ධර්ම නිධාන

පූජණීය විරාතු හිමි සඳුනී, ඔබ මෙන් දහසක් බුදු පුතුන් ලක් මවට ඕනෑ කර තිබේ.

Posted on: ඔක්තෝබර් 5, 2014

විරාතු හිමියන්ගේ ලංකා ගමනට එරෙහි වූවෝ කවරහුද?

බුරුමයේ අශ්වින් විරාතු හිමියන්ගේ ලංකා ගමන පිළිබඳව මෙරට මුස්‌ලිම් සංවිධාන බෙහෙවින් කලබලයට පත්විය. බහුතර බෞද්ධයන් වෙසෙනා දේශයකට තවත් ථෙරවාදී රටක බෞද්ධ භික්‍ෂුවකට පැමිණීමට නොහැකිද? විරාතු හිමියන් පැමිණියේ සවුදි අරාබියට නොව ශ්‍රී ලංකාද්වීපයටය. මේ 47 වියෑති බෞද්ධ භික්‍ෂුව ත්‍රස්‌තවාදියෙක්‌, ඝාතකයෙක්‌ බවට පත් කළේ බටහිර මාධ්‍ය මිස බුරුම මාධ්‍යවේදීන් නම් නොවේ.

කිසිම අපරාධ චෝදනාවක්‌ නැති සුපේශල ශික්‍ෂාකාමී භික්‍ෂුවක වන විරාතු හිමියන් බෞද්ධ ත්‍රස්‌තවාදයේ මුහුණුවර යෑයි 2013 ජුලි 01 වැනිදා ටයිම් සඟරාවේ ප්‍රධාන ලිපිය මගින්ම ප්‍රචාරය කළා පමණක්‌ නොව එහි මුල් පිටුවට උන්වහන්සේගේ ඡායාරූපයක්‌ද යොදා තිබිණි. හැනා බීව් නමැති මාධ්‍යවේදිනිය විසින් බුරුම බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ප්‍රධානී විරාතු හිමියන්ගේ සැබෑ ප්‍රතිරූපය කෙළෙසමින් ලියූ ලිපිය දෙස්‌ විදෙස්‌හි බරපතළ ආන්දොaලනයකට ලක්‌විය. විරාතු හිමියන් බෞද්ධ ත්‍රස්‌තවාදයේ මුහුණුවර යෑයි කියූ ටයිම් සඟරාව අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයේ නායක අබු බකර් බැග්ඩෑඩ් මුස්‌ලිම් ම්ලේච්ඡත්වයේ මුහුණුවර යෑයි හඳුන්වන්නේ ද? ටයිම් සඟරාවේ මාධ්‍යවේදියකු කිසිම දිනක බෞද්ධයන් අතින් ඝාතනය වූයේ නැත. නමුත් බෞද්ධ ත්‍රස්‌තවාදය ගැන විවිධ ලිපි පළ කළ ටයිම් සඟරාවේම මාධ්‍යවේදියකු වූ ස්‌ටීවන් අයි. එස්‌. අයි.එස්‌. සංවිධානය විසින් ගෙල සිඳ මරා දැමීම සැබැවින්ම දෛවෝපගතය. සැබෑ ත්‍රස්‌තයෝ කවුරුන්දැයි හැනා බීව් මාධ්‍යවේදිනියට අවබෝධවී ඇත්ද යන්න අපට තවමත් පැහැදිලි නැත.

බොදු බල සේනා සංවිධානයේ ජාතික සමුළුව ඉකුත් ඉරිදා කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගනයේදී දැවැන්ත ජන සහභාගිත්වයකින් යුතුව සාර්ථක ලෙස නිමා විය. එහි ප්‍රධාන ආරාධිතයා වූයේa බුරුමයේ විරාතු හිමියන් ය. මේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නායක හිමිපාණන් බොදු බල සේනා සංවිධානයේ මහ සමුළුවට කැඳවීම ගැන මෙරට බහුතර ජනතාව කිසිම දොaසයක්‌ නඟන්නේ නැත. ථෙරවාදී බෞද්ධ ලෝකය මුහුණ දෙන අභියෝග ශ්‍රී ලංකාවට මෙන්ම බුරුමයටත් පොදුය.

බටහිර මාධ්‍යයට උන්වහන්සේ ත්‍රස්‌තවාදියෙක්‌ වූයේ මේ ගැන නොබියව කතා කරන නිසාය.

මේ අභියෝග අතර ප්‍රමුඛ වන්නේ මුස්‌ලිම් අන්තවාදය හා ව්‍යාප්තවාදයයි. මෙහි කටුක සත්‍යය හෙළි කරන විරාතු හිමියන් සැබැවින්ම මෙරට ජාතික ව්‍යාපාරයටද ආදර්ශයකි. ඒනිසාම දහස්‌ ගණන් බෞද්ධයන් සාධු නාද පවත්වද්දී මේ භික්‍ෂුqව බොදු බලසේනා මහ සමුළුව ඇමතූ අයුරු අපට දක්‌නට ලැබිණි. එහිදී විරාතු හිමියන් පැවසුවේ කුමක්‌ද? බෞද්ධයන් අන්තවාදීන් යෑයි කියන්නත් විහාරස්‌ථාන හා භික්‍ෂූන් විනාශ කරන ජිහාඩ් අන්තවාදය සාධාරණීය කරන්නත් සමහර මාධ්‍ය කටයුතු කරන බවයි. මෙය සැබවින්ම ඇත්තකි. මෙරට සමහර ඉංගී්‍රසි මාධ්‍යවලටත් බුරුම විරාතු හිමියන්ගේ පැමිණීම බලවත් ප්‍රශ්නයක්‌ විය. එහෙත් අබුබකර් බැග්ඩැඩ්ගේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය මෙන් බුරුම 969  (9 -නව අරහාදී බුදු ගුණ, 6 – සයාකාර දම් ගුණ,  9 – නවාකාර සඟ ගුණ )  සංවිධානය සිය විරුද්ධවාදීන්ගේ ගෙල කපා මරා දමා ඇත්ද? ක්‍රිස්‌තියානීsන් බලහත්කාරයෙන් මුස්‌ලිම් ආගමට හරවා ඇත්ද? ආගමට බඳවාගත නොහැකි ක්‍රිස්‌තියානීන් කුරුසයේ තබා ඇණ ගසා ඇත්ද? මුස්‌ලිම් නොවන කාන්තාවන් ලිංගික වහල් භාවයට ගෙන ඇත්ද? මනුෂ්‍ය ශිෂ්ටාචාරය නැවත ගල් යුගයට ගෙන යන මුස්‌ලිම් අන්තවාදයක්‌ බිහිව තිබියදී සමහරුන්ට මතක්‌ වන්නේ බුරුම විරාතු හිමියන්ගේ 969 ව්‍යාපාරය ගැන පමණකි. මෙය සැබැවින්ම විශාල වංචාවකි.

මේ වනවිට ලොව ප්‍රධාන ගැටුම් 23 ක්‌ සිදුවෙමින් පවතී. එයින් 22 ක්‌ ම සිදුවන්නේ මුස්‌ලිම් අන්තවාදය නිසාය. එහෙත් මේ බුරුම භික්‍ෂුවට ලංකාවට පැමිණීමට ඉඩ දීම බලවත් අපරාධයක්‌ බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලයේ වැඩබලන සභාපති හිල්මි අහමඩ් මහතා ලිපියක්‌ ලියමින් ජනාධිපතිවරයාට දන්වා තිබිණි. ඇත්තෙන්ම විරාතු හිමියන් ඉකුත් බදාදා අලුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය. උන්වහන්සේ ලංකාවට වැඩියාය කියා කිසිම ආගමික ගැටුමක්‌ ඇතිවූයේ නැත. ආගමික සහනශීලිත්වයට හානියක්‌ සිදු වූයේ ද, නැත. මෙරට බෞද්ධයන් කිසිවිටක අන්‍යාගමික පූජකවරුන්ට හෝ වෙනත් ආගමික නායකයන්ට මෙරටට පැමිණීමට ඉඩ ලබා නොදිය යුතු බව ප්‍රකාශ කරන්නේ නැත. එසේනම් පාප් වහන්සේ ලබන ජනවාරියේ ලංකාවට පැමිණෙන්නේ කෙසේද? මෙරට ජනගහනයෙන් කතෝලික ප්‍රතිශතය 7% ක්‌ පමණි. බහුතර බෞද්ධ ජනතාව මේ ගමන ගැන විරෝධයක්‌ පළ කර නැත.

බෞද්ධ භික්‍ෂුවකට ලංකාවට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා මුස්‌ලිම් කවුන්සිලයෙන් අවසර ගත යුතු ද? එදා නාලන්දාව විනාශ කළ භක්‌තියාර් ඛල්ජිගේ අවතාර යළිත් මේ කවුන්සිල තුළ හොල්මන් කරන බව නම් රහසක්‌ නොවේ. මුස්‌ලිම් අන්තවාදීන්ගේ තර්ජන හමුවේ පවා විරාතු හිමියන්ට වීසා පහසුකම ලබාදීම ගැන රජයට ස්‌තුතිවන්ත විය යුතුය.

මෙරට ආගමික සහජීවනයට ප්‍රශ්නයක්‌ වන්නේ විරාතු හිමියන්ට වීසා ලබාදීම ප්‍රතික්‍ෂේප කළා නම් පමණකි. එහිදී මේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නායකයාට ලංකාවට ඒමට ඉඩනොදිම ගැන බෞද්ධ ප්‍රජාව කුපිත වීම වැළැක්‌විය නොහැකි වනු ඇත. නමුත් විරාතු හිමියන් කිසිම බාධාවකින් තොරව ලංකාවට පැමිණ මහ සඟ සමුළුවටත් සහභාගි වී අනුරාධපුරයේ මෙන්ම මහනුවරත් බෞද්ධ සිද්ධස්‌ථාන වැඳ පුදාගෙන දළදා පූජාවකුත් පවත්වා නැවත රැංගුන් නුවර බලා ගොස්‌ ඇත. දැන් කිසිවකු කලබල විය යුතු නැත. සැබැවින්ම විරාතු හිමියන්ගේ ආගමනය නිසා මෙරට ආගමික සංහිඳියාවට කිසිම ප්‍රශ්නයක්‌ ඇති වූයේ නැත. එය සදාකල් සුරැකෙනු ඇත.

එහෙත් මෙරට සමහර විකල්ප මාධ්‍යයට නම් විරාතු හිමියන් මස්‌ මරන්නෙක්‌ විය. එක්‌ විකල්ප වෙබ් අඩවියක විරාතු හිමියන්ගේ ලංකා ගමන ගැන සඳහන් ලිපියක ශීර්ෂ පාඨය වූයේ ඊමඑජයෑර දෙ එයෑ ඵමිකසප ඨැඑ ඔදටැඑයෑර යනුවෙනි. විරාතු හිමියන් මස්‌ වැද්දෙක්‌ නම් අබුබකර් බැග්ඩෑඩ් හඳුන්වන්නේ කෙසේද? ඒ යක්‍ෂයා හැඳින්වීමට වචන සෙවීමද අපහසු වනු ඇත. ඉහත ලිපියේ සඳහන් වූයේ විරාතු හිමියන්ගේ ලංකා ගමනත් සමඟ මෙරට මුස්‌ලිම්වරුන් හා බෞද්ධයන් අතර තිබූ සහජීවනය සම්පූර්ණයෙන්ම නැතිවූ බවය. මෙය සැබැවින්ම කුහක ප්‍රකාශයකි. අද ලොව පුරාම ආගමික සහජීවනය නැති කර දමන්නේ කවුරුන්ද? දෙවියන් වෙනුවෙන් මිනීමරන්නේ බෞද්ධයන් නම් නොවේ.

ලංකාවේ සිටින වහාබ් අන්තවාදී ලේඛකයන් විරාතු හිමියන්ට මඩ ගැසූ නමුත් එය සාර්ථක වූයේ නැත. මේ ගමන නවත්වන්න උත්සාහ කළේද වහාබ්වාදීන් මිස අන් කවරකුවත් නොවේ. එහෙත් නැඟී එන බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යට කිරීමට මේ අන්තවාදයට කළ හැකි කිසිවක්‌ නොමැත.

චතුර පමුණුව

http://www.divaina.com/2014/10/05/feature12.html

1 Response to "පූජණීය විරාතු හිමි සඳුනී, ඔබ මෙන් දහසක් බුදු පුතුන් ලක් මවට ඕනෑ කර තිබේ."

ප්‍රතිචාරයක් ලබාදෙන්න

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 649,211 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ