ලිව්වේ: ධර්මචාරී පිරිස විසින් මැයි 29, 2012 දී.
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
චිරාත්කාලයක් පුරා අප සිංහල බෞද්ධ සමාජය හැඩ ගැසුනේ ත්‍රිවිධ ආකාරයකින් ( සම්මුති, සේක, අසේක ) උතුම් වූ අප මහා සංඝරත්නයට සිතිවිලි මාත්‍රයෙන් පවා උපරිම ගෞරවය දැක්වීමටයි. හේතුව නම් අපි භාවිත කරන වචන, සිතිවිලි වලින් එතුමන්ට කරන අගෞරවයන් ඉතා බරපතල අකුසල කර්ම වීමයි. මෙයට පිළියමක් ලෙස ප්‍රඥාවන්ත සැදැහැවත් බෞද්ධයා අප මහා සංඝ රත්නය වෙනුවෙන්ම වෙනම විශේෂණ මාලාවක් භාවිත කිරීමට හුරු වූහ. පූජ්‍ය, පූජ්‍යපාද, අති පූජණීය, පරම පූජණීය යනු මේවායින් කීපයක් පමණි.
සරලව කියන්නේ නම් අප හෙළ භාෂාව ත්‍රිවිධ රත්නයට දිය යුතු ගෞරවය අංශයෙන් දියුණුව මස්තකප්‍රාප්ත වී බොහෝ කල්ය. මොනයම් කැපීපෙනීමේ උත්සාහයක් නිසා එයට කරන යම් වෙනසක් වේ නම් එය හුදෙක් දැනටමත් ඇති භක්තිය ගෞරවය වනසාදැමීමක් වීමට ඉඩ ඇත. බෞද්ධයෝ කිසිවිටෙකත් මෙවන් ජනප්‍රිය රැලි වල ගොදුරු බවට පත්වී සිය සසර වනසා නොගත යුතුයි.
මෙවන් පූර්විකාවක් අපට ලිවීමට සිදුව ඇත්තේ පූජ්‍ය කිරිබත්ගොඩ හිමිපාණන්ගේ අළුත්ම වචන හරඹයක් නිසාය. එතුමාගේ සංස්ථාවේ සියළුම භික්ෂූන් වහන්සේ හැඳින්වීමට මේ උපරිම ගෞරව විශේෂණ යොදා නොගන්න බව ඔබ දුටුවාද? අහම්බයක් හෝ අතපසු වීමක් යැයි අපි මුළින් සිතුවත් සියළුම ප්‍රකාශන වල එම හිමිවරුන් හඳුන්වා දෙන්නේ “පූජ්‍ය” වෙනුවට “පින්වත්” යනුවෙනි.
පින්වත් යන විශේෂණය ගිහි පැවිදි කා වෙනුවෙන් වුවද භාවිත වන ඉහල ගෞරවයක් කිසිසේත් ගම්‍ය නොවන ඉතා සරල විශේෂණයකි. එය අමුතුවෙන් ප්‍රකාශ නොකලද මිනිස් ලොව සුගතියක් බැවින්, මෙලොව හා සියළු සුගති වල ප්‍රතිසන්ධි ගත් සත්වයෝ අනිවාර්‍යයෙන්ම පින්වත් බවද කවුරුත් දන්නා කාරණයකි.
එසේ නම් මිනිස් සමාජයේ ඉහලම ස්ථානයට පත්, අර්හත් ධජය දරණ, අපිට ඇති එකම පින්කෙත වන් අති උතුම් භික්ෂූන් වහන්සේලාට එම විශේෂණය කෙතරම් සුදුසුදැයි ඔබ මදකට සිතා බැළුවාද?
එය කිසිසේත් අපට නම් අනුමත කල නොහැකි විශේෂණයකි. සංඝරත්නයට එරෙහි වචී දුෂ්චරිතයකි. බරපතල පාපයකි. ඔබ අතින් අත්වැරදීමකින් හෝ මේ සරල විශේෂණය ගෞරවණීය භික්ෂූන් වහන්සේ සඳහා භාවිත කර ඇත්නම්, වහාම “කායේන වාචා චිත්තේන …..” ආදී වශයෙන් එන ගාථාව කියා සංඝ රත්නයේ සමාව අයදින්න. ඔබ හඳුනන කිසිකෙනෙක්ට එම පාපය කර ගැනීමට ඉඩ නොතබන්න. සැදැහැවත් බෞද්ධ ජනතාව මේ නුසුදුසු රැල්ලෙන් බේරා ගන්න මේ පණිවිඩය බෙදා හරින්න.
ලිව්වේ: ධර්මචාරී පිරිස විසින් මැයි 27, 2012 දී.
කරුණාකර ඉහතින් ඇති යොමුවෙන්: View this document on Scribd බාගත කර පහසුවෙන්, වඩා විශාලව කියවන්න. සියළු දෙනාට බෙදා හරින්න
ලිව්වේ: ධර්මචාරී පිරිස විසින් මැයි 22, 2012 දී.
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
සිංහල බෞද්ධයාට, පිරිසිඳු බුදු දහමට එරෙහිව අද දිනයේ සිදුකරණුලබන සංහාර වලට සූදානම් විද්‍යුත් මාධ්‍ය ඕනෑ තරම් තිබේ. YA TV නම් මෙම රූපවාහිනී නාලිකාව සුළු ජාතික අයිතීන් පමණක් නියෝජනය කරන එකකි. දහම ගැන පැහැදිළි අවබෝධයක් නැති නම් විකාශය කරන්නන්ගේ පසුබිමින් හෝ මොවුන් ගේ කුමන්ත්‍රණ ගැන සිතා ගැනීමට තරම් බෞද්ධයා ප්‍රවේශම් විය යුතුය. අපි දැන් මේ ස්වාමීන් වහන්සේ දහම විකෘති කරමින් මේ රටේ සිංහල බෞද්ධයාට එරෙහිව කල හපන්කම විමසා බලමු. පුද්ගලික ලාබ සත්කාර වෙනුවෙන් සිය සසරම විනාශකරගන්නා මේ භික්ෂූන් වහන්සේ ගේ ක්‍රියාකලාපය නිසා එතුමා සමඟ වෛර නොබඳින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. කල යුත්තේ මෙතුමා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමයි. නුසුදුසු භික්ෂූන් වහන්සේ කෙරේ අපි පිළිපැදිය යුතු ආකාරය අප තිලෝගුරු බුදුපියාණන් අපිට පැහැදිළිව දේශනා කර ඇත. ඒ අනුව පමණක් පිළිපැදීමට අපි ප්‍රවේශම් විය යුතුය.
පූජ්‍ය දඹර අමිල හිමි සිය ධර්ම සංහාරය පටන් ගන්නේ මුලින්ම අති උතුම් බුද්ධ රත්නයට අති දරුණු පහරක් දීගෙනය, බුදුන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා තනිව අවබෝධකරගත් අති ඝාම්භීර අනන්ත සර්වඥතා ඥාණය, මෙතුමාට අනුව හුදෙක් ඉන්දියාව තුල කලින් පැවති මිසදිටු දහම් සියල්ල ඇසුරෙන් හොඳම එක ගලපා සකසාගත් ‘ක්‍රීම්’ එකක් පමණි. මෙය මෙතුමන් භාගයවත් වූ අරහත් වූ අප සම්බුදුසමිදානන්ට කල දරුණු අපවාදයකි. සම්මා සම්බුද්ධත්වය ප්‍රතික්ෂේප කිරීමකි. ඒකාන්තයෙන්ම මේ තුලින් පූජ්‍ය දඹර අමිල හිමි නිවන් වලකන උපවාදාන්තරාවට හසුවෙන බව පැහැදිළිය.
ධර්මයේ අපරිමිත ගුණ 6ක් බුදුන්වහන්සේ විසින් දේශනාකරනලදි. පූජ්‍ය දඹර අමිල හිමිට අනුව ධර්මයට ඇත්තේ ‘ඒහිපස්සිකෝ’ පටන් ඇති ගුණ තුනක් පමණි. එතුනත් එතුමා පැහැදිළි කරන්නේ එකක් වශයෙනි. එතනින් එහාට කිසිවක් නැතැයිද කියයි.
ඉන්පසු හීන්සීරුවේ මෙතුමා පිවිසෙන්නේ කාලාම සූත්‍රය හරහා කරන ධර්ම සංහාරයටයි. එම සූත්‍රය දහම සංහාරය කිරීම සඳහා යොදාගත හැකි ආකාරය අපගේ කලින් ලිපියෙන් සවිස්තරව පෙන්වා දී ඇත්තේ පූජ්‍යපාද පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි උතුමාණන්ට පින්සිදු වන්නටය. සියළු බෞද්ධයෝ එම ලිපිය ඉතා හොඳින් කියවා මේ ස්වාමීන් වහන්සේගේ දහම් සංහාර චේතනාවේ බරපතලකම තේරුම්ගත යුතුය.
බුද්ධිය සිත ආශ්‍රිත දෙයකි. බුදුදහමට අනුව සිත සම්බන්ධව පවතින්නේ මොළයට නොවන බව ඔබ දන්නවාද? සිත සම්බන්ධවන්නේ අභිධර්මයේ පරමාර්ථ ධර්ම 28න් වස්තු රූපය නම් ශූක්ෂම රූපයකටයි. මෙම රූපය පවතින්නේ හෘදය වස්තුවේ අඩපතක් පමණ වන පිරිසිඳු ලේ ආශ්‍රිතවය, මෙතුමා ඒ මූලික කරුණ හෝ නොදැන මොළයක් ගැන දේශනා කරන්නේ සියල්ල දන්නා බවක් මවා පාමිනි. එය තවත් ධර්ම සංහාරයකි.
එතනින් එහාට ඇත්තේ නිවේදකයාට වුවමනා පිළිතුරු ගැනීම පිණිස මෙතුමා හා කරන සම්ප්‍රපලාප සමූහයකි. බුදුපිළිම වලින් රැස් විහිදීම ධර්ම නියාමයට අනුව සිදු වූවක් මිස එයට එරෙහි තර්ක කිසිවකින් විස්තර වන දෙයක් නොවේ. මාවිල් ආරු සටන අවසාන වීමට ආසන්නයේ සිරිලක පුරා බුදුපිළිම රැස් විහිදවීම මේ පින්බිමේ අනාගත ජය සංකේතවත් කල සිදුවීමකි. එය හුදෙක් බුදුපිළිම වල කහ හා තැඹිළි වර්ණ සංකලනයෙන් වූවානම් අදත් සිදුවිය යුතුය, ඊට පෙරත් සිදුවිය යුතුය. මේ දේඅකාරයෙන්ම සිදුනොවූ බව රහසක් නොවේ. එපමණක් නොව, කහ හෝ තැඹිළි වර්ණ කිසිවක්ම නැති සුදු බුදු පිළිමද අඩු නැතිවම මේ රැස් විහිදීම සිදු කලහ.
තුන්කාලයටම සිය බල පරාක්‍රමය විහිදන බුදුවරුන්ගේ අධිෂ්ඨාන බලයන් නිසා සිදුවියහැකි ප්‍රාතිහාර්‍ය කිසි ජගතෙකුට විස්තර කල හැකි නොවේ. ධාතු පරිනිර්වානයේදී වීමට නියමිත ප්‍රාතිහාර්ය තවම සිදු වී හෝ නොමැත. සුනාමි ව්‍යසනයේදී මැටි, සිමෙන්ති ලෙස මේ හිමියන්ගේ අපහාසයට ලක්වන අපගේ අති පූජණීය උද්දේශික චෛත්‍යයෝ මහ රළපහරින් කිසිදු උපද්‍රවයක් නොමැතිව තනි කණුවක් මත පවා වැඩ උන්නේ බුදුගෙය පිහිටා තිබූ සමස්ථ නිවාසයම පොළොවටම සමතලාවී ඇති තැන් වලය. මේ විද්‍යාත්මක හේතු සොයන්නන් ඒවා ගැන සඳහනක් හෝ නොකරන්නේ මන්ද? මදකට සිතා බලන්න. අන් ආගමකට සම්බන්ධ මෙවන් දෙයක් වූවා නම් ඒ වෙනුවෙන් වෙනම වැඩසටහන් සති පුරා විකාශනය කරනු ඇත. සිංහල බෞද්ධයා අවාසනාවන්ත ලෙස සිය දහමේ ප්‍රාතිහාර්යම නොසලකා හරිමින් ඒවා යේ වටිනාකම නසා දැමීමට පවා ඉදිරිපත් වේ.
මේ හිමිනම ගේ මෙහෙයවීමෙන් නිවේදකයා බෞද්ධයාට බොරු චෝදනා පවා කරන්නේ බුදුන්වහන්සේගෙන් පිහිට අපි යදිමින් යාඥා කරනවා නිරූපනය කරමිනි. ඔහුට ‘යාඥා’ වචනය පිටවී නැවත ගිලගන්නේ තමා බොරුවක් කියන බව තමාම දන්නා නිසා නොවේද? ඒ වෙනුවට ඔහු සිය දෙ අත් යාචකයෙක් සේ අල්ලාගෙන රඟපෑමක් කරයි. බෞද්ධ ගාථා වල එකදු යාඥා ගාථාවක් ඇත්නම් පෙන්වා දෙන සේ අපි මේ හිමිනමගෙන් හා නිවේදකයාගෙන් ඉල්ලා සිටින්නෙමු. මෙය බොරු හා ද්වේෂසහගත බෞද්ධ සමාජීය ප්‍රහාරයක් විනා අන්කිසිවක් නොවේ. කිසිදු බෞද්ධයෙක් පන්සලට ගොස් යාඥා නොකරයි. තෙරුවන් සරණ යෑම හා එසේ සරණ යන්නාට තෙරුවන් පිහිටවීම නොවැරදීම සිදුවන්නේ තෙරුවන්ගේ ඇති සූවිසි මහා අනන්ත ගුණ බලය නිසාමය. යාඥා යනු මේ නිවේදකයාගේ ලබ්ධියේ හා ඔහුත් හිමිනමත් එක්වී රට දැය සමය පාවාදීමට කුමණ්ත්‍රණය කරන ලබ්ධීන්වල ඒකාන්ත ලක්ෂණ පමණි. එනිසා එයට සමච්චල් කිරීමෙන් මේ නිවේදකයා කර ගත්තේ උඩබලාගෙන කෙළගසා ගැනීමකි. එය මේ මහා මෙහෙයුම වෙනුවෙන් තමාට මුදල් ගෙවන්නාටද කල සමච්චලයකි.
සියළු කෙලෙස් හා කර්ම ප්‍රහාණය කිරීමෙන් අති ඝාම්භීර ලෙස පිරිණිවන් පෑවා වූ බුදුන් වහන්සේ ‘මලා’ ‘මියගියා’ , ‘මිනිහෙක්’ යනුවෙන් මේ හිමිනම නැවත නැවත කියමින් අප බුදුපියාණන්ට පෘතග්ජන මරණයක් ලබා දීමට පවා වෙහෙසෙන්නේ මොන තරම් ද්වේශයක් බුදුසමිදාණන් හා සිතේ දරාගෙනද? ඒ හිමිනම ඉන්පසු යොදා ගන්නා වචන අතිශයින් නින්දාසහගතය. මේ අපහාසය වෙනුවෙන් බරපැන සැපයූ අන්‍යාගමිකයන් සතුටින් පිනායැවීමට මේ ටිකම ප්‍රමාණවත් වන්නට ඇත.
මේ වහන්සේට අනුව “උඹ” “උඹලා” “අදුරගනින්” සුමිහිරි වචන භාවිතය නිසාම සුගත වූ මහාකාරුණික බුදුන්වහන්සේගේ වචන වේ. මේවා යොදා ගනිමින් පැහැදිළි කරන බණද සහමුලින් බුදුන්වහන්සේට කල දෝෂාරෝපනම බව දුක නිපාතය අනුව තේරුම්ගත යුතුය.
බුද්ධ දේශිත දුක නිපාතයේ පහත දේශනය ඇතුලත් වේ.
බුදු සමය නසන සියළු ජාතීන් ආදරයෙන් වැළඳගැනීම නම් ධර්මය පිළිපැදීමයි. යන්තම හෝ දහමේ ගුණක් කියයි නම් ඒ බෞද්ධයා අන්‍යාගමික මර උගුල දෙසට තල්ලු කිරීමටම පමණි. බුදුන් වහන්සේ “කට්ට කෑවා” කියාද කිසිම බරක් පතලක් නැතිව කියා දමයි. මෙය අසමසම බුද්ධ රත්නයට එරෙහි වචී දුෂ්චරිතයයි. මේවා අසමින් නිවේදකයා සතුටින් ඉපිල යන ආකාරය බලා සිංහල බෞද්ධ අපි හඬමුද? සිනාසෙමුද?
මේ හිමිනමට අනුව දඹුල්ල අනවසර මුස්ලිම් පල්ලිය සිංහල බෞද්ධ මහජනතාවගේ ප්‍රශ්නයක් නොවේමය. මුස්ලිම් පල්ලිය විසින් විහාරයේ ඉඩම් අල්ලාගැනීමට එරෙහිව කල නුසුදුසු විරෝධයකි. දේශපාලන ප්‍රයෝගයකි. තමන් කියන්නේ කුමක්දැයි කියාවත් හරියට සිතාගැනීමට නොහැකිව, තමන්ට මුදල් ගෙවූ අන්තවාදීන්ගේ උපක්‍රමම හෙළිවනසේ පිළිතුරු දීමේදී නිවේදකයා අප්‍රසන්න භාවයක් ඇතිව බලා සිටින්නේ මේ හිමිනම කෙරෙහිද නැතිනම් සිංහල බෞද්ධ අපි කෙරෙහිද යන්න පැහැදිළි නැත.
හොඳම අනුරාධපුර පාළකයා එළාර බව මේ හිමිනමගේ මතයයි. මෛත්‍රී බුදුහිමිගේ අගසව් වීමට පෙරුම්පුරන දුටුගැමුණු උතුමාටත් වඩා එළාර උසස් බව කියයි. වීර පරාක්‍රමබාහු හෙළ රජ උතුමාටත් වඩා උසස් බවද කියයි. එය සිංහල බෞද්ධ ඔබ පිළිගන්න සූදානම්ද? මේ හිමිනමගේ මතයට අනුව අට්ටකථා සියල්ල ලියා ඇත්තේ දෙමළ හිමිවරුන් විසිනි, බුදු පුතුන් ලෙස ආර්‍ය වංශයට ඇතුලත් වූ පසු ජාතිය කිසිකලෙකත් උපන් ජාතිය නොවේ. එය ආර්‍ය වංශයයි.එතුමන්ගේ නම් පවා අති පිරිසිඳු ආර්ය නම් නොවේද? එවිට එම හිමිවරුන්ට දෙමළ යැයි කීම කිසිසේත් සුදුසු නොවේ. මෙය අප සසුනට අදටත් එරෙහි දෙමළ ජාතියට නුසුදුසු තැනත් උපයා දීමට මේ හිමිනම කරන ප්‍රයෝගයක් බව අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආගම රැකීම අන්තිම වැරදි වැඩක් බව මේ හිමිනම කියා සිටියි. එය මේ රටේ ශිෂ්ඨාචාරය ගොඩ නැගූ මහජනතාවගේ දෙයක් නෙවෙයි, පෞද්ගලික කාරණයකි. රජයට අදාල දෙයක් නෙවෙයි. ජාතිවාදය සියළු සුළු ජාතීන්ට හිතුමතේ සිය අරමුණු කරා යන්න තියෙන දෙයක් මිසක් මහ ජාතියට සුදුසු දෙයක් නෙවෙයි. මහ ජාතියෙ ජාති/ආගම්වාදය ඉතා අශිෂ්ඨ දෙයක් බවත් එතුමාගේ අදහසයි.
එම හිමිනම මේ වෙනුවෙන් කුමණ ප්‍රමාණයක ගෙවීමක් ලැබුවත් අවීචිගත වීමට තරම් පාපකර්ම කරගනිමින්, මෙතේබුදුන් කිසිකලෙකත් නොදැකීමට තරම් අවාසනාවන්ත වෙමින් සංසාරයේ තමා ලත් පරාජයේ තරමත් එයින්ම තීරණය වන බව දත යුතුය. සිංහල බෞද්ධයන් වශයෙන් අපි, පිරිසිඳු බුදු දහමට අනුව පූජ්‍ය දඹර අමිල හිමි ගේ නිවන් නොදකින අති බිහිසුණු අනාගත ඉරණම ගැන අනුකම්පාවෙන් යුතුව බලා සිටින්නෙමු! සතුරෙකුටවත් එවන් දුකක් නොමවේවා යැයි පතමු!
ලිව්වේ: ධර්මචාරී පිරිස විසින් මැයි 12, 2012 දී.
ලිව්වේ: ධර්මචාරී පිරිස විසින් මැයි 11, 2012 දී.
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
අපි පසුගිය දිනයේ සැමරුවේ 2601 වෙනි වෙසක් පෝය දිනයයි. එම පෝය ලබන මොහොත වන විට දහම් දිවයින තුල දහමේ ඉරණම ගැන අපගේ හදවත නැවතෙන තරම් කම්පනයක් ඇති වූයේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය පැහැදිළි කරමින් හයිලෙවල් මාර්ගයේ ඉසිපතන හංදියේ පටන් එල්ලා තිබූ බැනර් දැකීමෙනි. ඒවාට අනුව ඉතාම සෝචනීය ලෙස අර්ථ දක්වා තිබුනේ සම්මා කම්මන්තයයි. වරහන් තුල තේරුම ලෙස යොදා තිබුනේ යහපත් කර්මාන්ත ලෙසයි.
සහමුලින් වැරදි අර්ථ කථනයකි. කය සිල්වත් කර ගැනීම පිණිස අවැසි යහපත් කායකර්ම තුන මෙහි නියම අර්ථයයි. එනම්
මොනම ආකාරයකවත් කර්මාන්ත මේ තුනෙන් අදහස් නොවේ. බුදු සමයේ මූලික හරයන් මෙවන් දරුණු විකෘති කිරීම වලට ලක්වූවොත් නුදුරු අනාගතයේම එහි විපාක අපිට විඳින්නට සිදුවනු ඇත.
අභිධර්මයට අනුව මෙම ශීල තුන රැකීමේ බලය සිතේ ඇති කරණු ලබන්නේ කුසල චෛතිසිකයක් විසිනි. 52ක් වූ චෛතිසික අතරින් එයට විරති සම්මා කම්මන්ත චෛතිසිකය යැයි කියනු ලැබේ. තමා අතින් ප්‍රාණ ඝාතයක් වීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔබේම සිතින් ඔබව වැලකුවේ නම් එහිදී මෙම චෛතිසිකය ඉපදුන බව තේරුම් ගත හැක. සොරකම් කිරීමට සිතක් ඇතිවී, කයින් එය සිදුවීමට පෙර නැවත සිතේ බලයෙන් එය වැලකී ගියානම් එහිදී මෙම චෛතිසිකය ඉපදුන බව තේරුම් ගත හැක. කාමයේ වරදවා හැසිරීමට සැරසී එය කයින් එය සිදුවීමට පෙර නැවත තමාගේම සිතේ බලයෙන් වලක්වා ගත්තේ නම් නම් එම අවස්ථාවන්හීද එම බලය ඔබට ලබා දුන්නේ මේ විරති සම්මා කම්මන්ත නම් බලසම්පන්න කුසල චෛතිසිකයයි.
තවත් බැනර් එකක සම්මා දිට්ඨිය ට ද මේ අවාසනාවන්ත ඉරණමම අත් කර තිබුණි. එහි සඳහන් වූයේ ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් ගැන හා ඒවායේ විරුද්ධ කුසල් ස්වභාව ගැන දැන ගැනීම සම්ම දිට්ඨිය බවයි. අතිශය දුර්වල හා වැරදි අර්ථ කථනයකි.
සම්මා දිට්ඨිය හෙවත් නුවණ (ප්‍රඥාව ) ආකාර දෙකකින් විස්තර කෙරේ.
අංක එක යටතේ එන කරුණු 10 මොනවාද?
අංක දෙක යටතේ වඩාම උසස් කරුණු 4ක් ගැන නුවණක් සඳහන් වේ
ඉහත සියල්ල ගැන පිරිසිඳු නුවණක් ඇති කර ගැනීමට නම් හැකි තරම් දහම හැදෑරිය යුතුය, නුවණ තීක්ෂණ කර ගැනීමේ භාවනා වල යෙදිය යුතුය. එම ප්‍රතිපදා තුලින් අති බලසම්පන්න ප්‍රඥා නම් කුසල චෛතිසිකය සිතේ පහල වන තරමට සම්මා දිට්ඨිය සාර්ථක වේ.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවැරදිව තේරුම් ගැනීමම බුදු සමයේ හරය වේ. මන්ද යත් නිවනට පත් වීමට ඇති ඇද නැති මග එය බැවිනි. පිළිපැදීමට පෙර වැරදි අදහස් හිතට ගත්තේ නම් සහමුලින් වැරදි මගක නිවන් සොයා යනු ඇත. මෙය ප්‍රවේශමෙන් තේරුම් ගත යුත්තේ එබැවිනි. තවත් විස්තර සොයනු කැමැත්තෝ අප විසින් පල කර ඇති ධර්ම පත්‍රිකාවෙන් ආරම්භ කරත්වා! පරම පූජණීය රේරුකානේ මාහිමි සම්පාදිත “චතුරාර්‍ය සත්‍ය” “අභිධර්ම මාර්ගය” ආදී පොත් වහන්සේලා උපරිමයෙන් පරිශීලනය කර තම තමාගේ ධර්ම ඥානය වඩා ගනිත්වා! නිවන් මග යත්වා! දහම වනසමින් පැතිරෙන වැරදි අර්ථ කථන නැසීමට දායක වෙත්වා!
ලිව්වේ: ධර්මචාරී පිරිස විසින් මැයි 4, 2012 දී.
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
එකල ලක්බිම බුදු සසුනට සිංහල බෞද්ධයාට ඉතාම අඳුරු කාලයක් විය. එළාර ද්‍රවිඩ රජු විසින් බෞද්ධ පූජා ස්ථාන වනසමින් අප ජාතිය පෙළමින් ක්‍රමයෙන් මුළු රටම සිය අණසකට යටත් කරගනිමින් තිබුණි. හෙළය , බුදු සසුන බේරා ගැනීමට කිසිදු වීරයෙක් රටේ පහල වී නොසිටියේය.
හරියටම අද දවසේ මුස්ලිමුන් විසින් අපේ පෞරාණික බොදු උරුමය සිය ග්‍රහණයට ගනිමින් කුරගල, දෙවනගල, මුහුදු මහා විහාර , අනුරපුර හරහා දඹුල්ලට ඉව අල්ලමින් සසුන ලක් බිමින් හීන් සීරුවේ අතුගා දැමීමට සියල්ල කරනවා සේමය. රටේ අවාසනාවට පාළකයන් පවා අන්ධභූතව මේවාට ඉඩ දෙමින් අප ජාතිය, බුදු සසුන, මහා සංඝ රත්නය හෑල්ලුවට, අපහාසයට පත් කරමින් මේ පින්බිම පාලනයට සිය නුසුදුසු කම ප්‍රදර්ශණය කිරීමට පටන්ගෙන තිබේ. අප රටේ බුදු සසුන අන් කවර කලෙකටත් වඩා තර්ජනයට ලක් වෙමින් යන්නේ තවත් වීර දුටු ගැමුණු කුමාර වරුන් සිය දහස් ගණනින් අපට වහාම පහල නොවුනහොත්, බෙලහීන පාලකයන් හමුවේ අපේ උරුමය පමණක් නොව සමස්ථ ජාතියම අනතුරේ වැටීම වැළක්විය නොහැකි වන ලෙසය.
මේ ධර්ම දේශනා කොටස අපගේ උරුමය, බුදුසසුන අපිට රැක දුන් ඒ ධීර වීර දුටු ගැමුණු නරෝත්තමයාණන් වහන්සේ සිය කුසට වඩම්මා ගැනීමට විහාර මහා දේවී මව් උත්තමාවිය හා කාවන්තිස්ස පිය රජ උත්තමයා රට ජාතිය හා ආගම වෙනුවෙන් මහේශාක්‍ය පින්කම් හරහා කල කැපවීම සැකෙවින් පැහැදිළි කරන එකකි.
මේ පින් බිමේ සියළු පියවරුන්, සියළු මව්වරුන් මේ ආකාරයෙන්ම පිනට බරව වතාවත් හී යෙදී අපට හිඟ ඒ දුටු ගැමුණු පුත් කුමාරවරු සිය දහස් ගණනින් ප්‍රාර්ථනා කර හෙළය සුළුජාතීන්ගේ සියළු ආක්‍රමණ වලින් ආරක්ෂා කර ගැනීමට සිය දායකත්වය සපයත්වා. හෙළයට එකම උරුමකරුවන් වන සිංහල බෞද්ධයා බහුතරය සේ සැමදා පවත්වා ගැනීමට උපරිම දරුසම්පත් දායකත්වය ලබා දෙත්වා.
සවන් දෙන්න
ලිව්වේ: ධර්මචාරී පිරිස විසින් අප්‍රේල් 25, 2012 දී.
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
අපි මේ අඩවිය හරහා බොහෝ ධර්ම කාරණා බෙදා හරින්නෙමු. ඒවා සියල්ල කිරීමට පෙර මුලින්ම ඇසිය යුතුව තිබූ පැණයක් තිබුණි. කෙසේ හෝ එය අපට අතපසු විය. දැන් අපි එම අවස්ථාව ලබා ගන්නෙමු.
ඉහත පැණය කොතරම් අප භාවිතයට හුරු වී ඇති දැයි අපි තේරුමක් පවා නොදැන එය භාවිතා කරන ප්‍රමාණයෙන්ම සිතා ගත හැක. මෙම යෙදුම හෙළයෝ භාවිතා කරන්නේ දළ වශයෙන් පින්-පව් නොදන්නා කුඩා දරුවන් වෙනුවෙන් බව අපට අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ. එසේ නම් පින්-පව් හා මේ ඉලක්කම් දෙක අතර සම්බන්ධය ඔබ මොහොතකට හෝ සිතා බැලුවාද?
වයස 7ට අඩු ඕනෑම දරුවෙක් වෙනුවෙන් මෙය භාවිත කිරීම 100% නිවැරදි වේ. ධර්මාවබෝධයේ ආරම්භක කඩ ඉම සත් හැවිරිදි විය වන බැවිනි. අප ශ්‍රේෂ්ඨ සාසනයේ සත් හැවිරිදි රහතන් වහන්සේලා වැඩ සිටියේ ඒ නිසාවෙනි. එසේ නමුත් අද දවසේ මේ මූලික දැනුම හෝ නොගෙන නියම මිසදිටුවන් සේ වයසට ගොස් මියයන බෞද්ධයන් ගණන නිමක් නැති බව අපි පිළිගත යුතුය.
මිය යන ඕනෑම පුද්ගලයෙක් මේ භවයෙන් චුත වීමේ චුති සිත පහල වීමත් සමඟ, ඊලඟ චිත්තක්ෂණයේදී පහල වන්නේ ප්‍රතිසන්ධි සිතයි. මේවා අතර කිසිදු අවකාශයක් නැති අතර අන්තරාභවය, මනෝකාය ආදිය මිසදිටු මනස්ගාත බව අපි කලින් ලිපි ඔස්සේ පැහැදිළි කර ඇත්තෙමු. 31 ප්‍රතිසන්ධි තල වලින් එකක කර්මානුරූපව පහල වීම ප්‍රතිසන්ධි සිතෙන් ඉටු කරන ක්‍රියාවයි.
31 භූමිතලය යැයි අපි සවිස්තරව හඳුන්වන්නේ කෙටියෙන් තුන්ලොව, ත්‍රයිලෝකධාතුව යැයි හඳුන්වන එක සක්වලකි. එයට තුන්ලොව යැයි කියන්නේ එහි ආකාර තුනක ලෝක පැතිරී ඇති නිසාය
ලොව පහල වන ඕනෑම බුදුන්වහන්සේ කෙනෙක් නායක වන්නේ එකකට නොව මේ තුනටමය. උන්වහන්සේට තිලෝගුරු යැයි අපි ගෞරවයෙන් අමතන්නේ මේ නිසායි.
දැන් අපගේ පැහැදිළි කිරීමට එමු. “හය – හතර නොතේරෙනවා” යන යෙදුමේ ඉහත තුන් ලෝකයෙන් පළමු වර්ගය වන මුළු කාමාවචර ප්‍රතිසන්ධි තල 11ම ආවරණය වන තේරුමක් ඇති බව ඔබ දැන සිටියාද? විශේෂ ධර්මානුධර්ම ප්‍රතිපදාවක් නැතිව, එදිනෙදා කුසල් අකුසල් කරන සත්වයෝ අති බහුතරයක් සසර සැරිසරන්නේ මේ කාමාවචර ප්‍රතිසන්ධි තල 11 තුලයි. එක ජීවිතයක් නොව භවයෙන් භවය භාවනා කිරීමෙන් පවා බ්‍රහ්ම තල වල ප්‍රතිසන්ධි ගන්නෝ ඉතා විරල වීම ප්‍රායෝගික යථාර්තයයි. එය එතරම් අපහසු මනස සියුම් කිරීමක ප්‍රතිඵලයක් බැවිනි.
31 භූමි තලයේ කාමාවචර භූමි නිරූපණය දෙස පමණක් නැවත බලමු.
මෙයින් පළමු ප්‍රතිසන්ධි තල 4 එනම් දුගති 4 හෙවත් සතර අපා ඉහත ජන වහරේ එන හතර යන්නේ තේරුමයි. ඉන්පසු 5 වෙනුව ඇත්තේ පහළින්ම පිහිටි සුගතිය හෙවත් අපි මේ ප්‍රතිසන්ධි ගෙන සිටින මිනිස් ලොවයි. අපි මේ ලොවේ සිට භාවිතා කරන යෙදුමක් හෙයින් අපගේ ලොව එහි සඳහන් කල යුතු නොවේ. මිනිස්ලොවින් උඩට යොදුන් 42000 බැගින් ඉහලින් ඉහලට පිහිටා ඇත්තේ දෙව්ලොව 6 යි. ඉහත ජන වහරේ එන එන හය යන්නේ තේරුම මෙයයි. එවිට “හය – හතර නොතේරෙනවා” යන්නෙහි සරල තේරුම පැහැදිළි වෙනවා නේද? “ සුගතිගාමී කුසල් මොනවාද හා අපාගාමී අකුසල් මොනවාද නොදන්නාකම” යන්න අති සරල ලෙස හෙළ ගැමි වහරට එකතුවී ඇති අපූරුව බලන්න. අපගේ හෙළ ගැමි ප්‍රඥාවට අපි මෙතෙක් නිසි ගෞරවය දී ඇතිදැයි බලන්න.
පෙර කල හෙළ ජන විඥානයේ, අති ගැඹුරු අභිධර්ම අවබෝධයක් තිබූ බවට මීටත් වඩා සාක්ෂි අවැසිදැයි අපිම විමසා බැලිය යුතුය. මේ දහම් දිවයිනේ අද දින බෞද්ධ බහුතරයගේ හය හතර නොදන්නා කම ගැන අපි ඉතාම සංවේගයට පත්වන්නෙමු.
අධ්‍යාපන අමාත්‍යංශයේ බෞද්ධ පාසැල් විෂය නිර්දේශයෙන් අති උතුම් අභිධර්මය සහමුලින් කපා ඉවත්කර ඇත. එබැවින් මේ ලිපිය ලියන අපි පවා පාසැල් සමය තුල දුටු බුදු දහමේ විචිත්‍රත්වයක් නැත. හෙළ ජාතික විරුවන් ලෙස වහාම නම්කල යුතු සංඝ පීතෲන් වහන්සේලාගේ කරුණානුභාවයෙන් පමණක් අපටද ඒ දහම් රසය විඳ ගැනීමට අවකාශ ලැබුණි. උසස්පෙළ කලා අංශයෙන් සිංහල විෂය හදාරන්නාට, බුද්ධ දේශිත 550 ජාතක කථා සියල්ල හුදෙක් ජාතකකථා කරුවෙක් විසින් කල ප්‍රබන්ධ වේ. මෙය බුදු සමයට හා බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශණයට දුන් අති දරුණු පහරකි. 550 ජාතකකථාවේ අභිධර්මයට පටහැනි කිසිම දෙයක් නැත. සතුන් මිනිස් බසින් කථා කිරීමට ඇති එකම බාධාව ප්‍රඥාව පමණි. ස්වරාලය, දිව, තල්ල, ස්වරතන්තු යන මේවා සියල්ල අඩු නැතිව එම සතුනට තිබේ. ගිරවුන් කථා කරන්නේ මේවා භාවිත කර නොවේද? පෙරුම් පුරන බෝධි සත්වයන් තිරිසන් භවයේ ප්‍රතිසන්ධි ගත්තද ප්‍රඥාවේ කිසිදු අඩුවක් නැත. එබැවින් සතුන් මිනිස් බසින් කථා කිරීමේ කිසිදු අරුමයක් නැත. ජාතක කථා වල ඇති පෙළහර සියල්ල මෙවන් ඒවායි. ඊට අමතරව අති දුර්වල පදනමක පිහිටන නවීන විද්‍යා ඇසින් බුදු දහම දෙස බලා එය විද්‍යාවට අනුගත කිරීමට බුදුදහමේ නොයෙක් කොටස් තමාට රිසි රිසි අර්ථකථන දීමටද ඇතමුන් පෙළඹී දහම විනාශ කරයි.
මෙසේ එම අවාසනාවන්ත තත්වයට වගකිව යුත්තන් මෙතෙකැයි කීමට නොහැකි තරම් සිටියද, අපි ඔවුනට ද්වේෂ කරමින් සිට ඵලක් නොවේ. වහාම හැකි පමණින් අපි වරද නිවරද කර ගත යුතුය. පාසැලෙන් විචිත්‍ර බුදු දහම අපට නොදේ නම් එය අපි සොය සොයා ගොස් උගෙන සියල්ල දැනුවත් කල යුතුයි. මේ ලිපිය කියවීමෙන් ඔබත් හය – හතර තේරෙන බෞද්ධයෙක් වූයේ නම් එය අපිට සැනසීමකි. හැකි සියල්ල දැනුවත් කර නිවන් පතා කුසල් රැස් කිරීම ඔබගේ යුතුකමකි.
ලිව්වේ: ධර්මචාරී පිරිස විසින් අප්‍රේල් 25, 2012 දී.
ලිව්වේ: ධර්මචාරී පිරිස විසින් අප්‍රේල් 18, 2012 දී.
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
මුවවිටින් මුවවිට යාවන සේ 31 භූමි තල අනන්තයක් විශ්වයේ ඇති බව ධර්මයේ සඳහන් වේ. කල්පාන්ත වලදී විනාශ වන්නේ අදාල එක් සක්වලක ඇති භූමිතල පමණි. එම සක්වල අවීචිගත නිරිසතුන් වෙනත් සක්වලක අවීචියේ ප්‍රතිසන්ධි ගැනීම ඉබේ සිදුවේ. වෙනත් භූමිතල වලින් චුතවන ජීවීන්ට කර්මානුරූපව ප්‍රතිසන්ධිගැනීමට තවත් අනන්ත භූමිතල ඇති බැවින් නිවන් නොදකිනතාක් කිසිවෙකුගේ සසර ගමන නොනවතින බව දත යුතුය. මෙය සසරේ ඇති තවත් එක් බියකරු බවක් පමණි. කල්පාන්ත ලංවන විට දෙව්ලොවින් මිනිස්ලොවට එන පණිවිඩ ඔස්සේ සංවේගයට පත්වන බොහෝ මිනිසුන් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදී සුගතිගාමී හෝ නිවන් දැකීම සිදුවන්නේ මෙම බියකරු බව ප්‍රකට වීම නිසාය.
අභ්‍යන්තර වේවා, බාහිර වේවා බුදුසමයට, සිංහල බෞද්ධ ජාතියට එරෙහි කුමන්ත්‍රණ නිවැරදිව දැක, දිවි හිමියෙන් අපි පිරිසිඳු බුදුදහම රට හා ජාතිය සමඟ රැක්කේ නම් පමණක් මේ අන්තිම අවස්ථාව බෞද්ධයන්ට හිමිවනු ඇත. නො එසේනම් , යෙදීමට නිවැරදි ධර්ම ප්‍රතිපදාවක් පවානොදැන අනාගත බෞද්ධයෝ (අපේ දරු මුණුපුරන්, අපේම අනාගත මිනිස් ප්‍රතිසන්ධි ) පවා අනේක අවාසනාවන්ත මිසදිටුවන්සේ හුදෙක් වැනසී යාම පමණක් සිදුවනු ඇත.
ලිව්වේ: ධර්මචාරී පිරිස විසින් මාර්තු 25, 2012 දී.
නවතම ප්‍රතිචාර