ධර්ම නිධාන

“අභිධර්මය අබුද්ධ දේශිතයකැ” කියා බුදු පියාණන්ට බැන්නේ ඇයි කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ?

Posted on: මැයි 3, 2011

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

යම් ප්‍රශ්ණයක් අරබයා, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමි විසින් ඉරිදා සිළුමිණට සැපයූ, සුන්දර මාතෘකාවක්ද සහිත මෙම ලිපිය සම්පූර්ණයෙන් කියවන්න.

උතුම් වෙසඟේ මතුවිය යුත්තේ බුදුන් වදාළ ධර්මය නොවේද?

උතුම් වෙසඟේ මතුවිය යුත්තේ බුදුන් වදාළ ධර්මය නොවේද?

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

මේ ඉහත ලිපිය පිළිබඳ අපගේ විග්‍රහයයි:

ලිපියේ පෙර වදන අනුව මෙම ලිපිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් විසින් තම වදනින්ම කල , කිසිදු සංස්කරණයකට ලක් නොවූ එකක් බව පැහැදිලිව සඳහන් වේ. උන් වහන්සේ පවසන පරිදි  500 ක් වූ භික්ෂූන් වහන්සේට නායකත්වය දෙන එතුමා සිය නායකත්වයට සාධාරණයක් මෙම ලිපියෙන් ඉටු කොට ඇතිදැයි යන්න විමසා බැලීමේදී අපිට ඇති වූයේ බලවත්ම සංවේගයකි.

ධර්මයේ චිර ජීවනය පතන අපි, මුලින්ම උන් වහසේගේ ලිපියේ අපි රතු පැහැයෙන් ලකුණු කොට ඇති කොටස ගැන අවධානය යොමු කරමු.  අපි දන්නා පරිදි අති පූජනීය හේන්පිටගෙදර ඤාණසීහ මාහිමිපාණන් අභිධර්මය රැක ගැනීමට උර දුන් ශ්‍රේෂ්ඨ උතුමෙක් විනා එයට විරුද්ධ වූ අයෙක් නොවේ. පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමිගේ සම කාලීන උතුමෙකි. ඒ අනුව පූජ්‍ය කිරිබත්ගොඩ හිමි පවසන පරිදි  ඉහත උතුමාගේ  ගේ  පොතක් කියවූ සැනින් අභිධර්මය පිළිබඳ සැක ඇති වීම අදහා ගැනීමටවත් අපහසු, උත්තම පුද්ගල ගර්හාවකි. ගෙවා අවසන් කල නොහැකි පාප කර්මයකි. එම උතුමා ආර්ය තත්වය ලබා අපවත් වී ඇත්නම්, පූජ්‍ය  කිරිබත්ගොඩ ඤානානන්ද හිමි ආර්යෝපවාද කර්මයද කරගෙන නිවන මට එපා යයි කීමක් තරම් ප්‍රභල පාපයකි. කියන ලද පොත කියෙව්වේ පළමුව අඩු තරමින් අභිධර්මය හැදෑරීමේ උත්සාහයක් ගෙන දෝයි යන්න සඳහන් කර නැත. පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි මේ තරම් ප්‍රසිද්ධ නුවූයේ නම්,  පූජ්‍ය  කිරිබත්ගොඩ ඤානානන්ද හිමි ට අභිධර්මය පිළිබඳ සැක,  රේරුකානේ චන්දවිමල මහනාහිමි ආර්ය උතුමාගේ පොත කියවීමෙන්ම ඉපදුන බව පවසනු ඇත. එය අත පුච්චා ගැනීමක් සේ සලකා වැලකුණාදැයි අපිට සැක මතු වන්නේ මෙහිදීය. මහමෙව්නා ශ්‍රාවකයිනී පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගැන ඔබගේ ශ්‍රාස්තෲ තුමාගේ අදහස් විමසන්න. කිසිම තැනක පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි උතුමාගේ ශාසන කර්තව්‍ය ගැන අගය කිරීමක් පූජ්‍ය  කිරිබත්ගොඩ ඤානානන්ද හිමි විසින් කරනු අපි  දැක/අසා නැත්තෙමු. එය ගැටළුවක් නේද?

අපගේ වාසනාවකට අති ඝාම්භීර වූ අභිධර්මය රසවත්ව සිංහලෙන් ඉගෙනීමට සියළු පහසුකම් පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි සම්පාදිත පොත් දෙකක් තුලම ඇත, ඒවා ධර්ම ඝවේෂී උතුම් සංඝරත්නය විසින්  අත් පොත් ලෙස භාවිත කිරීම අදත් බහුලව සිදුවේ. අභිධර්මයේ ඉගැන්වීමක ඇති ඕනෑම ගැටළුවකට කෙලින්ම පිළිතුරු එවායේ සොයා ගැන්මට ඇතැයි කීවද එය අතිශෝක්තියක් නොවන තරමට ඒවා පරිපූර්ණ යැයි කිව හැක. මන්ද එම පොත් රචනා කළ පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි උතුමා විසින් ඒ සඳහා සිය ශක්තිය යෙදෙව්වේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමිද නහය ලඟටම එරී ඇති මිත්‍යාදෘෂ්ඨිය නම ගොහොරුවේ එවකට සිටි විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන් ද එරී පණ අදිමින් සිටි කලකය.

තමන් අති පණ්ඩිත යැයි සිතා ගත් සත්‍ය වශයෙන්ම ගැඹුරු දහමක් ධාරණය කර ගැනීමේ නොහැකියාව ඇති විශ්ව විද්‍යාල මහාචාර්ය වරු එම හිරි ඔතප් රහිත යමෙක්ට කල හැකි ඉහලම පාප කර්මය එනම් “අභිධර්මය අබුද්ධ දේශිතයකැ” මිත්‍යාදෘෂ්ඨියට බැස ගත්හ. පිහිටක් පදනමක් නැති එම මිත්‍යාදෘෂ්ඨියට පිළිතුරු දී බිඳ දමා ඇත්තේ අන් කවුරුත් නොව මහාචාර්ය පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින්මය, බලන්න, අභිධර්මයේ මූලික කරුණු පොතේ පිටු ix වලින් පටන් ගන්නා සංඥාපනය. පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමි සිය බැබලීමට එකම පිහිට කර ගන්නා සූත්‍ර පිටකය ගැන විග්‍රහයක්ද එහි අඩංගු කර ඇත්තේ හරියටම මහමෙව්නාවේ ඔබ වෙනුවෙන්දැයි අපිට පුදුම සිතේ.

මිත්‍යාදෘෂ්ඨියහි බරපතල කම බුදු වදනින්ම සඳහන් වන්නේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහිය, බලන්න.

අංගුත්තර නිකායේ ඒකක නිපාතය

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

එය කලේ කුමකටදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. ඉගෙනීමේ බරෙන් නිදහස් වීමටයි. ඉගෙනීමේ බරෙන් නිදහස් වීමට එය ප්‍රතික්ශේප කල  යුතු නැහැ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද අපේ හාමුදුරුවනේ. 42,000 වූ එම ධර්ම ස්කන්ධයට, එම බුදු වරුන්ට වැඩ සිටීමේ අයිතිය සලසා දුන්නේ දෙවෙනි බුදුකෙනෙක් වන් සැරියුත් මහ රහතන් වහන්සේගෙන් පටන්ගෙන ඉතිහාසය පුරා වැඩ උන් නික්ලේෂී රහතන් වහන්සේලායි. ඔබ වහන්සේට එය ඉගෙනීමට අපහසු නම් පසෙකින් තබන්න. එයට එරෙහිව මිත්‍යා මත නොවපුරන්න. එය ඉගෙනීම මහා කාරුණික බුදු පියාණන් කිසිවෙකුට අනිවාර්ය කර නැත. හුදෙක් ඉගෙනීම නිවන් කරා මග කෙටි කර දෙනවා පමණි. ඔබ දුර පාරෙන් යාමට කැමති නිවන අනෙක් අය මතත් බලෙන් පටවන එක කොතරම් පාපයක් දැයි සිතුවාද  පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද අපෙ හාමුදුරුවනේ?

අහෝ ඛේදයකි, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමි සිය ලිපිය අවසානයේ අන් පූජ්‍ය හිමි වරුන්ගේ හිරි ඔතප් ගැන චෝදනා කරන්නේ පවට බිය(හිරි)  හා පවට ලැජ්ජාව(ඔතප්) උන් වහන්සේම අනන්ත වාරයකින් ප්‍රභල ලෙස හා භයංකාර ලෙස “අභිධර්මය අබුද්ධ දේශිතයකැ” මිත්‍යාදෘෂ්ඨිය තුලින් උල්ලංඝනය කර ගෙන ඇති බව නොදැනය. අපි මාතෘකාවේ උන් වහන්සේගෙන් සංවේගයෙන් යුතුව කුමක් නිසා එය කලේදැයි අසා සිටින, ලොව්තුරා බුදු පියාණන්ට දෝෂාරෝපනයද  මෙයම වේ. බලන්න  කලින් ලිපියේ පසු වදන

පූජ්‍ය  කිරිබත්ගොඩ ඤානානන්ද හිමි  අභිධර්ම ඉගැන්වීම වල සැක කරන කාරණා සියල්ල පැහැදිලිව දක්වන ලෙස අපි  උන් වහන්සේගෙන් ගෞරවයෙන් හා ධර්ම සංවේගයෙන් යුතුව ඉල්ලා සිටින්නේ ඒවාට පිළිතුරු සොයා බලා තවමත් මොළ සෝදනයට ලක් නොවූ උන් වහන්සේගේ අනුගාමිකයන් ඇත්නම් ඔවුන්ට ඉදිරිපත් කිරීමටය. බුදුන් දෙසූ ලෙසම විමසා පිළිගන්නන් තවමත් ඉතිරි වී සිටීමට ඉඩ ඇති බැවිනි.

උන් වහන්සේගේ මෙම සිළුමිණ ලිපිය කෙරෙහි පාදක වී ඇත්තේ උන්වහන්සේ ගේ අදහස් හා එකඟ නොවන පූජ්‍ය භික්ෂූන් වහන්සේ හා තවත් ගිහි කීප දෙනෙක් බව පෙනේ. කෙලෙස් සහිත ගිහියෙක් මෙහි සඳහන් වචන භාවිත කලා නම් අපිට තේරුම් ගත හැක. බුදු දහමේ මූලිකම හරය, විශේෂත්වය වන්නේ සතුරාට පවා මෛත්‍රී කිරීමයි. කිරිබත්ගොඩ අප හිමිගේ වචන අනුව පිළිතුරු සපයා ඇත්තේ සාමාන්‍ය සතුරන්ට නොව ගිහි, පැවිදි, ස්ත්‍රී, පුරුෂ සියළු ආකාරයේ පරම සතුරන්ටය. යොදා ඇති විශේෂනයක් පාසා වෛරය, පළිගැනීමේ අකුසල් චේතනාව දිස්වන බව රහසක් නොවේ.  ලිපිය ලියූ කාලය පුරාවට උන් වහන්සේගේ සිත තුල උපන් “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත” නම් අකුසල් සිත හා ඇමිණී ඇති චේතනා නම් චෛතිසික ධර්මය එම සිතේ අකුසල් කර්ම බලය බව අභිධර්මයට අනුව දත යුතුය..  එය තනි භික්ෂූන් වහන්සේ කෙනෙක් ගේ දුර්වලතාවක් වූවාට එයින් ශාසන, පුද්ගල හානිය අල්ප වන්නේ එය ආරෝපනය කිරීමට අනුගාමිකයන් නැති නිසයි. නමුත් සිතා බලන්න 500 ක් අනුගාමික භික්ෂූන් වහන්සේ හා සියළු අනුගාමික ගිහියන් මත එම වෛරයම ආරෝපනය වූ විට මොන තරම් ශාසන, පුද්ගල හානියක්ද? අපි ඔබට ඉහත ලිපියෙන් කියා දුන් ද්වේෂ මූල,  සියලු ආකාරයේ සිත් මෙහිදී ජනිත වී හසුවූ සියල්ල සුනාමියකට වඩා අනන්ත ගුණයෙන් දරුණු විනාශයකට ලක් කරයි. විපාක, අනන්ත වූ සසරේ, මතු භවයන්හී නොවැරදීම ගෙවිය යුතුය. එය කර්ම නියාමයයි.

සිතින් සිදුවන ව්‍යාපාද කර්ම පථය, ඉතා පහසුවෙන් පුද්ගලයන් ගොදුරු කර ගන්නා කෙලෙස් ධර්මයකි. එය සිදු වන්නේ හුදෙක් කරුණු 2 ක් සම්පූර්ණ වීමෙනි.

ව්‍යාපාද කර්ම පථය

විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න

සිළුමිණ  ලිපිය කියවීමේදී ඔබට දැනුනේ කුමක්ද? පූජ්‍ය කිරිබත්ගොඩ හිමි පානන්, නිකෙලෙස් වීමට සටන් කරන වීර පුරුෂයෙක් මෙන් සතුරාට මෛත්‍රී විහරණය දක්වා එම අපහසු අවස්ථාවේ සසරින් ජය ගන්නා අයුරුද? එසේත් නැතිනම්, අංග සම්පූර්ණව ව්‍යාපාද කර්ම පථය සිදු කරමින් සසරේ අන්ත පරාජිතයෙක් වන අයුරුද? එය විනිශ්චය කිරීමට අපි ඔබට භාර කරමු.  පූජ්‍ය කිරිබත්ගොඩ හිමි පානන් සිය විරුද්ධ මත ධාරී පූජ්‍ය භික්ෂූන් වහන්සේ නෙරපීම පිණිස අසපු තුලදී ගිහි මැර බලය පවා යොදා ගන්නා බවට පැතිරෙන කථා, අපට සම්පූර්ණයෙන් බැහැර කල නොහැක්කේ මෙම කණගාටුදායක පසුබිම තුලය.

අභිධර්මය ප්‍රතික්ෂේප කලත් විනය හා සූත්‍ර පිටක ප්‍රයෝගිකව භාවිත කරන බව දෙසන පූජ්‍ය කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ විනය විරෝධී ක්‍රියාවකට  පූජ්‍ය භික්ෂූන් දෙනමක් යොදවන ලද්දේ මොන සිතකින් දැයි අපිට සිතා ගැනීමට වත් නොහැක. උන් වහන්සේ යටතේ පැවිදි වූ  පූජ්‍ය භික්ෂූන් දෙනමට භාවනා අසපු දෙකක් භාර දුන් බවත් ඒවා වලින් ආදායම් ලබන්නටත් නිදහස දුන් බව කියති. මෙය මොන තරම් විනය විරෝධී භික්ෂු විනාශයක්ද ? මූලික වශයෙන් මුදල් භික්ෂූන් වහන්සේට අකැප බව උන් වහන්සේගේ විනය පිටකයේ සඳහන් වී නොමැත්තේ විනය කාලයට සරිලන සේ සකස් කර ගත් නිසාද?.විනයට මුල් තැන දෙන ඕනෑම භාවනා මධ්‍යස්ථානයක මුදල් පරිහරණය ගිහියන් අතින් පමණක් සිදු වන බව ඔබ වහන්සේ අසා ඇතිද කිරිබත්ගොඩ  අපේ හාමුදුරුවනේ? ඒ ඒ අවස්ථාවේ ආමිස දාන, ධර්ම දාන හා අභය දාන සාර්ථක කර ගැනීමට කැමැත්තෙන් සතුටු සිතින් කරන පූජා පමණක් එහිදී දායක මණ්ඩලය විසින් පරිපාලනය වීම සිදුවේ. ඒවා කිසි ලෙසකින්වත් ආදායම් නොවන බව ඔබට පුදුමද කිරිබත්ගොඩ අපේ හාමුදුරුවනේ?

සිළුමිණ ලිපියේ කොල පැහැයෙන් ලකුණු කර ඇති පරිදි , ඔබ වහන්සේ අසපු පිහිටෙව්වේ අසරණ බෞද්ධ මුදල් ආදායම් බවට පත් කිරීමට බව ඔබ වහන්සේගේම වචන අපිට කියන මේ කටුක සත්‍ය පෘතග්ජන අපිට දරා ගන්න අමාරුයි කිරිබත්ගොඩ  අපෙ හාමුදුරුවනේ. භික්ෂූන් මුදල් පරිහණයේ ඇති බියකරු බව, යුගයේ සංඝ පීතෲන් වහන්සේගේ මෙම සාකච්ඡාවේ අපි කාටත් හෙළි කරන්නේ අපි/ඔබ සියල්ල ගැන මෛත්‍රියෙන් කරුණාවෙන්.  සවන් දී සම්‍යක් දෘෂ්ඨියට පැමිණීම පිණිසයි.

Bhikshun vahanseta Mudal kepada STEREO.mp3

එම සිළුමිණ ලිපියේම නිල් පැහැයෙන් ඉරි ගසා පෙන්වා ඇත්තේ කුමක්ද?, පැහැදිලිවම පූජ්‍ය සංඝ රත්නයට දෝෂාරෝපණයයි. කුමණ හේතුවක් නිසා කලත් මෙය  පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමිව ධර්මානුකූලව වර්ජනය කිරීමට තවත් සුදුසුකමක් බව නොකියාම බැරිය. මන්ද, තුන් පිටකය ඉගෙන නොගත්තත්, විනය පිළිනොපැද්දත් චූදිත භික්ෂූන් වහන්සේලා පූජ්‍ය කිරිබත්ගොඩ හිමි මෙන් ත්‍රී පිටක වල වැඩ සිටිනා බුදු වරුන් අපවත් කිරීමට උපක්‍රම නොයොදනා බැවිනි. කෙලෙස් පක්ෂයෙන්, ඉහත අංගුත්තර නිකායේ ඒකක නිපාතය අනුව පූජ්‍ය කිරිබත්ගොඩ හිමිම මහා සාවද්‍ය ( අතිශය ඝෝර විපාක වලට යටත්) වන බැවිනි.

කිසිම භේදයක් නොමැතිව ඉතිහාසය පුරාවට පැවති පන්සල් සමඟ තරහට මෙන් ථේරවාදයට කිසි සේත් නොගැලපෙන අසපු පිහිටුවමින්, ඒවායේ භික්ෂූත්වයට කිසි සේත් නුසුදුසු පහසුකම් වපුරමින්, සංඝ බේදය ඉතිහාසයේ කිසි කලකත් ලක් බිමේ නොතිබූ තරමට වර්ධනය කලේ වෙන කිසිවෙක් නොවේ පූජ්‍ය කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේයි. එය ආනන්තරීය පාප කර්මයයි.

නිසි අවබෝධයක් හෝ කළමනාකරණයක් කරණයකින් තොරව කල බුදු රැස් පෙන්වීමේ උත්සාහයකදී, සෝමාවතී පුදබිමේ බෞද්ධයන් තිදෙනෙක් බඩ ගින්දර හා තදබදයේ ප්‍රතිඵල ලෙස දිවි පිදුවේ ඔබ වහන්සේ කෙරේ භක්තිමත් බව නිසාම බව අපි දන්නා නමුත්, ඒ අයට අඩු තරමින්  වාර්ෂික පුණ්‍යානුමෝදනාවක් නොකරන්නේ මන්දැයි අපට ඇති තවත් බලවත් ගැටළුවකි. කිසිවක් සිදු නොවූ අයුරින් එම අසරණයන් අමතක කර දමමින් කටයුතු කිරීම අපට මහා පුදුමයකි. පෙර අපි සිතා සිටියේ පල්ලියේ යාඤා මෙහෙයන් බෞද්ධයන්ට මරු කැඳවන බව පමණි. දැන් දැන් බෞද්ධ පින්කම් පවා බෞද්ධයන්ට මරු කැඳවූ විට සිටින බෞද්ධ  බැතිමතුන් අතලොස්සත් අතුරුදහන් වෙනවා නේද කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමිට ලක් වැසි සැදැහැවත් බෞද්ධ කාගෙ කාගේත් අනුකම්පාව හිමි විය යුත්තේ විපාක වශයෙන් එතුමා ඩැහැ ගැනීමට බලා සිටින අදටත් එකතු කරගන්නා අතිශය බලගතු අකුසල කර්ම නිසායි. අපි කරුණා/මෛත්‍රී විහරණයෙන් මෙම ශාසන ව්‍යසනයේදී ජයගමු!. කළින් පෙන්වා දුන් ලෙසම පූජ්‍ය කිරිබත්ගොඩ හිමි  හා මහමෙව්නාව බුදුන් දෙසූ ලෙස ධර්මානුකූලව සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරමු. මෙම භියකරු සුනාමියට නිවැරදිව මුහුණ දී ගැලවෙමු!

මහානුභාව සම්පන්න තිසරණයේ අනන්ත ගුණ බලයෙන් රත්නත්‍රයට එරෙහි පෙනෙන/නොපෙනෙන බාහිර/අභ්‍යන්තර සියළු අපරාධ වැලකේවා!, පන්දහසට දස දහසක් කල් ගෞතම බුද්ධ ශාසනය ඉන්ද්‍ර ඛීලයක් සේ මේ ලක් පොළොවේ පිහිටාවා!

13 Responses to "“අභිධර්මය අබුද්ධ දේශිතයකැ” කියා බුදු පියාණන්ට බැන්නේ ඇයි කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ?"

මට පෙනුන විදිහටනම් කිරිබත්ගොඩ හාමුදුරුවො තමන්ගෙ මතය හරියට පැහැදිලිව කියල තියනවා අනික මම දන්න විදිහට කිරිබත්ගොඩ හාමුදුරුවො කොතනක වත් දර්මයට ගරහලත් නෑ. අනික ඒ ලිපිය උන්වහන්සෙ ලියද්දි ද්වේශයකින් ලියන බවක් පේන්නත් නැ අනික ගැටලුවක් තියනවනම් උන්වහන්සෙ හම්බවෙන්නත් පුලුවන් කියල තියනවනෙ.

පින්වත, බුදුන්ට ගැරහීම, ද්වේෂ සහගත වදනින් කල හැක. කිසිම එවන් වදනක් භාවිත නොකිරීමෙන්ද කල හැක. පූජ්‍ය කිරිබත්ගොඩ හිමි පළමු ආකාරයෙන් එය නොකරන බව පැහැදිලිය. දෙවන ආකාරයට කරන අයුරු දැන ගන්නේ දුක නිපාතය හි අඬංගු බුද්ධ වචනය ඇසූ අය පමණි. අප පෙන්වා දෙන්නේ එයයි.

~~අනික ඒ ලිපිය උන්වහන්සෙ ලියද්දි ද්වේශයකින් ලියන බවක් පේන්නත් නැ~~

පින්වත, අවංකව සිතා බලන්න. ඔබගේ පරම සතුරෙකුට ඔබ මෛත්‍රී විහරණයන් සිටින මොහොතක් උපකල්පනය කරන්න. එනම් “එම සතුරා,…වෛර නැත්තෙක් වෙත්වා!, දුක් පීඩා නැත්තෙක් වෙත්වා!, සුවසේ ආත්මය පරිහරණය කරන්නේක් වෙත්වා!, දුකින් මිදෙත්වා!, කර්මානුකූලව ලැබූ සම්පත් විනාශ නොවෙත්වා!” යනුවෙන් ඔබ අවංකව මෙනෙහි කරමින් සිටිනවා යයි සිතන්න. එම මානසිකත්වය සමඟ ඔබට පහත කිසිම විශේෂනයක් ඔබගේ එම සතුරන්ට විරුද්ධව කොලයක ලියා, ඉරිදා පුවත් පතක පළ කිරීම දක්වා ක්‍රියාත්මක විය හැකිද?…බලන්න

~~එක්තරා මන්තරකාරියක වන යක්දෙස්සියකගෙන්, තවත් ඊර්ෂ්‍යාකාර පැවිද්දන්ගේ, කෙළෙහි ගුණ නොදත්, ආචාර්ය ද්‍රෝහී පැවිද්දන්ට, අසත්පුරුෂ පොඩිනමගේ, කෙලෙහිගුණ නොදත් අසත්පුරුෂ පොඩි නම, ත්‍රිපිටකය තබා විනය ශික්ෂාපද තඹදොයිතුවකටවත් ගණන් නොගන්නා මොන තරම් භික්ෂු පිරිසක් මේ රටේ සිටිත්ද? ඒ භික්ෂූන් ත්‍රිපිටකයෙන් එක පිටකයක්වත් විශ්වාස නොකරති.අභිධර්මය කෙසේ වෙතත් මුළු සූත්‍ර පිටකයම කියවා ඇති භික්ෂූන් කොතරම් අල්ප ද?, අනුන්ගේ ඇස්වල රොඩු සොයමින් ගෝරනාඩු කරන්නට පෙර තමාගේ ඇස්වල ඇති පොල්පරාල ඉවත් කරගත යුතුය.කෙලෙහිගුණ නොදත්, හිරිඔතප් රහිත, අසත්පුරුෂ දුෂ්ට දෙනම, මේ පවිටු දෙනම ගත් උත්සාහය~~

ඉහත අතිශය හානි කර බෞද්ධ විරෝධී වදන් පෙළ ගැස්විය හැක්කේ මෛත්‍රී විහරණයෙන් සිටින්නාට නොව, එයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ , භියකරු මානසිකත්වයක සිටින අයෙකුට පමණි. ඒවායේ වෛරය, ද්වේෂය හැරුන විට වෙන කිසිම දෙයක් අපිට නම් නොපෙනේ. එය ඔබට නොපෙනීම කෙසේ වූවාදැයි අපි නොදනිමු.

ඔබට තෙරුවන් සරණයි!

සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද
එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,
එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද
”බුදු රැස්” වලින් ආයෙත් ගෙන්නනු බැයිද?

උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ
යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ
පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ
රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ

ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට
විදුලිය කොටන විට වැහි මන්දාරමට
එළියට ගිහින් බැලුවොත් පේවී යසට
”බුදු රැස්” පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට

බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක
බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක
සයින් දැවෙන දන මුදවන මෙත් සිතක
නිතින් රැඳේ ”බුදු රැස් මාලා” නිසැක

දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා
ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා
කලින් කලට කියනා බොරු සීලෙ පපා
බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!

පහත උපුටාගැනීම සම්බන්දවයි.

“මේ ගැරහීම්වල ඉතිහාසය මෙයයි. මා යටතේ පැවිදි වූ දෙනමක් සිටියහ. මා මේ දෙනමගෙන් එක් නමකට මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුවත්, අනිත් නමට පිට්ටුගල අමාවතුර අසපුවත් භාර දෙන ලදී. ඒ ගෞතම බුදුරජුන්ගේ නිර්මල දහම පතුරා පින් රැස්කරගැනීම පිණිස ය. අසපු පරිපාලනය මා විසින් නොකළ බැවින් ඔවුන්ට නිදහසේ දායක පිරිස් සමඟ සම්බන්ධ වන්නටත්, එහි ආදායම් ලබන්නටත් නිදහස දී තිබුණි.”

මෙම ප්‍රකාශය “මගින් මහමෙව්නා අසපු යනු ආදායම් ලැබීමට පිහිටුවන ලද ඒවා” යයි කියා අදහසක් එන්නේ නම් එය ඔබතුමන්ලාගේ සිතීම සම්බද ගැටලුවක්මය. ඕනෑම පන්සලක් හෝ වෙනයම් පුන්‍ය ආයතනයක් වෙත යම් ආදායමක්(income) ලැබුනු පලියට ඔබලා කොහොමද නිගමනයකට ආවේ
මහමෙව්නාව යනු
“අසරණ බෞද්ධ මුදල් ආදායම් බවට පත් කිරීමට” ඇති තැනක් කියල. මෙහි පාඨකයන්ට පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ මෙම ලිපිය ලියු අය ආදායම යන වචනය පවා විග්‍රහ කරගැනීමේ හැකියාවක් නැති අය බවයි.

income යන්නට ලබාදී තිබෙන අර්ථ දැක්වීම පහතින් දක්වන්නම්.

Income is the consumption and savings opportunity gained by an entity within a specified time frame, which is generally expressed in monetary terms.[1] However, for households and individuals, “income is the sum of all the wages, salaries, profits, interests payments, rents and other forms of earnings received

Reference : http://en.wikipedia.org/wiki/Income

එය වැටුපක් හා සමාන වන්නේ households, individuals සඳහා පමණයි. පන්සලකට ලැබෙන ආධාර income එකක් නැතහොත් ආදායමක් ලෙස සැලකීමේ කිසිම වරදක් නෑ. මේ අනුව මේ ලිපියේ කතෲවරුන් ඤානාන්ද හිමියන්ගේ අඩුපාඩු සොයන්නට ගොස් අපහාස කලේ සමස්ත ලාංකික බෞද්ධ පදනමට නොවේද?

පින්වත් මිතුරනි ධර්ම ප්‍රචාරණය වගකීමක් සහිතව කලයුතුයි නේද? නොදන්නවා නම් මේ වගේ වචනවල එල්ලෙන්න යන්න එපා. මුලින් ඒ ගැන සොයාබලා ඉන්න. එය ඔබලාගේත් අන් අයගේත් යහපත පිණිසම පවතීවි.

ඔබ සැමට තෙරුවන් සරණයි!!!

පින්වත, ඔබ සැපයූ අර්ථ දැක්වීමම අපගේ අදහස තහවුරු කරනවා විනා, එයට කිසිසේත් ප්‍රති විරුද්ධ නොවෙයි. ඔබ සපයා ඇති අර්ථ දැක්වීමේ ඇති ලෙසම එය මුදල් අතිරික්තය හෙවත් ඉතිරි කිරීමටත් සම්බන්ද වේ. අපි විනයානුකූල භාවනා මධ්‍යස්ථාන ඇසුරු කරන්නෝ වෙමු. ඒවායේ කිසි විටකත් අතිරික්ත මුදල් හෝ ඉතිරි කිරීම් සිදු නොවන්නේ අදාල පින්කමට අවශ්‍ය අවම මුදල පමණක් එකතු කිරීමත්, ඒවා අවංකව කුසල චේතනාවෙන්ම ප්‍රයෝජනයට ගැනීමත් නිසයි. ඒවා විකී පීඩියා හී ඇති, බෞද්ධ ක්‍රමවේදයන් පිළිබඳ හසරක් නැති බටහිරයන්ගේ ආදායම් (එනම් income) යන අර්ථ දැක්වීමට එකඟ නොවේ. කොටින්ම ඔබ සපයන අර්ථ දැක්වීම සැපයූ අය, අප කියන ස්ථාන වල මුදල් පරිහරණය වන ආකාරය කෙසේ කීවත් විශ්වාස නොකරනු ඇත. පින්වත් ඔබ සමස්ත ලාංකික බෞද්ධ පදනම ලෙස තේරුම් ගෙන ඇත්තේ භික්ෂූත්වයට අතිශය හානිකර දෙයක් බව පැහැදිලි කර ගැනීමට අවැසි නම්, අති පූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිගේ සපයා ඇති ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරත්වා.(එය ලිපියේ අඩංගු වේ)

මහමෙව්නාවේ මුදල් ඉපයීමේ අභිලාශය කාටත් රහසක් නොවේ. ඔබ පරම පූජනීය රේරුකානේ චන්දවිමල මාහිමි රචිත දහම් පොත් වහන්සේ නමක් සඳහා යොදා ඇති මිළ හා එම පිටු ගණනම හෝ ආසන්න පිටු ගණනක මහමෙව්නා ප්‍රකාශනයක මිළ සසඳා බැලුවොත් එය අහසට පොළොව මෙන් වෙනස් බව සැනෙකින් වැටහෙනු ඇත. ජාතක ඇසුරෙන් සැකසුනු ළමා චිත්‍ර කථා සැලකුවද පූජ්‍ය කිරිබත්ගොඩ හිමි තරම් අධික මිළ ගනන් අන් කිසිම පොතක යොදා නැති බව දැකිය හැක. එම පූජ්‍ය හිමි නමම සිය වචනයෙන්ම පිළිගන්නා ආදායම් ලැබීම ඔබ ප්‍රතික්ෂේප කිරීම අරුත් සුන් වැඩක් නේද පින්වත?
ඔබට තෙරුවන් සරණයි!

“මේ ගැරහීම්වල ඉතිහාසය මෙයයි. මා යටතේ පැවිදි වූ දෙනමක් සිටියහ. මා මේ දෙනමගෙන් එක් නමකට මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුවත්, අනිත් නමට පිට්ටුගල අමාවතුර අසපුවත් භාර දෙන ලදී. ඒ ගෞතම බුදුරජුන්ගේ නිර්මල දහම පතුරා පින් රැස්කරගැනීම පිණිස ය. ”

ඔය සීන් එකේ කුණ්ඩසාලෙ වෙනම භාවනා මධ්‍යස්තානයක් පටන් අරන් තියෙන්නේ ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවෝ. එයා කිරිබත්ගොඩගේ ගෝලයෙක් නෙමේ. ඒත් මුලින් මහමෙව්නාවෙ ඉඳල තියෙන්නෙ.. කැපිලි එනකොට තමා කුණ්ඩසාලෙ රජයේ ඉඩමක් බද්දට අරන් පටන් අරන් තියෙන්නේ වෙනමම..ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවෝ පිටරටකට වැඩල එනකොට මහමෙව්නාවෙ කස්ටිය ගිහින් කුන්ඩසාලෙ භාවනා මධ්‍යස්තානය බලෙන් අල්ලගෙන..
මෙන්න මේ පොතේ තියනවා සේරම විස්තරේ…

Click to access Sadeepa%20To%20Ipadeeme.pdf

පින්වත් ධර්මචාරී පිරිස වෙත,

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය උදා වීමට සුළු මොහොතක් තිබෙද්දී, ඔබ විසින් නිර්මාණය කරනු ලදුව ඒ වෙත ලැබෙන ප්රරතිචාර ඔස්සේ දිගින් දිගටම ඇදී යන මෙම සංවාදය කියවීමෙන් මා නම් බොහෝ කලකිරීමට පත් ව සිටිනවා. මීට පෙර සංවාදය දැකීමෙන් ‍ඔබ කෙරෙහි බොහෝ පැහැදී සිටි මා, මේ ත් සමග වික්ෂිප්තව සිටිමි. ඒ නිසා, මෙය කියවන බොහෝ මධ්යදස්ථ මතධාරීන්ගේ යහපත පිණිස පහත දෑ ට පිළිතුරු කරුණාවෙන් ඉල්ලා සිටිමි.
1. ඔබ පිරිස සහ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි අතර යම් කිසි ආකාරයක සිත් අමනාපකමක් පවතී ද?
2. එසේ නම් එය ධර්මය සම්බන්ධයෙන් ද නැත‍හොත් ලාභ – සත්කාර – කීර්ති – ප්රිශංසා සම්බන්ධයෙන් ද?
3. ඔබ පිරිස ට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි පිළිබදව තිබෙන මෙම සැක සංකා ගැන උන්වහන්සේගෙන් කරුණු විමසා තිබේ ද?
4. එසේ නැත්නම් ඔබ විසින් ඒ සදහා උත්සාහයක්වත් ගෙන තිබේ ද – එසේ උත්සාහ ගනිද්දී උන්වහන්සේ හමුවීමට යම් හෝ අපහසුතාවයක් බාධාවක් තිබුණි ද?
5. එලෙස මෙම කරුණු උන්වහන්සේගෙන් විමසා නැත්නම් හෝ ඊට උත්සහයක්වත් ගෙන නැත්නම්, මෙසේ එම කරුණු සදහා ප්රකසිද්ධියේ චෝදනා කිරීම එතරම් සදාචාර සම්පන්න නැහැ නේ ද (නිකම් දේශපාලන මඩගැසීම් වගේ)?

තවත් කරුණක් නම්, කුමන හෝ වැරදි අඩුපාඩු තිබුණත් මේ හිමි නම සහ ඒ වැඩපිළිවෙලට පැහැදී දිවයින පුරා බොහෝ පිරිස් සිටින බව ත් අමතක නොකරන්න. බෞද්ධ අපි මෙලෙස පිල්වලට බෙදී එකිනෙකාගේ දොස් ප්රෝසිද්ධියේ වාද විවාදයන් හි යෙදීමෙන්, බොර දියේ මාළු බෑමට මාන බලමින් සිටින අයට මහගු අවස්ථාවක් ලබා දීම අප විසින් ම කරන බවත් කරුණාවෙන් මතක තබාගන්න.

එනිසා මීට වඩා අර්ථවත්, පොදුවේ සියළු බෞද්ධයන් හට වැදගත් කරුණු සාකච්ඡාවට ගන්නා මෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමි.

පින්වත,
ඔබ පළමුව තේරුම් ගත යුත්තේ මෙහි සාකච්ඡා වන යම් දෙයක් ඇත්ද, එය ශාසන අභිවෘධිය පතන, සැබෑ ලෝකයේ ජීවත් වන අවංකවම ධර්ම සංවේගය ඇති අය වෙනුවෙන්ම බවයි. හුදෙක් සුරංගනා ලොවක වල්මත් වී, මාර්ග ඵල අධිගමය කඩෙන් බඩුවක් ගන්නවා සේ සරල දෙයක් යැයි සිතන. අතීතයේ වැඩ උන් සියළු රහතන් වහන්සේලා විසින් අපට දිවි හිමියෙන් රැක දුන් ත්‍රී පිටකයේ ශාසනික වැදගත්කම අබ මල් රේණුවකටවත් නොතකන, අන්ධානුකරණයෙන් දේවාගමක තත්වයට බුදු දහම ඇද දමා එහි වටිනාකම සහමුලින් වැනසීම ගිහි/පැවිදි කවුරුන් විසින් කලත් බෞද්ධයන් වශයෙන් අපි කුමණ හේතුවකට නිහඬ වූවත් එය ශාසනයේ ගෙල සිර කිරීමක්ම වේ. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය උදා වීමට සුළු මොහොතක් තිබෙද්දී, අප කල යුත්තේ ඇස් පනාපිට සිදුවන ශාසන විනාශය නුදුටු සේ සිටීමද? නො එසේනම් අපි කරුණාව දක්වන සියල්ල දැනුවත් කර එයින් හැකි තරම් පිරිසත් ශාසනයත් ගලවා ගැනීමද?
ඔබගේ ප්‍රශ්ණ වලට පිළිතුරු පහත පරිදි වේ
1. අප විසින් පැහැදිලිව මුල් ලිපියේ දැක්වූ ලෙසම, පූජ්‍ය කිරිබත්ගොඩ හිමි කෙරෙහි ඇත්තේ බලවත් වූ කළකිරීමක් යැයි පැහැදිළිවම ප්‍රකාශ කල හැක. සිත් අමනාපකමක් ඇති වීමට උන් වහන්සේ සමග ගැටුමක් ඇති විය යුතුයි. එවන් කිසිවක් අප හා පූජ්‍ය කිරිබත්ගොඩ හිමියන් අතර සිදු වී නොමැත.
2. පූජ්‍ය කිරිබත්ගොඩ හිමි විසින් දෙසන ධර්මය හා අමා මෑණී බුදු පියාණන්ගේ පිරිසිඳු ධර්මයේ පරස්පරතාවන් දැන ගැනීමට යමෙක් අභිධර්මය ඉගෙනිය යුතු නොවේ. බෞද්ධයෙක් වශයෙන් ආර්ය අෂ්ඨාංගික මගේ යාමට අවැසි මූලික දැනුම ලබන්නාටම එය ප්‍රත්‍යක්ෂ ලෙස වැටහේ යැයි අපි විශ්වාස කරමු. අපගේ කළකිරීම හුදෙක් ධර්මයට උන් වහන්සේගෙන් වෙන හානිය සම්බන්ධවයි. පූජනීය හිමි නමක් තරම් ලාභ – සත්කාර – කීර්ති – ප්‍රශංසා වලට සුදුස්සෙක් අපිට නම් සිතා ගැනීමටවත් නොහැක.
3. පූජ්‍ය කිරිබත්ගොඩ හිමි සිය අදහස් ප්‍රසිද්ධ මාධ්‍ය හා උන් වහන්සේගේ සියළු ප්‍රකාශණ හරහා එළි දක්වද්දී, සිහි නුවන ඇති ඕනෑම අයෙක් නැවත එම කරුණු එකින් එක ගෙන උන් වහන්සේ ඉදිරිපිටට ගොස් කුමක් විමසිය යුතු දැයි අපිට නම් නොතේරේ. උන් වහන්සේ සිය අදහස් එලි දක්වා ඇත්තේ සැකයක් ඉතිරි නොකරම බැවින් අපිට උන් වහන්සේ හමුවී කරුණු විමසීමට තරම් අවශ්‍යතාවක් තවම නම් පැමිණියේ නැති බව ප්‍රකාශ කරමු.
4. අපගේ කළින් පිළිතුරේ මෙයටද පිළිතුර අඩංඟු වේ
5.උන් වහන්සේ සිය ප්‍රකාශන තුලින් විශේෂයෙන් ධර්ම රත්නයට කරනා විනාශය ඔබ කෙසේ වෙතත්, අපි නම් සුළු කොට නොතකන්නෙමු. ඒ අපිට ඇති ධර්ම සංවේගයේ ප්‍රමාණයයි. අපි සදාචාරය කුමක් දැයි ධර්මානුකූලවම අධ්‍යයනය කර කථා කරන්නෙමු. පූජ්‍ය කිරිබත්ගොඩ හිමියන් විසින් කරනා මෙම විනාශ වලට පිළිතුරු ලෙස අපි කිසිම බෞද්ධයෙකුට උන් වහන්සේ කෙරෙහි කෝප සිත් උපදවා ගන්නට යැයි නොකීවෙමු. අපිදු එසේ නොකිරීමට වග බලා ගන්නෙමු. හුදෙක් අමා මෑණී බුදු පියාණන් දෙසූ ලෙසම පමණක් මෙම ව්‍යසනයට අපි මුහුණ දෙන්නෙමු. අනුනගෙන්ද එසේ ඉල්ලා සිටිමු. විශ්ව දහමක් වූ බුද්ධ වචනයේ මෙයටද නිවැරදි ප්‍රතිකාරයක් නුවූයේ නම්, අපි ද වල්මත් වූවෝම වෙන බව අවංකවම ප්‍රකාශ කරමු. ගිහියන් විසින් වර්ජනය කල යුතු භික්ශූන් වහන්සේට පූජ්‍ය කිරිබත්ගොඩ හිමි ඇතුලත් වන අයුරු අපි පැහැදිළි කලෙමු. ඔබ එහි දොසක් දකින්නේ නම් කල යුත්තේ කරුණු ඉදිරිපත් කර අපගේ දෝෂය පෙන්වීමයි. ඒවා හිස් චෝදනා ලෙස දැකීම නොවේ.

විශාල සංඛ්‍යාවක් පැහැදී සිටීම, නිවැරදි ධර්මය හඳුනාගැනීමේ ලකුණක් ලෙස කිසි විටෙකත් නොගන්න. ඔබ බුදුන් දවස සිටියා නම්, දෙව්දත් තෙර කෙරෙහි ඔබගේ ඔය කියමන හරියටම හරි යනු ඇත. උන් වහන්සේ විසින් රවටා තමා යටතට ගත් 500 ක් වූ භික්ෂු පිරිසක් සිටියහ. වෙනම පන්සලක වැඩ උන් එතුමාගේ පිරිවරට අන් කවරෙක්වත් නොව අජාසත් රජු දිනකට බත් හැලි 500 බැගින් පූජා කල බව දැක්වේ. ගිහි දායකයන්ගේ හිඟයක් තිබූ බවක් ද නොදැක්වේ. එසේ සියල්ල තිබෙද්දී, දෙව්දත් තෙර යටතේ අර 500 භික්ෂූන්ටත්, දායක පිරිසටත් ඔබගේ වචනයෙන්ම කියන්නේ නම් “කුමන හෝ වැරදි අඩුපාඩු තිබුණත්” නිවන් දැකීමේ හැකියාවක් ඔබ දකිනවාද?

සර්වඤ්ඤ වූ බුදු පියාණන් ගිහියන්ට එවන් භික්ෂූන් ප්‍රතික්ෂේප කරන්න යැයි කීවේ පළි ගැනීමකට නොවේ, උන් වහන්සේලාගේම යහපතටයි. සිව් පසය නොලැබී යන විට, තමා ගේ අඩුපාඩු නිසා එසේ වන බව භික්ෂූන්ට තේරුම් යාමටයි, එයින් සිය වැරදි සාදා ගෙන නැවත බුදු පියාණන්ගේ සරණයටම සුපිරිසිඳුව ඇතුලත් කර ගැනීමටයි.

ධර්මය අපැහැදිළි කරමින් බෞද්ධයන්ගේ සරණ ගමනය මහා ව්‍යාකූලත්වයකට පත් කරමින් බොර දියේ මාළු බාන්නේ පිටස්තර කිසිවෙකුත් නොව. පූජ්‍ය කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේම බව ඔබ තේරුම් නොගැනීම ගැන අපි පුදුමයට පත් වන්නෙමු. මෙම මහා ශාසන ව්‍යසනය අපි දකින ආකාරයට නම් පොදුවේ සියළු බෞද්ධයන්ට ඉහලින්ම වැදගත් කාරණයයි. එබැවින් අපි මෙයට සම්බන්ධ සියළු කරුණු අපට දැන ගැන්මට ලැබෙන අයුරින් පල කරන්නෙමු.

කිරිබත්ගොඩ හාමුදුරැවෝ ජනප්‍රිය වෙන්න ඔය වගේ දේවල් කියනවා. අභිධර්මය අබුද්ධ දේශනයක් නම් උන්නාන්සේට වඩා රේරුකානේ හාමුදුරුවෝ දන්නෙ නැද්ද? කිරිබත්ගොඩ හාමුදුරුවන්ට වෙලාවක් ලබුනොත් ‍අතිපූජ්‍ය රේරුකානේ හාමුදුරුවන්ගේ”අහිධර්මයේ මූලික කරුණු” පොතේ පෙරචදන බැලුව නම් හොඳයි.මේ වගේ දේවල් කියන අය ළඟ ආකරවතී ශ්‍රද්ධාවයි සම්මා දිට්ඪියයය තියෙයිද?

nature science is the truth.truth is one way.no other ways.nature science find out by buduhamuduruwo.others cannot find real truth.its a one an only truth.anybody else cannot change abidamma.

[…] වී ඉන්පසු සිය පියාණන්ට ආඛ්‍යානය (දෝෂාරෝපනය ) කරන භික්ෂූන් වහන්සේ ගැන තත්වය […]

[…] අන් කිසිවෙකුත් නොව චීවරයක් පවා දරණා පූජ්‍ය කිරිබත්ගොඩ හිමිපාණන් නොවේද? සැදැහැවත් බෞද්ධයා තව දුරටත් මේ සත්‍ය […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 673 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 457,000 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: