ධර්ම නිධාන

ත්‍රිපිටකය සෝදා පාළු කරමින් ගලන බියකරු මහමෙව්නා සුනාමිය – අනතුරු ඇඟවීම

Posted on: අප්‍රේල් 27, 2011

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

මදක් නැවතී සිතා බලන්න. ධර්මයේ රසවත්ම හා නොගැඹුරුම කොටස් අඩංඟු සූත්‍ර පිටකය යම් පූජ්‍ය හිමි නමක් උගෙන, ඉන් පසු සරලව,  එය ඔබට දෙසුවොත් ඔබ කෙතරම් එයට ඇලුම් කරාවිද? එය ධර්මයේ චිර පැවැත්මට මහඟු සේවයක්ම වේ. ඉන්පසු එම පූජ්‍ය හිමි නමම, විශාල ශ්‍රාවක සංඛ්‍යාවක් ගොඩ නගා ගත් පසු, මොනයම් හෝ හේතුවක් නිසා, ධර්මයේ තේරුම් ගැනීමට ලෙහෙසි නොවන, තේරුම් නොගෙන දේශනා කිරීමටද නොහැකි අති ගාම්භීර කොටස වන අභිධර්මය, සම්බුද්ධ දේශනයක් නොවේ යැයි කියමින් ප්‍රතික්ෂේප කලහොත් එවිට තත්වය කුමක්ද?

ධර්මය විමසා පිළිගත යුතු යයි බුදුන් දෙසූ ආකාරය පසෙක ලා, අන්ධ භක්තික ශ්‍රාවකයෝ එය හිස් මුදුනින් පිළිගනු ඇත. අභිධර්මය උගෙන විමසා බලනු වෙනුවට එය සහමුලින් ප්‍රතික්ෂේප කරමින් නොයෙකුත් කාරණා ඉදිරිපත් කරමින් උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයේ හරි අඩකට සම වන, බුදු පියාණන් වහන්සේ විසින්ම තවත් බුදුවරුන් හතලිස් දෙදහසකට සමාන යැයි උපමා කරන ලද, අති ගාම්භීර වූ, බුදු දහමේ සැබෑ හරය ප්‍රතික්ෂේපය තුලින් වැනසීමට  මුදල්ද පූජා කරනු ඇත. තමාගේ විමුක්තිය සඳහා බුදුන් දෙසූ ලෙස (* මෙම ලිපියේ පසු වදන බලන්න) ධර්මානුකූලව ප්‍රතික්ෂේප කල යුතු පූජ්‍ය හිමි නමක් වෙනුවෙන් හතලිස් දෙදහසක් වූ බුදුවරුන් අපවත් කිරීමට තමාගේ තුන් දොරම යොදනු ඇත. ඉන්පසු මෙම ආනන්තරීය පාප කර්ම කල  සැදැහැවත් උදවිය “අහෝ මහා කුසලයක් කර ගත්තෙමු” යනුවෙන් සතුටු වෙනු ඇත.

ඉහත දැක්වෙන්නේ හුදු ප්‍රබන්ධයක්ද? කිසි සේත් නැත. එය අද එලෙසින්ම සිදුවෙමින් පවතී. අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කල පළමු වැන්නා තමා නොවේ යයි ප්‍රසිද්ධ පුවත්පත් වලට ප්‍රකාශ නිකුත් කරමින් අතිශය ජනප්‍රිය දේශක පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ මහමෙව්නා අසපු, නොයෙක් ධර්ම ප්‍රකාශන, ධර්ම දේශනා සියල්ල හරහා බෞද්ධ ශ්‍රාවක සියල්ලගේ ඇස් , සිය සූත්‍ර පිටක දැනුම හා නොයෙක් ක්‍රම උපායන් යොදා වසා ලමින්, දන්නා ධර්මය අධික මිල ගනන් වලට වෙන්දේසි කරමින්, ආධාර රැස් කරමින් මෙම සුනාමි රැල්ලේ නොපෙනෙන බලවේගය ගොඩ නගමින් යයි. එම සුනාමිය, බෞද්ධයාගේ මුදලින්ම සසුන ඇතුලතින් වැනසීම සඳහා කල දීරිඝ කාලීන අන්‍යාගම් සැලැස්මක් යයි පසුව හෙළි වුවද අපි පුදුම නොවන්නේ, ලක් බිම, ලොවට පිරිසිඳු බුදු දහම බෙද බෙදා දීමට ඇති  එකම රට බැවිනි. මුළු ඉතිහාසය පුරාම එය වනසා දැමීමට මාන බලන්නෝ කුමන ක්‍රමයකින් හෝ සිය අදහස් මුදුන් පමුණුවා ගැනීමට පසුබට නොවන බැවිනි.

අපගේ පෞරාණික පිළිගැනීම ගමයි, පන්සලයි, වැවයි දාගැබයි යන්නයි. එය කිසි සේත් ගමයි, අසපුවයි, වැවයි දාගැබයි විය නොහැක්කේ අසපු යන වචනය බෞද්ධ ඉතිහාසයේ කොතැනකවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ උන් තැන් යයි සඳහන් නොවීම නිසයි. කෙසේ නමුන්, නිඝන්ටයන්, තීර්ථකයන් ආදී නොයෙක් මිසදිටුවන් නම් අසපු අශ්‍රිතව සිටි බව ධර්මයේ නොයෙක් තැන සඳන් වේ. තමාගේ අති බියකරු කර්ම වලට සුදුසු නමක්  පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේට සිය ස්ථාන වලට යෙදීමට සිත් වීම සමහර විට හාස්කමකින් වූවාදැයි අපි නොදනිමු.

අවාසනාවන්ත ලෙස මෙම මහමෙව්නා ධර්මය තුල බොහෝ විට ඇත්තේ සම්ප්‍රප්ප්‍රලාප සාගරයක් මැද පිරිසිඳු නමුත් ඉතා ස්වල්ප වූ තථාගත ධර්මයකි. අභිධර්මය ප්‍රතිෂේපිත බැවින් එහි ගැඹුරද, විචිත්‍රත්වයද  ඉතාම අල්පය. හරියටම ගොම කළයක් මතට දැමූ කිරි බිඳක් මෙනි. අසන්නා එම සම්ප්‍රප්ප්‍රලාප සාගරයේ ගිලුන විට කියූ ස්වල්ප නොගැඹුරු ධර්මය මහ මෙරක් මෙන් හැඟීමට පුළුවන. වසර ගණනක් එම ධර්මය ශ්‍රවණය කල සැදැහැවත් මහමෙව්නා ශ්‍රාවකයෙක් වුවත්, තමා කිසි දෙයක් දන්නවාදැයි සැකය අවසානයේ ඔවුනටම ඇති වන්නේ මේ හේතුව නිසාය.

යමෙක්ට ඇඬීමට නම් අනිවාර්යයෙන් ඉපදිය යුතු ද්වේෂ මූල නමින් අකුසල් සිත් වර්ගයක් ඇත. මේ යටතේ සිත් දෙකක් සඳහන් වන අතර ඒවා පොදුවේ, දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සිත් යැයි අභිධර්මයේ සඳහන් වේ. එම සිත් දෙකෙන් එකක් අසංස්කාරික (තමාම) ලෙසද, අනික සසංස්කාරිකද(පෙළඹීමේන්) ලෙස බෙදා ඇත්තේ පිළිවෙලින් තමා තුලින්ම හෝ පිටස්තරයෙකුගේ පෙළඹීමේන් යන ආකාර දෙකින් එකකින් පමණක් මේවා උපදින බැවිනි. මේවා උපදින ප්‍රධාන කර්ම පථ 7 සමඟ ඇති නිරූපණය බලන්න.

ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග

විශාල වීම සඳහා පින්තූර මත Click කරන්න

මෙය කියවන ඔබ ජීවිතයේ අනේක වාරයක් විවිධ හේතූන් මත හඬා ඇතුවාට කිසිම සැකයක් නැත. එබැවින් ඔබගේ එම අත්දැකීමම අභිධර්මයේ උගැන්වීම් වල ඇති නිරවද්‍ය බව ඝාම්භීර බව අවබෝධය පිණිස යොදා ගත හැක. බර වචන සියල්ල ඉවත් කර, හැකිතරම් සරලව අපි ඔබට ඉහත සිත් වලට චෛතසික කීපයක් පමණක් ඇමිනෙන හැටි පවසන්නෙමු.

චෛතිසික සියල්ල 52 කි. එයින් විරිය යනු එකකි. මෙම විරිය පවා ඉහත ඕනෑම අකුසල සිතක ඇමිණී ඇත. නමුත් එය මෙහි සඳහන් නොවන කුසල සිතක තරම් ප්‍රභලව නොවේ.

“කෙලෙස් සහිත සත්වයා හට අකුශලය මිහිරිය, ඔහුගේ සිත අකුශල පක්ෂයේ පවත්නා කල්හී සැඩ පහරට අනුව ගඟේ පහලට පහළට යාත්‍රා කරන ඔරුවක් මෙන් අකුශල පක්ෂයේපහසුවෙන්ම ඉදිරියට යන්නේය. අමාරුව නම් එහි ඉදිරියට යැවීම නොව නැවැත්වීමය. එබැවින් අකුශල ක්‍රියා සිදු කිරීමට බලවත් විරියක් උවමනා නැත” [උපුටා ගැනීම, පි‍ටුව 77, අභිධර්මයේ මූලික කරුණු (දොලොස් වන මුද්‍රණය)- රේරුකානේ චන්දවිමල මහනාහිමි]

ඉහත සිත් දෙකෙන් තමාම උපදවාගන්නා අසංස්කාරික සිතේ එය තරමක් වැඩිපුර බලයකින්ද, පෙළඹීමෙන් උපදින සසංස්කාරික සිතේ “තෙත් මැටි පිඩක් සේ දුබලව” [උපුටා ගැනීම, පි‍ටුව 97, අභිධර්මයේ මූලික කරුණු (දොලොස් වන මුද්‍රණය)- රේරුකානේ චන්දවිමල මහනාහිමි ] ද ඇමිණී ඇත

ථිනය හා මිද්ධය තවත් චෛතසික දෙකකි, විරියට විරුද්ධ ස්වභාව වන සිතේ හා චෛතසික යන්ගේ අලස බව මෙයින් සිදු කෙරේ. ථිනමිද්ධය ලෙස තනි වචනයෙන්ද හැඳින්වේ. පෙළඹීමෙන් උපදින සසංස්කාරික සිතේ පමණක් ඇමිණෙන මෙම චෛතසික දෙක, ඇමිණිය යුතුම කියා නියමයක්ද නැත. පෙළඹීම නිසා හඬන්නා ට අඩුවෙන් හෝ නොමැතිවද, නොහඬන්නාට වැඩියෙන්ද, පෙළඹීම අතර නිදන්නාට උපරිමයෙන්ද මේවා ඇති බව තේරුම් ගත හැක.

ඉහත විස්තරය ඔබගේම අත්දැකීම සමඟ ගලපා බලන්න. සර්වඤ්ඤ වූ බුදු පියාණන්ටම හැර අන් කවරෙක්ට නම් එවන් සියුම් වූ අති සංකීර්ණ දහමක් දෙසිය හැකිද?

වර්ණ නිරූපන ආධාරයෙන් අභිධර්මය වැඩිදුරටත් ඉගෙනීමට කැමැත්තො මෙම ලිපියෙන් පටන්ගෙන බලත්වා.

අකුසල් සිත් ඉපදීමේ විපාක කෙදිනක හෝ සතර අපායේදී ගෙවීමට සූදානම් වී මේවා උපදවා ගත යුතුය. එය පැහැදිලිවම ද්වේශ නම් කෙලෙස් මූලය නිසයි.  ධර්ම දේශනයක් සවන් දීම කුසල් රැස් කිරීමක් මිස කිසිසේත් අකුසල් රැස් කිරීමක් නොවේ. එනමුත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වලදී අසන්නට ලැබෙන, ධර්ම දේශනයකට කිසිසේත් නුසුදුසු හැඟීම්බර කථා ඉහත සිත් පරම්පරා බැගින් අසන්නන්ට උපදවා ලයි. සසංස්කාරිකව(පෙළඹීමේන්) ඇති වන බැවින් එම සිත හරියටම “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත” වේ. අසන්නන් මහ හඬින් හඬමින් අකුසල් රැස් කර ගනියි. පූජ්‍ය  කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේගේ ධර්ම දේශන හැරුනු විට වෙන කිසිම දහම් දෙසුමක අපි එම අවාසනාවන්ත තත්වය නුදුටුවෙමු.

මෙම මහමෙව්නා ව්‍යසන ගැන පූජනීය හෑගොඩ විපස්සී හිමියන් සිය වටිනා කාලය යොදා සොයා ගත් කරුණු ස්වල්පයක් පමණක් පහත ලිපියේ අඩංඟු වේ. මෙම ශාසන කර්තව්‍ය වෙනුවෙන්, එම උතුමාණන්ට අපගේ නමස්කාරය

අද ලක්දිව බහුතරයක් උගත් ත්‍රිපිටකධාරී අති පූජනීය භික්ෂු පරපුර මේ ව්‍යසනයේදී නිහඬ වීමද අපට තේරුම් ගත හැක. උන් වහන්සේලා හඬ නැගුවේ නම් එය සංඝ බේදයක් සේ බහුතරයක් දෙනා අර්ථ දක්වනු ඇත. එය සසුනට යහපතකට වඩා අයහපතක් කරනු ඇත. ධර්ම සංවේගය ඇති අපිට කිසි සේත්, මෙම බියකරු සුනාමිය එනු දකිමින් නිහඬ විය නොහැක. පිරිසිඳු බුදු දහම අගයන එකා දෙන්නා හෝ ගලවාගෙන තව එක් දිනක් හෝ වැඩිපුර ධර්මය රැක දීමට අපි ක්‍රියා කරන්නෙමු. ඔබටත් මෙම මහමෙව්නා ව්‍යසන පිළිබඳ ලිපි ඇති නම්, ථේරවාදයේ , බුදු සසුනේ අනාගතය වෙනුවෙන් dharmachareepirisa@gmail.com හරහා ඒවා පළ කර ගන්න. මෙම ලිපිය සියල්ලන්ට බෙදා හරින්න, පූජනීය හෑගොඩ විපස්සී හිමියන්ට කල හැකි උපකාර ඇත්නම් කර, එම උතුමා දිරි ගන්වන්න. වර්ථමාන තර්ජන වලින් එම පැවිදි උතුමා ආරක්ෂා කර ගන්න. තම තමාගේ විමුක්තිය සඳහා බුදුන් දෙසූ ලෙස (* මෙම ලිපියේ පසු වදන බලන්න) ධර්මානුකූලව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා මහමෙව්නා අසපු මෛත්‍රී සහගත සිතින් ප්‍රතික්ෂේප කරන්න. එහි සියළු ප්‍රකාශන කියවීමෙන් වලකින්න. එම වෙබ් අඩවි වලට නොපිවිසෙන්න. කිලිටි සඟවා ගත් දහමක් අසනවාට වඩා එය නො අසා සිටීම ඔබව මොළ සේදීමෙන් වළකා ලනු ඇත. පිරිසිඳු දහමින් ප්‍රයෝජන ලැබුමට ඔබට වඩා හොඳ අවස්ථාවක් ඉතිරි කර දෙනු ඇත. දැනට සිදු වූ සාශන විනාශයන් ගැන ඔබට වෛර සිත් උපදීනම්, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා අනුගාමික පිරිස අරමුණු කොට මෙත් වඩන්න. ත්‍රීපිටකධාරී ඝාම්භීර සංඝ පීතෲන් වහන්සේලා පෙන්වා දෙන නිවැරදි ධර්ම මාර්ගයේ පමණක්, අසන්නාවූ දෙසුමෙන් දෙසුම නුවන වඩා ගනිමින් නිවැරදිව ප්‍රතිපත්ති පුරමින් සුවසේ නිවන් කරා පිය මනින්න.

~~~~~~~පසු වදන~~~~~~~

උපාසකයන් විසින් වර්ජනය කළ යුතු  (අප්‍රසාදය දැක්විය යුතු ) යැයි  බුදුන් වහන්සේ විසින්ම අනුදැන වදාල භික්ෂූන් වහන්සේලා විශේෂයක්ද සිටී   එම භික්ෂූන් වහන්සේලා පහත පරිදි හඳුනා ගත හැක.

එම භික්ෂූන් වහන්සේලා ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ අගුණ කියන්නා වූද, ධර්මයේ අගුණ කියන්නා වූද, සංඝයාගේ අගුණ කියන්නාවූද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූද අය වශයෙන් දක්වා ඇත.(බලන්න, පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි සම්පාදිත “බෞද්ධයාගේ අත්පොත, 39 පිටුව ). මෙහිදී අප්‍රසාදය දැක්වීම යනු ඒ භිෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නොසතුට දක්වීමයි.

ඉහත වර්ජනය කිරීමට සුදුසු යැයි හඳුනා ගැනීමේ කාරණා වලින් පූජ්‍ය  කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ පහත කාරණා කීපයම යටතේ සුදුසු කම් දක්වයි

1. ගිහියන්ට මුළු සසරටම බලපාන සේ අලාභ කිරීමට හා අනර්ථ කිරීමට උත්සාහ කිරීම. පහත දැක්වෙන්නේඉන් කීපයක් පමණි :
හරියට නොදැන කමටහන් දීමෙන් ඒවා පිළිපැදීමෙන් සිහි විකල් වූ පැවිදි, ගිහි තරුණ ජීවිත ගණන සුලු පටු නොවේ. තම දරුවාට ඉගෙනීම අවසන් කර පැවිද්ද ගැන සිතන ලෙස අවවාද කරන දෙමව් පියන්, මාරයාගේ දූතයන් සේ උගන්වන්නේද පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ පමණි. හින්දි නිලියන් වැනි කාන්තාවන්ද, කාන්තාවන්ට නුසුදුසු යැයි බුද්ධ දේශිත භාවනා ඉරියව්ද පිට කවරවල යොදන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පමණි. මහාචාර්‍ය අති පූජනීය රේරුකානේ චන්දවිමල පැවිදි උතුමාණන්ගේ වටිනා දහම් පොත් බැලීමට තහනම් යැයි ලේබල් යොදා තැන්පත් කර ඇත්තේ මෙම අසපු වල පමණි. මම යන වචනය ඉතාම අධික ලෙස යොදා ගනිමින්, දේශනය පුරා මමත්වය වර්ධනය කරමින් අසන්නන් හඬමින් අකුසල් රැස් කරන ධර්ම දේශනා පවත්වන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේම පමණි.

2. ලොව්තුරා බුදු පියාණන් වහන්සේට දෝෂාරෝපණය කිරීම : අංගුත්තර නිකායේ දුක නිපාතයට අනුව, පූජ්‍ය  කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ බුද්ධ දේශිත අභිධර්මය එසේ නොවේ යයි කීම, බුදුන් වහන්සේට කල දෝෂාරෝපණයක් සේ දත යුතුය.

අංගුත්තර නිකායේ දුක නිපාතය

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

අනුගාමිකයන්ට අමතරව එයින් තමාට කර ගන්නා හානිය ප්‍රමාණ කිරීමට නොහැකි තරම විශාල වේ. නොලැබූ ධ්‍යාන ලැබී යන්නෙ නෑ, නොලැබූ විපස්සනා ලැබෙන්නෙ නෑ, නොලැබූ මාර්ග ඵල ලැබෙන්නෙ නෑ. මේ බුදු සසුනේදී පිහිටක් නෑ, මතු සසරේ බුදුවරු දහසක් පහල වුනත් ඒ ඇත්තන්ට පිහිටක් නෑ, මේ මිථ්‍යා ධර්මයක් බිහි කිරීම නිසා, මිථ්‍යා ධර්මයක් ලොවට බෙදා දීම නිසා.

~~~~~~~සැ. යු.~~~~~~~
පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා අනුගාමික පිරිස හා මහමෙව්නාවේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයත් පිළිබඳ අපට වෛරයක් නැත. අපි ඔබගෙන්ද ලිපිය අවසානයේ ඉල්ලා ඇති පරිදි උත්සාහ කරන්නේ දිනෙන් දින දළු ලා වැඩෙන මෙම ව්‍යසන සම්බන්ධව උපේක්ෂා සහගත වීමටයි. කෙසේ නමුත් ඔබට මෙම ලිපියේ සිරස්තලය කියවූ මොහොතේ පටන් සිතේ වෛරය බුර බුරා නගී නම් එය ව්‍යාපාද කර්ම පථයයි. උපදින සිත ඉහත හැඬීමේදී උපන් ,සිතට වඩා බලවත් වූ “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත” නම් අකුසල් සිතයි.  නිරූපනයේ රතු වලාවක් යොදා ඇත්තේ ඒ නිසයි. ඔබට මෙම ලිපියේ කරුණු ගැන විරෝධතා ඇත්නම් කරුණාකර මෙහි ඇති ඕනෑම කරුණක් අසත්‍ය යයි සාධක සහිතව දක්වන්න. හුදෙක් හැඟීම් වලට වහල් වී දක්වන ප්‍රතිචාර ධර්මානුකූල වීමේ සම්භාවිතාව නොගිනිය හැකි තරම් කුඩා බව සිහි තබා ගන්න. සැක ඇති ධර්ම කරුණු සියල්ල විමසා බලා, වඩා ගත් නුවන සමඟ යොමු කරන ඔබගේ විරෝධතාවයන්(ඇත්නම්) ලිපියට ප්‍රතිචාර ලෙස දැක්වීමේ පහසුකම අප සපයා ඇත්තෙමු.

Advertisements

39 Responses to "ත්‍රිපිටකය සෝදා පාළු කරමින් ගලන බියකරු මහමෙව්නා සුනාමිය – අනතුරු ඇඟවීම"

කිරිබත්ගොඩ ඤානානද හිමියන් අභිධර්මය ප්‍රතික්‍ෂේප කරන බවට සාධක මොනවාද.?
ඒවා සාක්ෂි සහිතව දැනගැනීමට කැමතියි..
තෙරුවන් සරණයි…!!!

පින්වත, ඔබත්, අපත්, පූජ්‍ය කිරිබත්ගොඩ හිමිත් සැලකූ විට, අපි හුදෙක් තුන් වන පාර්ශවයක් පමණි. ඔබට ඔබගේ පැණයට පළමු පාර්ශවයෙන්ම පිළිතුරු ලබා ගැනීමේ කිසිදු බාධාවක් නැහැ නේද? කෙසේ නමුත් ඔබට උපකාරයක් ලෙස උන් වහන්සේ සම්බන්ධ කර ගැනීමේ විස්තර අපි සපයන්නෙමු. කැමති ආකාරයකින් උන් වහන්සේගෙන්ම විමසා දැන ගන්න.

♦ මහමෙව්නාව භාවනා අසපුව,
වඩුවාව,
යටිගල්ඔලුව,
පොල්ගහවෙල,
ශ්‍රී ලංකාව.

TP: +94 37 494 20 69 / +94 11 436 70 78
E-mail : webmaster@mahamevnawa.lk

තෙරුවන් සරණයි!

චෝදනාවක් කරන්නේ නම් එය සාධක සහිතව ඔප්පු කල හැකිවිය යුතුයි නේද? එසේ නොහැකිනම් එය අභූතයකි. අභූත චෝදනා නගන්නා නිරයේ උපදින බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇති බව ඔබලා දන්නවා ඇති. මෙම ලිපිය සම්පූර්ණ වන්න නම් කිරිබත්ගොඩ ඤානානද හිමියන් අභිධර්මය ප්‍රතික්‍ෂේප කරන බවට සාධක ඔප්පුකර පෙන්විය හැකිලෙස පෙන්විය යුතුය.
තෙරුවන් සරණයි!!!

පින්වත, අප මොනවා සොයා ඉදිරිපත් කලත් ඔබට තව ටිකක් සොයා දෙන්න යනුවෙන් ඉල්ලීම තුල අපව ඔබ විශ්වාස නොකිරීම පමණක් ප්‍රදර්ශණය වේ. සියල්ල සම්බන්ධයෙන් උපේක්ෂා සහගත වීමට උත්සාහ දරණ අපිට එහි ප්‍රශ්නයක් නොමැත. ඔබගේ සිත තෘප්තිමත් වන තාක් වෙහෙස වීමට අපට කාල වේලා නොමැති වීම ගැන අපි කණගාටු වන්නෙමු. අපි ඔබව අතරමං කර නොමැති වග නිදහස් මනසක් ඇති ඕනෑම අයෙකුට පැහැදිළි බව අපි සිතමු. මෙම ව්‍යසනය සම්බන්ධව ඔබ හැර අන් සියල්ලෝ දන්නා දෙයක් වෙනුවෙන් අපි කොහොමත් වෙහෙස නොවන්නේ එම වේලාවත් ඔබට මෛත්‍රී කිරීමටම යෙදීම අපි කාටත් වැඩදායක අප්‍රමාදයක් බැවිණි. ඔබට තෙරුවන් සරණයි!

කෙසේ නමුත් පහත අංක 5 ප්‍රතිචාරය යටතේ මිලින්ද පින්වතා විසින් ඔබ සොයන සාධක සපයා ඇත. ඔබ වැනි පින්වතුන්ගේ ප්‍රයෝජනය පිණිස එම ලිපිය පිළිබඳ අපගේ අදහස් මතු ලිපියකින් ගෙන එන්නෙමු.

ප්‍රතිචාර දැක්වීමට පමාවීම පිලිබඳ සමාවන්න,

” අභිධර්මය පිටකය භාවිතා නොකරන නමුත් මහමෙව්නාවේ විනය පිටකයත්, සූත්‍ර පිටකයත් ප්‍රායෝගිකව භාවිතයට ගැනේ. මා අභිධර්මය නොපිළිගන්නා බව පවසමින් මට ගරහන ඒ භික්ෂූන් වහන්සේලා අභිධර්මය පිළිගන්නේ නම් මට ගරහන මොහොතේ පහළ වූ සිත් පරම්පරාව ගැන අභිධර්මයට අනුව විමසා ගනිත්වා!”

මේ ප්‍රකාශය මත පදනම්ව කොහොමද කියන්නෙ උන්වහන්සේ අභිධර්මය ප්‍රතික්‍ක්ෂේප කරනවා කියල? 2600 සම්බුද්ධත්ව ජයන්තිය ලඟ ලඟ එන මේ දිනවල මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකිරීම ගැන මම සැබැවින්ම කණගාටුව ප්‍රකාශකරමි.

පින්වත, ඔබට යමක් විමසා සත්‍ය දැනගැනීමට නම්, ඔබගේ මනස විවෘත විය යුතුයි නේද? ඔබ පෙන්වන පාඨය පමණක් නොව, පහත පාඨයද සැකයක් ඉතිරි නොකරම උන් වහන්සේගේ ස්ථාවරය කාටත් පවසයි.
~~නමුත් මා සිත තුළ අභිධර්මය පිළිබඳව සැක උපන්නේ පූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන්ගේ අභිධර්ම පරීක්ෂණ පොත කියැවීමෙනි.~~
හුදෙක් අන්ධ භක්තිය ඔබට යහපතක් නොකරයි. නිවන විවෘත කර ගැනීමට අවකාශ ඇත්තේ නිදහස් මනසින් බුදුන් දෙසූ පාරේ (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) සත්‍ය සොයා යන්නාටයි. තමන් සිතා ගත් පාරේ බුදු වරුන් අපවත් කිරීමට සියුම් උපක්‍රම කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ හිමි පාණන් යන පාර ගැන 2600 සම්බුද්ධත්ව ජයන්තිය ලඟ ලඟ එන මේ දිනවල අපි අතිශයෙන් සංවේගයට පත්වෙමු. එයට රැවටී තමාටම නැවත ගොඩ ඒමක් නැති අයුරින් විනාශයට පත් වෙන අසරණයන් ගැන අපි ඊටත් වඩා සංවේගයට පත්වෙමු.
ඔබට තෙරුවන් සරණයි!

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය එළැඹෙන මොහොතේ ගෞතම බුදු සසුනේ චිරස්තිථිය උදෙසා ඉතා සද්භාවයෙන් යුතුව ධර්මචාරී පිරිසි විසින් ඡන්ද – ද්වේෂ – භය – මෝහ යන සතර අගතියෙන් තොරව ම ඉදිරිපත් කො‍ට ඇති මෙම ලිපිය ගැන අප බෙහෙවින් සතුටු වන්නෙමු.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ලොව පුරා පැතිර ඇති මහමෙව්නාව අසපුවාසී ස්වාමීන්වහන්සේලා විසින් ‍ගෞතම බුදු සසුනට ත් ඒ පිරිසිදු බුද්ධ භාෂිත ශ්රීහ සද්ධර්මයට ත් පූජනීය මහා සංඝ රත්නයත් යන උතුම් තෙරුවන කෙරෙහි සිදු කො‍ට ඇති සහ සිදු කෙරෙමින් පවතින මහා විනාශය පිළිබදව සැදැහැති බෞද්ධයන් දැනුවත් කොට ඔවුන් එම ආයතනයෙන් සහ ඉන් පතුරුවන අධර්මයෙන් බේරාගැනීමේ උතුම් අභිලාෂයෙන් මෙම ලිපිය ඉදිරිපත් කොට ඇති බව සතර අගතියෙන් තොරව මෙය කියවන කෙනෙකුට පහසුවෙන් තේරුම්ගන්නට හැකිවනවා නිසැකයි.

එපමණක් නොව, මෙම පණිවුඩය මෙතැනින් ‍නොනැවතී මුළු රටේම ජනමතයක් බවට පත් කළ යුතු ය. පාලකයන් දැනුවත් කළ යුතුය. ශාසනය ශෝධනය කළ යුතුය. පාසල්, අමාත්යාං ශ, රෝහල් ඉලක්ක කොට ගෙන ග්රාදම නිලධාරී මට්ටමෙන් ම මෙම පණිවුඩය ප්රුචාරය කළ යුතු ය.

ව්‍යාපාරික අරමුණු ඇතිව අධර්මය පතුරුවා අහිංසක බෞද්ධයා මුළා කොට ඔවුන් දුගතිගාමී ප්‍රරතිපදාවේ හික්මවන, රටපුරා ඇති ධාතු ස්ථූප වලට අනවශ්‍ය ලෙස මහා පුද පූජා පවත්වා ඒවාට අගෞරව කරන, ඉතා සාර්ථක ගිහි ජීවිත ගත කරන අහිංසක තරුණයන් මායාවන්ගේන රවටවා ගෙන පැවිදි කොට අතරමං කරන, අසපු බොහෝ ගණනක් රටපුරා පිහිටවා එමගින් ද අධර්මය ප්‍රචාරය කරවා ඒ ප්‍රදේශවල අහිංසක දුප්පත් ජනතාවගේ ධනය සූරා කමින් දානය ලබාගනිමින්, ඔවුන්ව අධර්මයන්ගෙන් සමන්විත පිරිත් දේශණාවල හික්මවමින් මුළා කරන, සැදැහැවත් බෞද්ධ ව්‍යාපාරිකයන් මායාවන්ගෙන් රවටවාගෙන ඔවුන් ඉතා අමාරුවෙන් රැස්කරන මුදල් බුදු සසුනේ නාමයෙන් ඩැහැගන්නා. මහමෙව්නාව වැනි ආයතන වලට වහා වහා වැට බැදිය යුතුය.

ධර්මචාරී පිරිසට ජය වේවා!

එපමණක් නොව, පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාව අසපු බිහිවීමට පෙර ලංකාවේ ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මකව තිබූ ගමේ පන්සල් ඇසුරෙන් ත්‍රිපිටක ධර්මය බෞද්ධ ජනතාව කෙරෙහි සමීපකරවීමේ ක්‍රමවේදය නැවතත් පණගැන්විය යුතු ය. මහමෙව්නාවේ ක්‍රියාකලාපය නිසා උකටලීව සිටින විනයධර ධර්මධර උගත් සිල්වත් ස්වාමින්වහන්සේලා නැවත ත් පුරුදු පරිදි පැහැදිලිව ත්, පිරිසිදුව ත් කරුණාවෙන් මහ ජනතාව වෙත ත්‍රිපිටක ධර්මය කියා දීම නැවත පටන් ගත යුතුය. මෙමගින් මහමෙව්නාව නිසා ගමේ පන්සලෙන් ඈත් වූ සැදැහැවත් තරුණ තරුණියන් නැවත ත් පන්සලට ගෙන්වා ගැනීමට හැකි ය.

තව ද මහමෙව්නාවේ සහ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු අසපුවල සිටින සියළුම ස්වාමින්වහන්සේලා ගේ ක්‍රියාපිළිවත ද උන්වහන්සේලා ගේ දෙශණයන් ද වඩ වඩාත් උනන්දුවෙන් ශ්‍රවණය කර – නිරීක්ෂණය කර, උන්වහන්සේලාගේ සැබෑ අරමුණු වටහාගත යුතු ය. එසේ රැස්කරගන්නා සාක්ෂි ද සමග සියළු දෙන පෙළ ගැසී එකමුතු වී මේ භයානක ශාසන විලෝපනය ඉදිරියේ ක්‍රියාත්මක විය යුතු ය. එළෙඹන සම්බුද්ධත්ව ජයන්තිය එයට සුදුසු ම කාලය යි.

ගෞතම බුදු සසුන ‍තව බොහෝ කල් ලොව පවතීවා!!!

මිනිසුන් තාරුණ්‍ය බුදු දහමෙන් ඈත් වු යුගයක උන් වහන්සෙ විසින් සිදු කරනු ලෑබු මෙන්ම සිදු කරනු ලබන සෙවය ඉතා අගය කල මනාය..
එසෙ පෑවසිමට තරම් කරුනු කාරණා දන්නා බවත් අත්දෑකිම් මා සතු බවත් ප්‍රකාශ කරනු කෑමෑත්තෙමි.එහෙත් මෙ තුල අති ගෑටලුව නම් අවසානයෙ එය තවත් එක් ඈදහිමක් බවට පරිවර්තනය විමයි.බුද්ධ ධර්මය යනු අවබොධයෙන් සිතෙහි ඈති කරගනු ලබන ධර්මය පිලගෑනිමයි.මහමෙවුනා අසපුවට යොමු වි ඈති සිසුන් තුල මෙන්ම ප්‍රජාව තුලද අවබොධයකින් කටයුතු කරනු ලෑබිමක් දක්නට නොලෑබෙ.
කතාවක එන පරිදි පන්සලෙ ලොකු හමුඩුරුවො “අපෙ බුදු හාමුදුරුවො” යෑයි දෙශනා කරන සෑම විටෙකම “සාදු” යෑයි කියන උපාසක අම්මලා මෙනි.
කිරිබත්ගොඩ ඤානානද ස්වාමින් වහන්සෙට අපහාස නොකල වුව මනාය.එහෙත් අවබොධයෙන් කටයුතු කල යුතුමය.

100 percent agree. Mahamevna is trying to deviate from the srilankan Buddhist stream and they got be having some sort of hidden agenda for sure. They say ‘saadu saadu saadu’ instead of saying one ‘saadu’. they say ‘namo buddhaya’ even when writing sms. they have lot of new fashions. they have become trend setters for the Buddhism. If they have a good intensions and just needs to popularize the Buddhism, why so much sophisticated fashion? All of their followers are dumb asses who just cant figure out anything. They just follow. There is one specialty in them, that is they have very big problems in their lives. they are releaf seekers, thats why they follow as blind people. Open for discussion….

මෙන්න සාක්ෂි.

http://www.silumina.lk/punkalasa/20100627/_art.asp?fn=ar1006277

මෙම පුවත්ත්පත් සාකච්චාවේදී තමන් වහන්සේ අභිධර්මය නොපිලිගන්නේය යන චෝදනාවට පිළිතුරු වශයෙන් කිරිබත්ත්ගොඩ ඥානානන්ද හිමියන් මහමෙව්නාව අභිධර්මය භාවිතා නොකරන බව ප්‍රකාශ කර ඇත. යමෙක් අභිධර්මය පිළිගන්නේ නම් එය භාවිතා නොකිරීමට හේතුවක් නොමැති බැවින් උන්වහන්සේ අභිධර්මය නොපිළිගන්නා බව ඉතාමත්ම පැහැදිලිය.

~~ අභිධර්මය පිටකය භාවිතා නොකරන නමුත් මහමෙව්නාවේ විනය පිටකයත්, සූත්‍ර පිටකයත් ප්‍රායෝගිකව භාවිතයට ගැනේ. මා අභිධර්මය නොපිළිගන්නා බව පවසමින් මට ගරහන ඒ භික්ෂූන් වහන්සේලා අභිධර්මය පිළිගන්නේ නම් මට ගරහන මොහොතේ පහළ වූ සිත් පරම්පරාව ගැන අභිධර්මයට අනුව විමසා ගනිත්වා! ~~

මෙතන උන්වහන්සේ සඳහන් කර ඇත්තේ පිළිනොගන්නා බවද .. භාවිත කරන්නේ නැති බවද.. ?? සූත්‍රපිටකයෙන් අවශය දේ උන්වහන්සේට කරගත හැකිනම්.. මොකට අභිධර්මය භාවිත කරන්නද ??

අද බොහෝ දෙනා අභිධර්මය කියා කරන්නේ ගනන් හිලව් කීම පමණි.. සිත් මෙච්චරයි.. අරක මෙච්චරයි.. ආදි වශයෙනි … නිවන් දකින දහමක් කොහෙත් කියන්නේ නැත… මෙතන ධර්මචාරි පිරිස ඇතුළු බොහෝ දෙනාට ඇත්තේ කඩපාඩම් කරගත්ත දැනුමක් හැරෙන්න අවබෝධයක් නොවේ.. එහෙම අය මෙහෙම කතා කීරීම මෝඩ කමකි… මෙහි සඳහන් කර ඇති අභිධර්මයේ කරනු පොත් වලින් උපුටා ගත් කරුණුය (හරියට මට මොකුත් තෙරෙන්නේ නැහැ අර පොතේ ඒ පිටුවේ මෙහෙම තිබ්බා ඒක නිසා මම පිළිගන්නවා.. ඒක හරිම අමාරු කාටවත් තේරෙන්නේ නැහැ.. මම තෙරුම් ගත්තා වගේ ලියනවා.. මම තමයි පොර අනෙක් එවුන් ඔටුවෝ) … තමන්ගේ අවබෝධයෙන් ලියු දෙයක් නැත.. කොටින්ම කිව්වොත් අභිධර්මයේ මුවාවෙන් මඩ ගැසීමකි 🙂

~~ යමෙක්ට ඇඬීමට නම් අනිවාර්යයෙන් ඉපදිය යුතු ද්වේෂ මූල නමින් අකුසල් සිත් වර්ගයක් ඇත. ~~

මෙය ධර්මචාරි පිරිසගේ අවබෝධය සම්බන්ධව පෙන්වා ඇති… හොඳම උදාහරණයකි… යමෙකට ඇඬීම සඳහා අනිවාර්‍යයෙන් ද්වේශය මුල්වන්නේ යැයි කෙසේ කිව හැකිද.. කෙනෙක් සතුටට ඇඬිය නොහැකිද ??? බුද්ධාලම්භන ප්‍රීතියෙන් හඬිය නොහැකිද ???

~~ මෙම මහමෙව්නා ව්‍යසන ගැන පූජනීය හෑගොඩ විපස්සී හිමියන් සිය වටිනා කාලය යොදා සොයා ගත් කරුණු ස්වල්පයක් පමණක් පහත ලිපියේ අඩංඟු වේ. මෙම ශාසන කර්තව්‍ය වෙනුවෙන්, එම උතුමාණන්ට අපගේ නමස්කාරය ~~

උන්වහන්සේ කලයුතුව ඇත්තේ අනුන්ගේ වැරදි හොය හොය පත්තරේ දාන්නෙ නැතුව .. තමන් මහණ වුන කාරනය මතකයට ගෙන සසරින් එතර වීමට උත්සහා කිරීමයි… උන්වහන්සේට නම් අර කිව්ව සිත් හට ගන්නවාට කිසිම සැකයක් නැත.

පින්වත, අභිධර්මය ඉගෙනීමේ හා නොගැනීමේ වෙනසට හොඳම උදාහරණය ඔබගේ පිළිතුරයි. හැඬීම ලෙස අරුත් දක්වන්නේ මුවින් අමිහිරි ශබ්ද නිකුත් කරමින් බලා සිටින්නාට අප්‍රිය වූ ක්‍රියා කලාපයක් බව ඔබ අමතක කර ඇතැයි සිතමු. අප අදහස් කල එම හැඬීම සතුටක් දරා ගැනීමට නොහැකිව කලද, දුකක් දරා ගැනීමට නොහැකිව කලද උපදින අකුසල් සිත් සම්බන්ධව අපගේ ප්‍රකාශය නිවැරදි බව පෙන්වා දිය හැක. යමක් කිරීමේදී ඇතිවන්නේ එක් සිතක් පමණක් නොවේ, සිත් ගැන අවසන් කල නොහැකි ප්‍රමාණයක් පරම්පරා වශයෙන් උපදින බව සැලකූ විට ඉහත ආකාරයට හඬන මොහොතක් ගැන සිතා බලමු. ඔබ ඉස්මතු කල ලෙස, සතුටට “හඬන” අවස්ථාවක් ගනිමු. කරුණාකර සිහි තබා ගන්න. මෙහිදී අපි හුදෙක් ඇස් වලින් කඳුළු පැනීම පමණක් හැඬීමක් සේ පිළි නොගනිමු. මන්ද එහිදී අමිහිරි ශබ්ද නිකුත් කිරීමක් හෝ විකාර ශරීර ඉරියව් හෝ අඬංඟු නොවන බැවිනි. එසේ අමතර කාරණාත් සමඟ, සතුටට හඬනවා යයි කීවද, එම හඬන අවස්ථාව වන විට සිතේ ඒකාන්ත වශයෙන් පැමිණි අරමුණක් සමඟ ගැටීමක් ඇති වී, අප පෙන්වා දුන් ආකාරයේ ද්වේෂ මූල සිත් ඇතිවී ඇති බව තේරුම් ගැනීම අපහසු නොවේ. උදාහරණයක් වශයෙන් මවකට සිය පුත්‍රයා විභාගයකින් ඉහලින්ම සමත් වූවා යයි දැන ගැනීමට ලැබුනු අවස්ථාව සලකන්න. ඇසූ පමණින් එන්නේ ද්වේශ මූල සිත් නොවේ. සෝමනස්ස සහගත සිතක් බව පැහැදිලිය. එම කාරණය පිළිබඳ තව තවත් සිත මෙහෙයවීමේදී, එම දරුවා එම තත්වයට උසස් කිරීම පිණිස ගත් වෙහෙස සිතට අරමුණු වේ. එය මව නොකැමති දුක් සහිත අරමුණකි. වහාම අරමුණ සමඟ සිත ගැටේ. අන්න “ප්‍රතිඝ” ය. ගැටීමේ ප්‍රභලත්වය තරමටම ඉහත ආකාරයට හැඬීමේ ක්‍රියාවද අඩු වැඩි වශයෙන් සිදු කරයි. සිතේ ද්වේෂ මූල සිත් එම මොහොතේ පටන් ඇති බව අරුමයක් නොවේ.

ඔබ ඇසූ ~~”බුද්ධාලම්භන ප්‍රීතියෙන් හඬිය නොහැකිද ?”~~ යන්න අපිට කීමට ඇත්තේ , ඉහත ආකාරයෙන් නම් හැඬිය නොහැකි බවයි. කඳුළු නිකුත් වීමට ඉඩ ඇත. නමුත්, අමිහිරි හඬ නගමින්, ශරීර විකාර පාමින් බුදු වරයෙක් දුටුවා යන සතුටට හැඬීමක් සිදුවීම නොහැකි බව අප කාටත් පිළිගැනීමට අපහසු නොවේ. බුදු වරයෙක් යනු යමෙක්ට දැකීමට ඇති උසස්ම කුසල් ආරම්මණයයි. එහිදී ද්වේශ ආදී අකුසල් සිත් වලට ඉඩ නොලැබීම මෙයට හේතුවයි. හුදෙක් අරමුණට ශරීර ප්‍රතික්‍රියා ලෙස කඳුළු පැනීමක් විය හැක. එය හැඬීමක් ලෙස අර්ථ දැක්වීම කොතරම් සුදුසුදැයි විමසා බැලීම වටී.

~~සූත්‍රපිටකයෙන් අවශය දේ උන්වහන්සේට කරගත හැකිනම්.. මොකට අභිධර්මය භාවිත කරන්නද ?? ~~යන්න ගැන යම් අවබොධයක් උන් වහන්සේගේ සිළුමිණ ලිපියට අපගේ පිළිතුර ප්‍රකාශ කල විට ඔබට වැටහේවි යයි අපි සිතමු.

ඔබට තෙරුවන් සරණයි!

me lipiya liyapu kena kauda mama dan nehe..namuth mehi sadahan kara ethi deya sambandawa 100% ekaga wemi..awasanawak nam me deya bahutharyakata nothereemai…FaceBook haraha me pilibadha ma kathakara eththemi..oun awasanayedi api”mahameunawata madagahana kalliya” warga kala..me siduwemin yana winashaya gena bohoma dukai..buddha deshnawata anuwa..me saddarmaya athurudhan wanne pitin ena balawegayak nisa nowei ..darmaya wesin ena darma prathiroopakayak nisa..eya sebe wemin yanawadei welawakta sithe..mewani watina lipiyak pala kireema sambandayen obata sthuthiwantha wemi..

theruwan saranai!
– N R

Is this an indirect effort to get people to read KG’s work? So that KG is always the topic. I would like the topic to be the Most Compassionate Gauthama Samma Sambuddha and try to educate and lead people on to right path, rather than talking about KG. If he is wrong he is bound to suffer for that. I personally don’t want to be the ‘judge’. Please use this website to educate people who are so thirsty for Dhamma proper , like me, who cannot read Pali but depend on Sinhala or English translations. Educate kids. Tell parenst how and why they should get their children to develop Saddha. Start accessing people at work who hardly listen to sermons in tv or radio. KG could say whatever he wants because we are Ashruthavath or haven’t learnt much. Is there a single sutta in the Suttapitaka how to destroy Devadatta? He destroyed himself. Let’s make the path of Dhamma clearer to people old and young rather than talking about KG. I do not personally approve what he does, but the problem is not with the covers of the books ,but the content. educate, educate and educate the masses, and please do not get them into the path of gossip and fault finding. May Ven.Hagoda lookinto himself and become an Arhant one day and teach us Dhamma. Hope I made the point/s clear. I am an ashruthavath pruthangjana. I earnestly request you to educate us , i mean other pruthagjanas. Do not publish this if it is against your aims and just throw it away.
All what I know is to practice Metta. Therefore, Meth sithin.

බොහොම පින් … මහමෙව්නාවේ හාමුදුරුවෝ තමන් අවිද්‍යාවෙන් අන්ධ වෙලා විතරක් නෙවෙයි අනිත් අයත් අන්ධ කරනවා .. උන් වහන්සේ ත්‍රිපිටකය සිංහලේට පරිවර්තනය කරලා අද සිංහලෙන් පිරිත් කියනවා. එව්වට රැවටිච්ච අය ගැන මාර දුකයි .. බුද්ධ සාසනයේ ‘බාසා පරිවර්තක’ තනතුර එයා තමන්ටම අරගෙන …. හිනාත් යනවා ඒ වැඩ දකිද්දී. බුදු දහම ගැන මෙලෝ දෙයක් නොදන්නා බව තමයි එයින් පෙනෙන්නේ … එහෙව් කෙනා මෙහෙව් දෙයක් කිව්වා කියන එක මට නම් පුදුමයක් නෙවෙයි.

“—-අපගේ පෞරාණික පිළිගැනීම ගමයි, පන්සලයි, වැවයි දාගැබයි යන්නයි. එය කිසි සේත් ගමයි, අසපුවයි, වැවයි දාගැබයි විය නොහැක්කේ අසපු යන වචනය බෞද්ධ ඉතිහාසයේ කොතැනකවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ උන් තැන් යයි සඳහන් නොවීම නිසයි.—”
පූජනීය නාඋයනේ අරියධම්ම හිමි වැඩසිටින “ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව”
පිටිදූවේ සිරිධම්ම හිම් වැඩ සිටින “සිරි සදහම් යෝගාශ්‍රමය”
මෙහි ආශ්‍රමය යන සංස්කෘතෙන් පැමිනි වදනේ හෙල වචනය ‘අසපුව’ බව ඔබ පිලිගනවාද?

පින්වත,
“ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව” යන නමෙහි හෙළ බසට අයත් නොවන කිසිවක් නැත, එම අලංකාර නමෙහි සියළු කොටස් හෙළ බසම වේ, වදන කුමණ භාෂාවකින් පැමිණියද, යෝගාශ්‍රමය යන වදන කීමට, ලිවීමට නොහැකි හෙළයෙක් සිටී නම් ඒ හෙළයෙක් නොවේ. එබැවින් එහි වචන කඩමින් දුක් විඳිමින් අන්තිමට නිඝන්ටයන් සිටි තැනක් බවට ඇඟවෙන සේ අසපු යන නුසුදු නම දක්වා කිසිසේත් යාමේ අවශ්‍යතාවයක් නැත. ඒවා සියල්ල, කන්නට සිතෙන විට කබරයා තලගොයා කිරීමේ අදහස් පමණක් බව අපි කණගාටුවෙන් ප්‍රකාශ කර සිටිමු.

“ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව” යන නමෙහි හෙළ බසට අයත් නොවන කිසිවක් නැත-සත්‍යයි, එය සංස්කෘත වචනයක්. සතර අගතියට නොගොස් මේ දෙස බලන්න.. මා ඉදිරිපත් කල කාරනයට ඔබ වචන වලින් ගසා දැමීමක් කලා විනා කරුණු සහිත සාර්ථක පිළිතුරුක් දීමට නොහැකිවීම ගැන කණගාටුයි.මා මහමෙව්නා වාදියේ නොවේ, අභිධර්මය ප්‍රතික්ශේප කරන්නෙක් ද නොවේ.නමුත් ධර්මයේ හැසිරීමට මහන්සි ගන්න කෙනෙක්. මහමෙවුනාවෙන් අභිධර්මය ප්‍රතික්ශේප නොකලත් ඒ ගැන දරන මතයට මම විරුද්ධයි. ඔබේ අරමුණ ඔවුන්ට අපහාස කොට, ගසා මරාදැමීම නම් ඔබට මාගේ අනුකම්පාව. එසේ නොවේ නම් පහත ඇති දේ කියවන්න.
මේ ලෝකයට තෙරුවණේ පහල වීමේ දුර්ලභකම ගැන ඔබ දන්නවා යැයි සිතනවා. ඒයිනුත් තේරවාදී පිරිසිඳු ධර්මය පවතින්නෙත් ඉතා සුලු පිරිසක් අතරේ.ඒ අතරෙනුත් ගෞතම බුදු සසුනේ ධර්මය අවබෝධ කිරීමගැන කාතා කරන්නෙ කීයෙන් කීදෙනාද? ලංකාවේ භික්ෂූන් වහන්සේලා ඉන්නෙ කීදෙනාද? මහමෙව්නාවේන් ඔබට ඇසෙනවද, පව් කරන්න එපා කියල? දසකුසල් කරන්න එපාකියල? සිත පිරිසිඳු කරන්න සතිපට්ටානය වඩාන්න එපා කියල?මේ ගැන හොඳින් හොයන්න. ධර්ම කාරනාවල පවතින ගැටලු ගැන ධර්මධර හිමිවරුන් සමඟ
(මහමෙව්නා හිමිවරුන් හමුවී හෝ) ධර්මානුකූලව විසඳා ගන්න. බුදුරජානන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ගේ සමගියයි වර්ණනාකලේ. කෙනෙක්ගෙ සුලු අඩුපාඩුවක් දැක්කොත් ඒක් ගැන කතා කරන්න එපා හොඳ ගැනම කතාකිරීම සත්පුරුෂ බව කියල නේද බුදුරජානන්වහන්සේ අපට උගන්නල තියෙන්නෙ? සතර අගතියට පත් නොවේ උපේක්ශාවෙන් මේ ගැන හිතන්න. අද රටේ භික්ෂූන් වහන්සේල දේශපාලනයට ගිහින්, වෙදකම, නැකත් බැලීම,ගුරුකම් කිරීම ආදි තිරශ්චීනයැයි ප්‍රතික්ෂේප කල දේ කරමින් සිටිනවා, ක්‍රිස්තියානි අන්‍යාගම් කරනය රටපුරා පැතිරෙනව, මේ ගැන හඬක් නගන්න. මේවායින් වාසි ගන්නේ බුදුදහම විනාශ වෙනවට කැමති අය. ඒ නිසා ශ්‍රාවකයන් අතරෙ සමගියටම කැමති වෙන්න.එයයි ධම්මනුධම්ම ප්‍රතිපදාව. තෙරුවන්සරනයි.

පින්වත,
~~මහමෙවුනාවෙන් අභිධර්මය ප්‍රතික්ශේප නොකලත් ඒ ගැන දරන මතයට මම විරුද්ධයි.~~ ඔබ ඉතා විශ්වාසයෙන් පවසන දෙය, මහමෙව්නා බෝධි ඥාන මණ්ඩලයෙනුත් පැවසෙන්නේ නම් අපි තරම් කවුරුත් සතුටු නොවෙනු ඇත. බලන්න එම උත්තරීතර මණ්ඩලය දරණ මතය.

බුදුන් වදාළ ධර්මය හා මහමෙව්නා ධර්මයේ වෙනස
එම සාධක හමුවේත් ඔබගේ ස්ථාවරයේ වෙනසක් නොවේ නම්, ඔබ කොතරම් මහන්සි ගත්තත් මහමෙව්නාවෙන් මොළ සෝදනයට ලක්වූවෙක් බව තේරුම් ගැනීමට කිසිවෙකුටත් අපහසු නොවෙනු ඇත. අපගේ එකායන ප්‍රාර්ථනය එසේ නොවේවා යන්නයි.

~~මේ ලෝකයට තෙරුවණේ පහල වීමේ දුර්ලභකම ගැන ඔබ දන්නවා යැයි සිතනවා. ඒයිනුත් තේරවාදී පිරිසිඳු ධර්මය පවතින්නෙත් ඉතා සුලු පිරිසක් අතරේ.ඒ අතරෙනුත් ගෞතම බුදු සසුනේ ධර්මය අවබෝධ කිරීමගැන කාතා කරන්නෙ කීයෙන් කීදෙනාද? ලංකාවේ භික්ෂූන් වහන්සේලා ඉන්නෙ කීදෙනාද? ~~අපි එය හොඳින්ම දනිමු. එම දුර්ලභ කමම අපිට මෙතරම් ධර්ම සංවේගයක් උපදන බවද අපි පවසන්නෙමු. අපි සාධක සහිතව වෙන්වන්නේද මෙයට එරෙහි මහමෙව්නා ප්‍රහාරයම බව ඔබ අමතක කෙරුවේ කෙසේදැයි අපට නොතේරේ

~~මේ ගැන හොඳින් හොයන්න. ධර්ම කාරනාවල පවතින ගැටලු ගැන ධර්මධර හිමිවරුන් සමඟ (මහමෙව්නා හිමිවරුන් හමුවී හෝ) ධර්මානුකූලව විසඳා ගන්න.~~මෙම ප්‍රකාශය නම් අරුම පුදුම එකකි. යමෙක් සියල්ලන්ට කිසිම සැකයක් ඉතිරි නොකර තම ස්ථාවරය ප්‍රකාශ කල පසු, ඒ ගැන සංවේගයට පත්වෙන අයටම සොයන්න සොයන්න යයි කීමකි. අපි අපගේ මතය සිහින මත පදනම්ව නොකෙරුවෙමු. එබැවින් ඔබගේ එම අවවාදය ඔබ ඔබටම කරගෙන ක්‍රියාත්මක වන්න. අප පෙන්වන සාධක දොස් සහිත නම් මහමෙව්නා හිමිවරුන් හමුවී හෝ ගැටලු ගැන සොයා බලා කරුණු සහිතව පෙන්වා දෙන්න. පූජ්‍ය කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ ගේ අරමුණු ගැන එවන් ගැටළුවක් අපිට නැත. ඇත්තේ ඔබටයි. එය ඔබ විසඳා ගත යුතු එකකි.

~~කෙනෙක්ගෙ සුලු අඩුපාඩුවක් දැක්කොත් ඒක් ගැන කතා කරන්න එපා~~සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය තුල වැඩ සිටිනා බුදු වරුන් අපවත් කිරීම ඔබට නම් සුළු අඩුපාඩුවක් විය හැක. එය අපිට නම් මහ පොළොව නුහුලන අති බියකරුම, ආනන්තරීය පාප කර්මයකි. එයට සිතකින් හෝ අනුමැතිය දෙන්නා සත් පුරුෂයෙක් ලෙස දැකීම ඔබගේ දෘෂ්ඨියේ ඇති මහා වියවුලක් විනා ධර්ම සංවේගයෙන් හඬ නගන අපගේ ප්‍රමාදයක් නොවේ.

~~මේවායින් වාසි ගන්නේ බුදුදහම විනාශ වෙනවට කැමති අය. ඒ නිසා ශ්‍රාවකයන් අතරෙ සමගියටම කැමති වෙන්න~~ ඔබගේ මනස විවෘත නොමැති බවට හොඳම සාධකය මෙම ප්‍රකාශයයි. අපි පෙන්වූ සියළු සාධක අනුව බුදුදහම විනාශ වෙනවට කැමති අය අන් කිසිවෙක් නොව, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේමයි. බුදු දහම වැනසීමට නොයෙක් බාහිර බලපෑම් ඉතිහාසය පුරාම කුමන්ත්‍රණ ලෙස ඇති විය. නමුත් අපගේ සැක කිරීම නම්, සසුන වැනසීමට ඇතුලතින් දියත් කල ඉතිහාසයේ අති බියකරුම හා අති සාර්ථකම කුමන්ත්‍රණය මහමෙව්නා නමින් අද දියත්ව ඇති මේ ව්‍යසනය බවයි. එයට හේතු කීපයක් පමණක් පහත පරිදි අපි දක්වමු

1. පිරිසිඳු බුදු දහමම එයට එරෙහිව පාවිච්චි කරමින්, ත්‍රී පිටකයේ ඇතුලත අති ඝාම්භීර ධර්ම කරුණු ප්‍රතික්ෂේප කරමින් ඒවා වැනසීම.
2. අඩු අවබෝධයෙන් යුතු බෞද්ධයන් ඉත්තන් ලෙස භාවිත කල හැකි තරමට මොළ සෝදනයට ලක් කර ගැනීම.
3. කුමන්ත්‍රණ කරුවන්ට අතින් සතයක් වත් වියදම් නොවන සේ. අසරණ අන්ධ බෞද්ධයාම සූරා කා එම මුදල් කුමන්ත්‍රණය වෙනුවෙන් භාවිත කිරීම.
4. බුදු දහමට පරස්පර කාම සුඛල්ලිකානූ සංස්කෘතියක්, පන්සල් පිටු දකිමින් කල්ලිවාදීව අසපු නමින් ගොඩ නැගීම.
5. ඉතිහාසයේ කවර කලකවත් අසා විරූ නොමැති ලෙස, විශාල පරිමාන කුමන්ත්‍රණ යැයි සැක කල හැකි පින්කම් තුලින් බෞද්ධ සැදැහැවතුන්ට මරු කැඳවීම. ( බුදු රැස් විහිදෙන සෝමාවතිය හි ඛේදවාචකය )
6. ලොවම පිළිගත් අති උතුම් සංඝ පීතෲන් වහන්සේලාගේ ඉගැන්වීම් වලින් සිය ඉත්තන් ඈත් කර තබා ගැනීම පිණිස ඒවා නොබැලීමට උපදෙස් දීම.

හුදෙක් කීපයක් පමණි. ලැයිස්තුව සකසන්නේ නම් එහි කෙලවරක් දැකීම අපහසු වනු ඇත.

ඔබට තෙරුවන් සරණයි!

පින්වත් ධර්මචාරී පිරිස,
ඔබ තුමන්ලාට ගොඩක් පින් සිද්ද වෙනවා බුදුදහම පිළිබඳව අපේ රටේ සිද්ද වෙන දේවල් දැනුවත් කිරීම ගැන.මන් මේ ගැන මීට අවුරුදු තුන හතරක කලින් දැන ගෙන හිටියා.මගේ මල්ලි කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පොතක් මන් කියවගෙන ඉන්නකොට ඕක කියවන්ඩ එපා මන් පොතක් ගෙනත් දෙන්නම් කියලා කිව්වා.හේතුව විදිහට මල්ලි කිව්වෙත් මේ ලිපියේ sadahan දේවල්ම තමා . පස්සේ මල්ලි මට ගෙනත් දුන්න රේරුකානේ චන්දවිමල සුවමින්වහන්සේගේ බුදු ගුණ ගැන පොතක්.මන් සම්පුර්ණ පොතම කියෙව්වා. මන් බෞද්ධ වුනාට දැනගෙන හිට්යේ නෑ අපේ බුදුරජානන්වහන්සේ මේ තරම් ගුණස්කන්ධයක් තියන ශාස්ට්‍රුවරයන් වහන්සේ නමක් කියල.පස්සේ මල්ලි මට නා උයනේ අරියධම්ම සුව්මින්වාහන්සේගේ ධර්ම දේශනා තියන පොත් ,cd ගෙනත් දුන්නා.අරියධම්ම සුවමින්වහන්සේගේ බන තියන SITE දෙකක් මම internet එකෙන් හොයා ගත්ත.මේ site එකත් එක්ක 3 ක්. තව මට ලැබුන චන්දවිමල සුවමින්වහන්සේගේ පොත් තියන site එකකුත්.රේරුකානේ චන්දවිමල සුවමින්වහන්සේගේ බණ පොත් කියවන්ඩ එපා කියන්නේ මොන ත‍රම් පවක්ද! එකෙන්ම තෙරුන් ගන්ඩ පුළුවන් අම වතුර අසපුව ගැන. අරියධම්ම සුවමින්වහන්සේගේ ,චන්දවිමල සුවමින්වහ්න්සේ වැනි සුවමින්වහන්සේලගේ බණ අහන පොත් කියවන අයට හොදින් තේරෙනවා බුදුගුණ හිතේ වැඩෙන බන මොනවද බුදුගුණ හිතේ නොවැඩෙන සම්ප්‍රප්පලාප බණ මොනවද කියල.මගේ මාමා කෙනෙකුත් කිරිබත්ගොඩ හාමුදුරුවෝ ළඟ භාවනා කරන්ඩ ගියා වැඩක් වුනේ නැ කියල නාවලපිටියේ බෝ උයන ආරණ්‍යයේ භාවනා කරනවා.ධර්ම මාර්ගයේ නියම ආකාරයේ ගමන් කරන අයට වරදින්නේ නැ.තමන්ට සෙත සැලසෙන තැනට තමා අරගෙන යනවා.නැවත දස dahas warayak ඔබ තුමන්ලාට පින් . අප තථාගතයන් වහන්සේගේ පිරිසිදු ධර්මය අවුරුදු පන්දහකට වැඩි කාලයක රැක ගැනීමට සතරවරන් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේව.ඔබ තුමන්ලාට මෙවැනි කටයතු නොකඩවා කරගෙන යාමට සියලු දෙවි රැකවරණ ආරක්ෂාව ලැබේව!

තෙරුවන් සරණයි !

මගේ අදහසනම් යොහොවා වගේ අන්ධ භක්තිය ඇතිකර ඒ ආගම් වලට හරවා ගන්නා ක්‍රම වලට සමාන ක්‍රමයක් බුද්ධාගමේද ඇතිකිරීම වරදක් නොමතිබවය. එමගින් සසුන ආරක්ශාවනවා පමණක් නොව අනිත් ආගම් වල අයද බුද්ධාගමට හරවා ගතහැකිය.

පින්වත,
මෙය රසවත් ලෙස පෙනුනද, ඉතාම හානිකර අදහසකි. නිර්මල බුදු දහම බේරා ගත යුතු විටෙක එය නොකර ඒ වෙනුවට සැදැහැවතුන්ට නිවන සදහටම අහිමි කිරීමකි. මහායානය පවා බිහිවීමට ඔවැනි මානසිකත්ව නිසැකවම බල පාන්නට ඇත. අප කල යුත්තේ ධර්මය තව තවත් විමසමින්, එහි පිරිසිඳු කම මතු කර ගැනීම තුලින් ප්‍රයෝජන ගත හැකි ලෙසම එය පවත්වාගැනීමට කැප වීම මිස, නමට ආගමක් තියා ගෙන හිතට බරක් වූ මිත්‍යාදෘෂ්ටියක් බවට නිර්මල බුදු දහම පත් කිරීම නොවේ. එය කිසිම අයුරකින් සසුන රැකීමක්ද නොවේ. සිතා ගැනීමටත් නොහැකි තරම් භයානක අකුසල් කර්මයක් පමණි.

තෙරුවන් සරණයි !

සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද
එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,
එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද
”බුදු රැස්” වලින් ආයෙත් ගෙන්නනු බැයිද?
උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ
යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ
පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ
රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ
ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට
විදුලිය කොටන විට වැහි මන්දාරමට
එළියට ගිහින් බැලුවොත් පේවී යසට
”බුදු රැස්” පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට
බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක
බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක
සයින් දැවෙන දන මුදවන මෙත් සිතක
නිතින් රැඳේ ”බුදු රැස් මාලා” නිසැක
දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා
ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා
කලින් කලට කියනා බොරු සීලෙ පපා
බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!

අද තමා මට මේ අඩවිය ඇස ගැසුනේ. සැබවින්ම වටිනා මෙහෙවරක්.

කිරිබත්ගොඩ හිමියන් හෝ වෙනත් කිසිම සංවිධානාත්මක හෙවත් මෙගා වැඩසටහන් පිලිබඳව කිසිදු ඇලමක් මට නොදැනේ. හේතුව කුමක් හෝ ආටෝපයකින් හෝ වලාවකින් මා සොයන පැහැදිලි දෑ වැසී ඇතැයි මට සිතෙන නිසා.

අඩක් විවර වූ දොරක් දෙස බලා අඩක් වසා ඈතෑයි කියන්නෙකු මෙන් මේ කල්ලි සම්බන්ධයෙන් කිව හැකි එකම දේ, පුහු දෑ ඉස්මතු වන්නේ හරි දෑ ඉස්මතු නොවන නිසා බෑවින්, හරි දෑ ඉස්මතු කරනු හැර සෑබවින්ම කල හෑකි අන් දෙයක් නෑ නොවේද?

මේ මෙහෙවර අගය කරමි. කරුණාකර පිරිසිදු දහමෙන් අපව පෝෂණය කරන්න. එවිට ව්‍යාජ දේ කාලයත් සමග ප්‍රතික්ශේප වනු නියතය…

ඔබ සෑමගේ මේ උදාර මෙහෙවර පිලිබඳව මහත් ගෞරවයක් තිබේ. ව්‍යාජ දේ තිබුනාවේ. ඒවාට ආයුෂ නැත. අව්‍යාජ දෙයින් අපව පෝෂණය කරන ඔබට මහත් පින් සිදුවේවා!

Greate Ideas, Also Abhidamma is the grate ideas of the Buddhism.We have to realize the chiththa, chaithasika,rupa and nibbana .If we can not realizing them we can not shakshath nivana.

කිරිබත්ගොඩ හාමුදුරුවො මගින් පිටිදූවේ සිරිදම්ම හාමුදුරුවො මගින් ක්‍රියාත්මක වෙන්නෙ කාලයක් තිස්සෙ කතෝලික සබාව විසින් හොර රහසෙ ගෙන ගිය බුදු දහම වැනසීමේ ව්‍යාපාරයයි….

කතෝලික සබාව ඉස්සර පිටින් ඉදන් බෞද්ධ දර්ශනය පාගන්න බැලුව නමුත් බැරි උනා….උන් තෙරුම් ගත්තා ඇතුලට ගිහින් විතරයි බෞද්ධාගම විනාස කරන්න පුලුවන් වෙන්නෙ කියලා…

මම කියන දේ බොරුනම් හොදට හොයල බලන්න…..

අපේ වැඩි පිරිසක් අන්දයො වගේ ඔය බොරු කාරයො පස්සෙ යනවා….

නියම දර්මදර ,විනයදර භික්ශූන්වහන්සේලා දැන්වත් එලියට ඇවිත් මේ පල් හොරු ටික නවත්වන්න කටයුතු කල යුතුයි…..

බෞද්ධයන්ට නිර්මල බුදු දහම කියල දෙන්න වහා පෙරට ආයුතුයි !

ma hata ethi pudumaya nam, lankawan soya gatha heki u sashana wirodi bawa huwa dekwiya heki 1ma himi nama kiribathgoda Ganananda swamin wahanse pamanakda yannai.

පිරිසිඳු බුදු දහම ඇතුලතින් වනසා දමන එකම ස්වාමීන් වහන්සේ පූජ්‍ය කිරිබත්ගොඩ හිමි පමණක් නොවන බව අපගේ කාලීන ලිපි මාලාව කියවූ ඕනෑම අයෙක් තේරුම්ගනු ඇත. තවත් බොහෝ අය අපට මග හැරී තිබිය හැක. ඔබට අප අඩවියේ අන්තර්ගතය ගැන අවබෝධයක් නැති බව පෙනේ. ඔබ පූජ්‍ය කිරිබත්ගොඩ හිමි වෙනුවෙන් පෙනී සිටීනම් කල යුත්තේ අප දක්වා ඇති කරුණු හේතු සහිතව එසේ නොවන බව පෙන්වීම මිස මෙවන් ප්‍රකාශ කිරීම නොවේ.

[…] දෙපනස් චෛතසික ගැන සරල හැඳින්වීමක් සමඟ ද්වේෂ මූල සිත්වල චෛතසික සම්ප්‍රයෝග පිළිබඳ එදිනෙදා ජීවිතය සම්බන්ධ ලිපියක් මෙතන […]

ඔයාලත් ශ්‍රද්ධා වාහිනී බලන්න

බුදු බණ, ත්‍රිපිටකය හා මහමෙවුනා අසපු

“පඤ්ඤාය පරිසුජ්ඣ්ති” – ප්‍රඥාව තුළින් පාරිශුද්ධත්වයට පත් වෙමි.

සම්බුද්ධත්ව ජයන්ති වර්ශපූර්ණයට ඇත්තේ තව දින කීපයකි. තිලොව තිලක වු සනරාමර සම්මා සම්බුදු රජානන් වහන්සේ ගේ මහා විප්ලවය ජය ගත් දිනය තව නොබෝ දිනකින් එලැබෙනු ඇත. “පිලිවෙතින් පෙළ ගැසෙමු” යන දීප ව්‍යාප්ත පාඨයෙන් අපද පෙල ගැසි සිටිමු. නගරයේ හංදි ඉතා කලබලය. තොරන්, දන්සැල් ආදි නා නා දේ ඉදි වෙමින් පවති. එය ඉතාම සුපසන්ය.

බුදුන්ගේ ඉගැන්වීම නම් චතුරාර්ය සත්‍යවෙයි. එය පසක් කොට ගැනීම ඔබ මා ඇතුලු සකල ක්ලෙශි සත්වයනේ පරම නිශ්ඨ පැතුම වෙයි. බුදුන් වහන්සේගෙන් පසුව ධර්මය මහරහතන් වහන්සේලාගේන් මුඛ්‍යගතව පැවතගෙන එන ලදි. පළමු දෙවන හා තෙවන ධර්ම සංගිතියෙන් පසුව, ලංකාද්විපයේ මාතුල ( මාතලේ ) අලුලෙන්හි ( අළුවිහාරය ) වගම්බා නිරිදුන්ගේ රාජ අනුග්‍රයෙන් පුස්ථක ගත වීම සිදු විය. පසුව එය අද දක්වා පැවත ඒම සිදු වෙයි. මුල් ත්‍රිපිටක ආකාරය පාලියෙන් රචිතය. පසුව එය සිංහල පරිවර්ථනය වී ඇති නමු එය තුල දුබලතා ඇති බව ත්‍රිපිටකාචාර්ය , ධර්මධරයන්වහන්සේලාගේ මතය වෙයි.

ත්‍රිපිටකය යනු

විනය
සූත්‍ර
අභිධර්ම යන කොටස් තුන වෙයි.

භික්ෂු භික්ෂුණියන් සඳහා බුදු රජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදි කොට ගත් දෑ විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ සඳහා නියෝග පනවා ඇති බැවින් විනය පිටකය “ආනා දෙසනා” ලෙස හදුන්වනු ලබයි

සුත්ත විභංග
බන්ධක
පරිවාර

ලෙස විනය පිටකය ආකාර තුනක් ගනු ලබයි.

පාරාජිකා පාලි
සංඝාදිසේස
පාචිත්තිය පාලි
භික්ඛුනී විනය
මහාවග්ග පාලි
චුල්ලවග්ග පාලි
පරිවාර පාලි
පාථිමොක්ඛ

විනය පිටකකය ඉහත ආකාරයට වෙන් කොට ඇත

සූත්‍ර පිටකය තුල ප්‍රධාන ලෙස සූත්‍ර ධර්ම අඩංගු කොට ඇත. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද සූත්‍ර දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් දෙසු අවවාද, උපමා කතා,ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සූරපිටකයේ ඇති දෑ බොහෝ විත එදිනෙදා කතා බහා කරන වාග් විලාසයෙන් යොදා ගෙන ඇත. එම නිසා සූත්‍ර පිටකය ඇති දේශනා “වෝහාර දේශනා” යැයි හදුවනු ලබයි

සූත්‍ර පිටකය ගත් කල එය ප්‍රධාන වශයෙන් කොටස් 5කට බෙදිය හැක

1 දීඝ නිකාය
දීඝ නිකායේ සූත්‍ර 34ක් අඩංගු වෙයි. දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර දීඝ නිකාය තුල අඩංගු වෙයි

2 මජ්ඣිම නිකාය
මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් අඩංගු වී ඇත. චතුරාර්ය සත්‍යය, කර්මය, නිර්වාණය ආදිය පිළිබඳ විස්තර පුථුල විස්තරයක් මෙම මජ්ඣිම නිකායේ සූත්‍ර වල අඩංගුය.

3 සංයුක්ත නිකාය
සංයුක්ත නිකායේ කෙටි සූත්‍ර 56 ක් අඩංගු වී ඇත.

4 අංගුත්තර නිකාය
මෙය තරමක් විශාල වන අතර එය “නිපාත” ලෙස 11 කට බෙදා ඇත.

5 ඛුද්දක නිකාය
බුද්ධක නිකාය ගත් කල මෙහි බෙදීම් ද තරමක් සංකීර්ණ වෙයි.මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අඩංගු වෙයි.

1 ඛුද්දක පාඨය – මෙහි කොටස් 9ක් ඇත

2 ධම්මපදය – මෙය අප කවුරුත් දන්නා ධම්ම පදයයි. ගාථා 423 මෙහි ඇතුලත් වන අතර ඒවා වර්ග 26කට බෙදා ඇත.

3 උදානය – මෙහි වර්ග 8කට බෙදා ඇත.

4 ඉතිවුක්තකය

5 සුත්ත නිපාතය – මෙයට වර්ග 5ක් හා සූත්‍ර 72ක් ඇතුලත්ය. මුලු ග්‍රන්තයම ගාථා ස්වරූපයෙන් දක්වා ඇත.

6 විමානවත්ථුය (විමාන වත්ථු) – බෞද්ධ සාහිත්‍යයේ ඇති දිව්‍ය ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙහිය.මේ තුල දෙවිය ආදි කොත ගත් සත්වයින් ගැන ඉතා දිදු විවරන ඇත.

7 පේතවත්ථුය (පේථ වත්ථු) – අපාය සහ ප්රේත ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙම ග්‍රන්ථයේය.තිරිසන් ලෝක වල සතුන් පිලිබද මෙහි සවිස්තරව ඉගැන්වෙයි.

8 ථේරගාථාය (ථේර ගාථා) – භික්ෂූන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙගි ගාථා 1279ක් ඇතුලත් වේ.ඉතා රමණිය විවරන මේ තුල ඇත.

9 ථේරීගාථාය (ථේරී ගාථා)- භික්ෂූණීන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙහි ගාථා 522ක් ඇතුලත් වේ

10ජාතකය – මෙහි ඇතුලත්ව ඇත්තේ බුදු රජාණන් වහන්සේගේ පෙර ජන්මයන් වල කථාවන් ය. එහි ජාතක කථා 550 ක් ඇතුලත්ය.

11 නිද්දේසය – මෙහි ප්‍රධාන කොටස් දෙකකි.
– මහනිද්දේසය
– චූළනිද්දේසය

12 පටිසම්භිදාය (පටිසම්භිදා මග්ග) – මෙහි ප්‍රධාන කොටස් 3කි.

13 අපදානය – මහායානයේ අවදාන නම් ග්‍රන්ථ මේ ගණයේලා ගැනේ. අපදානය කොටස් දෙකකට වෙන් කර ඇත.

ථේරපදානය
ථේරීපදානය

14 බුද්ධවංසය – ගෞතම බුදු රජාණන් වහන්සේ සහ උන්වහන්සේට පෙර උපන් බුදුවරු 24 දෙනා වහන්සේ පිළිබඳ කථා ඇතුලත් ගාථා සඳහන්ව ඇත්තේ මෙහිය.

15 චරියා පිටකය – පාරමිතා පිළිබඳ පැහැදිලි කිරිමට මෙය රචනා කර ඇත. මෙහි ජාතක 35ක් ගාථා වලින් දක්වා ඇත.

ගැඹුරුම ධර්ම දේශනා ඇතුලත් වනුයේ අභි ධර්ම පිටකයේ වෙයි. සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව මනා මෙනම් ඉතා ගැඹුරු පැහැදිලි කිරීම් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. සම්මුති ලොකයෙන් බැහැර දේ පිලිබද කතා කර ඇති නිසා අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා‍ යැයි කියනු ලැබේ. මෙහි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ.

1 ධම්මසංගණිප්පකරණය
2 විභංගප්පකරණය
3 කථාවත්ථුප්පකරණය
4 පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
5 ධාතුකථාප්පකරණය
6 යමකප්පකරණය
7 පට්ඨානප්පකරණය

අභිධර්ම පිටකය යනු පැහැදිලිමව “බුද්ධ දේශනාවක්” වෙයි.
ඉහත මා ඉතා සැකෙවින් දක්වන ලද්දේ ත්‍රිපිටකයේ සංයුතියයි.

නූතනයේ ස්වාමින්වහන්සේලා දායකයන්ට බණ දේශනා කිරිමෙහිලා මාතෘකා කොට ගනු ලබන්නේ මෙම ත්‍රිපිටකයත් ඒ ආශ්‍රිත ලියැවුනු ටිකා, ටිප්පනි, අට්ටකතා ආදියෙන්ය. මේවා සියල්ල පාලියෙන් ඇති නිසා භික්ෂුන් වහන්සේලා පාලි අර්ථතය සරළ සිංහලින් පැහැදිලි කොට දේශනා කරනු ලබයි.

ගැටලුව ඇත්තේ බුද්ධ භාෂිතය කෙසේ නම් වෙනත් බසකින් පැහැදිලි කර දිය හැකිද යන්නය. “අන්තෝ ජටා, බහි ජටා” යන පද හතර පැහැදිලි කරනු වස් එය මුල් කර ගෙන ලියැවුනු පොත නම් “විශුද්ධි මාර්ගයයි” එය අති විශාල පොතකි. පද හතරකට එවැනි පොතක් ලිවිය හැකි නම් ත්‍රිපිටාක්යේ ඇති සුවාස් දහසක් දම් කද ලියා ටිකා සපයා කෙලවර කල හැකිද..?

මහමෙවුනා අසපු නිර්මානය වන්නේ මෙවැනි පරිසරයකය. පූජනීය කීරිබත්ගොඩ මහා හිමියන්ගේ එම සංකල්පයේ කිසිදු කෙලියක් මා නොදකිමි. නමුත් අවුල ඇත්තේ ඉන් නිෂ්පාදනය කෙරෙන සංකල්ප වලය. ත්‍රිපිටකය සරල සිංහල‍යට ගත හැක්කේ කෙසේද යන්න අද ඉතා විශාල විවාද ඇත. පාලි භාෂා විශාරදයන්, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටකාගිෂ්වරන් වහන්සේලා අතර මේ සම්බන්ද්ව විවිධ මත ඇත. ධර්මය අප කාටත් හුරු සිංහලයට නැගෙන එක ඉතා හොදය. ගැටලුව ඇත්තේ එහි ප්‍රමිතියේය. පාලි දත් පමනින් ත්‍රිපිටකය පරිවර්ථනය කිරිමට යෑම “ගොන්” කමක් විනා වෙන දෙයක් නොවන බව මට වැටහෙන්නේය. එය ඉංගිරීඉය යන්තමින් දැන ගෙන ශේෂ්පියර්ගේ කෘති සිංහලයට නැගීමත්, එයට විචාර දීමත් වැනි හර සුන් ක්‍රියාවකි.

පන්සල් වලින් මහමෙවුනාව වෙනස් වන්නේ එයට “අසපු” යන වචනය දීමත් සමගය. නමුත් මා එහි විශේයක් දකින්නේ නැත. අපට බුදු දහම සංස්කෘතිකව ලැබුනේ අශෝකගේ දේශපාලන මැදිහත් විමකිනි. එහිදි අශෝක අප ආගමික යටත් විජිත කරුන් කර ඇත.ඒ සම්බන්දව මා මීට ඉහත ලිපියඉන් පැහැදිලි කරන ලදි. පංසල් ක්‍රමය ප්‍රතිස්ථාපන වීම ද ඊට සමගාමිව සිදුවන ලදි. එහිදි ආරණ්‍ය ගත සම්ප්‍රදායද පැවත ගෙන එන ලදි. කෙසේ හෝ 505 හේ බටහිර ක්‍රිස්තියාණි යටත් විජිත කරන්යෙන් අන්න අසරණ වු අප අපගේ සංකෘතික ගතික ස්වභාවය සී සී කඩ කරගෙන ඇත.

මේ ආකරයෙන් සංස්කෘතික පරිනාමයත් සමගම භික්ෂුන්ගේ පරිනාමයද සිදු විය, එය කෙතරම් වෙන්ස් වී ද යත් අද වන විට බණ දේශනා කිරීමද එක්තරා ආකාරයක රියැලිටි වැඩසටහක වී ඇත. මහමෙවුනා අසපුද එවැවි සුපර් ස්ටාර්ස්ලා ගේ තැනක් ලෙස මා නිර්ලජ්ජිතව ප්‍රකාශ කරමි.

ඒ මක් නිසාද යත්, දැන් අසපුවල ක්‍රියාදාමය මුල්‍යමය හස්තයට නතු වී ඇති නිසාය. මුදල් යන්න භික්ෂූන්ට අකැපය. නමුත් මහමෙවුනාව මුදල් ප්‍රතික්ශේප කරන්නේ නැත. විවිධ ආකාරයේ නා නා විද විසිතුරු දෑ එවා තුල ඉදි කර ඇත. ඒවා රාජ මන්දිර වැනිය. එය කොතරම් ප්‍රායෝගිකද යන්න “ප්‍රඥ්ඥා” සම්පනන්ව විමසා සිටිය යුතුය.

“නමෝ බුද්ධාය” කියා මැතුරූ පමණින් බුදුන් වහන්සේට නමස්කාර කලා වෙන්නේ නෑ. එය අවබෝධයෙන් කල යුතුයි. සම්මා දිට්ඨිය අවැසි වන්නේ එතැනටය. ශ්‍රද්ධාව අවශ්‍යවේයි. එය අනිවාර්ය දෙයකි. එය නොමැතිව සිල, ප්‍රඥ්ඥා දෙක නැත. නමුත් පාලිත නොවු අසමබර ශ්‍රද්ධාව මෝඩ කමයි.

මහමෙවුනාවේ තරුණ භික්ෂූන්ට සූත්‍රපිටකයෙන් හොදින් බණ කීමට හැකිය. මම මහමෙවුනා අසපු තුලඉන් දකින එකම වටිනා දෙය එය පමණකි.

“යෝ ධම්මං පස්සති – සෝ මං පස්සති”
තෙරුවන් සරණයි.

විජය කුමාරයා රත්තරන් පිරිවරන් ඇවිත් සිංහල අලුත් අවුරුද්ද අපිට ලැබුනේ ඉන්දියාවෙන් කියන කිරිබත්ගොඩ උන්නාන්සේ පස්සේ තවත් යන උන් ඉන්නවනේ අම්මපා !!!!! උන්නාන්සේගේ ධර්මේත් ඔය වගේම තම ඉතින්… සිංහල ගත පුරුදු කරලා අර ළමයින් ට බුද්ධාගම විනාස වෙලා තියෙන්නේ… පාලි කියල දෙයක් මේ ලෝකේ තිබ්බද කියල අහයි ඔය ළමයි තව අවුරුදු කීපයකින් !! හනේ සිංහල බෞද්ධයා !!!!

මිතුර,

ඔබ මොන හිතකින්ද කියන්නේ ‘ධර්මයේ රසවත්ම හා නොගැඹුරුම කොටස් අඩංඟු සූත්‍ර පිටකය ‘ කියල. ඔබ ඔය නොගැඹුරුයි කියන සුත්‍ර දේශනා තුලින් නේද රහතන් වහන්සේලා ලක්ෂ ගණන් බිහි උනේ. තමන් ගේ මතයක් කියන්න ගිහිල්ල ධර්මයට අපහාස කරන්න එපා. දම්සක් පැවතුම් සුත්‍රය, මහා සතිපට්ඨාන සුත්‍රය, අනාත්මලක්කන සුත්‍රය ඇතුළු ගාම්භීර දේශනා 18000 පමණ තියෙන්නේ ඔය සුත්‍ර පිටකයේම තමයි.
අනික සුත්‍ර දේශනා වල කොච්චර තියෙනවද එම දේශනාව අසා සිටි ස්වාමින්වහන්සේලා රහතන් වහන්සේලා බවට පත් වූ බව. උදා: ආදිත්‍ය පරියාය අසා සිටි භික්ෂුන් වහන්සේලා 1000 නමක් අරහත්වයල පත් උනා.

ඉතින් එම දේශනා කොහොමද නොගැඹුරු වන්නේ.

බුදුන් වහන්සේ ජීවමාන කල සූත්‍ර දේශනා පවත්වන ලද්දේ පලමුව එය ඇසීමට භාග්‍යලබන්නන්ගේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, පාරමිතා, ආශය අනුෂය වශයෙන් ඇති කෙළෙස් ආදී දහසක් දේ පිළිබඳ ෂට් අසාධාරණ ඥාන හෙවත් බුදු ඇස මෙහෙයවා බැලීමෙන් අනතුරුව පමණි. සෑම සූත්‍ර දේශනාවකම අසංඛ්‍ය බැගින් මාර්ග ඵල ලාභීන් බිහිවීමේ රහස මෙයයි. තවද දක්ෂ වෙදෙක් සිය බෙහෙත් තුන්ඩුව ලෙඩෙක්ට නියම කිරීමේදී එම ලෙඩාගේ රෝග නිධානය නිවැරදිව තෝරා ඉතා ප්‍රවේශමෙන් නියම කිරීම කල යුතුය. එම බෙහෙත් තුණ්ඩුව පොතකින් සොයා ගත් අයෙක් තව අයෙක්ට එම තුණ්ඩුව ලබා දුන්නාට ප්‍රතිඵල නොලැබෙන්නා සේ, පාරමිතා නොපිරුනු අයෙක්ට, පෙර උතුමෙක් අරභයා දේශනා කල සූත්‍රයක් ඇසූ පමණින් ධර්මාවබෝධය නොලැබේ. එම ධර්මාවබෝධය ලැබීමට,… ලැබූ උතුමන් පෙර බුදු සසුන් වල නොකඩවා දේශනා වූ තුන් පිටකයම බහුලවම භාවිත කොට නුවණ මුහුකුරා ගොස් තිබූ බැවින් එම ආශ්චර්යය සිදු විය.

නමුත් ත්‍රිපිටකයේ වටිනාම කොටස වන අභිධර්මය වනසමින්, මාර්ගඵල වලකන අන්තරාවලට හසුවෙමින්, පූජ්‍ය කිර්බත්ගොඩ හිමි ගෙනයන සූත්‍ර වෙළඳාමෙන් එතුමාට හෝ එතුමාගේ පාරිභෝගික ජනතාවට වෙන සෙතක් නැත. බුදු සසුනට වන හානියේ සීමාවක්ද නැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 579 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
ධර්මචාරී පිරිස on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
ධර්මචාරී පිරිස on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
Ramalie on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
kalum on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
Dinuka Jayasinghe Ar… on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
Ramalie on මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය…
Amila Chathuranga (@… on මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය…
nawadakmakapelahara on සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා…
ජයන්ත චන්ද්‍රසිරි කල… on බුදු සසුනේ පිහිටක් අවැසි නම්,…
ජයන්ත චන්ද්‍රසිරි කල… on සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ…
ධර්මචාරී පිරිස on බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා…
Samantha on බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා…
බොදුනුවාගේ මුදුන්මල්… on දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින…
Niranjan Karunathila… on අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක…

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 273,908 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: