. මේ බෙදිලා වෙන්වෙලා ආර්ථික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් කඩාවැටිලා රෝගී බවට පත්වූ සිංහල සමාජය නිරෝගී කරන්නයි අපි කටයුතු කරන්නේ. මේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික ජාතිය ඔවුන්ට හිමිවිය යුතු නිසි තැනට ගෙනයන අපගේ ප්‍රයත්නයේදී අපි සෑහෙන්න නින්දා, අපහාස වින්දා. නමුත් අපි නවතින්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය පාඩමක්‌ ලෙසට ගෙන ඉදිරියේදී මේ රටේ සිංහලයෝ පක්‍ෂ,පාට අමතක කර එකතු විය යුතුයි. මඩිහේ මහානායක හාමුදුරුවන්ගේ කාලයෙත් සිංහලයිනි, එකතු වෙයල්ලා, මේ රට ආරක්‍ෂා කරගනිල්ලා කිව්වත්, පක්‍ෂ නායකයෝ මෙය වගකට ගත්තේ නැහැ. යුද්ධයෙන් පස්‌සේ මේ පෙළගැසීම ඇතිවුණා. නමුත් බලය උදෙසා කුලල්කා ගැනීම නිසා නැවතත් දැන් එය දියාරු වෙලා. අද දෙමළ බෙදුම්වාදය ප්‍රභාකරන් හිටියට වඩා ඉතාම සූක්‍ෂ්ම විදිහට ඉදිරියට ඇවිත් තිබෙනවා. ඔවුන් ඉතාම නිරුපද්‍රිතව ඉඳිමින් එකදු උණ්‌ඩයක්‌ හෝ වැය කරන්නේ නැතිව සිංහල අපි ලවාම ඔවුන්ව පරාජය කළ නායකත්වයත් පරාජයට පත්කරලා තිබෙනවා. මෙය අපි සංවිධානය වෙලා අමුතුවෙන් කිව යුතු කාරණයක්‌ නොවෙයි. සිංහලයා දැන්වත් තේරුම්ගත යුතු තත්ත්වයක්‌.

ප්‍රශ්නයඃ- හිටපු ජනාධිපතිවරයාට සිය ධුරය අහිමි වීමෙන් පසුව මේ රටේ මිනිස්‌සු වැලනොකැඩී තංගල්ලට ගියා එතුමාව බැහැදැකලා සිය කෙළෙහිගුණය දක්‌වන්න. ඔබවහන්සේ කියනවා තවමත් ජන්දයෙන් පසුව ජනාධිපතිවරයාව මුණ නොගැසුණු වග.

පිළිතුරඃ-නෑ. ඇත්තටම අපි ගියේ නැහැ. එතුමා ජනාධිපතිවරයා වශයෙන් ඉන්දැද්දීත් අපි මුණගැහිලා තිබෙන්නේ අවස්‌ථා දෙකකදී විතරයි. ඒ අරලියගහ මන්දිරයේ සාකච්ජා සඳහා කැඳවපු අවස්‌ථාවලදී.

එතුමාට කෘතවේදීත්වය පළකරන්න ගියත් නොගියත්, රට ජාතිය ආරක්‍ෂා කර දුන් නායකයා වශයෙන්, අද වන විට මේ දෙමළ මුස්‌ලිම් මිනිසාට පවා නිදහසේ ජීවත්වීමට, මෙලෙස ජන්දය පාවිච්චි කරන්නට අවස්‌ථාව සලසාදීපු නායකයා වශයෙන් ඒ කෙළෙහිගුණය අපගේ හිතේ හැමදාම ඒ විදිහටම තිබෙනවා. නමුත් සිංහලයෙක්‌ හැටියටත්, හාමුදුරුකෙනෙකු හැටියටත් ලොකු කම්පාවක්‌ තිබෙනවා ඇයි මිනිස්‌සු මේ කෙළෙහිගුණය අමතක කළේ කියලා. අපි දන්නවා දැන් මිනිස්‌සු මේ කරගත්තු දේ ගැන බොහොම කම්පා වෙනවා කියලා. අනිත් පැත්තට ජන්දය දුන් අය පවා ඇවිත් අපි ඉදිරියේ පාපොච්චාරණය කරනවා වගේ කියනවා තමන් අතින් වුණු වැරැද්ද ගැන. නමුත් දැන් ඉතින් ඒ දේ වෙලා ඉවර නිසා ඉස්‌සරහට මොකද කරන්නේ කියන එක ගැන තමයි අපි හිතන්න ඕනේ. එතැනදි අපි විතරක්‌ නෙමෙයි මුළු සිංහල ජාතියම නැවතත්a මහින්ද රාජපක්‍ෂ මහතාව මුණගැසේවි.

ප්‍රශ්නයඃ- නියමිත මහ මැතිවරණයේදී බොදු බල සේනාව කොහොමද ක්‍රිsයාත්මක වෙන්න හිතන් ඉන්නේ?

පිළිතුරඃ- ඒ ගැන තවම හිතලා නැහැ.

ප්‍රශ්නයඃ- ඇත්තටම මේ ජනපතිවරණයේදීත් බොදුබල සේනාව ඒ හැටි ක්‍රියාත්මක වුණ බවක්‌ අප දුටුවේ නැහැ. බොදු බල සේනාවේ ක්‍රියාකාරිත්වය මෙතැනින් අහවරයිද?

පිළිතුරඃ- කොහෙත්ම නැහැ. ජනපතිවරණය ප්‍රකාශයට පත්කළාට පස්‌සේ අපි මාධ්‍ය හමුවක්‌ කැඳවලා කිව්වා, ඉතිහාසය අප ඉදිරියේ තබා ඇත්තේ තීරණාත්මක පරීක්‍ෂණයක්‌ කියලා. එහෙමයි අපි මේ ජන්දයේදී අපේ ක්‍රියාකාරිත්වය ආරම්භ කළේ. ඒ කියන්නේ 1815 සිංහලයන් විසින්ම සිංහල සෙනවියන් විසින්ම උඩරට රජතුමා ඇතුළු රාජ්‍යය ඉංග්‍රීසීන්ට පාවාදීමෙන් හරියටම වසර 200කට පසුවයි මෙදා මෙය සිදුවන්නේ. සිය යුද නායකයාව මරාදැමීමේ වෛරය දෙමළ ඩයස්‌පෝරාව මෙදා ඉතාම සූක්‍ෂ්මව පිරිමහගත්තා. මේ කුමන්ත්‍රණය ආරම්භ වුණේ මේ මාසයක දෙකක ඉඳලා නෙමෙයි. එදා 2009 දී යුද්ධය අවසන් වෙලා 2010 ජනාධිපතිවරණයේදි මහින්ද මහත්තයව තමාගේම යුද සෙනවියත් එක්‌ක හැප්පුවා. ඒත් එදා එය හරියටම සැලසුම් කරගන්න බැරිවුණා. නමුත් 2010 සිට අඛණ්‌ඩව සැලසුම් කරලා ඔවුන් අවශ්‍ය දේ කරගත්තා.අපි ජනපතිවරණයේදී සැබෑ පණිවුඩය, අනතුරු හැඟවීම දෙන්න ක්‍රියාත්මක වුණා. ඒත් ජාතියේ කරුමය අපට ඉදිරියෙන් ක්‍රියාත්මක වුණා. 1815 දී පෞද්ගලික අමනාපකම් නිසා රඡ්ජුරුවන්ගෙන් ගන්න ගියපු පළිය අවසානයේ රටම යටත් විජිතයක්‌ බවට පත්කළා. එදා රජු ගැන ඉංග්‍රීසීන්ට වැරදි කියපු රදළයොත් ඉංග්‍රීසි පාලනය යටතේ විනාශ වුණා කියන එක මහින්ද රාජපක්‍ෂ පාලනය පාවාදීපු උදවිය දැනගත යුතුයි.

මහත්තයට මම කතාකරන මේ වෙලාවෙ මට තොරතුරු ලැබෙනවා, ලබන 25ට පෙර උතුරේ හමුදා කඳවුරු 15ක්‌ ඉවත් කරගන්න කියලා දෙමළ දේශපාලනඥයො බලපෑම් කරන වග. බෝගස්‌වැව සිංහල පවුල් ඉවත්කරන්න බලපෑම් කරන බව. මුහුදු මහා විහාරය වටා තාප්පයක්‌ බැඳලා එය කොටු කරන්න යන වග. ඇතැම් අන්තවාදී කොටස්‌ අපට කතාකරලා කුණුහරුපෙන් බණිනවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා පැරදුණහම ඇතැම් මුස්‌ලිම් කොටස්‌ හුරේ දාන්නේ ඇයි කියලා අපට හොඳටම පැහැදිළියි. අපි හොඳටම දන්නවා මේ රටේ මුස්‌ලිම් අන්තවාදයක්‌ තියෙනවා. ආක්‍රමණයක්‌ තිබෙනවා. හැබැයි ඒ අය හිතනවා නම් ඒ අය දිනුවා කියලා අපට කියන්න තියෙන්නේ කවුරු බලයට පත්වුණත් අපේ සටන අප ඉදිරියට ගෙන යනවා කියන එක විතරයි.

සාකච්ජාව :-ඉන්ද්‍රජිත් සුබසිංහ කැමරාවඃ- සමන් අබේසිරිවර්ධන

 

http://www.divaina.com/2015/01/18/feature01.html

1 Response to "අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝකයා කවදා තේරුම් ගනීද?"

සිංහල ජාතිය ගැන කතා කරන දේශපාලන බලයක් අපේ රටේ ගොඩනැගෙන කාලයක් එනකොට අපි මේ රටේ සුළුතරය බවට පත්වෙලා ඉවරයි. අපට වෙන්නේ ඒ කාලෙටත් බටහිර ලිබරල්වාදීන්ගේ, සමාජවාදීන්ගේ බයිලා අසමින් ගෙදරට වෙලා හූල්ලමින් සිටීම පමණයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 673 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 457,002 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: